දුමින්ද සිල්වාගේ පණිවුඩය

දුමින්ද සිල්වාගේ පණිවුඩය

duminda.jpg



:P:P:P:P
වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව‍ පෙළගසමි

භාරත ඝාතන නාටක‍ය අවසන් වී ප්‍රධාන දුෂ්ට නළුවා රංග වස්ත්‍ර උනා, අංගරචනා සෝදා දමා‍, වේදිකාවෙන් බැස අඩියක් ගසන්නට අරලියගහ පොට්එකට යන සඳ ඔහුට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ඔහු වට කරගෙන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

කිරිබත් පිසූ, රතිඤ්ඤා පත්තු කළ, ඔහු වැළඳ ගන්නට පොර කෑ පිරිසෙන් බහුතරය කොළඹ ලුම්පන් පීඩිත පංතියට අයත් අය වූහ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන තාක් කුඩු වෙළඳාම ආරක්ෂා කර දෙන, මිනීමරුවන්ට, මැරවරයන්ට කප්පම්කරුවන්ට, පාදඩයන්ට රැකවරණය දෙන ගැලවුම්කරුවා නිදහස ලබා තමන් අතරට පැමිණීම ඔවුන්ගේ සතුටට ‍හේතු වූ බව පෙනේ.

භාරත ඝාතන නඩුවෙන් ඇප ලැබෙනතුරු රෝහල්ගතව සිටිය යුතු දැඩි අසනීප තත්වයක සිටි බව පෙන්වමින් බොරු රංගනයක යෙදුණු දුමින්ද සිල්වා නිදහසෙන් පසු මාධ්‍ය සංදර්ශනයේ නිරූපණය කළේ හාත්පසින්ම වෙනස් චරිතයකි.

එම අලුත් රංගනයෙන් ඔහු රටට දෙන පණිවුඩය කුමක්ද?

"මිය ගිය භාරතගේ ව‍‍ටිනාකම් දැන් ඉවරය. මගේ මිළ තවමත් ඉහළය. කොළඹ ලුම්පන් පීඩිතයන්ගේ නායකයා ලෙස ඒකාධිපති පවුලට අත්‍යවශ්‍ය භූමිකාවක් රඟන්නට මම තවමත් සූදානම්ය. එළඹෙන දුෂ්කර අවධියේදී අරගල කරන වැඩකරන ජනයාට එරෙහිව ක්‍රියා ක‍රන්නට ලුම්පන් පීඩිතයන් මෙහෙයවීමේ වගකීම මම භාර ගනිමි.වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව‍ පෙළගසමි."

ජනතාවනි, මේ නිදහස්ව පැමිණෙන්නේ නිකම්ම පිල්ලියක් නොවේ. ප්‍රබල ජන සතුරෙකි. ඔහුගෙන් පරිස්සම් වන්න.

භාරත ඝාතන නාටකයේ දෙවන කොටස දිගහැරෙන්නේ දුමින්ද සිල්වාට පැවරෙන භූමිකාව ඉ‍ටු කිරීම තුළය.

ලංකාව තවදුරටත් නීතියේ ආධිපත්‍යය හෝ යහපාලනය අංශු මාත්‍රයකුදු ඇති තැනක් නොවන නිසා මේ සිද්ධියේ ඇති අධිකරණය අවමානයට ලක් කිරීම වැනි සුළු කාරණා ගණන් නොගන්න. යථාර්ථය වටහා ගන්න.



http://www.w3lanka.com/
 
  • Like
Reactions: BonziBUDDY

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සු පුසා;14883278 said:
    ගේ සටහන- තුප්පහි ආණ්ඩුව මේ විදිහට පච වෙනකොට මට කාලකන්නි සතුටක් දැනෙන්නේ ඇයිදැයි මමවත් නොදනිමි
    :P:P:P

    ඔකත් සමන්‍ය් දෙයක් වෙලා බන් චන්දයක් එනකොට ඔය නැති උන ජනප්‍රිය ගන්න දන්නවා මහින්ද:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    w3 parakum loke diha dakinne amuthuma sarwa sadaraniya aehakin ae wage minisunta mae loke thanak nae
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පිස්සු පුසා;14883264 said:

    ජනතාවනි, මේ නිදහස්ව පැමිණෙන්නේ නිකම්ම පිල්ලියක් නොවේ. ප්‍රබල ජන සතුරෙකි. ඔහුගෙන් පරිස්සම් වන්න.

    ලංකාව තවදුරටත් නීතියේ ආධිපත්‍යය හෝ යහපාලනය අංශු මාත්‍රයකුදු ඇති තැනක් නොවන නිසා මේ සිද්ධියේ ඇති අධිකරණය අවමානයට ලක් කිරීම වැනි සුළු කාරණා ගණන් නොගන්න. යථාර්ථය වටහා ගන්න.
    11.gif
    :yes::yes::yes: