Bitter Truth About Sri Lanka Cricket

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sri-lanka-cricket-logo.jpg

    ඇලඩින්ට පුදුම පහනක්‌ ලැබිණි. ඇලඩින් එයින් පුදුම විදිහට ප්‍රයෝජන ගත්තේය. එය ඇලඩින්ගේ වාසනාවයි. සංගක්‌කාරට පිත්තක්‌ ලැබිණි. ඒ ඔහුගේ පුදුම පහන විය. මාලිංගට පන්දුවක්‌ ලැබිණි. එය ඔහුගේ පුදුම පහන විය. පිත්ත නොතිබෙන්නට සංගා තවත් එක්‌ 'අබ්බගාත්'කෙනෙක්‌ (අබ්බගාත් යනු ගමේ උදවිය ඇඩ්වකේට්‌ හෙවත් නීතිඥයා වෙනුවට යොදන වචනයයි) පමණක්‌ වන්නට තිබිණි. පන්දුව නොතිබෙන්නට මාලිංගට ලෝකයම 'මාලි'ලෙසින් අමතන හඬ වෙනුවට, ගමේ උදවියට ඔහුගේ ස්‌වරයෙන්ම 'මාලෝ..' යන හඬ ඇසෙන්නටද ඉඩ තිබිණි. නමුත් පිත්ත, පන්දුව සංගා, මාලිංග ඇතුළු අප ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඇලඩින්ගේ පුදුම පහනක්‌ම විය. ජීවිත වලට සිතූ පැතූ සම්පත් ගෙනෙන්නට විය. හතරපරම්පරාවටම ආත්ම කිහිපයක්‌ ජීවත්වෙන්නට තරම් ආදායමක්‌ ලැබිණි. කරනවා නම් රටටම යුතුකම් කරන්නට තරම් ප්‍රමානවත් විය. ඒ අප ඔවුන් ගැන සිතා සිටිය හැටිය. එහෙත් අප සිතුවා වැරදිය.

    දැනට සති දෙකකට පමණ ඉහත මේ පිරිස ආදායමෙන් 10%ක කප්පාදුවකට එරෙහිව අරගලයකට සැරසුණහ.මේ උදවිය ගැන අප සිතා සිටි අන්දම වැරදිදෝ යි යන සැකය අපට මතුවූයේ එතැන් සිටය. මේ ක්‍රිකට්‌ 'සිටුවරු' යෑයි අප සිතා සිටියද අප සිතන අයුරු සහමුළින්ම වැරදි යෑයිද, මේ අයට අය ආර්ථික ප්‍රශ්න වලින් මිරිකී සිටින ලොවට නොපෙනෙන පීඩිත පන්තියක්‌ යෑයිද හැඟුණි.

    රට වෙනුවෙන් දවස්‌ ගණන් අව්වේ 'වියලෙන' මේ ක්‍රීඩක 'කඳන්' වලට මෙයට වඩා සාත්තුවක්‌ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට යුතුකමක්‌ ඇතැයි අපි සිතුවෙමු. 10%ක වැටුප් වැඩිවීමක්‌ උදෙසා අරගලයකට සැරසුණු, මේ පීඩිත ක්‍රීඩකයන්ගේ සටනට උදව්වක්‌ දෙන්නට කෙනෙක්‌ මේ පොළොව මත නොසිටීම අපට කනස්‌සලක්‌ විය. මේ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න කරදර ගැන කිසිවක්‌ නොසිතා 'ඔය දෙනවා ඉහටත් උඩින්' යෑයි සියල්ලෝ එකහඬින් කීහ. අසරණ ක්‍රීඩකයෝ තනිවුනහ. ඔවුන්ගේ සටන දියාරු විය. අවසානයේ ඒ අසාධාරණ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරග ගිවිසුමට අත්සන් කිරීමට මේ 'අසරණයන්ට' සිදුවිය.


    sri-lanka-cricket-wcup-reax-2011-4-2-17-0-0.jpg

    එක්‌ දින ලෝක කුසලානයේ අතේ තිබූ ජය ඉන්දියානුවන් උදුරාගත්තේද, පන්දුවාර 20 කටේ තිබූ ජය බටහිර ඉන්දියාවෙන් එලියට ඇද්දේද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් මේ ක්‍රීඩකයන් හරිහැටි නඩත්තු නොකර නිසා යෑයි අමුතුවෙන් සිතන්නට අපට අවස්‌ථාව සලසා දුන්නේ මේ ක්‍රීඩකයන් මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්නය නිසාය. වේලක්‌ හැර වේලක්‌ කා කෙසේ ලෝක ශූරයන් වන්නටදැයි අපට සිතුනි.

    හඬක්‌ නැතිව ගොළුව ගිය දුප්පත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ ආර්ථික ගැටළුවට හඬක්‌ වීමට අපි සිතුවෙමු. අපට දත්ත උවමනා විය. ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් හඬ නැගීමට කරුණු සපයාගනු වෙනුවෙනි. ක්‍රීඩකයන්ට තමන්ගෙන් සිදුවන අසාධාරණය ලෝකයාට අප හෙළිකරාවි යෑයි බයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, ක්‍රීඩකයන්ගේ ගෙවීම් පිළිබඳ සඳහන් දත්ත හංගාගත්තේය. සේප්පුවල දමා අගුළුදැමිණි. එහෙත් ක්‍රීකයන් වෙනුවෙන් පෙනී සිටීමට අප හද උපන් හැඟීම, ආවේගයට අගුළු දැමීමට, අලගු තැබීමට ඔවුනට නොහැකිවිය. අප 'ශර්ලොක්‌ හෝම්ස්‌' ගේමක්‌ දී ඒ සේප්පු තුළට රිංගා අවැසි වූ දත්ත සියල්ල සොයාගත්තෙමු. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හට සිදුකළ මේ අසාධාරණය තවදුරටත් ලෝකයෙන් වසන් කරතැබීමට 'ශ්‍රී ලංකා ක්‍රිකට්‌' ආයතනයට දැන් නොහැකිය.


    acc.jpg

    අපි එය මෙසේ එළියට දමන්නෙමු. මේ දැක්‌වෙන්නේ ඉකුත් ගිණුම් වර්ෂය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 'අසාධාරණයට' ලක්‌ව ඇති අයුරුය. ඇමරිකානු ඩොලරයක අද මිල රු 126 ක්‌ නමුත් එහි අගය රුපියල් 110 යෑයි සැලකූ විට සංගක්‌කාරට ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 768ක්‌ තරම් 'පොඩි' ගාණකි. මහේලටද, ඩිල්ෂාන්ටද එවැනි 'පොඩි පොඩි' ගණන් ගෙවා 'ෂේප්' වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කරඇති බව මේ දත්ත අනුව පැහැදිලිව පෙනේ. මේ අය යන්තම් හෝ දිවිය ගැටගසාගත්තේ අයි.පී.එල් එකෙන් සහ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීමෙන් ලැබෙන ජීවනාධාරයෙනි. ශ්‍රී ලංකා ජාතික සංචිතයේ සිටින ක්‍රීඩකයන් 20 දෙනාටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ඉකුත් වසරේ ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 7560කට වැඩි 'සොච්චමකි'. මේ ක්‍රීඩකයන්ට යන්තම් හෝ සහනයක්‌ දුන්නේ නම් ඒ දේශීය ආදයම් දෙපාර්තමේන්තුවෙන් පමණි. ඒ මෙම රුපියල් ලක්‍ෂ 8000 කට ආසන්න 'සුළු' ගණන නොසලකා හැර බද්දෙන් නිදහස්‌ කිරීමට හෙවත් 'ටැක්‌ස්‌ ප්‍රී' ආදයමක්‌ ලෙසින් සැලකීම පමණි.

    ඉතින් මෙවැනි පොඩි පඩියක්‌ ලබා මේ දුප්පත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සමාජයේ තවත් මිනිසකුගේ බැරි අමාරුකමකදී කෙසේ උදව්වක්‌ කරන්නද? 'ක්‍රිකටර්ලා මිනිහෙකුගේ දුකකට පිහිටවූ තැනැක්‌ තියෙනවද?' කියා ඔබ නොදැන කියන වචන මොනතරම් අසාධාරණදැයි දැන් ඔබට නොසිතේද? ඒ දුප්පත් අසරණ අහිංසකයන්ට තවත් වචන කීමෙන් වැලකෙන ලෙස අපි ඔබට කියා සිටිමු. මේ ක්‍රීඩකයන් විෂයෙහි සිදුකර ඇති අසාධාරණය අහෝසි කර තවත් 10%ක්‌ නොව 25%ක්‌ ගෙවන්නට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට බලකර සිටිමු. නැතිනම් මේ ක්‍රීඩකයන් වැටී ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ගනු පිණිස දීප ව්‍යාප්ත කැට ව්‍යාපාරයක්‌ දියත් කර ඩොලරයෙන් ඩොලරය එකතුකිරීමට අප සූදානම් බවත් රටේම මිනිසුන් ඒ වෙනුවෙන් පාරට බැසීම වැලැක්‌වීම සඳහා උත්සහ නොගන්නා ලෙසත් අපි රජයට මෙයින් දැනුම් දෙමු.

    අපගේ මේ උත්සහය පුදුම පහන අතින් ගත් 'ඇලඩින් ක්‍රිකටර් කෙනෙකු' සැදීමට නොව, පොල්කටුව අතින් ගෙන හිඟමනේ යන තැනට ක්‍රිකට්‌ ක්‍රීඩකයා ඇදවැටීමෙන් වලක්‌වාගැනීමට බවද අවධාරණය කර සිටිමු.

    (සැ.යු-මේ ගණන් මිනුම් ටික සමාජයට ඒමෙන් යමෙක්‌ට ශෝකයක්‌ උපදී නම් හෙතෙම 'තන්හාය ජායතී සෝකෝ' කියා එය ගලපා ගත්තාට කම් නැත)

    ඉන්ද්‍රජිත් සුබසිංහ




    111436574-dejected-sri-lankan-cricket-fan-cries-during-gettyimages.jpg
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    api therum ganna one deyak tyenawa! mea loke eka eka job walata eka eka geweem karanawa! Cricketer kenekge geweem meka thama! meka pitaratath ekka baluwama gdak madi! Ithn hari geweemak labanna egolo kaa gahana eka sadaranay! ea golonge dakshathawayatay mea geweema! Oyath cricket gahuwanam oyatat mehema ganna pluwan! Job eke hatiyata thama gewanne!!
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home



    මේන්න නියම වීරයො... අදකාලේ පාන්කඩයො ක්‍රිකට් ගහන්නේ.. මම නම් 96න් පස්සෙ ක්‍රිකට් මැච් බලලානැ.. කව්ද බන් පරදින මැච් බලන්න කැමති. අඩුමගානේ T20 එකක්වත් බලන්නේනැ. මැතියුස්, නුවන් කුලසේකර, කුසල් ජනිත්, දිනේශ් චන්දිමාල් මුන් ටිකනම් සුබර්බ්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    api therum ganna one deyak tyenawa! mea loke eka eka job walata eka eka geweem karanawa! Cricketer kenekge geweem meka thama! meka pitaratath ekka baluwama gdak madi! Ithn hari geweemak labanna egolo kaa gahana eka sadaranay! ea golonge dakshathawayatay mea geweema! Oyath cricket gahuwanam oyatat mehema ganna pluwan! Job eke hatiyata thama gewanne!!
    :yes:

    ඒ විතරක් නෙමෙයි මේ ගොල්ලොන්ට පඩි ගෙවන්නෙ මේ ගොල්ලො ක්‍රික්‍රට් මැච් දිනල ගන්න ආදායමෙන්මයි, නැතුව ආණ්ඩුවෙ සල්ලි වලින් නෙමෙයි. ක්‍රිකට් මැච් විකාශන අයිතියටම ඩොලර් මිලියන් ගානක් ක්‍රකට් ආයතනයට හම්බවුනා. ටූනමන්ට් එකක් දිනන කොට දෙන ත්‍යාගමුදල් ඇතුලු සියලු ත්‍යාග මුදල් එන්නෙ ලංකා ක්‍රිකට් ආයතනයට මිසක් කෙලින්ම ක්‍රීඩකයොන්ට නෙමෙයි, ටූනමන්ට් එකකට සහභාගී වෙනකොට ගෙවන සල්ලිත් එන්නෙ ලංකා ක්‍රිකට් ආයතනයට. ඒ සල්ලි ලැබෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයො නිසා. ලෝකෙ වෙන රටවල ක්‍රිකට් ක්‍රීඩකයොන්ගෙ ආදායම් තත්වෙත් ඔයිටත් වඩා වැඩියි. ඉතින් ඒ සල්ලි වලිනුත් ලංකා ක්‍රිකට් ආයතනයෙ බලධාරින් කෝටි ගනං යටිමඩි ගහල තියෙනවද (අර හාඩ් ඩිස්ක් එකකුත් නැතිවුනයි කිවුවෙ ගිණුම් වාර්ථා තිබිච්ච). ඉතින් ඔය සල්ලි අනවශ්‍ය විදියට එක එකාගෙ සාක්කු වලට යනවට වඩා ක්‍රීඩකයන්ට ගෙවීම් නිසි ආකරයෙන් කරන එකේ වැරැද්දක් නෑ නේද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේන්න නියම වීරයො... අදකාලේ පාන්කඩයො ක්‍රිකට් ගහන්නේ.. මම නම් 96න් පස්සෙ ක්‍රිකට් මැච් බලලානැ.. කව්ද බන් පරදින මැච් බලන්න කැමති. අඩුමගානේ T20 එකක්වත් බලන්නේනැ. මැතියුස්, නුවන් කුලසේකර, කුසල් ජනිත්, දිනේශ් චන්දිමාල් මුන් ටිකනම් සුබර්බ්.

    ow :yes::yes::yes::yes: