ඔන්න බලාගනිල්ලා මේවට තමයි ආසියාවේ අස්චර්යය කියන්නේ. කොහොමද අපේ පොලිසිය නීතිය අකුරටම මේ වගේ පොඩි මනුස්සයට ක්රියත්මක කරන හැටි? ලොකු හොරු ඔක්කොම එළියේ. මේ පෝයට දරුවට කිරි පිටි ටිකක් ගන්න, හාල් සේරුවක් ගන්න වෙන තැනක මල් විකුණුවා කියලා අල්ලලා නඩුත් දාන්ඩ තරන් අපේ රටේ නීතිය බල්ලට ගිහින්. නොදකින් මේ වගේ කාලකන්නි හැත්තක් පාලනය කරන රටකනේ අපිත් ඉපදුනේ. තූ නොදකින්

කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.
මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.
මොවුන් වසර ගණනාවක් තිස්සේ බෝධිය අසළ තැන තැන මල් විකුණන අය බව කියති.
ජීවත්වීමට මගක් නැති නිසා මල් ටිකක් විකුණාගෙන දරු පවුල් රකින බව මල් විකුනන්නෝ කියති.