කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    [FONT=&quot]රොටෙල්ලි සහ බූවල්ලන්/Rotelle with Octopus[/FONT]

    අපේ එළකිරියේ කොල්ලන්ට කෙල්ලන් ගේ ගෑස් බලන්නේ නැතුව ඉදීම පිණිස උයන්න උගන්නන්න පටන් ගත්ත ත්‍රෙඩ් මාලාවේ 20 වෙනි ත්‍රෙඩ් එක මේ.............
    [FONT=&quot]හුග කාලෙකට පස්සේ ඔන්න යන්තං ලැබිච්ච නිවාඩුව පාවිච්චි කරල හදපු කෑමක වරුණාව මේකට ඔබන්න හිතුනා. එච්චර ම කන්න ලැබෙන්නේ නැති බූවල්ලන් තමා මේකට යොදා ගන්නේ.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය-[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    octo1.jpg


    1.[FONT=&quot]බූවල්ලන් ග්‍රෑම් 500ක් (පොඩි/මධ්‍යම ප්‍රමාණයේ සයිස් එවුන් 6-8ක් විතර, මට නම් හම්බ වුණේ දෙන්නයි [/FONT]:([FONT=&quot])[/FONT]
    2.[FONT=&quot]සකසා, අඹරා ගත් තක්කාලි පේස්ට් එක (මෙසේ තක්කාලි පිළියෙළ කිරීම සවිස්තරව [/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=[FONT=&quot]1522243[/FONT][FONT=&quot] හි දක්වා ඇත)[/FONT][FONT=&quot]
    [/FONT]

    3.[FONT=&quot]ඉතා සිහින් ව කැපූ සුදු ළූණු ලොකු බික් 8ක් පමණ[/FONT]
    4.[FONT=&quot]කුඩාවට කැපූ ලොකු ළූණු ගෙඩි 2ක්[/FONT]
    5.[FONT=&quot]වියළි ඔරිගානෝ කොළ තේ හැදි [/FONT]½[FONT=&quot]ක්[/FONT]
    6.[FONT=&quot]වියළි බැසිල් කොළ තේ හැදි 1ක් (ඇත්තෙන් ම ගත යුත්තේ අමු බැසිල් කොළ. අපිට කොහෙන් ද පූසො තෝර මාළු!:dull:[/FONT][FONT=&quot])[/FONT]
    7.[FONT=&quot]තල තෙල් මේස හැදි 3ක්[/FONT]
    8.[FONT=&quot] . [/FONT][FONT=&quot]රොටෙල්ලි වර්ගයේ පැස්තා ග්‍රෑම් 300ක් පමණ (මෙය දත ගැසිය හැකි වන තරමට ලුණු දමා විනාඩි 5-8ක් පමණ නටන වතුරේ තම්බා වතුර පෙරා ගත යුතුය)[/FONT]
    9.[FONT=&quot]ලුණු (රස පමණ)[/FONT]
    10.[FONT=&quot]ගම්මිරිස් කුඩු මේස හැදි [/FONT]½[FONT=&quot] ක් පමණ[/FONT]
    11.[FONT=&quot]මිරිස් කැබලි මේස හැදි [/FONT]½[FONT=&quot] ක් පමණ[/FONT]
    12.[FONT=&quot]මිරිස් කුඩු මේස හැදි [/FONT]½[FONT=&quot] ක් පමණ[/FONT]
    13.[FONT=&quot]කරපිංචා ඉති 2ක්[/FONT]
    14.[FONT=&quot]සීනි මේස හැදි 3ක් පමණ[/FONT]

    [FONT=&quot]බූවල්ලන් පිරිසිදු කොට සකසා ගැනීම.[/FONT]

    [FONT=&quot] බූවල්ලන් හොයන්න පුළුවන් වුණත් අපේ අයියල දන්නේ නැති සාත්තරේ මේක නිසා අර කළින් වතාවක දැල්ලන් සුද්ද කිරීම සවිස්තරාත්මකව දැම්ම වගේ බූවල්ලන් සුද්ද කිරීමත් දාන්න හිතුනා-බහු ජන හිතාය-බහු ජන සුඛාය- කියලා.[/FONT]

    octo2.jpg


    [FONT=&quot]බූවල්ලා අයත් වන්නේ දැල්ලා වගේ ම මෘද්වංගීන් වර්ගයට. මේ හාදයා ගේ ශරීරය ලොකු හිසකින් (හිස කිව්වට මේ තමා ශරීරය. ඒක මොල්ලියක් ආකාරයට පවතින්නේ) සහ මෞඛ ග්‍රාහිකා වලින් සමන්විතයි.හිසේ ඇස් වලට පහලින්, හිස සහ මෞඛ ග්‍රාහිකා පැහැදිළි ව වෙන්වන සේතු ආකාර ස්ථානයක් පවතී. (සුද්ද කරන්න ඔච්චර දැන ගත්තාම ඇති!!!!:P)[/FONT]
    octo3.jpg


    [FONT=&quot]
    අ. පළමුව බූවළු ඇගේ මතු පිට සිවිය තදින් පිරිමැද ඉවත් කර ගන්න.[/FONT]


    [FONT=&quot]ආ. ඇස් වලට පහලින් කපා හිස සහ මෞඛ ග්‍රාහිකා වෙන් කර ගන්න.[/FONT]

    [FONT=&quot]ඇ. හිස කොටසේ බූවල්ලා ගේ අන්ත්‍රය (බඩවැල) පවතී. එය පොට්ටනියක්/බල්බයක් ලෙස තැඹිළි පාටට/දුඹුරු පාටට පිටතට පෙනේ.[/FONT]

    [FONT=&quot]ඈ. මේ අන්ත්‍රය පුපුරවා ගන්නේ නැතුව පරිස්සමෙන් ඉවත් කොට ගන්න. එය බුබුලක් ලෙස වෙන් කර ගත හැකිය.[/FONT]

    [FONT=&quot]ඉ. මෞඛ ග්‍රාහිකා අතර කවචමය “හොටක්“ බූවල්ලාට ඇත. මෙය මෞඛ ග්‍රාහිකා මඩල ඇගිල්ලෙන් පිටතින් තද කිරීමෙන් ඉවත් කර ගන්න.[/FONT]

    [FONT=&quot]ඊ. දිගු ග්‍රාහිකා මැදින් මෙලෙස කපා ගන්න.[/FONT]

    [FONT=&quot]සාදන ක්‍රමය-[/FONT]

    octo4.jpg


    [FONT=&quot]රොටෙල්ලි පැස්තා ටික නටන වතුරේ තම්බා වතුර පෙරා ඉවත් කර පිළියෙළ කර ගන්න. ඇයි කලින් කිව්වේ, දැක්කෙ නැද්ද මනුස්සයෝ!![/FONT]:P


    octo5.jpg


    1.[FONT=&quot]තල තෙල් මේස හැදි 3 බදුනක තබා රත් කර ගන්න. එයට සිහින් ව කැපූ සුදුළූණු, ලොකු ළූණු සහ කරපිංචා එක් කර ගන්න.[/FONT]

    2.[FONT=&quot]මෙය හොදින් බැදුණු පසුව එයට ලුණු, ගම්මිරිස්, මිරිස් කැබළි, මිරිස් කුඩු, ඔරිගානෝ සහ බැසිල් කොළ එක්කර හොදින් බැදෙන්නට හරින්න.[/FONT]

    3.[FONT=&quot]හොදින් බැදුණු එම මිශ්‍රණයට අඹරා ගත් තක්කාලි යුෂ එක්කරන්න.[/FONT]

    4.[FONT=&quot]මෙය හොදින් රත් වූ විට සීනි එක්කරන්න.[/FONT]

    octo6.jpg


    5.[FONT=&quot]සීනි එක්කට විනාඩි 5කට පමණ පසු සෝස් එකට පිරිදු කොට ගත් බූවල්ලන් එක් කරන්න.[/FONT]

    6.[FONT=&quot]මෙය වැඩි ගින්දර මත බුබුළු දමන තෙක් විනාඩි 10ක් පමණ උයා ගන්න.[/FONT]

    7.[FONT=&quot]බුබුළු දමන විට සෝස් එකට තම්බා සකසා ගත් රොටෙල්ලි පැස්තා එක් කරන්න.[/FONT]

    8.[FONT=&quot]අවම ලෙස හැදි ගාමින් මිශ්‍රකර, විනාඩ් 3තට පමණ පසු ලිපෙන් ඉවත් කර ගන්න.[/FONT]


    octo7.jpg


    [FONT=&quot]උණුවෙන් කෑමට ගන්න.[/FONT]


    [FONT=&quot]අවසන් ලෙස පැවසිය යුතු කරුණු 3-[/FONT]

    1.[FONT=&quot]ලබාදෙන ඉහලම රෙප් එක මෙය ඔබ විසින් සකසා එහි ඡායාරූපයක් මෙහි පළකිරීම බව.[/FONT]

    2.[FONT=&quot]බූවල්ලන් වෙනුවට ඉතා පහසුවෙන් දැල්ලන් ආදේශ කළ හැකි බව.[/FONT]

    3.[FONT=&quot]මම ඉදිරිපත් කරන හැම ත්‍රෙඩ් එකකට ම -රෙප් ගසන අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන්වහන්සේට දැන් වැඩ ඇල්ලිය හැකි බව.:P[/FONT]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප්..
    මම මස් මාලු කන්නෙ නැහැ මචං..:no:


    මටත් කි‍යන්න ති‍යෙන්නේ මේකම තම‍යි....:dull::dull::dull:
    තොප දෙදෙනා ගේ ලයිට් සෑඩ් පිණිස එනවර එළවළු පාස්තාවක් සාදමි............!!:cool::cool::cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    කෑම නම් එල ,ඒත් අර වාබුල්ල තමා කේස් එක
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    [FONT=&quot]"අර්ධ-මානව උන්මත්තක වෘෂභ රාජෝත්තමයාණන්වහන්සේ" කව්ද බන්, ලස්සන වචනෙ :D :rofl: ela ela TFS
    [/FONT]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොප දෙදෙනා ගේ ලයිට් සෑඩ් පිණිස එනවර එළවළු පාස්තාවක් සාදමි............!!:cool::cool::cool:
    එල එල....නි‍යම‍යි....:cool::cool::cool:
    11.gif
    11.gif

    නවත්තලා සෑහෙන කාලයක් වෙනවා..:yes:
    මමත් නැවැත්තුවේ 11 වසරෙදි.....:yes::yes::yes: හැබැ‍යි බොන එක නම් නැවැත්තුවේ නෑ.....:rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් නැවැත්තුවේ 11 වසරෙදි.....:yes::yes::yes: හැබැ‍යි බොන එක නම් නැවැත්තුවේ නෑ.....:rofl::rofl::rofl:

    මම පහ, හය, හත ඔය වසරවල් වලින් එකකදි නැවැත්තුවෙ.. හරියටම මතක නැහැ.. නොදැනුවත්ව නම් කැවෙනව ඇති මචං.. ඒත් දැනුවත්ව කන්නෙ නැහැ ලොවෙත්.. අපේ අම්මත් නැවැත්තුවා.. ඉතිං අම්මයි මායි මස් මාලු කන්නෙ නැති නිසා තාත්තත් ඒවා ගෙදරට ගෙනාවෙ නැහැ.. ඒ නිසා තාත්තා කන්නෙත් නැහැ.. දැන් නම් කනවද දන්නෑ.. මං ගෙදර යන්නෙ නෑනෙ..:dull:

    ඩ්‍රින්ක් එක දාන එක නම් නවත්තල නෑ මාත්.. මේ දැනුත් අනුමත වෙන ගමන් ඉන්නෙ.. :love:

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    එලකිරි. මට නම් උයන්න බෑ ඕං. බැදපු කාලෙක Wife කිලා උයා ගන්න ඕනෙ ;)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    අම්මෝ ඔක්ටපස් !

    අඩේ මම බුවල්ලන් කාල නෑනෙ

    මේ පිනෙ බලයෙන් අපේ දත්කිබුල අය්යට තව තවත් රසවත් ව්‍යංජන, බත් වර්ග, අතුරුපස ඇතුළු මෙකි නොකී අහාර පිළියෙළ කිරීමට ශක්තිය ලැබේවා සහ ලැබුවාවූ නව වසර කිරි, පැණි, අයිස්ක්‍රීම්, සල්ලි, සැරබිම වලින් ඉතිරෙන නව වසරක් වේවා.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    කෑම එකනම් සුපිරි මචන් ... බූවල්ලෝ හොයාගන්න එක තමයි කේස් එක ... උඹ කිව්වා හින්ද දැල්ලෝ දාල හදන්න ඕනේ :yes:

    Rep 4+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩ්‍රින්ක් එක දාන එක නම් නවත්තල නෑ මාත්.. මේ දැනුත් අනුමත වෙන ගමන් ඉන්නෙ.. :love:
    මස් මාළු කන්නේ නෑ.......ඩ්‍රින්කල් එක දානවා..........ලොවෙත් නෑ කියහං කෝ ඉතිං.......:P
    අපේ අර යාපනේ ඉන්න සෙට් එක වගේ...හින්දු..පට්ට ම වෙජිටේරියන්......:cool:
    හැබැයි තල් රා කෙළිනව ලොවෙත් නැති වෙලා නාගසලං වෙන්න.................:rofl::rofl::P
     
    • Like
    Reactions: tas

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    එල එල....නි‍යම‍යි....:cool::cool::cool:

    මමත් නැවැත්තුවේ 11 වසරෙදි.....:yes::yes::yes: හැබැ‍යි බොන එක නම් නැවැත්තුවේ නෑ.....:rofl::rofl::rofl:

    මම පහ, හය, හත ඔය වසරවල් වලින් එකකදි නැවැත්තුවෙ.. හරියටම මතක නැහැ.. නොදැනුවත්ව නම් කැවෙනව ඇති මචං.. ඒත් දැනුවත්ව කන්නෙ නැහැ ලොවෙත්.. අපේ අම්මත් නැවැත්තුවා.. ඉතිං අම්මයි මායි මස් මාලු කන්නෙ නැති නිසා තාත්තත් ඒවා ගෙදරට ගෙනාවෙ නැහැ.. ඒ නිසා තාත්තා කන්නෙත් නැහැ.. දැන් නම් කනවද දන්නෑ.. මං ගෙදර යන්නෙ නෑනෙ..:dull:

    ඩ්‍රින්ක් එක දාන එක නම් නවත්තල නෑ මාත්.. මේ දැනුත් අනුමත වෙන ගමන් ඉන්නෙ.. :love:


    Shape එකේ බොන එකත් නවත්තලා දාපන් බං. උඹලට ඕවා තේරෙන්නෙ 40-45 උනාම. එතකොට පරක්කු වැඩිහි කියලා හිතෙයි. ඉදලා හිටලා නම් ඕක අවුලක් නෑ.