අපි හිට්ලර් ගැන කතා කරනවා..මේ ලෝකේ හිට්ලර් කරපු දේවල් අනුමත කරන්න කිසිම සංවේදී හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට බැරි බව ඇත්ත.. හිට්ලර් ගැන මේවා ඇත්ත හෝ බොරු හෝ අපි දැනගන්නේ හිට්ලර්ල්ට හතුරුකම් කර බටහිර රටවල්වල ලේඛකයින්ගේන්මයි...
එයාලා හිට්ලර්ව එක එක විදියට හඳුන්වල දීලා තියනවා...
සිල් කම් ති එවුන් ගාව වල් කම්ද වල් කම් ඇති එවුන් ගාව සිල් කම්ද තිබෙන්නට බැරි බවක් නැනේ...
හිට්ලර්ට අනෙක් රටවලුත් සමාන කම් තිබුනා කියලයි මේ කියන්න යන්නේ..
බ්‍රිතාන්‍ය පාලන සමයේදී කැප්පටිපොලගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යන්ට එරෙහිව කැරැල්ල දියත් වූ අවස්ථාවේ ඒ ඒ කැරැල්ල ඇති වූ පලාත්වල සියලු දේපල ගිනිබත් කරන ලෙසත් අවුරුදු 16 වඩා ඉහල සාම පිරිමියෙක්ම මරා දමන ලෙස අණ කල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කොහොමද හිට්ලර්ට වඩා හොඳ වෙන්නේ..?
කළු හැම ඇති මිනිසුන්ට බල්ලන්ට මෙන් සලකන ඇමරිකාවේ මුල් පදිංචිකාර රතු ඉන්දියානුවන්ව සමූල ඝාතනය කර, වියට්නාම අහිංසක ජනතාව අමු අමුවේ ලක්ෂ ගණනින් මරා දැමු.. පරමාණු බෝම්බයකින් එක නිමේෂයකින් ජපාන නගර දෙකක් දවාලු ඇමෙරිකාවේ ප්‍රජාත්‍රන්ත වාදීන් හිට්ලර්ට වඩා යහපත් මිනිසුන් වන්නේ කෙසේද..?
මේකෙන් මන් පෙන්නන්නේ.. ප්රජාතන්ත්ර වාදී ලේබලය ගහගෙන ඉන්න වුන් කරන වැඩ ගැන...
ගත්තේ රිචඩ් ජයකොඩිගේ ඒකාධිපති හිට්ලර්ගේ කෘතියෙන්..

