සත්තු වගේ ගහගමු

මොන ශෛලයටද වැඩිය

  • මකරා

    Votes: 34 23.1%
  • ව්‍යාඝ්‍රයා

    Votes: 22 15.0%
  • කොකා

    Votes: 8 5.4%
  • නාගයා

    Votes: 12 8.2%
  • දිවියා

    Votes: 10 6.8%
  • වන්දා

    Votes: 11 7.5%
  • වදුරා

    Votes: 4 2.7%
  • බිමත් වදුරා

    Votes: 46 31.3%

  • Total voters
    147

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සත්තු වගේ ගහගමු

    Kung Fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ.


    Kung Fu

    18kingdom02-600.jpg

    kung fu කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. මට මතක විදිහට මම ඉස්සර ගිය වූෂු පන්තියේදී කිව්වේ shaolin temple එකට ඉස්සෙල්ලම සටන් ක්‍රම අරගෙන ගියේ බෝධි ධර්ම කියල ඉන්ධදියාවෙන් ගිය බෞද්ධ භික්ෂුවක් කියල. (එකෙ exam එකට ලිව්වෙත් ඔය උත්තරේම තමා, ඒක හින්ද ඒ ගැන වැඩි දුර හෙව්වේ නෑ. වෙනස් උත්තරයක් තියන කෙනෙක් ඉන්නවානම් කියන්න.:) )

    ඉතින් මේ kung fu වල තියන නොයෙකුත් ශෛලයන් අතරින් මම කැමතිම කොටසක් තමයි පරිසරයෙ ඉන්න සත්තු ආභාෂයෙන් නිර්මාණය කරපු සටන් ශෛලීන්. ස්වබාවධර්මයේ ඉන්න නොයෙකුත් සත්තුන්ගේ තිබ්බ හැකියාවන් අධ්‍යයනය කරලා ඒවා සටන් වලට යොදාගන්න තමයි මේ සතුන්ගේ සටන් කලාවන් නිර්මාණය උනේ.

    මේවා ඇත්තටම කලාවන්. දක්ෂ කෙනෙක් මේවා පාවිච්චි කරනවා බලන්නත් ආසයි. මේ කලාවන් අවුරුදු දහස් ගානක් තිස්සේ පන්නරය වෙලා හැදුනු බොහොම වටින දේවල්.

    මේ ශෛලීන් ඔක්කොම ප්‍රගුණ කරන ඒක බොහොම අමාරු දෙයක්. එකකට වැඩිය ප්‍රගුණ කරන එකත් ලොකු දෙයක්. මොකද එකින් එකට වෙනස් වූ හැකියාවන් කොටසක්, වෙනස් වූ සිතීම් ක්‍රමයක් හා පෞරුෂයක් අවශ්‍ය වෙනවා.

    මේ ශෛලීන් අතරින් ප්‍රධාන ඒවා 5 ක් තියනවා.

    ප්‍රධාන ශෛලීන්

    5ANIMALS.jpg


    මේවා හැදිලා තියෙන්නේ එකකට එකක් පරදින්නේ නැතිවෙන්න. ඒක ශෛලයක් තව එකකට වැඩිය බලවත් වෙන අතරේ ඒක තවත් එකකට වැඩිය දුර්වල වෙනව.


    මකරා​

    images


    දැන් අහන්න එපා කවුද මකරු දිහා බලන් හිටියෙ කියල:P. මකරා කියන්නේ චීනයේ ජනප්‍රවාද වල ඉස්සර ඉදල නිතර ඉන්න සත්වයෙක්. ඒක නිසා ඒ කතා වල මකරෙකුගේ හැසිරීම පැහැදිලි කරලා තියන විදිහට තමයි මේ ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ.:rolleyes:

    ව්‍යාඝ්‍රයාට වඩා බලවත්:shocked:
    දිවියාට එරෙහිව දුර්වලයි.:baffled:


    Shaolin_animal_style__Dragon_by_gol.jpg

    මේක ආරක්ෂාවට මුල් තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාට තමන්ට පහරක් එල්ල කරන්න ඉඩ ඇරලා ඒ පහරේ බලයේ දිශාව වෙනස් කරල එකට තමන්ගේ බලයත් එකතු කරල ප්‍රති ප්‍රහාර එල්ල කිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. කෙටියෙන් කියනවනම් සතුරාගේ බලය සතුරාට එරෙහිව පාවිච්චි කිරීම. කතාවක් තියනවා මේක ප්‍රගුණ කරන්න අනික් 4 ම ප්‍රගුණ කරලා ඉන්න ඕන කියල.:shocked:






    ව්‍යාඝ්‍රයා​

    wCWLxGIx9dfLpd4951c_nEvK-meSd5mHJ9OJSnzOWK89eiRtZL_pW-UH_udIthfoZA=w705


    කොකාට වඩා බලවත්:shocked:
    මකරට එරෙහිව දුර්වලයි.:baffled:


    images

    මේක ප්‍රහාරයට මුල් තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාව තමන්ගේ ක්ෂණික විශාල වූ බලයකින් යටපත් කිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මෙහි ආරක්ෂක ක්‍රමයත් ප්‍රහාරයයි(offence is defence). සෑම පහරක්ම සතුරා විනාශ කිරීමේ අරමුණින් එල්ල කරයි. ප්‍රහාර සියල්ලක්ම ඍජු හා බලසම්පන්න වේ.





    කොකා

    5038860418_22a4f25035_z.jpg


    නයාට වඩා බලවත්:shocked:
    ව්‍යාඝ්‍රයාට එරෙහිව දුර්වලයි.:baffled:


    ckf97.jpg

    මේකත් ආරක්ෂාවට මුල්තැන දෙන සටන් ක්‍රමයක්. සතුරාත් තමාත් අතර තිබෙන දුර තමන්ට හානියක් නොවන තරමකට තබා ගනිමින් තියුණු පහරවල් එල්ලකිරීම තමයි මේකේ ප්‍රධාන ලක්ෂණය. මේ සදහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ පා පහරවල් හා ශරීරයෙ මනා සමතුලිතතාවය. සතුරා ලගට පැමිණියහොත් ක්ෂණික පහරවල් එල්ල කොට නැවත දුර වැඩි කරගනී.






    නාගයා

    images


    දිවියාට වඩා බලවත්:shocked:
    කොකාට එරෙහිව දුර්වලයි.:baffled:


    snake.jpg

    මෙය ආරක්ෂාව හා ප්‍රහාර යන සංකල්ප දෙකම එකතු වූ සටන් ක්‍රමයක්. අවස්ථාවට අනුව ඉතා නම්‍යශීලි වූ උපක්‍රම රැසක් පාවිච්චි කිරීමේ හැකියාවක් ඇත. අඩු ශක්තියකින් වැඩිම හානියක් දුර්වල ස්ථාන වලට පහර දී ඇති කිරීම පධාන ලක්ෂණයයි. ලං වූ විට අගුල් දැමීමෙන් සතුරාගේ සන්දි වලට හානි කිරීමට හා සතුරා නිශ්චල කිරීමේ හැකියාවක් ඇත. සටන පුරා එකග වූ සිතක් තිබීම වැදගත් වේ.







    දිවියා

    baf214cb-d22d-45f5-b479-95a225636176.jpg


    මකරාට වඩා බලවත්:shocked:
    නාගයාට එරෙහිව දුර්වලයි.:baffled:


    images

    මේකත් ප්‍රහාරයට මුල් තැන දෙන සටන් කලාවක්. එකවර ඉතා වේගයෙන් විවධ කෝණයන්ගෙන් නොනවතින ප්‍රහාර එල්ලකිරීම මෙහි ප්‍රධාන ලක්ෂණය වේ. මෙහි පහරවල් ව්‍යාඝ්‍රයාගේ මෙන් බලසම්පන්න නැති වුවත් සතුරා මත පතිත වන වැඩි වූ පහර සංඛ්‍යාවේ එකතුව ඒ හා සමාන හානියක් සිදුකරයි.




    ඔන්න ඔය ටික තමයි ප්‍රධාන 5. දැන් බලමු මිට අමතරව තව තියන ප්‍රසිද්ධ ඒවා මොනාද කියල.



    වන්දා​

    praying-mantis-copy.jpg

    මෙය ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රමයක්. මොකද මේක කරනවා බලන් ඉන්න හරි ලස්සනයි. මම ඉගෙන ගත්ත තැනට එකපාරක් චීනෙ ඉදල grand master කෙනෙක් ආව ටික දවසක් නැවතිලා ඉන්න ලංකාවේ තිබ්බ සම්මේලනයකට ඇවිල්ල. හරි හොද මනුස්සය, දවසක් අපිට මේ style ඒක කරල පෙන්නුවා. :)

    images

    මේකත් ආරක්ෂක සටන් කලාවක්. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි නියමිත අවස්ථාවක් එනකන් බලන් ඉදල විදුලි වේගයෙන් දුර්වල ස්ථාන වලට පහර දීම. ඒ වගේම සන්දි අගුල් වැට්ටවිමත් මේකෙ ඉතා ප්‍රසිද්ධයි.





    වදුරා

    images

    මේක ප්‍රහාරාත්මක වගේම ආරක්ෂක සටන් කලාවක්. සතුරාගේ පහර වලින් ඈත වී සිටින්න පිනුම්, නැගීම් ආදී අනපේක්ෂිත චලනයන් සිදු කරනවා. මේකේ මුලික සිද්ධාන්තය තමයි අනපේක්ෂිත වීම. මෙහි පහරවල් අන්පෙක්ෂිත් කොන වලින් ඇති වනවා මෙන්ම අනපේක්ෂිත හැසිරීම් හා උසුළු විසුළු කිරීම සතුරාගේ ඒකාග්‍රතාවය බිදින්න සමත් වෙනවා.

    monkey.jpg

    fighting_karate_monkey-13078.jpg
    :P:rofl::rofl:





    බිමත් වදුරා​

    DrunkenMonkey.jpg

    මේකෙම ප්‍රසිද්ධ හා ප්‍රභල සටන් ක්‍රමයක් තමයි බිමත් වූ වදුරු ශෛලය. මෙය වඩාත් අනපේක්ෂිත චලනයන්ගෙන් හා පහර වලින් සමන්විතයි. මේක ප්‍රගුණ කරපු අයගේ බිමත් කම වැඩි වෙන්න වෙන්න ඔවුන්ගේ බලය වැඩි වන බවට විශ්වාසයක් තියනව.

    zuiquan08_7be2a2aa91c36aba349a6d74aadf64cd.jpg




    මේ තියෙන්නේ මම මෑතකදී දාපු thread කිහිපයක්. කැමතිනම් ගිහින් බලන්න. :)



    රෙප් නැතත් කමක් නෑ. බම්ප් එකක්වත් දාල යන්න. :(


     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ආ....එක තමයි කුෆු panda එකේ මේ සෙට් එකම ඉන්නේ....danne තේරුනේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    kung fu කියන එකේ තේරුම 'නිපුන මිනිසා' කියන එක නේද?
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්තුතියි..... මෙතනට තව තායිජි-චුආන්, නැන්චුවාන්,චෑන් චුවාන් චෙන් පාකුවා වගේ ස්ටයිල් ගැන එකතු කලානම් වටිනවා
     
    Last edited:

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    Drunken Master තමයි බේරෙන්න අමාරුම විදිය. Jackie Chang ගේ movie එකක තිබ්බා එයා Drunken Master Style එකෙන් fight කරන කෙනෙක් එක්ක ගහන්නවා. Jackie chang ට මොන Style එක use කරලවත් බේරෙන්න ලැබෙන්නෙ නෑ. අන්තිමේදී එයාටත් Drunken Master Style එකෙන්ම fight කරන්න වෙනවා.