මට ඉන්නෙ ඔබ විතරයි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට ඉන්නෙ ඔබ විතරයි...

    සිනාසෙන්නට හිත පුරා
    මට ඉන්නෙ ඔබ විතරයි...
    පලා යන්නට නොකියන්න මට
    දමා අහසේ පිපුණු පුරහඳ
    සිනාසෙන්නට හිත පුරා
    මට ඉන්නෙ ඔබ විතරයි...

    ගිලන් යහනට ඔසු වෙලා
    ළඟ රැදුනෙ ඔබ විතරයි...
    තුන් පිරිත් කොට මියෙන හිත වට
    උනා දෙනෙතින් ලොවක සෙනෙහස
    නිවාලන්නට දුක එදා
    ළඟ උන්නේ ඔබ විතරයි...

    ආදරේ අකුරක් වෙලා
    හැඩ මැව්වෙ ඔබ විතරයි...
    ඔහේ පාවුණු සුළං රොදකට
    නවාතැන් දුන් රෝස කැකුලිය
    කියා දෙන්නට
    ජීවිතේ
    මට ඉන්නෙ ඔබ විතරයි...
    :love::love::love:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහේ පාවුණු සුළං රොදකට
    නවාතැන් දුන් රෝස කැකුලිය
    කියා දෙන්නට
    ජීවිතේ
    මට ඉන්නෙ ඔබ විතරයි...

    සුපිරි‍යි....:cool::cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Lassanayi!
    +

    ගොඩක් ස්තුතියි... :D

    ඔහේ පාවුණු සුළං රොදකට
    නවාතැන් දුන් රෝස කැකුලිය
    කියා දෙන්නට
    ජීවිතේ
    මට ඉන්නෙ ඔබ විතරයි...

    සුපිරි‍යි....:cool::cool::cool:

    ගොඩක් ස්තුතියි මල්ලි.:D

    ලස්සනයි !:cool:
    ++

    ගොඩක් ස්තුතියි:D

    ලස්සනයි+

    Thank you මල්ලියා :D


    Thank you:cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    oyada doly............!!!!:eek:

    :confused:එහෙම හිතුවේ ඇයි කියල දැනගන්න පුළුවන්ද ???

    she's minu :yes:
    :D


    අපේම වරිගේ නහන්නේ අපේ අයම තමයි. මක් කරන්නද ඉතින්.ඒ තරම් පහත් මානසිකත්වයක් මට නෑ,:no: මට උපතින් ලැබිල පුංචිම හරි හැකියාවෙන් කෙනෙක්ව රවටන්න තරම්. මම නිර්මාණ කරන්නේ කාවවත් රවටන්න නෙවෙයි. :frown:රස විඳින්න.:love::love: මේක නම් 2006 දී ලීවේ. දැන් මගේ මගේ මහත්තය වෙලා ඉන්න කෙනා, මගේ ජිවිතේ, මගේ ආදරේ වෙනුවෙන් ලියපු දෙයක්:love::love: :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපේම වරිගේ නහන්නේ අපේ අයම තමයි. මක් කරන්නද ඉතින්.ඒ තරම් පහත් මානසිකත්වයක් මට නෑ,:no: මට උපතින් ලැබිල පුංචිම හරි හැකියාවෙන් කෙනෙක්ව රවටන්න තරම්. මම නිර්මාණ කරන්නේ කාවවත් රවටන්න නෙවෙයි. :frown:රස විඳින්න.:love::love: මේක නම් 2006 දී ලීවේ. දැන් මගේ මගේ මහත්තය වෙලා ඉන්න කෙනා, මගේ ජිවිතේ, මගේ ආදරේ වෙනුවෙන් ලියපු දෙයක්:love::love: :D

    It was only a joke :P

    There are people who express the love in such a beautiful way and who always deserve beautiful words !!!:D

    rare and lucky are those folks :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහත්තයා ඔය ගැනද ලියල තියෙන්නේ........මටනම් අම්මා පමණයි මෙහෙම කරනවා කියල හිතෙන්නේ.....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මහත්තයා ඔය ගැනද ලියල තියෙන්නේ........මටනම් අම්මා පමණයි මෙහෙම කරනවා කියල හිතෙන්නේ.....

    මමයි ලිව්වේ මගේ මහත්තයට මාව දැනෙන විදිය. හැබැයි මේ විදියටම තමයි මට එයාව දැනෙන්නෙත්. අම්මල තාත්තල දරුවන්ව බලාගන්නවා වගේ තමන්ගේ සහකාරයව හෝ සහකාරියව බලාගන්න මිනිස්සු තාමත් මේ සමාජේ ඉන්නවා. විශේෂයෙන් පිට රටක ජීවත් වෙද්දී ඒ දේ හුඟක් වටිනවා සහ දැනෙනවා.:yes::yes::yes: