කතාවට කියනවනේ ළමයෙක් එක පාරටම නැගිටලා ඇවිදින්නේ නෑ කියලා.
ඒ ළමය ක්රම ක්රමයෙන් බඩ ගාලා දන ගාලා වැටි වැටි අල්ල අල්ල ඇවිදලා අන්තිමට වැඩ දාලා ඇවිදිනවා.
ඉතින් ඔය යන ගමනේ නොයෙක් භාද එනවා කියහන්කෝ.
ඉතින් අපිත් ශ්රී ලාංකිකයන් විදිහට අපේ මව් බස කුඩා කාලේ ඉඳන්ම අ අ අම්මා. ත ත තත්තා කිය කිය පුරුදු වෙනවා.
ඉතින් සිංහල ටික පුලුවන් වුනහම ඉංගිරීසි ටිකත් පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්න කට්ටිය උත්සහා ගන්නවා.
ඉතින් ඉංගිරීසි කියන්නේ අපිට ටිකක් විතර ආගන්තුක භාශාවක්නේ.
ඉතින් අපි මේ ඉංගිරීසි එහෙම නැත්නම් කඩ්ඩ ඉගෙන ගන්නකොට සමහර වෙලාවට ඉන්ගිරීස්යෙන් කියපු එක, කියෙව්ව එක තේරෙන්නේ නැතුව.
එහෙම නැත්නම් වචනයක් කියවගන්න බැරුව ඒ කිව්වේ අර pronounce කර ගන්න බැරුව එහෙමත් නැත්නම් වචනයක් වැරදියට pronounce කරලා අපේ ජීවිතයේ පොඩි පොඩි අපහසුතා චාටර් වලට ලක් වෙලා තියනවා ඇතිනේ.
මම නම් සෑහෙන්න චාටර් වෙලා තියනවා.



මොනවා උනත් එහෙම චාටර් වුනාට පස්සේ අපි ඒ දේ හරියටම ඉගෙන ගන්නවා ආයෙත් ජීවිතේටවත් ඒක අමතක වෙන්නේ නම් නෑ.







ඉතින් ආයෙත් ඒ පරන වැරදුන තැන් මතක් වෙනකොට දැන් හරි දේ දන්න නිසා හිනාත් යනවා.
ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතයේ කඩ්ඩ නිසා චාටර් වුන අවස්ථා තියනවා නම් මේ ත්රෙඩ් එකේ දාන්න.
එතකොට කට්ටියට පොඩ්ඩක් වෙන ගමන් නොදන්න කෙනෙක්ට දෙයක් දැන ගන්නත් පුලුවන් නොවෑ. 



එහෙනම් වැඩේ පටන් ගමු කට්ටියම සෙට් වෙන්න
ඈ

Last edited:
මට කඩ්ඩ අරහන් කියන්නේ නහුතෙටම අරහන් ඒ දවස් වල.


