-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරුවක් නොවේ මයිලනුවෙනි පැවසූයේ
    කවියක් නොවේ අකුරුයි මා ඇමිණූයේ
    කියවන දනා දුක් විඳලයි කියවූයේ
    ඒකයි මලේ කවියට මං බයවූයේ
    කවි‍ය හැදෙන්නේ පද වල් ගොනු........වීල‍යි
    පද‍ය හැදුනෙ වචන ටිකක්........එකතුවෙල‍යි
    වචන හැදෙන්නේ හැමවිට........අකුරෙන්ම‍යි
    එබැවින් ඔබ පවසන දේ.........බොරුවක්ම‍යි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ලෝකයෙන් ගැරහුම් පිට පිට මට මා .................අඩවා
    ලැබෙන විටදි මා වෙනුවෙන් ඒ ගැරහුම් ඔහු ........ලැබුවා
    තාත්තේ ඔබේ දහඩියෙන් මා ලොකු ...................වූවා
    මතු බුදු වෙන්න තාත්තේ ඔබ මේ මං ..............පැතුවා


    මගේ තාත්තා මගේ වීරයා
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඒ වුනාට බොල අක්කේ කැන්ඩියන් ....කොලුවා
    උඹේ වයසින් හරි අඩකට අඩු මිස වැඩි ....නැතුවා
    ඒ නිසා අත්හැරපන් ඕකව නොවී බී. ඒ ...කරුවා
    අල්ලගං අපේ නාකි කිඹුලා ඌ දත් .......මරුවා

    :rofl::rofl::rofl:

    පලුල් කඩන්නට තෝනං මහ මරු............................වා
    අපි නොද දනිද හැල ගං කිඹුලගෙ කෙරු......................වා
    හිත යට ඉන්නේ ආදර කැන්ඩිය කොලු........................වා
    කොර පොතු කිඹුල නම් නැතුවට කම් නැතු....................වා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බත් කවලා මගේ බඩ පුරවා ඈ දංකුට ......කෑවා
    කැත කුණු මගේ අත ගා මා පිරිසිදු ......කෙරුවා
    විසිහතර පැයේ කුසිස්යේ ගින්දර හා පොර .බැදුවා
    දින්නත් පැරදුණත් මම අම්මේ ඔබ ........ඇඩුවා


    ලෝකයෙන් ගැරහුම් පිට පිට මට මා ...අඩවා
    ලැබෙන විටදි මා වෙනුවෙන් ඒ ගැරහුම් ඔහු ........ලැබුවා
    තාත්තේ ඔබේ දහඩියෙන් මා ලොකු ...................වූවා
    මතු බුදු වෙන්න තාත්තේ ඔබ මේ මං ..............පැතුවා


    මගේ තාත්තා මගේ වීරයා

    දානෙට පින්කමට දුන්නා සල්ලි බරට ඇත්තූ
    ගමේ ලොකුම දනපති හැම තැන මුල් තැන ගත්තූ
    දෙමාපියන් මහලු මඩම් වලට දාන සත්තූ
    දනපතියෝ උනත් වැඩකට නෑ වගේ හෙම පුත්තූ
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පූස්;14739836 said:
    හැම පූසම හොර කරන්නෙ නෑලු මචං
    බදාගන්නෙ සහෝ කමට මම නං බං
    හිත වල් නං හිතෙන්නෙ වල් විදියට බං
    දැන් මෙහෙ මට ඉන්න දෙයිනෙ නේද මචං

    :P:P:P

    හිත වල් වෙතත් නොවෙතත් මෙය කිව යුතුය
    සැමවිට ඇත්ත ඇති සැටියෙන් ගත යුතු ය
    තිත්තයි තමයි එනමුත් පිලි ගත යුතු ය...
    පූස් සහෝදර කම නම් බොරුවක් ය...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    පුස් ළිඳෙන් ටික ටික ගොඩ ඇවිල්ලලු
    එදා ඉදන් වෙනසක් දැන් පේනවලු
    හිත හදාගන්න ක්‍රමයක් හොයනවලු
    ඒ හින්දා දිගටම කවි ලියනවලු
    :rofl: :rofl: :rofl: :rofl:

    යට හිටියත් වෙනස් නොවෙයි
    උඩ හිටියත් වෙනස් නොවෙයි
    කොහෙ හිටියත් අපි එහෙමයි
    මම නොකරන දෙයක් නැතෙයි
    :cool::cool::cool:

    කවි ලිව්වෙ කලින් ඉඳන්
    දැක්කෙ නැද්ද ඔයා වදන්
    ඔයාලාට අපි කළුනන්
    වැඩක් නෑනෙ කොමල වදන්
    :rolleyes:

    ළිඳෙන් ගොඩට ආ එක ගැන කිව්වාලු
    .............
    වෙනසක් පේ..නවා... කියල කිව්වාලු
    .............
    හිත හොඳනං හදන්නෙ මොනවට යාලූ
    ............
    අන් බස් අහලා නොලියමි කවි යාලූ...............

    :dull::dull::dull::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    පොඩ්ඩ වැරදුනොත් පූසට තරහ යතේ
    මොකද ඔය තරම් අපහට ගෑස් පුතේ
    නිකන් කවියකට වෙනසක් වෙයිද මතේ
    විහිලුවටයි කිව්වේ මම පූස් පුතේ

    තර/හක/ටම නෙමේ කිව්වෙ මගේ මතේ..........
    ගෑස් දැම්මෙ සබනාටයි මගේ හිතේ..............
    කවියට වෙනසක් නොවුනත් අපේ මතේ.........
    සප් එක දෙනකොට නොකරනු විහිලු සතේ......
    :P:P:frown::P:rolleyes:



    ඕව කියල ඕකට මල ...........පන්නාලා
    අපිට බේරගන්න වෙනවා .......නලවාලා
    ලේසි වෙන්නේ නැහැ ඒ දේ ....සඟවාලා
    සනසාලමු සොඳුරු වදන් ........පවසාලා

    සොඳුරු ලෙසින් කුප්ප වදන්.................. පවසාලා
    ලේසි නෑනෙ බොරු කෙලින්න.............. නලවාලා
    බේරගන්නෙ අපිම නේද..................... සඟවාලා
    මේව දකින කැන්ඩිගෙ මල................... පහවීලා
    Tongue01.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    සොඳුරු ලෙසින් කුප්ප වදන්.................. පවසාලා
    ලේසි නෑනෙ බොරු කෙලින්න.............. නලවාලා
    බේරගන්නෙ අපිම නේද..................... සඟවාලා
    මේව දකින කැන්ඩිගෙ මල................... පහවීලා
    Tongue01.gif
    [/QUOTE]

    එලකිරියේ සැරිසරමින් සිටින වෙලේ
    ඒක තමයි ජරා ගඳක් මට ආවේ..
    කැන්ඩියාට මල පහවෙලා නේද බොලේ..
    ඔබලා ගමුද කැන්ඩියාව පහල වෙලේ...??
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආදර ගගුල ගලලා හිත අවදි ක..............................ලේ
    ඇයි අක්කාට ඒ හිත තහනමක් ක...........................ලේ
    එලියක් දකින්නට ආසයි පුංචි පැ.............................ලේ
    ආදර හිතට ඔය ඔච්චම් එපා ම...............................ලේ


    2.gif
    2.gif
    මල නොව අක්කේ නංගියි මේ ...... කියන්නේ
    අක්කා බාල අපරාදයේ ............. යොදන්නේ
    ආලය මෝදු වු සැටියකි .......... පෙනෙන්නේ
    පුතේ කියා ඔහු අමතන් ........... බොලන්නේ

    එළියක් දකින්නට පහනක් පත්තු ........... කර
    ගන්නට ආධාරයක් එලකිරියේ ගනිමු ...... වෙර
    ඔච්චම් නොවෙයි මේ කළුවරේ ජර ......... මර
    නිසැකයි ඔහු අමතනවා ජාතිය අද දමා ...... සැර
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි දන්නා නන්ගි දුන්නම මට ලින් කෙලිය
    ආව ගමන් දැක්කෙ මුන්ගේ වලිය
    ඇයි නෑනේ මස්සිනේ ගන්නේ තොපි ජොලිය
    වලියක් නැතිව එන්නේ නොමැතිද සොමිය

    දන්නා දන්න අය මේකට දක්කන් ........ එනවා
    සැඟවී සිටිය අයගෙත් දස්කම් මතු ...... වෙනවා
    ත්රෙඩ් එක දවසින් දවස නැගලා ......... යනවා
    වලි නොව තව තවත් මෙය පවුලක් ..... වෙනවා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පවුලක තියෙන්න ඕනෑ නම් එලිය
    තිබිය යුතුය සෙනෙහස,සනහස වලිය
    බත ඉදෙනකල් විතරයි මේ හැම කෙලිය
    හිත් රිද්ද ගන්නවා එහෙම නෙවෙයි හරිය....?
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නූලේ ඇති සොමිය දැක කට...නලියනවා
    සැගවී සිටිය කවියන් මෙහි.....රගදෙනවා
    ත්‍රෙඩ් එක පුරා දැන් අම රස...ඉතිරෙනවා
    වේලු සුමන ඇවිදින් මෙහි නද.....දෙනවා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කවි‍ය හැදෙන්නේ පද වල් ගොනු........වීල‍යි
    පද‍ය හැදුනෙ වචන ටිකක්........එකතුවෙල‍යි
    වචන හැදෙන්නේ හැමවිට........අකුරෙන්ම‍යි
    එබැවින් ඔබ පවසන දේ.........බොරුවක්ම‍යි

    කලකට පසුව රෙක්සා සිටිනවා........දැකලා
    පෙරකල සිටිය කවි මිතුරෙකු බව......දැනිලා
    කොහොමද ජීවිතේ විස්තර හෙම.......අහලා
    කියන්න සිතුනා සිව් පදයක්..........ගලපාලා
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    සීතල සුලග එනවිට හන්තාන පි.........................ස
    ආදර හැගුම් එනවද හද වතින් කි........................ස
    නුවර වැවේ තාවුලේ රුකක් ප...........................ස
    අසායි හමුවන්න උතුරයි සෙනේ පැ......................ස
    :love::love::love::love::love::love::love::love:

    ලලක්කා දක්ෂ කිවිදෙකු බව අද......දන්නේ
    වලත්ත පාට එනමුත් එලියට..........එන්නේ
    පොඩි කොල්ලන්ව රවටාලා බහ....දෙන්නේ
    අක්කට ලයින් දාලා උන් වස......බොන්නේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    සොඳුරු ලෙසින් කුප්ප වදන්.................. පවසාලා
    ලේසි නෑනෙ බොරු කෙලින්න.............. නලවාලා
    බේරගන්නෙ අපිම නේද..................... සඟවාලා
    මේව දකින කැන්ඩිගෙ මල................... පහවීලා
    Tongue01.gif

    එලකිරියේ සැරිසරමින් සිටින වෙලේ
    ඒක තමයි ජරා ගඳක් මට ආවේ..
    කැන්ඩියාට මල පහවෙලා නේද බොලේ..
    ඔබලා ගමුද කැන්ඩියාව පහල වෙලේ...??

    මල පහ නෙවද සහෝ, වදන් වලට මුන් කියනා
    බේරෙන්නට බැහැ මුන්ගෙන් කිසි ලෙසිනා
    උඹත් කොහෙන් හරි මෙතනට ආ සොඳිනා
    ගපන් මඩක් ගොඩ එන්නට බැරි ලෙසිනා
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිංහල අවුරැද්ද ටික ටික............ලංවෙනවා
    උණුසුම වැඩි නිසා දහඩිය.........වැගිරෙනවා
    යුතුකම් චාරිත්‍ර හිත තුල...........තෙරපෙනවා
    එම්ටි පොකැට් මම තවමත්........ලතවෙනවා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මල පහ නෙවද සහෝ, වදන් වලට මුන් කියනා
    බේරෙන්නට බැහැ මුන්ගෙන් කිසි ලෙසිනා
    උඹත් කොහෙන් හරි මෙතනට ආ සොඳිනා
    ගපන් මඩක් ගොඩ එන්නට බැරි ලෙසිනා

    ගැහුවත් මඩ ටිකක් කැන්ඩියො මේ ලෙසිනා
    උපහාසෙට මිසක අපහාසෙට නොවෙනා
    ඕවා ගැන සිතා සිත දුක් ගත නොහෙනා
    මේ හුය ඇරඹි ඔබ අපහට නිති වටිනා....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලකට පසුව රෙක්සා සිටිනවා........දැකලා
    පෙරකල සිටිය කවි මිතුරෙකු බව......දැනිලා
    කොහොමද ජීවිතේ විස්තර හෙම.......අහලා
    කියන්න සිතුනා සිව් පදයක්..........ගලපාලා
    අපි නම් ඉතින් හැමදාමත් ඉන්නෙ.........හොඳින්
    හිතමි උඹත් සිටිනවා කි‍යා.................නිදුකින්
    ඉස්සර වගේ නම් දැන් කවි බැහැනෙ.......ඉතින්
    කම්මැලි කමට හැකි‍යාවත් සිඳී..............ගිහින්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දිනෙන් දින කට්ටිය වැඩි වන්නේ,
    මමත් හැමදා මෙහි පැමිනෙන් නේ ,
    තියෙන කවි ටික හිටු ගා කියවන්නේ,
    කියවු පසු ගින්දර යැයි හැගෙන්නේ,
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිංහල අවුරැද්ද ටික ටික............ලංවෙනවා
    උණුසුම වැඩි නිසා දහඩිය.........වැගිරෙනවා
    යුතුකම් චාරිත්‍ර හිත තුල...........තෙරපෙනවා
    එම්ටි පොකැට් මම තවමත්........ලතවෙනවා
    බුලත් අතක් දීල අම්ම තාත්තාට...................වැන්දම
    තෑගි ඕනේ නෑ හිත පිරෙනව සෙනෙහස..........දැනුනම
    අරක්කු බෝතලේ පනින් නැතිනම් වැට...........මායිම
    සල්ලි ඕනේ නෑ කිරි ඉතිරෙයි මුළු................අවුරුද්දම