අහම්බෙන් හමුවු ප්‍රභාකරන්ගේ සුපිරි බංකර&

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අහම්බෙන් හමුවු ප්‍රභාකරන්ගේ සුපිරි බංකර&

    කොටි නායකයන්ටත් තහනම් වූ
    අහම්බෙන් හමුවු ප්‍රභාකරන්ගේ සුපිරි බංකරය

    8.gif

    praba1.jpg
    praba3.jpg


    ප්‍රභාකරන් මියගොස්‌ වසර හතරකට ආසන්න වෙතත්, තවමත් ඔහු විසූ නිවාස හමුවීම එක්‌ අතකින් පුදුමය. මානව හිමිකම් ගැන කතා කරනවා යෑයි කියන පිරිස්‌ හා දෙමළ වර්ගවාදීන් නිතර කියන පරිදි අද උතුර හා නැගෙනහිර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ හමුදා ආධිපත්‍යය යටතේය. ඒ පළාත්වල අඟලෙන් අඟල හමුදාවය. එම පළාත්වල සිටින්නකු ශරීර කෘත්‍යයකට එළියට බැස්‌සොත් එතැනද හමුදාවය.

    මේ කියන කතා සත්‍ය නම්, ප්‍රභාකරන් පදිංචි වී සිටි නිවාස දැන් හමුවන්නේ කෙසේද? අඩියෙන් අඩියට හමුදාව, වසර ගණනාවක්‌ සිටියා නම් මේවා නොදැක සිටින්නේ කෙසේද? ප්‍රභාකරන්ගේ නිවාස මේ කාලයේ සොයා ගැනීමෙන් පෙනී යන එක්‌ කරුණක්‌ වන්නේ මානව හිමිකම්කාරයෝ හා දෙමළ වර්ගවාදීන් දොඩවන තරමේ හමුදා ආධිපත්‍යයක්‌ උතුර හා නැගෙනහිර පළාත්වල නැති බවය.

    ප්‍රභාකරන්ගේ එක්‌ නිවසක්‌ සොයා ගැනීමට ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසය සමත් වී තිබෙන බව පසුගිය සතියේ වාර්තා වී තිබිණි. ප්‍රභාකරන් ත්‍රස්‌තවාදී නායකයකු ලෙස නිවාස කීයක්‌ පරිහරණය කරන්නට ඇද්දැයි කිව නොහැකිය. ප්‍රභාකරන්ගේ උපන් නිවස පිහිටා තිබුණේ යාපනයට කිලෝමීටර් 40 කට පමණ දුරකින් පිහිටි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේය. යාපනයේ සිට කන්කසන්තුරේ මාර්ගයේ ගමන් කරනවිට හමුවෙන උඩුප්පිඩි හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් දෙකක්‌ ගමන් කළ විට එම නිවස හමුවෙයි. අංක 322, පේදුරුතුඩුව පාර, වැල්වැටිතුරේ එහි ලිපිනයයි. 1982 පමණ වන තෙක්‌ ප්‍රභාකරන්ගේ නිවාසය බවට පත් වූයේ එයයි. ආරක්‍ෂක හමුදාව එම නිවස වටකළ එක්‌ රැයකදී ප්‍රභාකරන් එයින් පලාගිය අතර ඉන්පසු ඔහු සිය නිවස ලෙස නිවාස කීයක්‌ භාවිත කළාදැයි ප්‍රභාකරන්ටද මතක නැතුවා විය හැකිය.

    මානුෂීය මෙහෙයුම දිනෙන් දින ඉදිරියට ඇදෙන විට ප්‍රභාකරන් සිය නිවාස ලෙස භාවිත කළ, සුඛෝපභෝගී නිවාස කිහිපයක්‌ම හමුදාව විසින් අත්පත් කරගන්නට සමත් විය. පිහිනුම් තටාක සහිතව තිබූ නිවාස ද ඒ අතර විය. මුලතිව්, පුදුකුඩුඉරිප්පු හි ප්‍රභාකරන් පදිංචි වී සිටි නිවස ජනතාවට දැක බලා ගැනීම සඳහා සූදානම් කර තිබේ. එය විශාල ආරක්‍ෂක සංවිධාන සහිතව තිබුණ වූවක්‌ වන අතර, ඒ අවට බිම් බෝම්බ 51000 ක්‌ වළ දමා තිබුණු බව බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන විසින් පසුව සොයා ගෙන තිබිණි.

    තමන්ට තිබූ තර්ජන හමුවේ ප්‍රභාකරන් භාවිත කළ නිවසක්‌ ගැන ආරංචියක්‌ ත්‍රස්‌ත මර්දන ඒකකයට ලැබෙන්නේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධව සිටි ඔත්තු කරුවකු මාර්ගයෙනි. යුද්ධය පැවැති කාලයේ සිටම ඔහු ත්‍රස්‌ත මර්දන ඒකකයේ ඔත්තුකරුවකු ලෙස සේවය කර තිබිණි.

    praba2.jpg
    ප්‍රභාකරන් පාවිච්චි කළ හෙලිකොප්ටරය හා වෙඩි නොවදින රථය භූගත බංකරයක ඇති බව මෙම ඔත්තුකරුවා විසින් ත්‍රස්‌ත මර්දන ඒකකයට දැනුම් දීමත් සමඟ වහ වහා එම ස්‌ථානයට යන්නට එහි නිලධාරින් තීන්දු කළේය. එල්.ටී.ටී.ඊ. යේ උත්සව අවස්‌ථාවන්හි ගුවනේ සිට මල් ඉසින ලද හෙලිකොප්ටරයක්‌ පිළිබඳ යුද්ධය පැවැති සමයේ සිටම හමුදාවන් ඇස ගසාගෙන සිටින ලදි. වෙඩි නොවදින කාර් එකක්‌ ප්‍රභාකරන් සතුව තිබූ බවද ඒ කාලයේ සිටම හමුදාවන්ට ආරංචි වී තිබිණි. යුද්ධය නිමා වුවත් ඒ ගැන කිසිම තොරතුරක්‌ හමුදාව සතු නොවූ අතර, අලුත්ම ආරංචිය ඒ ගැන හමුදාවේ මතකය අලුත් කරන්නට විය. අදාළ ස්‌ථානය පිහිටා තිබුණේ කිලිනොච්චියට ආසන්නව, ඒ - නවය මාර්ගයේ සිට කිලෝමීටර් නවයක්‌ පමණ දුරකිනි. එම ප්‍රදේශය හැඳින්වූයේ උත්‍රපුරුම් ලෙසය.

    මෙම ස්‌ථානය පිහිටියේ විශාල පොල් වත්තක්‌ මධ්‍යයේ එතරම් විශාල නොවූ ගෙයක්‌ ලෙසය. බැලූ බැල්මට එය කුඩා ගෙයක්‌ ලෙස පෙනුණත් ඊට යටින් දෙමහල් බංකරයක්‌ පිහිටා තිබිණි. මෙය 2004 වසරේ ඉදිකරන ලද්දක්‌ ලෙස සැලකේ. ත්‍රස්‌ත විමර්ශන අංශය විසින් මෙම බංකරය සඳහා පිවිසෙන පඩි පෙළ මතු කරගෙන ඇත්තේ, අඩි දහයක්‌ පමණ හෑරීමෙන් පසුවය. පඩිපෙළ අසලම තිබූ කාමරයෙන් ගුවන් යානා නාශක මිසයිල අසුරා තිබූ හිස්‌ පෙට්‌ටියක්‌ හමු වී තිබිණි. උසින් අඩි 150 ක්‌ පමණ වන මෙම බංකරය තුළ ගුවන් යානා නාශක අවි සවිකර තිබෙන්නට ඇති බවට ආරක්‍ෂක අංශ සැක කරන අතර යම් හෙයකින් මෙම ස්‌ථානයට ගුවන් ප්‍රහාර එල්ල වුවහොත් එයින් ආරක්‍ෂා වීම මෙහිදී ත්‍රස්‌තවාදීන්ගේ බලාපොරොත්තුව වන්නට ඇත.

    ඉතාම රහසිගත ලෙස තිබූ මෙම බංකරය ප්‍රභාකරන් පරිහරණය කර ඇත්තේ සීමිත පිරිසකට පමණක්‌ ඇතුළු වීමට අවසර ලබා දෙමිනි. බංකරය සොයා ගැනීමෙන් පසු ආසන්න ප්‍රදේශවාසීන් ආරක්‍ෂක අංශවලට පවසා ඇත්තේ, මෙම නිවස පිහිටා තිබූ පොල්වත්තට ඇතුළුවීම පවා එල්.ටී.ටී.ඊ.ය විසින් තහනම් කර තිබුණු බවය. ආරක්‍ෂක අංශ පවසන ආකාරයට මෙහි උඩු මහලේ එල්.ටී.ටී.ඊ. නායකයා ඉහළ පෙළේ එල්.ටී.ටී.ඊ. නායකයන් සමඟ රැස්‌වීම් පවත්වා තිබුණත්, භූගත බංකරයට සිය විශ්වාසි සගයා වූ බුද්ධි අංශ ප්‍රධානි පොට්‌ටු අම්මාන් හටවත් ඇතුළුවීමට අවසර ලබා දී නැත. සම්පූර්ණයෙන්ම විදුලි රැහැන් ඇද, වායු සමීකරණ සහිතව මෙම බංකරය සකසා තිබුණත් එය එල්.ටී.ටී.ඊ.යට අයත් හෝ ඔවුන් මෑතදී ගත් ඉඩමක්‌ නොවේ. එය දෙමළ වාර්ගික අයිතිකරුවකුගෙන් බලෙන් ලබාගෙන තිබිණි.

    මෙම බංකරයේ යටි මහල් පිළිබඳව පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්‌ වී ඇත්තේ මේ දිනවල උතුර ප්‍රදේශයට ඇදහැලෙන මහා වර්ෂාවය. මෙම වර්ෂාපතනයෙන් බංකරය මඩින් පිරී ගොස්‌ තිබීම නිසා යටි මහල් පිළිබඳ තවම නිරීක්‍ෂණ ලබාගත හැකිව ඇත්තේ අවමයෙනි. බංකරයේ යටි මහලටම වාහන ගාල් කළ හැකි අයුරින් එය සකස්‌ කර තිබුණද, ප්‍රභාකරන්ට අයත් වෙඩි නොවදින රථය හෝ හෙලිකොප්ටරය ඒ තුළ දක්‌නට ලැබී නොමැත.

    මෙය ප්‍රභාකරන් සිය පෞද්ගලික නිවාසය ලෙස භාවිත කර ඇති බවත් පවුලේ අයගේ ස්‌ථිර වාසස්‌ථානය වූයේ මෙම ස්‌ථානය බවටත් වන මතයක්‌ද පවතී. ප්‍රභාකරන් සිය දරුවන් කිලිනොච්චි පාසලකට යවා ඇත්තේ මෙම ස්‌ථානයේ සිට බවට වන තොරතුරු ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබේ.

    2007 වසරේදී ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසය ලද තොරතුරකට අනුව මෙම ස්‌ථානය එල්.ටී.ටී.ඊ. නායකයන් සැරිසරන තැනක්‌ ලෙස හඳුනාගෙන තිබිණි. ඒ අනුව ෂෙල් වෙඩි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර මෙම ස්‌ථානයට එල්ල කීරීමට හමුදාවෙන් පියවර ගත්හ. දැනට ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබෙන තොරතුරු අනුව, එම ගුවන් ප්‍රහාරයකින් ප්‍රභාකරන්ට සුළු මට්‌ටමක තුවාලයක්‌ සිදුවී තිබෙන අතර, තමන්ගේ නිවාසය හමුදාව හඳුනාගෙන ඇතැයි සැක කරන ලද ප්‍රභාකරන් මෙම නිවස, ඉන්පසුව අතහැර දමා තිබේ.

    මීට වසර හතරකට පෙර එක පවුලේ සාමාජිකයන් එකම බස්‌ නැවතුම් පළකින් වෙන වෙනම බස්‌වල නැඟී ගියේ මෙම ත්‍රස්‌තවාදියාගේ ක්‍රියාකාරකම් හමුවේ බව රටට අමතකය. වසර තිහක්‌ පුරා රටක්‌ මුස්‌පේන්තු කළ අයෙකු තවමත් විටින් විට අලුත් ප්‍රවෘත්ති මවා දෙමින් සිටියත් ප්‍රභාකරන් කියුවා යෑයි කියන ආකාරයට සිංහලයාට යමක්‌ මතක ඇත්තේ සති දෙකකි.

    තමන්ගෙන් ලැබූ පීඩනය එසේ අමතක නොකරන්නැයි කරන සන් කිරීමක්‌ ලෙස, ප්‍රභාකරන්ගේ නටබුන් මෙසේ වරින් වර මතු වීම සැලකිය හැකිය. ඒ අතින් බලන විට මේ සොයාගෙන ඇත්තේ ප්‍රභාකරන්ගේ ගෙයක්‌ ලෙස භෞතිකාකාරයෙන් පමණක්‌ ගන්නවාට වඩා, වසර තිහක කළු මතකයක්‌ ජනතාවට වරින් වර සිහිකැඳවීමක්‌ ලෙස ගැනුම වටී.

    BUMP එකක් වත් දාල යන්න අනිත් අයටත් බලන්න.:yes:

    අපි ගියා , ජය වේවා !:cool:
    source - දිවයින
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Hambuwechcha eawa welawata eliyata dai, wathura bila, thel mila ehema wadikaragena yanakota. MOnawa unath jaya weva!!