හීනයකවත් එන්න අප්පච්චි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හීනයකවත් එන්න අප්පච්චි...

    කණ කෙකණි විලාපෙන් තිගැස්සී
    තුන් පිරිත් හඬ මැකුණු අලුයමක
    නොකියාම නුඹ ගිහින් රහසින්ම
    සැඟවුණු තරු පොකුර කොයිබදැයි
    විඩාබර දෑසින් සොයන්නෙමි...
    මොහොතකට දකින්නට අප්පච්චි...

    දිවා රෑ නුඹේ දා බිඳු ඉසී මල් පිපී
    කිරි වැදුණු මල් ගොයම දැක දැකම
    යන්න ගිය දා ඉඳන් නොකියාම
    ඉර හඳ නොපායන කන්නයක
    අස්වනු නෙලූ හැටි කියන්නෙමි...
    හීනයකවත් එන්න අප්පච්චි...

    සැඩ සුළං සැරයෙන් සිත් බිදී
    නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම
    දුක බෙදා ගන්නට බැරි කමට
    මාල ගිරවා ගියා අතහැර මාල හත
    දුක දරා ගත් හැටි කියන්නෙමි...
    ආයිමත් එයි නම් අප්පච්චි...

    අප්‍රේල් 01, 2013
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම දැකපු හොඳම වචන ටික අප්පච්චි ගැන ලියවුන ..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    lassanayi TFs +++

    ඉපිද හොද භවයක..
    නිවන් දකිනා තුරා සසරෙහි..
    ඉපිද මියයන,සියලු කල්හිම..
    පතනෙමි වෙන්න ඔබේම අප්පච්චි..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අප්පච්චි වෙනුවෙන් වැටුන කඳුලට අවන්කවම බම්ප් එකක්