1970 ගණන් වනවිට විශාල වශයෙන් ස්ත්‍රී වාදයට හා කාන්තාව පිළිබඳ උනන්දුවක් දැක්වු අය සංවර්ධන එළඹුම් පිලිබඳව විවේචනය කරන්නට විය. 70 ගණන් වනවිට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටද මෙම විවේචන ඉදිරිපත් වීම හඳුනාගත හැකිවේ.එයට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන්වලින් කාන්තාව හුදෙකලා වී තිබීමයි. මේ නිසා කාන්තාව හා සංවර්ධනය පිලිබඳව උනන්දුවක් හා පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කිරීමේ උනන්දුවක් ඇතිවීම සුවිශේෂී වේ.මේ නිසා කාන්තාව හා සංවර්ධනය යන ප්‍රතිපත්තිමය එළඹුම කයාත්මක විය.මෙම එළඹුමේ දී පළමු ලෝකයේ කාන්තාවන් සමනාත්මතාවය අපේක්ෂා කළ අතර තුන්වන ලෝකයේ කාන්තාවන්ට තිබූ සුවිශේෂි ගැටලුව වූයේ සංවර්ධනයයි.කෙසේ වුවද මෙම සියලුම එළඹුම් මගින් කාන්තාවන්ගේ අවශ්යසතාවයන් හා සුවිශේෂී ප්රෙශ්න පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සංවර්ධනයේදී දෘශ්යේමාන කළ යුතුය යන්න ස්තවාදී ව්යාෙපාරයේ ප්රුධාන තේමාවක් විය.දෙවනුව කාන්තාව සංවර්ධන කාර්යයන් දදහා යොදානොගන්මින් ඇය පුරැෂයා හරහා යම් යම් ප්ර්තිලාබ ලැබිය යුතුය යන සමාජ ආකල්පය වෙනස් කිරීමට උත්සාහ ගැණුනි.කාන්තාව සුබසාධනය ලැබිය යුතු අයෙකු නොවේ ඇයද ඉතිහාසයේ යම් සුව්ශේෂි අවස්ථාවන්හිදී පවා ආර්ථික කාර්යයන් සඳහා වැදගත් දායකත්වයක් සැපයීය.මේ නිසා කාන්තාව හඳුනාගත යුත්තේ ආර්ථික වශයෙන් පෙරටුගාමී චරිතයක් රඟදැක්විය හැකි කෙනෙකු වශයෙනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සංවර්ධනය (GAD – Gender and Development ) යන ප්ර තිපත්තිමය එළඹුම දෙවනුව වැදගත් වේ.එමගින් පවසන්නේ කාන්තාව පිළිබදව පවතින ප්රතශ්නය ඇය ගැන පමණක් සැලකිමෙන් විසදිය නොහැකි බවයි.මේ නිසා කාන්තාව හා පුරුෂයා යන දෙදෙනාම ඇතුළත් සමාජයීය පර්යයායක් ගොඩනැගිය යුතුය.මෙය කරුණු දෙකක් යටතේ හදුනාගත හැකිය.