Ai ban mun pitaraten genalla thiyenneoya lankawe onatharam inne "KABARAYO" mungei kabarayongei wenasak naa, nama witharai wenas.
anika mun sathekwa hapuwama dina 7k wath yanawa a satha marenne, mun karanne a sathawa fallow karana eka. anika mun inna Island eka echchara lokuth naa.
mungana full details documentary ekak giya DISCOVERY eke,
Thawath ekak, munge kela gawunama marenna, munge kela apey blood ekka sambanda unama thamai munge thiyena virus eka apey body eke spread wenne. ekane mun saththunge kakul hapanne, nathnam spit karanna puluwanne.
Tks for the post!
attatma math hithuwe okamai..me lankawe inna kabarayo neda?kabarayath wisai kiyanawane.....


COMODO Dragon mama uninstall kara![]()











කෙළ බිඳක් ගෑවුණත් මැරෙන විෂ උරගයා දෙහිවලට ඇවිත්.
![]()
ලොව දරුණුම විෂ සහිත සිවුපා උරගයන් අතර ඉහළින්ම සිටින සත්ත්වයකු වන්නේ කොමොඩෝ ඩ්රැගන්ය. කොමොඩෝ ඩ්‍රැගන් ගැහැනු පිරිමි යුවළක් දැන් අපට දෙහිවල සතුන් වත්තේදී සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව ලැබී ඇත. කොමොඩෝ ඩ්‍රැගන් කෙතරම් විෂකුරුද කිවහොත් උන්ගේ කෙළ බිඳුවක් මිනිස් ශරීරයේ තැවරුණු පමණින් ක්ෂණිකව හෝ දින කිහිපයකින් දිවි අහිමි විය හැකිය.
මෙම සත්ත්වයා වඳවී යෑමේ තර්ජනයට ලක්වී ඇති සතෙකි. ලොව විශාලම කටුසු විශේෂයද වෙයි. ඉන්දුනීසියානු දූපත් මෙම සතුන්ගේ නිජබිම වෙයි. වැඩි වශයෙන් ඉන්දුනීසියානු කොමොඩෝ දූපතේ ජීවත්වන නිසා කොමොඩෝ නාමය යෙදී ඇත. මකරා අද්භූත සත්ත්වයෙක්, නපුරු පුද්ගලයෙක් යන ඇරුත් දෙන "ඩ්‍රැගන්" යන නමින් හැඳින්වෙයි. මේ නම අෑත අතීතයේ සිට භාවිත වන බව පැවැසේ. සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ මෙම විෂකුරු සතාට ඉන්දුනීසියා වනාන්තරවල සිටින සිංහයන් පවා බියක් දක්වන බවයි.
මෙම සිවුපා උරගයන් දෙදෙනා අපට ලැබී ඇත්තේ සත්ත්ව හුවමාරුවක් යටතේ චෙකොස්ලෝවැකියා "ප්රාග්" සතුන් වත්තෙන්ය. ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කරන ලද අලි පැටවුන් දෙදෙනකු සඳහා මෙම කොමොඩෝ ඩ්‍රැගන් සතුන් දෙදෙනා සහ නිල් හිපපොටේමස් පැටවුන් දෙදෙනකු සමඟ කැලෑ අශ්වයන් දෙදෙනකු දෙහිවල සතුන් වත්තට ලැබී තිබේ. ගුවනින් ගෙන ආ මෙම සතුන් පසුගිය වසරේ (2012) ඔක්තෝබර් 11 දින දෙහිවල සතුන් වත්තට ලැබී ඇත.
![]()
කොමොඩෝ ඩ්‍රැගන්ගේ භයානක විෂකුරු තත්ත්වය දැන සිටි මෙරට සතුන්වත්ත බලධාරීන් එම සතුන් ආරක්ෂා සහිතව රඳවා තැබීමට විශේෂ කූඩුවක් නිර්මාණය කළ බව සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරි නිහාල් සෙනරත් මහතා පවසයි. මෙම කූඩුව වර්ග අඩි 40ක පමණ ඉඩ පහසුකම් ඇති එකකි. කූඩුවේ ඇතුළත කුඩාම සිදුරු සහිත දැලකින් ආවරණය වී ඇත. ඊට පිටතින් විෂ්කම්භය අඟල් 1/2ක් පමණ වූ දැලකින් ආවරණය කර ඇත. ඊටත් පිටතින් එම කූඩුවේ දැලකටවත් යම්කිසි පුද්ගලයකුට අතක්වත් පෙවිය නොහැකි තරමේ යකඩ වැටකින් ආවරණය කර ඇත.
මෙසේ රඳවා ඇති කොමොඩෝ ඩ්‍රැගන් පිළිබඳ පුවරුවක් මහජනයාගේ දැනගැනීම සඳහා සවිකර තිබේ. සතුන්වත්ත නරඹන්නෝ දහසකට එක් අයකුවත් සාමාන්‍ය තලගොයි දෙදෙනකු සේ දෙන්නා දෙපැත්තට වී සිටින මෙම සතුන් දෙදෙනා පිළිබඳ හරි අවබෝධයක් නොලබති.
කොමොඩෝ ඩ්‍රැගන් මාංස භක්ෂක සතෙක් වෙයි. මියගිය සතුන්ගේ මළකුණු වැඩි වශයෙන් ආහාරයට ගනියි. ආහාර අවශ්‍ය වූ විට සැඟවී සිට වනයේ සිටින කුළුමීමුන්, ගෝනුන් වැනි දැවැන්තයන්ගේ කකුල් සපාකා බිම හෙළාගෙන කුණුවෙන්ට ඉඩහැර ආහාරයට ගනියි. ඕනෑම සතකුගේ කකුලක් සපා කෑ පමණින්ම එම සතාගේ ශරීරයට කොමොඩෝ ඩ්‍රැගන්ගේ විෂකුරු කෙළ ඇතුළු වී එම සතා මරණයට පත්වෙයි. මෙම කෙළ කෙතරම් විෂ සහිත දැයි කිවහොත් එසේ මියැදුණු සතුන්ගේ ශරීර ඉක්මනින් කුණුවී යෑමත් සිදුවන බවද පැවැසේ.
මෙම සතුන්ගේ ආයු කාලය වසර 30ක් පමණ වන අතර දිගින් අඩි 8 - 10 දක්වා වැඩෙයි. දෙහිවල සතුන්වත්තේ සිටින කොමොඩෝ ඩ්‍රැගන් දෙදෙනා අඩි 2.5ක් පමණ දික්වූ පැටවුන් දෙදෙනකි.
සර්පයන් සහ කුරුල්ලන් දඩයම් කරගෙන එම ශරීර කුණුවෙන්නට හැර ආහාරයට ගැනීමද මෙම සතුන් විසින් කරනු ලැබේ.
මෙම සතුන්ගේ අභිජනන සමය මැයි මසින් ආරම්භ වී අගෝස්තු මස අවසානය දක්වා පවතී. අගෝස්තු මාසය පමණ වනවිට බිත්තර දැමීම සිදුවෙයි. පොළොවේ හාරාගන්නා වළක මෙම බිත්තර දැමීම සිදුවෙයි. එක් වරකට බිත්තර 20 - 30ත් අතර ප්‍රමාණයක් දැමීම සිදුවෙයි. මාස 7-8ක කාලයක් බිත්තර රැකීමෙන් පසු පැටවුන් බිහිවීම සිදුවෙයි. එක්වර විශාල සතුන් සංඛ්‍යාවක් බිහිවන අතර එම පැටවු අනෙකුත් විෂකුරු සර්පයන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වෙති. මෙසේ ගොදුරු බවට පත්නොවී ඉතිරි වන සුළු පැටව් සංඛ්‍යාවට කැලෑබදව සැඟවී එකිනෙකා තනි තනියෙන් ජීවත් වෙති.
කටු සහිත සමක් හා දැති සහිත ඉතාමත් සවිමත් වූ දත්පෙළක් ඇත. දිගු කහ පැහැති අතිශයින් දෙබල් වූ දිවක් ඇත. මොවුන් දිවා කාලයේ ක්‍රියාත්මක වෙයි. රාත්‍රි කාලයේ ඇස් පෙනීම ඉතාමත් දුර්වල තත්ත්වයක පවතියි. මොවුහු එකිනෙකා හුදෙකලාව ජීවත්වන අතර ප්‍රජනනය සහ ආහාර ගැනීමේදී එක්ව හැසිරෙති.
මොවුන්ගේ ඛේටය රෝග කාරක විෂබීජවලින් ගහන වෙයි. එම නිසාම මෙම සතුන්ට ආහාර දීමේදී ඉතාමත් පරෙස්සම් විය යුතු යැයි නිහාල් සෙනරත් මහතා පවසයි.
Death By Dragon [NAT. GEO:WILD]
KOMODO FULL MOVIE
Source : lankagossipgirl







