අභීත දේශපාලනඥයා
සරසවි හා පාසල් ශිෂ්‍යයන්, කම්කරුවන්, බුද්ධිමතුන්, ආරක්ෂක නිලධාරින්, ව්‍යාපාරිකයන් ආදී විවිධ ක්ෂේත්රයන්හි නිරත ප්‍රජාවට මහඟු සේවාවක් ඉටු කළ යුග පුරුෂයෙක් හරියටම මීට වසර 20 කට ප්‍රථම ශ්‍රී ලංකා ධරණිතලයෙන් සමුගෙන ශ්‍රී ලංකා ජනතාව කඳුළින් තෙත් කරලීමට සමත් විය. ඒ අන් කවරෙකුත් නොව ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිවි පිදූ ලලිත් ඇතුලත්මුදලි ය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම මන්ත්‍රී ඩී. ඩී. ඇතුලත්මුදලි සහ ශ්‍රීමා ඇතුලත්මුදලි යුවළට දාව 1936 නොවැම්බර් 26 වැනි දින ඔහු මෙලොවට බිහිවිය. සිඟිත්තෙකු වශයෙන් 1941 දී කොළඹ කාන්තා විදුහලට ඇතුලත් වී අධ්‍යාපන දිවිය ඇරඹූ ලලිත් 1942 දී පාණදුර ශාන්ත ජෝන් විද්‍යාලයේත්, 1942 සිට 1947 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික පාසලේත්. 1948 සිට 1955 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරනු ලැබීය.
පසුව එංගලන්තයේ ඔක්ස්µර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ලලිත් 1956 දී ඔක්ස්µර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් වශයෙන්ද, 1957 දී භාණ්ඩාගාරික සහ පුස්තකාලයාධිපති වශයෙන් ද තේරී පත් විය. කාගේත් සිත් දිනා ගැනීමට සමත් කාර්යශූර මුඛරි පුද්ගලයකු වූ ලලිත් 1958 දී ඔක්ස්µර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් තේරී පත්වූයේ ඒ ධුරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙනි. 1959 දී බැරිස්ටර් විභාගය සමත් වූ ලලිත් 1960 සිට 1962 දක්වා සිංගප්පූරුව විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන්ද, 1963 දී එහි උප පීඨාධිපති වශයෙන් ද කටයුතු කළේය. ඒ සමඟම 1962 සිට 1964 දක්වා කාලය තුළ ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලයේත්, ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ සහ ඉන්දියාවේ අහමදාබාද් විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ මොහු 1964 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
නීති වෘත්තියට අමතරව සිය පියාගෙන් ලද ආභාෂය පරිදි දේශපාලනයට සහ සමාජ සේවයට ඇලුම් කළ ඔහු 1972 දී එක්සත් ජාතික පක්ෂයට බැඳුණේය. සංවිධාන කටයුතුවල දක්ෂයකු වූ ලලිත් 1973 දී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද පත්විය. ඔහුට පැවරුණු ප්‍රථම දේශපාලන කර්තව්‍ය වූයේ සිය උපන් බිම වූ මාක්ස්වාදී බලකොටුවක් වෙමින් පැවැති අගලවත්ත ආසනයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සංවිධානය කිරීමය. තරුණ ලලිත් ඇතුලත්මුදලි අගලවත්ත ආසනයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කරමින් රතු බලකොටුව සාර්ථකව ආක්‍රමණය කිරීමට දක්ෂ විය. එහෙත් ජයග්‍රහණය අත ළඟ පෙනෙමින් තිබියදී පක්ෂ නායකත්aවය විසින් ඔහු වැඩ කරන කම්කරු ජනතාව විශාල වශයෙන් ජීවත් වන රත්මලාන මැතිවරණ කොට්ඨාසයට මාරු කරන ලදී. එවකට පක්ෂ නායකයා වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා තරුණ කඩිසර ඒ වගේම ජනප්‍රිය කාර්යශූර පුද්ගලයකු වු ලලිත් ලවා රත්මලාන ආසනය සංවිධානය කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු විය. එතුමාගේ එම බලාපොරොත්තුව තරුණ ලලිත් මැනවින් තේරුම් ගෙන රත්මලාන මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14 ක ක්‍රියාකාරීන් හමු වී ඔවුන්ගේ හදවත් දිනාගෙන 1977 මහ මැතිවරණයේදී රත්මලාන ආසනය විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කළේය.
අනතුරුව එක්සත් ජාතික පක්ෂ රජයේ වෙළෙඳ ඇමැති වශයෙන් පත් කරනු ලැබූ ලලිත් ඇතුලත්මුදලි ඒ වන විට එළිපෙහෙළියට එමින් පැවැති විවෘත ආර්ථික සංකල්පය රටට වැඩදායී අන්දමින් යොදා ගැනීමට කල්පනා කළේය. ඒ අනුව සිය අමාත්‍යාංශය යටතේ පැවැති තොග සහ සිල්ලර අලෙවිසල් මුළුමනින් ම සංවිධානය කළ ඔහු එවකට සතොස ආයතනය පිළිබඳව ජන විඥානයේ පැවැති අසුභවාදී ආකල්පයක් වූ "සතොසේ ගොස් දුකසේ එතිZZ යන ප්‍රතිබිම්භය සහමුලින් ම වෙනස් කරන ලදී. තවද මෙම ආයතනය ප්‍රතිව්‍යqහගත කරමින් සතොස මෝටර්ස්, සතොස ප්‍රින්ටර්ස්, සතොස මිල්ක් µqඩ්ස් වැනි සහෝදර ආයතන ද බිහි කරන ලදී. මෙම අමාත්‍යාංශය යටතේ පැවැති සංස්ථා දෙපාර්තමේන්තු 24 ක් ඵලදායි ආයතන බවට පත් කිරීමට මොහු දක්ෂ විය.
ලලිත් ඇතුලත්මුදලි අග්නිදිග ආසියාවේ උගතුන් අතර සිටි බුද්aධිමතෙකි. ඔහුගේ සගයන් විවිධ රටවල ලොකු තනතුරු හෙබවීය. ලලිත් ඡේ. ආර්ගේ කැබිනෙට්ටුවේ සිටියදීත් සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. සිංගප්පූරු අගමැතිතුමා තරුණ ලලිත්ගේ ක්‍රියාකාරකම් ගැන මැනවින් දැන සිටියේය. මේ නිසාම ඔහු හට ලලිත්ගේ සේවාව සිංගප්පූරුවට ද ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි. ඔහු ඡේ. ආර්. ජයවර්ධන මහතා අමතමින් මෙසේ කීය. "මිස්ට ප්‍රසිඩන්ට්, ඔයාගේ දක්ෂ ගෝලයා කැබිනෙට්ටුවේ නැති නම් මම අරගෙන යනවා මගේ කැබිනෙට්ටුවට" ලලිත්ගේ ගෝලයෝ සිංගප්පූරුවේ ඇමැති මණ්ඩලයේ දස්කම් දක්වන නිසා ලලිත් වත් රැගෙන යැමට ඔහු තීරණය කරන ලදී. නමුත් මේ එඩිතර තරුණ නායකයා සිය මවුබිමට සේවය කිරීමට රැඳී සිටියේ ජනතාවට ඇති ආදරය නිසාමය. ලලිත්ගේ අගය මුළු ලෝකයේම දන්නෝ දනිති. රටක දියුණුවට අධ්‍යාපනයෙන් යොමුවන දාdයකත්වය ගැන මනා අවබෝධයක් තිබූ ලලිත් ඇතුලත්මුදලි මහතා උසස් අධ්‍යාපනය හදාරන දිළිඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂයෙන් ම ගම්බද ප්‍රදේශවල වරප්‍රසාද නොමැති පවුල්වල දරුවන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළේය. මෙම මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය තුළින් උසස් අධ්‍යාපනය ලබා ඈත එපිට ගම් දනව්වල දුප්පත් පවුල්වලින් දොස්තරවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන නිලධාරීන් ආදී උසස් තනතුරුවලට පිවිසීමට ගම්බද උගත් තරුණ තරුණියන්ට අවස්ථාවක් උදා විය.
ජාතික ආරක්ෂක ඇමැති වශයෙන් ද ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් රටට වූ සේවය අති විශාලය. ලංකාවේ ත්රස්තවාදීන්ට එරෙහිව ආරක්ෂක හමුදා ඇතුලත්මුදලි මහතාගේ මඟ පෙන්වීම යටතේ කළ වඩමාරච්චි සටන ඈත ඉතිහාසයට එක්වී ඇත. වඩමාරච්චි සටනේදී බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ආරක්ෂක හමුදා කොටි ත්රස්තවාදීන්ගේ ප්රහාරයන් මධ්‍යයේ ඉදිරියට ඇදෙද්දී ඇතුලත්මුදලි මහතා ද විටින් විට ඒ ගමනට එක් වෙමින් සෙබළුන් දිරිමත් කළේය.
ඔහු බිය යනු කුමක්දැයි නොදන්නෙකි. උතුර - නැගෙනහිර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වන හැටි පෞද්ගලිකවම සොයා බැලීම ඔහුගේ සිරිත විය. 1987 මුල් භාගයේදී වරක් ඔහු සේරුවිල පන්සලට ආරක්ෂාව ලබා දීමට ගොස් ඊට පෙර දින ත්රස්තවාදීන් විසින් ගම්මුන් මරා ගේ දොර ගිනි තබා විනාශ කළ දෙහිඅත්ත නම් ගම්මානය බැලීමට හෙලිකොප්ටරයෙන් ගියේය. ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ ස්ථාන බැලීම සඳහා යානය පහත් කරන ලෙස නියමුවාට උපදෙස් දෙන ලදී. ඒ අනුව නියමුවා යානය පහත් කළේය. ඒ සමගම බිම සැඟවී සිටි ත්‍රස්තවාදියෙක් රයිµල් උණ්ඩයක් හෙලිකොප්ටරය වෙත යොමු කළේය. උණ්ඩය යානයේ පතුල පසා කරගෙන අවුත් ඇතුලත්මුදලි මහතාත්, නියමුවාත් අතරින් ඉහළට ගමන් කළේය. ඒ හෙලිකොප්ටරය යුද්ධයටම තැනු ප්‍රහාරක යානයක් විය. "සර් මොකක්ද දැන් අපි කරන්නේ. ත්රස්තවාදීන් අපට පහර දෙන්න පටන් ගෙන" යෑයි නියමුවා කීය. ත්රස්තවාදීන්ට පෙරළා පහර දෙන ලෙස ඇතුලත්මුදලි මහතා නියෝග කළේය. ඒ අනුව යානය මද දුරක් ගොස් හරවා පෙරළා පැමිණ ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඇතුලත්මුදලි මහතා නිහඬව බලා සිටියේය. ඉන් අනතුරුව නියමුවා විසින් "සර් ප්‍රතිඵල බලන්න ඕනෑද?" යෑයි ඇසීය. ඇතුලත්මුදලි මහතා ඉවත බලමින් "නෑ ඕනෑ නෑ" යි පැවැසීය. හෙලිකොප්ටරයේ ප්‍රහාරක තුවක්කු වලින් වෙඩි කා මියගිය කොටි ත්රස්තවාදීන් 10 දෙනෙකුගේ පමණ සිරුරු බිම පතිත වී තිබුණු බව එවකට අපගේ සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සිල්වා මහතාට දකින්නට ලැබුණු බව ඔහු විසින් අපට පවසා ඇත.
ලලිත් එඩිතර දේශපාලන නායකයකු වුවද, වැරදි යෑයි සිතූ අවස්ථාවලදී එයට විරුද්ධ විය. එයට එක් අවස්ථාවක් 1987 ජූලි 28 වැනි දින ඉන්දු - ලංකා සාම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ඔහු තුළ කැමැත්තක් නොවීය. එය අත්සන් කරන අවස්ථාවේදී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සිය අමාත්‍යවරයාට දැනුම් දුන් නමුත් ඔහු සෘජුවම එය ප්‍රතික්ෂේප කළේය. ඒ පිළිබඳව ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කළ අවස්ථාවේදී ඔහු දුන් පිළිතුරු වූයේ "බැහැ මම ඕකට එන්නේ නැහැ"Êයනුවෙනි. ඔහුට කුමන වගකීමක් භාර දුන්නද එය මැනවින් ඉටු කළ හැකි ආදර්ශමත් අයෙකු බව සඳහන් කිරීමට කැමැත්තෙමි. වත්මන් නායකයන්ට ද පාලකයන්ට ද ගත යුතු ආදර්ශයන් බොහෝ බව අවධාරණය කළ යුතු වන්නේය. ලලිත් අයුක්තිය, අසාධාරණය ඉදිරියේ නොබියව සටන් කළ අයෙකි. එනිසාම ඔහුගේ ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවූවා යෑයි මම සිතමි. වේලාවට වැඩ කිරිම ඔහු දිවි හිමියෙන් සුරැකි පුරුද්දක් විය. තමාගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කළ නොහැකි කවර පුද්ගලයකු හෝ ශ්‍රේෂ්ඨත්වයට පත්විය නොහැකිය" යෑයි ඔහු වරක් කීවේය. කලට වේලාවට වැඩ කිරීමෙන් නායකයන් ආදර්ශයක් දිය යුතු යෑයි ඔහු පුන පුනා කීවේය. ඒ නිසාම සතියකට දින 03 ක් තමා නියෝජනය කළ රත්මලාන මැතිවරණ කොට්ඨාසයේ ජනතාව හමුවීමට අමතක නොකළේය. ඒ සඳහා උදේ පාන්දර 6.30 ට පැමිණෙන ඔහු හමුවීමට ජනතාව ද පුරුදු වි සිටි බව නොරහසකි.
සිංහල හා ඉංග්‍රීසි හැරුණු විට ප්‍රංශ, ජර්මන් හා දෙමළ භාෂා ද ඔහු මැනවින් දැන සිටියේය. හින්දි බස ද ඔහු තරමක් දුරට දැන සිටියේය. ඔහුට වඩා හුරු අත වූයේ වම් අතයි. වම් අතින් ලිවීම සහජ පුරුද්දක් වුවත් දකුණු අතින් ලිවීමට ද ඔහු වරින් වර තැත් කළේය.
ඇතුලත්මුදලි මහතාගේ හදිසි අභාවයට මසකට පමණ පෙරාතුව ඔහු මා ඇතුළු අප හිතවත් සමීපතම පිරිසක් අමතා කියා සිsයේ මෙයයි. තමා කවදා හෝ මියගිය දිනක මෙම වැකිය තම සොහොන් කොතේ ලියා තබන ලෙසයි.
"මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිසුන් ද ඔහුට බෙහෙවින් ආදරය කළහ."
මාගේ ජීවිතයේදී මා ලද භාග්‍යය නම් 1979 දී මෙම යුග පුරුෂයා හඳුනාගැනීමත්, එතැන් සිට ඔහු සමඟ අමාත්‍යාංශ කීපයක් සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ මහජන සම්බන්ධතා නිලධාරියකු වශයෙන් කටයුතු කිරීමයි.
ලලිත් ඇතුලත්මුදලි යුග පුරුෂයාණෙනි, ඔබ යළිත් මේ රටේ ඉපිද අපගේ දේශය පුබුදු කළ මැනවි. එයයි අප ඔබගෙන් ඉල්ලා සිටින එකම ඉල්ලීම, සසර වසන තෙක් කල් ඔබට මෙවන් කුරිරු විපතක් නොවේවා.
පර්සි පෙරේරා
ප්‍රධාන ලේකම්
ලලිත් ඇතුලත්මුදලි ගුණ සමරු පදනම් කේන්ද්‍රය
උපුටා ගැනීම - දිවයින

නමුත් මෙහි සදහන් නොවූ එක් කරුණක් මාගේ අතිශය පෞද්ගලික මතයක් ලෙස මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි. 

එදා එය එසේ නොවුවානම් අද අප රට මීට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇති බව මගේ අතිශය පෞද්ගලික මතයයි. 