විනය විනාශ කරගෙන ලෝකයම ජයගත්තත් වැඩක් නෑ
රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ ක්‍රියා කළ ආකාරය ගැන අප ඒ මහතාගෙන් කළ විමසුමේ දී ය.
‘රටේ සංස්කෘතිය, ඉතිහාසය, විනය, විනාශ කරගෙන ලෝකය ම ජයගන්නා ක්‍රීඩකයන් හිටියත් ඵලක් නැහැ. අපේ රටේ අනන්‍යතාව අතෑරලා මුදල පස්සෙම දුවන ක්‍රීඩකයෝ, තමන්ගේ වාසිදායක තත්ත්වය ගැන පමණක් හිතන ක්‍රීඩකයන් සුදුසු අවස්ථාවේ දී හදපු නැති නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ.
ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් කරන දේවල්, හැසිරෙන විදිය, අදින පළදින හැටි, කන බොන විදිය පහළ සිටින ක්‍රීඩකයන්ට ගලාගෙන යනවා. විශේෂයෙන් ම පාසල් මට්ටමේ ඉන්න ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්, විශේෂයෙන් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් අනුගමනය කරනවා.
මෙවැනි සිදුවීම් සිදුවුණා ම තරුණ ක්‍රීඩකයන්ට කියන්න පුළුවන් ඇයි මට එහෙම කරන්න බැරි අරයත් මෙහෙම කළානේ කියලා. ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ හැසිරීම කෙබඳු විය යුතු ද කියලා ඔවුන් දැනගන්න ඕනේ’ යයිද රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.





තරහකට නෙමෙයි මචං ඒත් මූ මෙච්චර තත්ත්වෙකට වැටුන කිව්වම අපිටත් මඩු වලිගෙන් නෙලන්න ඕන බං.මොකද අපි මූව උඩ දාගෙන හුරේ මාලී කමෝන් මචාන් වන් මෝ කියල පොර කරන්න ගත්තුවයින් තමයි මේක උනේ
