<<< Mantas Last Dance - අවසන් මඩු නැටුම >>>
සිංහල වහරින් ‘අලි මඩුවා‘ ලෙස හැඳින්වෙන මැන්ටා රේ නම් සත්ත්වයා යනු සාගරයේ වෙසෙන තවත් අහිංසක දැවැන්තයකි.
වසර 50ක් පමණ ජීවත්විය හැකි මෙම සත්ත්වයා මේ වන විට වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටියි.
වසර 2-3කට වරක් එක් පැටවකු පමණක් බිහිකරන මෙම සත්ත්වයන් ගේ කරමල් ඖෂධීය ගුණයකින් යුත් බවට පැවසෙන අතර, මේ හේතුවෙන් වසරකට මෙම සතුන් දහස්ගණනක් දඩයමට ලක්වේ. කෙසේ වෙතත් අලි මඩු කරමලේ එවැන් ඖෂධීය ගුණයක් ඇතැයි විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.
මෙම සතුන් රැකගැනීම සඳහා පරිසර හිතකාමී සිනමාවේදීන් පිරිසක් විසින් කෙටි සංගීතමය කෙටි චිත්‍රපටයක් නිපදවා තිබේ.
අලි මඩුවන්ගේ ඉරණම පෙන්වාදීමේ අරමුණෙන් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත්‍රපටය “මැන්ටාස් ලාස්ට් ඩාන්ස්“ලෙස නම් කර තිබේ.
නිරූපිකාවක් ලෙස මෙම කෙටි චිත්‍රපටයට එක්වී ඇත්තේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙන් මේ වන විට ලොවපුරා ජනපි‍්‍රයත්වයක් දිනා ගත් දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ය.
මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරේදී සිදුකළ ඡායාරූපකරණය සඳහා එක්වී ඇත්තේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ශෝන් හෙන්ඩි්රක්ස් හා කි‍්‍රස්ටියන් ස්මිට් ය.
වඳවී යන හෝ එම තර්ජනයකට මුහුණ දී සිටින ඇතැම් සත්ත්ව විශේෂ හට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාවක් ලබාදීම සඳහා පියවර ගැනෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මන්ත්‍රණයක් මේ මාසයේදී පැවැත්වීමට නියමිත අතර, මෙවර සම්මන්ත්‍රණයේදී අලි මඩුවන් ද සාකච්ඡාවට බඳුන් වනු ඇත.
Image resized. Click this bar to view the full image to : 964x1433.
Image resized. Click this bar to view the full image to : 964x1420.
Image resized. Click this bar to view the full image to : 964x1428.
වසර 50ක් පමණ ජීවත්විය හැකි මෙම සත්ත්වයා මේ වන විට වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී සිටියි.
වසර 2-3කට වරක් එක් පැටවකු පමණක් බිහිකරන මෙම සත්ත්වයන් ගේ කරමල් ඖෂධීය ගුණයකින් යුත් බවට පැවසෙන අතර, මේ හේතුවෙන් වසරකට මෙම සතුන් දහස්ගණනක් දඩයමට ලක්වේ. කෙසේ වෙතත් අලි මඩු කරමලේ එවැන් ඖෂධීය ගුණයක් ඇතැයි විද්‍යාත්මකව ඔප්පු වී නොමැත.
මෙම සතුන් රැකගැනීම සඳහා පරිසර හිතකාමී සිනමාවේදීන් පිරිසක් විසින් කෙටි සංගීතමය කෙටි චිත්‍රපටයක් නිපදවා තිබේ.
අලි මඩුවන්ගේ ඉරණම පෙන්වාදීමේ අරමුණෙන් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත්‍රපටය “මැන්ටාස් ලාස්ට් ඩාන්ස්“ලෙස නම් කර තිබේ.
නිරූපිකාවක් ලෙස මෙම කෙටි චිත්‍රපටයට එක්වී ඇත්තේ සමුදුරු ජීවීන් රැකීමේ අරමුණින් සිදුවන විවිධ වැඩසටහන් වලට දිය කිඳුරියක් ලෙස එක්වීමෙන් මේ වන විට ලොවපුරා ජනපි‍්‍රයත්වයක් දිනා ගත් දිය යට මෝස්තර නිරූපිකාවක් වන හැනා ෆේ‍්‍රසර් ය.
මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරේදී සිදුකළ ඡායාරූපකරණය සඳහා එක්වී ඇත්තේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන ශෝන් හෙන්ඩි්රක්ස් හා කි‍්‍රස්ටියන් ස්මිට් ය.
වඳවී යන හෝ එම තර්ජනයකට මුහුණ දී සිටින ඇතැම් සත්ත්ව විශේෂ හට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාවක් ලබාදීම සඳහා පියවර ගැනෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මන්ත්‍රණයක් මේ මාසයේදී පැවැත්වීමට නියමිත අතර, මෙවර සම්මන්ත්‍රණයේදී අලි මඩුවන් ද සාකච්ඡාවට බඳුන් වනු ඇත.
බොහෝම ස්තුතියි
+9

thota makkai une...?