මාලිංග මට නං තාම එළ බුවෙක්
මාලිංග හොරකම් කරලා නෑ, මිනීමරලා නෑ, බාලාපරාධ ඔය මුකුත් නෑ.හැබැයි මේ දවස් වල බුකියේ කතා වෙන්නේ ඒ ගානට දාල. බලන් ගියාම මූට වඩා නොසංඩාලයෙක් තවත් නෑ.
මාලිංග තමන්ගේ හැකියාවෙන් සාධාරණව සල්ලි හම්බ කරපු කෙනෙක්.ඕක සමහරුන්ට දරා ගන්න බෑ. අරූ කලින් හිටියේ මෙහෙමයි, දැන් බලහන්කෝ වාහන මෙච්චරයි, කරේ මාල අච්චරයි. ඔය සේරම IPL ගහල. ඇහේ කටු අනිනවා වගේ. මහජන මුදල් ගසා කන, ඇමරිකාවට මෙහේ ඉඳන් ගේම කෝල් කරන පොලිතීසියෝ ජාත්‍යාලය දෙසන්නේ තමන්ගේ නොහැකියාව වහ ගන්න. එහෙම දේශපාලන සත්වයෝ හවසට රාජගිරියේ KFC එකේදී සමහරවිට නිරීක්ෂණය කරන්න පුළුවන්.
IPL ගැහුවත් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමට ගැහුවත් ක්‍රීඩයන්ට මුදල් ලැබෙනවා . කිසිම ගෙවීමක් නැතිව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සෙල්ලං කරන්න කැමති අය කවුද කියලා ඇහුවොත් දැන් ඉන්න අයගෙන් කීයක් ඉතිරි වේවිද කියලා සැකයි. අරජුන මහත්තය නං කීයලා තිබුනා තමන් ක්‍රීඩා කරන කාලේ (එහෙම ඉල්ලීමක් කරා නම්) තමන් ඒකට එකඟ වෙනවා කියලා. හැබැයි ක්‍රියාවෙදි කොහොම වේවිද දන්නේ නෑ.
ලංකාවේ මිනිස්සු තදින් බදාගෙන ඉන්න ප්‍රතිරූප වන්දනාවට පාර වැදෙන එක ගැන නං තියෙන්නේ මාර ත්‍රිල් එකක්. ජෙනරාල් ජන්දේ ඉල්ලපු එකේ එක හොඳ දෙයක් තමයි ඔය ප්‍රතිරූප වන්දනාව විශාල ලෙස අඩු වීම. මාලිංග ගේ කතාවෙන් ඕක අඩු වෙන්න පොඩි හරි උත්තේජනයක් ලැබෙන්න ඇති. මාලිංගගේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒත් එක් එක් පුද්ගලයන්ට තියෙන්නේ වෙනස් පෞර්ෂයන්, වෙනස් සන්නිවේදන හැකියාවන්. සංගක්කාරට වගේ MCC වලදි සම්භාව්‍ය විදිහට පාලකයන්ට කනේ පාර ගහන්න හැමෝටම බෑනේ. හැබැයි එහෙම කියලා මාධ්‍යවේදින්ගේ ඇගට ගොඩ වෙන එක එච්චර සුදුසු නෑ. මාධ්‍ය කාරයෝ ටිකත් හිතන් ඉන්නේ තමන් වන්දනා කිරිමට සුදුසු ප්‍රතිරූප කියලම තමයි. මතකනේ නයි කෙල්ලෙක් අල්ලගෙන ඒක මාර නිවුස් එකක් කරපු කට්ටියට ළමයෙක් ඉස්පිරිතාලෙදි මිය ගියාම රෝහලේ නම කියාගන්න බැරුව තටමපු හැටි
කලින් කිව්වා වගේ ශුද්ධ රත්තරං තියෙන්නේ ටිකයි. හැබැයි මුකුත් මතක නැති දුශිත පොලිතීසියන්, පොඩි තැන් දැක්කාම පිම්බෙන මාධ්‍යකාරයින්ට වඩා මාලිංග මට නං තාම එල බුවෙක්.
http://misterhyde-theotherhalf.blogspot.comමාලිංග තමන්ගේ හැකියාවෙන් සාධාරණව සල්ලි හම්බ කරපු කෙනෙක්.ඕක සමහරුන්ට දරා ගන්න බෑ. අරූ කලින් හිටියේ මෙහෙමයි, දැන් බලහන්කෝ වාහන මෙච්චරයි, කරේ මාල අච්චරයි. ඔය සේරම IPL ගහල. ඇහේ කටු අනිනවා වගේ. මහජන මුදල් ගසා කන, ඇමරිකාවට මෙහේ ඉඳන් ගේම කෝල් කරන පොලිතීසියෝ ජාත්‍යාලය දෙසන්නේ තමන්ගේ නොහැකියාව වහ ගන්න. එහෙම දේශපාලන සත්වයෝ හවසට රාජගිරියේ KFC එකේදී සමහරවිට නිරීක්ෂණය කරන්න පුළුවන්.
IPL ගැහුවත් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමට ගැහුවත් ක්‍රීඩයන්ට මුදල් ලැබෙනවා . කිසිම ගෙවීමක් නැතිව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සෙල්ලං කරන්න කැමති අය කවුද කියලා ඇහුවොත් දැන් ඉන්න අයගෙන් කීයක් ඉතිරි වේවිද කියලා සැකයි. අරජුන මහත්තය නං කීයලා තිබුනා තමන් ක්‍රීඩා කරන කාලේ (එහෙම ඉල්ලීමක් කරා නම්) තමන් ඒකට එකඟ වෙනවා කියලා. හැබැයි ක්‍රියාවෙදි කොහොම වේවිද දන්නේ නෑ.
ලංකාවේ මිනිස්සු තදින් බදාගෙන ඉන්න ප්‍රතිරූප වන්දනාවට පාර වැදෙන එක ගැන නං තියෙන්නේ මාර ත්‍රිල් එකක්. ජෙනරාල් ජන්දේ ඉල්ලපු එකේ එක හොඳ දෙයක් තමයි ඔය ප්‍රතිරූප වන්දනාව විශාල ලෙස අඩු වීම. මාලිංග ගේ කතාවෙන් ඕක අඩු වෙන්න පොඩි හරි උත්තේජනයක් ලැබෙන්න ඇති. මාලිංගගේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒත් එක් එක් පුද්ගලයන්ට තියෙන්නේ වෙනස් පෞර්ෂයන්, වෙනස් සන්නිවේදන හැකියාවන්. සංගක්කාරට වගේ MCC වලදි සම්භාව්‍ය විදිහට පාලකයන්ට කනේ පාර ගහන්න හැමෝටම බෑනේ. හැබැයි එහෙම කියලා මාධ්‍යවේදින්ගේ ඇගට ගොඩ වෙන එක එච්චර සුදුසු නෑ. මාධ්‍ය කාරයෝ ටිකත් හිතන් ඉන්නේ තමන් වන්දනා කිරිමට සුදුසු ප්‍රතිරූප කියලම තමයි. මතකනේ නයි කෙල්ලෙක් අල්ලගෙන ඒක මාර නිවුස් එකක් කරපු කට්ටියට ළමයෙක් ඉස්පිරිතාලෙදි මිය ගියාම රෝහලේ නම කියාගන්න බැරුව තටමපු හැටි
කලින් කිව්වා වගේ ශුද්ධ රත්තරං තියෙන්නේ ටිකයි. හැබැයි මුකුත් මතක නැති දුශිත පොලිතීසියන්, පොඩි තැන් දැක්කාම පිම්බෙන මාධ්‍යකාරයින්ට වඩා මාලිංග මට නං තාම එල බුවෙක්.
Maalinga ayya gena daala tiyanawa mang dekka 