ඔය පොතේ වැරද්දක් නොමැත, එම පොත සංයමයකින් කියවන්න, තැනින් තැනින් කොටස් කොටස් කියවීමෙන් තමන් අවුලෙන් අවුලට පත් වනවා මිසක් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබේ.
--
ඔබ තුමාගේ මුල් ප්‍රශ්නාවලියේ , 1-5 දක්වා අස ඇති ප්‍රශ්න සියල්ලටම ගැලපෙන පිළිතුර, එය බුද්ධිමතුන්ට ගෝචර වන දෙයක් බව පමණි. එම ප්‍රශ්න ප්‍රශ්නද නොව, හුදෙක් මනස්ගතයන්ය, උද:- කලවය කපා පුජ කිරීම , ශ්‍රද්ධාව සමග ගැලපිය යුතු දෙයකි, ඔබ තුමා බොහොම පටු රාමුවක් තුල සිට ප්‍රශ්න කරන්නේ / උපහාසයෙන් කතා කරන්නේ , ඔබතුමාගේ අනවබෝධය නිසා බව පෙනියයි.
කරුණා කර ඔබතුමාට ඇති ප්‍රශනයක් , නිහතමානිව අසන්නට පළමුව ඉගෙනගන්න, ඔබතුම ප්‍රශනය ඇසීමටත් පෙර, ප්‍රශ්නයට භාජනය වන කරුණ අවඥාවට ලක්කොට හමාරය. හරියට කරුණු කරන අවබෝධයක් ඇති අයෙකුට ඔබ දෙස බලන විට පෙනෙන්නේ , පුහු මෝඩයෙක් ලෙසයි. එම නිසා පළමුව තමන්ගේ පුහු මානය පසෙකින් තබා, නිහතමානිව එම ප්‍රශනය හදාරන්න.
විශේෂයෙන් සදහන් කල යුතු දෙය නම්, බුදුදහම අවට ගියාට තේරුම ගත හැකි දහමක් නොව, කුරානය කියවන ලෙස (ගිරවකු සේ ) ත්රිපිටකය කියවීමෙන් කිසිවක් වබෝධ නොවේ. එය ශ්‍රධව සහ ප්‍රඥාවෙන් යුතුව අද්‍යනය කල යුතු දෙයකි.