මාලිංග වෙනුවෙන්.(ඔබත් ක්‍රිකට් ලෝලියෙක් &#3505

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මාලිංග වෙනුවෙන්.(ඔබත් ක්‍රිකට් ලෝලියෙක් &#3505

    මේක මාගේ නිර්මානයක් නොවන බව කලින්ම කිව යුතු අතර මෙම ලිපියට ලැබෙන සියළුම ගෞරවය ලිපියේ මුල් කතෘ තුමාට ලැබිය යුතුමය...

    උඹට ගල් ගහන්න පෙර.....

    cricket_lasith_malinga2_102.jpg


    මචං මාලි,

    මචං කියලාම උඹට ආමාන්ත්‍රණය කලේ මගේ හිතේ ඇත්තටම උඹ ගැන තියන හිතවත්කම සහ කැමැත්ත නිසා... ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන. ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..?

    කෙනෙක් මල ගෙයක ගිහින් එක කොට ඒ මනිස්සයගේ අපි කවදාවක් අහන්නේ නැහැ නේ මරනේ ගැන. ඒ මනුස්සයාගේ හිතේ ඇතිවෙලා තියන හැඟීම ගැන. ඒ වගේ තමයි උඹ එදා එළියට අවේ කේන්තියෙන් වෙන්න ඇති. උඹගේ ඒ කේන්තිය තවත් වැඩි වෙන්න ඇත්තේ පාලක මණ්ඩලේ සෙට් එක අතර වෙච්ච කථා බහ ප්‍රසිද්ධියේ කථා කරන්න එපා කියලා උඹලට දැම්ම තහනම හින්ඳා වෙන්න ඇති. ඒක අසාධාරණයි තමයි. උඹලගේ ගෙවීම් කප්පදු කරලා. තිබුන සහන අඩු කරලා ඒ ගැන උඹලගේ අදහස් පිට කරන්න තියන අයිතියත් උදුරගන්න එක වැරදියි. මම කියන්නේ නැහැ උඹ එදා හැසිරුණු විදිය හරි කියලා. මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් නිකම්ම නිකං වැරදි කාරයා නොකර උඹටත් අවස්ථාවක් දෙන්න තිබුනා කථා කරන්න. අනිත් එක අපේ රටේ වෙන දේවල් හැටියට උඹ ඒ මාධ්‍යකාරයාට කථාකරපු විදිය මොන රෙද්දදක්ද. ඔය ඔන තරම් මාධ්‍යකාරයෝ අතුරුදහන් වෙලා ඉන්නේ. කෝ අද වෙනකම් උන් ගැන තියන විරෝධතා ඇර උන්ට මොකද උනේ කියලා අපේ රටේ එක ලොක්කෙක් හොයලා බැළුවද..? සිරසට ගිහින් කොච්චර අලාභ්‍යක් කලාද.. ගල් ගහලා තර්ජනය කලා.. සමහර මාධ්‍ය ආයතන ගිණි තිබ්බ්බා... මේ මෑතකදී තව මාධ්‍යවේදියෙක්ට වෙඩි තිබ්බා. කෝ මේවා ගැන රටේ මිනිස්සුන්ගේ විරෝධය. එහෙම නම් රෑපවාණියට ගහපු මර්වින් සිල්වාට කොයිතරම් දෙයක් වෙන්න ඔනේද..? උඹට දැන් තියන විරෝධය එක්ක ගත්තාම ඌව ගොල්පේස් පිට්ටනියේ හෙළුවෙන් තියලා ගල් ගහන්න තරම් මිනිස්සු එකතුවෙන්න එපෑ. කොයි එකත් පොඩි එකාට තමයි බං. උඹ දුප්පත් එකා. කව්දෝ කියලා තිබ්බා උඹ රස්තියාදුකාරයා කියලාත්. උඹ අවේ පොඩි තැනින්. උඹගේ පිටිපස්සේ ලොකු ඉස්කෝල තිබුනේ නැහැ. උඹ ආවේ උඹේ හයියෙන්. උඹේ හැකියාවෙන්. මේ ලඟදී උඹ ගොඩක් වටින කාර් එකක් ගත්තා. උඹට රේස් පදින්න යනවා කියලත් ආරංචියි. මම නම් මගේ මුලු හිතින්ම සතුටු උනා. උඹ කාර් එකක් ගත්තේ උඹේ දක්ෂකමින්. උඹේ හැකියාවෙන්. වෙන ගොබ්බයන්ට වගේ උඹට රේසින් කාර් අහසින් පාත් උනේ නැහැ. උඹේ කට ටිකක් හොඳ නැති උනාට උම හිත හොඳ එකා කියලා මම අහලා තියනවා. මිනිස්සුන්ගේ පැහැදිලි කුහකකම. උඹ නොදන්නවා උනාට ඇතුලේත් ඇති උඹව කපන, උඹට වින කටින එවුන්. ඒක නිසා මින් මත්තටවත් කට ටිකක් පරිස්සන් කරගනින්.

    උඹට ගෙවන පඩියි වැඩියි කියලා කෑගහන මිනිස්සු රස්සාවකට ගියාම උන්ගේ වටිනාකම තීරණය කරන්නේ කොහොමද දන්නෑ..? සමහර විට උන් ගන්න පුලුවන් තරම් උපරිම පඩියට වඩා වැඩියෙන් පඩි ඉල්ලන්නේ නැතිව ඇති. අනේ හුකේ.. සමාවෙයන් හිතේ ආපු කෙන්තියට කුණුහරුපයක් කියවුනෙත් (උඹත් දවසක් කණුහරුප වැලක් කිව්වා නේද ප්‍රසිද්ධියේම.. හැකිස්) මට මතක හැටියට උඹයි මැතිව්සුයි 10 වෙනි විකට් එකට ගහලා ඔස්ට්‍රේලියා මැච් එක දිනලා දුන්න දවසේ උඹේ බැට් එක මිස්ප්ලේස් වෙලා තමයි උඹ එහෙම කිව්වේ. අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ උඹට කරන්න බැරී උන මැච් විතරයි. උඹ හොඳට කරපු මැච් එකක්වත් දැන් අපේ උන්ට මතක නැහැ. එදා වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී මමත් උඹට බැන්නා තමයි. සුදු කොඩි දැම්මා ගමයි. ඒ අපේ හිතේ තිබුන බලාපොරොත්තු කඩ උන වේදනාවට. ඒත් උඹලා අනුශුරයෝ උන එක ගැන සහ උඹලගේ තිබුන වීරත්වය, අවසාන මොහොත වෙනකම් මැච් එක අත අරියේ නැති එක, උඹලගේ තිබුන එකමුතුකම වගේම උඹලගේ තිබුන ක්‍රීඩාශිලීත්වය ගැනත් මම ආඩම්බර උනා.

    උඹට ඔය දොස් කියල උඹව බල්ලට දාලා කථා කරන එවුන් දන්නේ නැහැ ලොකේ අපේ රට ගැන දැනගත්තේ ක්‍රිකට් වලින් කියලා. අපි වගේ ලංකාවෙන් පිට ඉන්න එවුන්ට නම් ඒක තේරෙනවා. මෑතකදී මට කල්ලෙක් හම්බඋනා. දකුණු අප්‍රිකාවේ එකෙක්. ඌත් එක්ක කථා කර කර ඉන්නකොට ඌ මගේ විස්තර ඇහැව්වාම මම කිව්වා මම ශ්‍රී ලංකාවෙන් කියලා. ඌ කිව්වේ “ඕ මාලිංග... මම කැමතිම ප්ලේයර් ඌ තමයි කියලා..“ කවදා හරි ඌට ලංකාව අමතක උනත් උඹව අමතක වෙන එකක් නැහැ. ඒ තරමට උඹ ලෝක පුජිතයි. ඒ උඹ උඹ නිසා නෙමෙයි. උඹේ දක්ෂකම් නිසා. උඹ කොන්ඩේ ගස්ස ගස්ස දුවගෙන එනකොට ඊලඟට වෙන දේ තාමත් කාටවත් හිතාගන්න බැහැ. උඹ යෝකර් එකක් දායිද.. බවුන්සර් එකක්ද එහෙමත් නැත්නම් ස්ලෝ බොල් එකක්ද කියලා තාමත් හිතාගන්න බැරි තරමට උඹ සුවිශේෂයි. උඹ වගේම අපේ සංගා, මහි වගේ දක්ෂ (මන් උන්ට ජේෂ්ඨ කියලා කියන්න කැමති නැහැ.. මොකද එහෙම උනොත් උනුත් අපේ රටේ ජේෂ්ඨ ඇමතිවරු ගොඩට වැටෙන නිසා..) ලෝක පුජිත ක්‍රීඩකයෝ. බන්දියවේ නම් තෙන්ඩුල්කර් ලාට මල් තියලා වැන්ඳට උන් මැච් එක්ක පැරදුනාම ගෙවල් ගිණි තියලා විනාස කරනවා. මම හිතුවේ නැහැ පේ රටේ මිනිස්සු ඒ තත්වෙට වැටෙයි කියලා. ඒක එහෙම නොවුනත් මුන් උඹේ මුලු ප්‍රතිරෑපෙම ගිණි තියලා විනාස කරනවා.

    අනික උඹ කථා කරන්නේ උඹ වෙනුවෙන් විතරක් නෙමෙයි. අනිත් කාරනේ තමයි අපි හැමෝටම වටිනාකමක් මිලක් නියම වෙලා තියනවා. වෙන කෙනෙක් උඹට යම් මිලක් ගෙවනවා නම් ඒ මිල තමයි උඹේ වටිනාකම. අද උඹට විකිනෙන්න එපා කියලා කියන උන් එකෙක්වත් උඹ තව අවුරුදු 10 කින් ක්‍රිකට් ගැහැල්ල නැවැත්තුවාම උඹට කන්න දෙයිද? එහෙමත් නැතන්ම උඹේ පවුල ගැන බලයිද. තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චගත්ත එක තමයි හැම එකාම කලේ. ඔය මුල් පුටුවේ ඉන්න ගොයියත් උඹ වගේම බොහොම පොඩි තැනකින් ආපු එකෙක්. (දැන් ඌට එක අමතක උනාට) උන්ට පුලුවන් කාලෙත් උන් කලේ ඔය දේම තමයි. මොකද උන් මණ්ඩලේ පාඩු වෙයි කියලා උන්ගේ පඩි අඩුකරන්න කිව්වද. අනික් උන්ට ලැබුනු කෝටිගානක සල්ලි අනිත් උන්ට බෙදලා දුන්නද? අඩුම ගානේ දැන් සනත්, දැන් පාලක මංඩලේ වැටිලා තියෙන්නේ, ඒ නිසා මට සභාපති පඩිය එපා, අපි ක්‍රීඩකයින්ගේ පඩි අඩුකරන්නේ ඒ නිසා කියලාවත් කිව්වද. මොකද දැන් සනත්ට මොනවැයින් කියලා අඩුද? බාර්ද කාර්ද මංත්‍රී පට්ටම්ද එක්ක අයින් කරනකොට එකක් බඳින්න තරම් ගෑණුද? අනේ අම්මපා මොනවැයින් කියලා අඩුද? අනික පාලක මණ්ඩලේ බංකොලොත් කලේ උඹලා නෙමෙයි නේ. හොර ගිවිසුම් ගහලා. විකාශණ අයිතිය හොරට විකුණලා. ලක්ෂ ගණන් පාටි වලට වියදම් කරලා. කොටි ගනන් වටින වාහන පාවිච්චි කරලා කව්ද පාලක මණ්ඩලේ බංකොලොත් කලේ. උඹලා නිසා තමයි පාලක මණ්ඩලේට විකුණන්න පුලුවන් ක්‍රිකට් තියෙන්නේ.

    අනික බං පේ රටේ බංකොලොත් වෙලා තියෙන්නේ පාලක මංඩලේ විතරද? මොන තරම් රාජ්‍ය ආයතන බංකොලොත් වෙලාද? ඒවා ගැන හොයන්න එක බල්ලෙක්වත් නැහැ. විදුලිබල මණ්ඩලේ ගසාකන්නේ කෝටි ගනන්. තෙල් සංස්ථාව බොරතෙල් ටැංකි ගනන් ගසාකනවා. විදේශ අමාත්‍යංශේ ඉන්න එවුන් ලෝකේ පුරාම රවුම් ගහනකොට උඹලගේ දක්ෂකම් බලන්න උඹලගේ පවුලේ උන්ට යන්න තියන එකම අවස්ථාව නැති කරන එක කොයි තරම් අසාධාරණද? බලපන් ප්‍රවාහනේ. ලංගමට බඩු ගෙන්නේ ලංගම තිරැබදු රහිත බලපත්‍රෙට. හැබැයි ඒවා ලංගමට විකුනන්නේ ඇමතිගේ අයියගේ කොම්පැණියෙන්. ඔය වගේ තියන හුට්ටපර කියන්න ගියොත් මේක දේශපාලණ ලියුමක් වෙනවා.

    අන්තිමටම උඹට කියන්නේ. උඹ වටින එකෙක්. උඹට මිලක් තියනවා. උඹ වෙන්දේසි කලොත් ලොකේ ගොඩක් රටවල් අපේ රටේ ගෙවන ගානට වගේ දෙගුණයක් දීලා උනත් උඹව ගන්න බලාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්ණයක් නැතිව උඹට ඒ රටක පුරවැසිකම පවා ගන්න පුලුවන්. උඹට සල්ලිත් ලැබෙයි. හැබැයි මචං උඹ එතනට යන්න එපා. අපි උඹට ආදරෙයි. උඹ වෙනුවෙන් කථා කරන්න පිරිසක් ඉන්නවා. උන් තමයි සැබෑ ක්‍රිඩාලෝලියෝ. උන්ට උඹව ඕනේ. අපේ රටට උඹව ඕනේ.

    උඹට සුභ අනාගතයක්....,(ලොක්කගේ එක නෙමෙයි හොඳේ....):P

    කියෙව්වද.අනිත් අයටත් කියවන්න බම්පියක් කොටලා යන්න..


    ගත්තේ මෙතනින්..

    මෙතන කොටන්න....
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ත්‍රෙඩ් එක දාපු and ඕක ලියපු සහෝදරයට කියන්න තියෙන්නෙ *ක දීපන් කමක් නෑ. ඒ උනාට මලින්ග වගෙ පොන්නයොන්න්ට නෙවෙ.

    මාලින්ග කියන්නෙ ඔය වගෙ පොරක් කියන්න අපි කොහොමත් දන්නව. මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.
    එතකොට ටීම් එක? මොන ටීම් ද.
    :P:P:P

    මුන්ව ටීම් එකෙන් කපල දාන්න Talent ඕන තියෙන කොල්ලො ඕන තරම් ඉන්නව Develop කරල ගන්න ඕන.
     
    • Like
    Reactions: Sadun Buwa

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    උඹ කියන කතාව ඇත්ත. ඒ වෙලාවේ මූට මල පැනල ඉන්න ඇත්තෙ අර සැලරි ප්‍රශ්නෙ නිසා,තෙහොම වුනත් ක්‍රීඩකයෙක් වුනාම ඔයිට වඩා නිහතමානී වෙන්න ඕන නැතුව මාධ්‍ය වගේ පාට් දාන්න ගියාම ඔයවගේ දේවල් වෙනවා මේකෙන් පාඩමක් ඉගෙනගනීවි. හොහොම හරි ලංකාවේ ලොකුම වැරදිකාරය විදියට මාලිංගට ගහල ඉවරයි:P
     
    • Like
    Reactions: Dinushasankalpa

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ත්‍රෙඩ් එක දාපු and ඕක ලියපු සහෝදරයට කියන්න තියෙන්නෙ *ක දීපන් කමක් නෑ. ඒ උනාට මලින්ග වගෙ පොන්නයොන්න්ට නෙවෙ.

    මාලින්ග කියන්නෙ ඔය වගෙ පොරක් කියන්න අපි කොහොමත් දන්නව. මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.
    එතකොට ටීම් එක? මොන ටීම් ද.
    :P:P:P

    මුන්ව ටීම් එකෙන් කපල දාන්න Talent ඕන තියෙන කොල්ලො ඕන තරම් ඉන්නව Develop කරල ගන්න ඕන.

    :shocked::shocked:මල හත්ඉලව්වයි......:shocked::shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malinga wage talents thiyena boys la innawa sahena pramanayak villages wala. Malingaya aveth south wala village ekakin. Kiwwta tharaha wenna epa. South walath pittchan gamakin [dan newe]. Mea gama public wela thibune murderers la inna gamak widiyata. Ditta damma vedaniya karrmaya anuwa murderers godak denek kalinma miya paralowa giya. Dan mea gama past time ekata wada develop vela. Ath malinga ge poor friends la relations la thawamath mea village eke innawa. Malinga malingage poor friends lata relations lata village ekata help karanna ona.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malingata unath muladi club team eke place ekak thibila naha. Campika Ramanayaka club team eke opening bowler vidiyata idala thiyenne. Champika asanipa wela thibuna. A welawedi , Champika ramanayaka Malingata ball karanna avasthawa laba dunna. Malinga match ekedi wickets 10 ma aragena thibuna. Ita passe digatama Malingata club eke team ekata play karanna labaila. Meka kiwwe Champika ramanayaka Rupawahini ekata , Malingath ethana inna welawedi.
     
    කොහොම උනත් ඌ උගේ හැදියාව රටටම පෙන්නුවා , මොන ප්‍රශ්න තිබ්බත් මිනිහෙක් හැසිරෙන්න දැන ගන්න ඕන, මොකද උගේ ප්‍රශ්න වලට අනෙක් අය පලි නැහැ,
    ලංකාවේ මාධ්‍ය සදාචාරයේ එක හිරිකිත පැත්තක් තමයි මේ,
    කෝටි ගණන් හොරකම් වංචා දුෂණ වෙන රටේ, දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය කොහෙවත් යන නට්ටන් මාධ්‍ය කාරයෙක් ක්‍රීඩකයෙක් ගෙන් කුණු බැනුම් අහපු එක
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    මුගටියා;14605552 said:
    IPL thama muwa kawe!

    ehema hithuwata ,, man eke positive widihata dakinne ban ,, balapanko thissara pererama kiwwa uge bowling haduwe pollock kiyala,, rhodes wage player kenek ge yatathe thama mun fielding train wenne ,,, eke waasi wadi ban players lata...

    anika ratata ena $ pramanaya :D
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඉරිසියාවට බෙහෙත් නැහැලු පුටේ

    මෝඩ කමටත් තාම බෙහෙත් හොයාගෙන නෑ මන් හිතන්නෙ.
    තිබ්බනම් මාලින්ග ගෙ ගෙදර උන් කීයක් දීල හරි මාලින්ගට අරන් දේවි
    :P:P:P
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    ත්‍රෙඩ් එක දාපු and ඕක ලියපු සහෝදරයට කියන්න තියෙන්නෙ *ක දීපන් කමක් නෑ. ඒ උනාට මලින්ග වගෙ පොන්නයොන්න්ට නෙවෙ.

    මාලින්ග කියන්නෙ ඔය වගෙ පොරක් කියන්න අපි කොහොමත් දන්නව. මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.
    එතකොට ටීම් එක? මොන ටීම් ද.
    :P:P:P

    මුන්ව ටීම් එකෙන් කපල දාන්න Talent ඕන තියෙන කොල්ලො ඕන තරම් ඉන්නව Develop කරල ගන්න ඕන.

    :yes:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    Mokakda ban me, dan me kathawa nawaththanna onee, u banna, misinnu uta banna, dan eka iwarai, me wage digatama oka geniyana eka wadak na...
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait

    ත්‍රෙඩ් එක දාපු and ඕක ලියපු සහෝදරයට කියන්න තියෙන්නෙ *ක දීපන් කමක් නෑ. ඒ උනාට මලින්ග වගෙ පොන්නයොන්න්ට නෙවෙ.

    මාලින්ග කියන්නෙ ඔය වගෙ පොරක් කියන්න අපි කොහොමත් දන්නව. මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.
    එතකොට ටීම් එක? මොන ටීම් ද.
    :P:P:P

    මුන්ව ටීම් එකෙන් කපල දාන්න Talent ඕන තියෙන කොල්ලො ඕන තරම් ඉන්නව Develop කරල ගන්න ඕන.


    හුට්ටෝ උබල උනත් ඔය වගේ හැකියාවක් තිබ්බනම් බලන්න තිබ්බ. ඉරිසියා කරන්න එපා සහෝදර 5කො අනික මීඩියා හුයන්නලත් හැසිරෙන්නෙ නැබුලෙන් ආපු එවුන් වගේ අර මර්විය සිරස එකෙක්ගේ කැමරාව අරගෙන හෙන සීන් එකක් දැම්මේ මයික් ගලෝල විසි කලේ යකෝ එදා ඔය කොයි හුයන්නෙක් වත් කතා කලාද අනේ හුකේ කිව්වලු. යකෝ සහෝ හුට්ටෝ මාලිංග ටීම් එකෙන් කැපුවොත් ඔයිට වඩා දහ ගුණයක් දීල ඌව ගන්න රටවල් ඉන්නවා.දැන් හැමෝම කියන කතාව තමයි පරණ ක්‍රීඩකයෝ වැදගත් විදියට හැසිරෙන්න ඕන නවක අය ඒ අයව ආදර්ශයට ගන්න හින්ද කියල.අනේ බන් උබල වගේ එවුන් පොඩ්ඩක් හිතල බලපල්ලකො මාලිංගගේ හැසිරීමද හදන්න ඕන නැත්තං අර පාර්ලිමේන්තුවේ මුළු රටම ඉස්සරහ හරක්ට වඩා අන්ත විදියට හැසිරෙන එවුන්ද කියල.අන්න එවුන් හදන්න තමා රැල්ලක් නිර්මාණය කරන්න ඕන