පුරාවිද්‍යා ගවේෂණයෙන් අත්වින්ද 'නාලාගිර&

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පුරාවිද්‍යා ගවේෂණයෙන් අත්වින්ද 'නාලාගිර&

    පුරාවිද්‍යා ගවේෂණයෙන් අත්වින්ද 'නාලාගිරි දමනය'


    විශේෂාංගයේ 'දිවි සයුරේ මතක රළින්' යන ගමනේදී බොහෝ පුරාවිද්‍යා මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට සහ ගවේෂණ කැණීම් ආදිය කරන්නට අත්විඳීමට සිදු වූ අත්දැකීම්වලින් අමතක නොවන එක් අත්දැකීමක් පමණක් නොව කිහිපයක්ම තිබෙන්නට පුළුවන්.

    මේ ක්‍ෂේත්‍රයේ වසර 13ක කාලයක් රැඳී සිටිමින් විවිධාකාරයේ අත්දැකීම්වලට මුහුණදුන් පුරාවිද්‍යා පරීක්‍ෂකවරයකු වන පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා සම්බන්ධ කර ගත්තා.

    'වෙහෙරගල ප්‍රදේශයේ ගවේෂණ සිදු කරන කාලයේ එහි වූ පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කිරීමට අප ගමන් කෙළේ වෙහෙරගල ජලාශයෙන් වට වූ කැලේ මැදිනුයි.'
    'කැලේ මැදින් ගමන් කරන අප කොයි කාටත් නිතැතින්ම මතකයට ආවේ කැලේ සිටින දරුණු ගණයේ වන සතුන්ය. කෙමෙන් කෙමෙන් ඝන වනාන්තරයට පියවර මැන්න අපි මැණික් ගංගාවේ අතු ශාඛාවක් අසලින් ගමන් කළා. මේ වනතෙක් කිසිදු සතෙක් මේ මහ රූස්ස වනාන්තරයෙ නොසිටීම පිළිබඳ අපි දුක්වුණා.'
    'කෙමෙන් කෙමෙන් ඉදිරියට පියවර මැන්න අපේ දුක නිතැතින්ම ත්‍රාසයක් බවට පරිවර්තනය කරමින් අප ප්‍රාර්ථනා කරපු මිහි මත සිටින දැවැන්තයා වන දැවැන්ත දේහධාරී හස්තිරාජයකු අප සැමගේ නෙත්වලට සනිටුහන් වුණා.'

    'සියලු අපේක්‍ෂා බිඳ වැටුණු අපිට කිසිත් කරකියා ගැනීමට නොහැකි වුණත් අපව දුටු දැවැන්ත දළ දෙකකට උරුමකම් කියූ හස්තියා නම් තේජාන්විත බවක් පෙන්නුම් කරමින් නැට්ට උස් කරගෙන කුංචනාද කරමින් වංගෙඩි වගේ කකුල් හතරෙන් ජලය කලතමින් අපේ දෙසට පියමං කරන හැටි අපි දුටුවා.'
    'අතු ගංගාවේ බැස සිටියදී අප සිතුවෙ නැහැ උෟ කලබල වෙයි කියලා. එහෙත් අන්තිමේදී සිදුවුණේ අපි කරදරයක් කරාවි කියා සිතූ හස්තියත්, අලියගෙන් කලබලයක් වේය කියා සිතූ අපත් හොඳටම කලබල වීම පමණයි.'

    'මේ වෙලාවේ හොඳටම කලබලෙන් පණ එපා කියමින් දුවන මට එකපාරටම සිහියට ආවේ නාලාගිරි දමනයේ එන නාලාගිරි
    හස්තියාව. පාසල් යන කාලයේ චිත්තරූප මවමින් නාලාගිරි දමනය ඉගෙන ගත්තට මොකද ඇත්තටම අත්විඳින්න ලැබිච්ච මේ අත්දැකීම නම් තවම මතක් වෙනකොට මුළු සර්වාංගයම අප්‍රාණික වෙනවා.'
    'හතිවැටෙනකම් දුවලා දුවලා අලියගෙන් බේරුණාට පසුව ඉතිරි වුණේ මඟහැරිච්ච අපේ කණ්ඩායමේ සගයන්ව සොයා ගැනීමේ කර්තව්‍යය. එහෙත් අප කණ්ඩායමේ කිසිවකුටත් කිසිම තුවාලයක්වත් සිදුවෙලා තිබුණෙ නැහැ.'

    'පුරාවිද්‍යාත්මක ගවේෂණව තවත් අමතක නොවන සිද්ධියක් මා මතකයට නැඟෙනවා. ඒ තමයි මිනිසුන් වෙලා ඉපදුණහම ඇතැම් අත්දැකීම් තියෙනවා තවත් කෙනකුට කිසිදිනෙක ජීවිතයේදී ලබා ගන්නට නොහැකි වන අත්දැකීම්. ඒ වගේ අත්දැකීමක් තමයි මට ජේතවනාරාම ස්තූපය ගවේෂණය කිරීමට යෑමේදී සිදුවුණේ.'

    'ජේතවනාරාම ස්තූපයේ කොත්කැරැල්ලේ උස අඩි 42ක් පමණ වෙනවා. ඉතිං මේ කොත් කැරැල්ල ඇතුළේ උමං මාර්ගයක් තියෙනවා. මෙහි උඩට යන්න පඩි පෙළක් තියෙනවා වගේම එය නූතන පන්නයේ උස ගොඩනැඟිලි සඳහා ඉහළට යෑමට භාවිත කරන දඟර දඟර ලෙස සකස් කෙරුණු පඩිපෙළක්.' 'මේක ඇතුළ හරිම කරුවළයි. කිසිවකුට කිසිවෙක් පේන්නේ නැහැ. කිසිවක් පෙනෙන්නට නොමැති වුණත් මේ ගමන යන අතරතුරදී අප කණ්ඩායමේ සගයන් කිහිපදෙනා හැරුණුකොට තවත් පිරිසක් මේ උමං මාර්ගයේ සිටින බව මට ඒත්තු ගියා. ඒ තමයි වවුලෝ. ඒ වවුලන්ම බව මා හට එත්තු වූයේ ඔවුන්ගෙන් වහනය වූ නැවුම් වවුල් ගඳ නිසාවෙනි.'

    'කට්ට කරුවලේ වවුලන්ද ඇඟේ වදිමින් අපි අපේ ගමන ගියා. කොත් කැරැල්ලක ඇතුළේ ගමන් කිරීම හරිම දුර්ලභ අවස්ථාවක්. එය තවත් විශේෂ වෙන්නේ ජේතවනාරාම චෛත්‍යයේ වන නිසයි.'
    'මේ වනවිට මේ උමං මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වනසේ ඒ මාර්ගය වසා දමලයි තියෙන්නේ. ඉතිං ඒ වගේ ඉතා දුර්ලභ අවස්ථාවකට මටත් සහභාගි වෙන්න ලැබීම භාග්‍යයක් කොට සලකන්න පුළුවන්.'

    සඳුනි දේශප්‍රිය


    http://mawbima.lk/48-18787-news-detail.html

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thanks for sharing...


    11.gif
    11.gif