නමෝ_බුද්ධාය!

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ශ්‍රී ගෞතම සම්බුද්ධ රජ මාළිගාව

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=14541388

    :) :) :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙම කෙනාට මෛත්‍රියම වඩන්න. තරහා සිතක් ඇතිකරගන්න එපා.


    .

    මෛත්‍රිය වඩන එක හොඳ දෙයක්. මම උඹට නැවතත් හරි පාර පෙන්නන්න උත්සහ කරේ උඹල නිර්වාණයට උනන්දුවක් තියන කොල්ලෝ හින්ද. උඹට නියම ධර්ම මාර්ගයේ යන්න තියන පාර පෙනී පෙනී උඹල කටු අකුල්වල ඇවිදින එක දැකලයි උඹට නැවතත් කිව්වේ නියම ශ්‍රී සද්ධර්මය හොයාගනින් කියල.
    අනික් කාරනාව නම් උඹලගේ මේ රජමාලිගවල් දැකල මිනිස්සු මෝහයෙන් මුලා වෙලා වැරදි පාරට අවතීරණ වෙන එක වලක්වන්න පිනක් . ඒ හින්දයි උඹල කව්රු මහමෙවුනාව ගැන පොස්ට් එකක් දැම්මත් එතන යටින් මගෙන් බම්ප් එකක් වටෙනවාමයි.
    මම නැවතත් උඹට කියනවා නිර්වනවබෝධයට උනන්දුවක් දක්වන මනුස්සයෙක් විදිහට බුද්ධිමත්ව තමන්ගේ පාර තෝරාගන්න.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රිය වඩන එක හොඳ දෙයක්. මම උඹට නැවතත් හරි පාර පෙන්නන්න උත්සහ කරේ උඹල නිර්වාණයට උනන්දුවක් තියන කොල්ලෝ හින්ද. උඹට නියම ධර්ම මාර්ගයේ යන්න තියන පාර පෙනී පෙනී උඹල කටු අකුල්වල ඇවිදින එක දැකලයි උඹට නැවතත් කිව්වේ නියම ශ්‍රී සද්ධර්මය හොයාගනින් කියල.
    අනික් කාරනාව නම් උඹලගේ මේ රජමාලිගවල් දැකල මිනිස්සු මෝහයෙන් මුලා වෙලා වැරදි පාරට අවතීරණ වෙන එක වලක්වන්න පිනක් . ඒ හින්දයි උඹල කව්රු මහමෙවුනාව ගැන පොස්ට් එකක් දැම්මත් එතන යටින් මගෙන් බම්ප් එකක් වටෙනවාමයි.
    මම නැවතත් උඹට කියනවා නිර්වනවබෝධයට උනන්දුවක් දක්වන මනුස්සයෙක් විදිහට බුද්ධිමත්ව තමන්ගේ පාර තෝරාගන්න.


    මම මගේ පාරේ යන්නම්. ඔබ තුමා කැමති පාරක යන්න.
    අනිත් කෙනාට කියන්න ඔන නැහැ යන්නේ කොහෙද, නොයන්නේ කොහෙද කියලා.




    .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෛත්‍රිය වඩන එක හොඳ දෙයක්. මම උඹට නැවතත් හරි පාර පෙන්නන්න උත්සහ කරේ උඹල නිර්වාණයට උනන්දුවක් තියන කොල්ලෝ හින්ද. උඹට නියම ධර්ම මාර්ගයේ යන්න තියන පාර පෙනී පෙනී උඹල කටු අකුල්වල ඇවිදින එක දැකලයි උඹට නැවතත් කිව්වේ නියම ශ්‍රී සද්ධර්මය හොයාගනින් කියල.
    අනික් කාරනාව නම් උඹලගේ මේ රජමාලිගවල් දැකල මිනිස්සු මෝහයෙන් මුලා වෙලා වැරදි පාරට අවතීරණ වෙන එක වලක්වන්න පිනක් . ඒ හින්දයි උඹල කව්රු මහමෙවුනාව ගැන පොස්ට් එකක් දැම්මත් එතන යටින් මගෙන් බම්ප් එකක් වටෙනවාමයි.
    මම නැවතත් උඹට කියනවා නිර්වනවබෝධයට උනන්දුවක් දක්වන මනුස්සයෙක් විදිහට බුද්ධිමත්ව තමන්ගේ පාර තෝරාගන්න.



    polwattacom
    පහත සදහන් ලින්ක් එක බැලු විට මෙ මිනිහා කවුද කියා හදුනා ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1519733



    .
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113
    mahamewanawen abidharma pitakaya ayin karala ne, thaama sinhalata pariwarthanaya karala thiyenne suthra pitakayenuth kotasayi. ithin kohomada kiyanne abidarma pitakaya ayin karala kiyala?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පහත සදහන් ලින්ක් එක බැලු විට මෙ මිනිහා කවුද කියා හදුනා ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1519733



    .

    උඹ ගැන අනුකම්පා හිතෙනවා ඇරෙන්න වෙන මුකුත් දැනෙන්නේ නැහැ මචන්. උඹල ගෙනියන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් ගේමක්. මෙහෙ මහමෙවුනාවේ දායක උත්තමයෙක් විදිහට මෛත්‍රිය කරන්න කියනවා . අනික් පැත්තෙන් වෛරය වපුරන්න මිනි මරාගන්න උදව් දෙනවා. ඉතින් කොහොමද මචන් උඹල බෞද්ධ වෙන්නේ . උඹ නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් මොනම විදිහකට්වත් වෛරය වපුරන්න අනුබල නොදී සිටිය යුතුයි. උඹ මම දාපු ත්‍රෙඩ් එක මෙතන උස්සල දාල තියෙන්නේ මම ජාති වාදය අවුස්සගෙන අයෙත් රට යුද්දයකට පටලවගන්න එපා කිව්වා හින්ද නම් උඹේ හිතට වටෙහෙන්නේ එක වැරදි කතාවක් විදිහටනම් උඹ බෞද්ධයෙක් වෙන්න විදිහක් නැහැ. අනික් කාරනාව නම් බොදු බල සේනාවල් වලින් කරන්න ඕන ඉස්සෙල්ලම ශාසනය උලාගෙන කන උඹලගේ ලොකු උන්නන්න්සේ කරන විනාසේ නවත්වන එකයි. බොදු බල සේනාව කියන සංවිදානය කරන වැඩේ වැරදියි කියල මම කියන්නේ නැහැ. එත් ඒ සංවිදානය ඔවුන්ව හඳුන්වාගන්න භාවිතාකරපු නමයි වැරදි. සිංහල බල සේනාව කියල නම දාගත්තනම් මම හිතන්නේ වඩාත් නිවැරදියි. බොදු බල සේනාව කියල හන්දියක් හන්දියක් ගානේ උද්ගෝෂණ කරාම බෞද්ධ කියන දර්ශනය ගැන බෞද්ධ දර්ශනය ගැන නොදන්නා කෙනෙක් හිතන්නේ බුදුදහම මොන වගේ දහමක් කියලද?
    මහමෙවුනාවට රැවටුණු උඹ වගේ එකෙකුට මේ දේවල් තේරුම්ගන්න තරම් මොලයක් බුද්ධියක් තියෙන්නේ විදිහක් නැහැ මචන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mahamewanawen abidharma pitakaya ayin karala ne, thaama sinhalata pariwarthanaya karala thiyenne suthra pitakayenuth kotasayi. ithin kohomada kiyanne abidarma pitakaya ayin karala kiyala?

    එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113

    එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?

    ehema kiyala ne, mahamemevnawen Thripitaka sajjayanawak thiyenawa hema awuruddakama indiyawedi, anith bauddha ratawaluth ekathu karagena. eke "thripitaka sajjayanawak" wenne kohomada abidarmaya nethnam?

    http://www.elakiri.com/forum/showthread.php?t=71967
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මගේ පාරේ යන්නම්. ඔබ තුමා කැමති පාරක යන්න.
    අනිත් කෙනාට කියන්න ඔන නැහැ යන්නේ කොහෙද, නොයන්නේ කොහෙද කියලා.




    .

    නිර්වාණය කියල බෝඩ් එක දාල තිබුනට උඹල ඔය නැගල ඉන්න බස් එක යන්නේ අපාය හරහා කියල උඹට දන්නේ නැහැ. පරෙස්සෙමෙන් . තව හොඳට හිතල බලපන්. අසරණ මිනිස්සු නොදැන උඹලගේ බස් එකේ නගින එක වළක්වන්නයි උඹලගේ රජමාලිගාවල් ප්‍රමෝඩ් කරන ත්‍රෙඩ් වලට යටින් මේවා වැටෙන්නේ. පාලු ගෙවල් කියල හිතාගෙන වලන් බිඳින්න අවට ගෙවල් තාම පාලු වෙලා නැහැ මචන්. පංච ඉන්ද්‍රිය හොඳට වැඩකරන එවුන් උඹල වගේ එවුන් ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න බව අමතක කරන්න එපා. මම කොන්ද පන තියන හරි දේට හරි කියල වැරදි දේට වැරදියි කියන එකෙක්.
    උඹේ මෙන්න මේ http://www.elakiri.com/forum/showthread.php?t=1534493
    ත්‍රෙඩ් එකට මම කමෙන්ට් එකක් දීල උඹට රෙප් +5 දුන්නේ අන්න ඒ කොන්ද පන තියන හරි දේ වැරදි දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් ඇතුව ඉපදිච්ච එකෙක් නිසා කියල හොඳට දැනගනින්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ehema kiyala ne, mahamemevnawen Thripitaka sajjayanawak thiyenawa hema awuruddakama indiyawedi, anith bauddha ratawaluth ekathu karagena. eke "thripitaka sajjayanawak" wenne kohomada abidarmaya nethnam?

    http://www.elakiri.com/forum/showthread.php?t=71967

    ඇයි එහෙනම් මහමෙවුනාවේ දායකයින්ට අභිධර්මය බුදුන් වහන්සේ දේශනා නොකරන ලද්දක් කියල මිනිස්සුන්ගේ හිත්වල ධර්මය ගැන සැකය ඇති කරවල ඉන්දියාවේ ගිහින් ත්‍රිපිටකය සජ්ජායනා කරන්නේ. මෙහෙ එකක්. එහෙ වෙන එකක්. එහෙම වැරදියි නේද සහෝදරයා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

    මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?
    ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
    සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.
    ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.
    අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.
    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.
    යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.

    විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න
    මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු.
    චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ.
    “කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පි‍ටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි]
    ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පි‍ටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත
    ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක.
    ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද?
    වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා.
    අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි. ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.
    මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය

    View this document on Scribd
    අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් [email protected] හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්‍රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න.
    ~~~~~~~පසු වදන~~~~~~~
    උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.
    එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.
    ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි
    1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි :
    හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්‍ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි.
    2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය.

    විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
    අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.
    ~~~~~~~සැ. යු.~~~~~~~
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි. නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න. සැක ඇති ධර්ම කරුණු සියල්ල විමසා බලා, වඩා ගත් නුවන සමඟ යොමු කරන ඔබගේ විරෝධතාවයන්(ඇත්නම්) ලිපියට ප්‍රතිචාර ලෙස දැක්වීමේ පහසුකම අප සපයා ඇත්තෙමු.



    source
    http://dharmanidhaana.wordpress.com/category/කාලීන-ලිපි/ත්‍රිපිටකය-සෝදා-පාළු-කරම/
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    එතකොට මොකද ලොකු ස්වාමින්වහන්සේ දේශනා කරන්නේ අභිධර්මය බුදුරජානන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දක් කියල?


    අභිධර්මය තියන ඔක්කම දේෂනා කරලා තියෙන්නේ ධර්මාෂෝක රජ දවස සිටපු රහතන් වහන්සේලා විසින්.
    කරුනාකර මෙතන අබිධර්ම ත්‍රිපිටකයෙන් අරන් බුදුරාජානන් වහන්සේ විසින් කරණ ලද දෙෂනාවක් දමන්න. සුත්‍රයේ නම දැම්මාම ඇති.




    .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    උඹේ මෙන්න මේ http://www.elakiri.com/forum/showthread.php?t=1534493
    ත්‍රෙඩ් එකට මම කමෙන්ට් එකක් දීල උඹට රෙප් +5 දුන්නේ අන්න ඒ කොන්ද පන තියන හරි දේ වැරදි දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් ඇතුව ඉපදිච්ච එකෙක් නිසා කියල හොඳට දැනගනින්.


    reputation_neg.gif
    ooi, thama mahamewnawatada kade yanne, paw ban uba


    thx for your rep


    .