සරා සඳ සේ පිපී....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සරාසඳ සේ පිපී ඇවිදින් මගේ සිත් අහසේ
    හාදු එළි අතුරා ගියා නුඹ තරුවකට රහසේ
    හීන ඇවිදින් මනෙත් අද්දර වැතිරිලා සුවසේ
    කෝල හැඟුමන් දරාගෙන මඟ බලා උනි දුක සේ.....

    පත් ඉරු පුරා පෙම් කවි ලියා හිත අගිස්සේ සඟවා
    ඇහෙන නෑහෙන දුරින් හිඳගෙන දුක් සුසුම් හෙලුවා
    මුවින් නොදොඩා හිර කරනු බැරි හැඟුම් හිත රඳවා
    ලංව ලංව උන් මතකයේ මම තවම ඇවිදිනවා...

    එදා මනෙතට එබී නොහිතා පුරුද්දට වාගේ
    දුන් හිනා නුඹ අරන් ගිය දුර වැඩියි සංසාරේ
    බිඳක්වත් අමනාප වෙනු බැරි සොඳුරියේ මාගේ
    සිකුරු තරුවට අයිති සඳවත තාම මං නුඹගේ....
     
    • Like
    Reactions: rcccc

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එදා මනෙතට එබී නොහිතා පුරුද්දට වාගේ
    දුන් හිනා නුඹ අරන් ගිය දුර වැඩියි සංසාරේ
    බිඳක්වත් අමනාප වෙනු බැරි සොඳුරියේ මාගේ
    සිකුරු තරුවට අයිති සඳවත තාම මං නුඹගේ....


    superb...
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එදා මනෙතට එබී නොහිතා පුරුද්දට වාගේ
    දුන් හිනා නුඹ අරන් ගිය දුර වැඩියි සංසාරේ
    බිඳක්වත් අමනාප වෙනු බැරි සොඳුරියේ මාගේ
    සිකුරු තරුවට අයිති සඳවත තාම මං නුඹගේ....


    superb...

    Thank you:)