කැසිනෝ රජා ලංකාවේ ව්‍යාපාර ආරම්භයට සැරසේ
ඔස්ටේ්රලියානු ජාතික ජේම්ස් පාකර් නම් ලොවප්රකට කැසිනෝ ව්‍යාපාරිකයකු ශ්‍රී ලංකාව තුළ ද කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් වන්නේ යයි රොයිටර් වාර්තා කරයි.
ඔහු ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට සූදානම් වන අතර ප්‍රධාන වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් ආශ්‍රිතව ඔහු සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන්නේ යයිද එම වාර්තා කියා සිටී.
පාකර් සිය ආයෝජන සම්බන්ධයෙන් මෙරට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මුණගැසී ඔහු සාකච්ඡා කර ඇතැයිද පවසන එම රොයිටර් වාර්තාව මීට අමතරව ප්‍රධාන පෙළේ හෝටල් හිමිකරුවන් සමග ද සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් ජේම්ස් පාකර් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් වන බවද එම වාර්තාවල දැක්වෙන අතර මේ පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නැතැයිද සඳහන්ය.
කෙසේ වෙතත් සිය ව්‍යාපාර ආරම්භ කිරීමට අදාළ යෝජනා ලබාදෙන ලෙස පමණක් ඔහුට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශකයා උපුටා දක්වන රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. ලොව කැසිනෝ ව්‍යාපාරවලින් බහුතරයක හිමිකරුවා ලෙස සැලකෙන ජේම්ස් පාකර් 2012 වසර තුළ පමණක් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් වන්නේ යයිද පැවසේ.
රොයිටර් වාර්තාව http://www.reuters.com/article/2013/02/27/packer-srilanka-casino-idUSL4N0BR3WJ20130227
Last edited:




