කවි ලිවිමේ නිසදැස් ලිවීමට
ලොකු හැකියාවක් නොමැති
මා හට දුටු විට මේ නිදදැස
පල කිරීමට සිතුණා අදහසක් මෙලෙස..
තරු සිතන්නනේ හඳ නිසා ඔවුන් එළිය වූ ලෙසයි.
හඳ සිතන්නේ තමන් නිසා අහස එලිය වෙන බවයි.
සැබෑවකි අපි සිතන්නේද එලෙසමයි නොවෙද ...
එහෙත් එළිය ජනනය වෙන්නේ තරු තුළයි
එළිය වී බැබලෙන්නේ තරු පමණකි නොවේද
බැබලෙන තරු වලින් නික්ම යන්නේ ආලෝකයයි
ඔහු කරන්නේ එය උරා ගැනීමයි,ඒ තුළින් බැබලීමයි.
ඉතින්,සඳ ආරම්භර වෙන්නේ කුමකටද,
ඔහුට කිසිදිනක තරු නැතිව බැබලිය නොහැක..
සිදුවන්නේ අනුන්ගේ පානෙන් එලිය බැලීමකි
දිනක මේ පහන් සියල්ල නිමී ගිය හොත්
සඳ කුමක් කරම් ද අපි කුමක් කරම්ද...
අමාවකට බිය විය යුත්තේ සඳ පමණක් මද
මන්ද එදින නිමී යන්නේ සඳ පමණක් මද
අහසට,අපිට සොදුරු වන්නේ සඳ පමණක් මද
අහසට තරු ගැන මතක් වන්නට අමාවක පැමිණිය යුතුමයි
පුරට තරුද ,සඳු ද, අහස ද, එළිය යි ඒ නිසා අපි ද එලිය යි
එහෙත් අහස,සඳු අපි පුරව ගන්නේ අනුන් සතු දෙයක් නොවෙද
අමාවක යථාර්ථය නොවෙද යථාර්ථය මීට වඩා ලස්සන නොවෙද
මන්ද එදින තරු පමණක් ස්වාධිනව අවදි වන නිසා ය.