ඔව් සහො. අපෙ රනිල් වික්‍රමසිංහ මහතා බලයේ ඉන්න කාලයේදී වගේ කුඹුරු ගොඩ කරලා සංවර්ධනය කළා නම් මීට වඩා හොඳයි. මේ දවස්වල හැමෝම අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා කියලා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..
මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි.
එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.
මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්‍රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ..
එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඉහළ තනතුරක් දරපු ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේලාට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.
දැන් මේ වීඩියෝ එක බලන්න.
ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.
Last edited: Mar 16, 2013