ආවා!!! ආවා!!! ආවා !!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala


මේ මාගේ පළමු කෘතියයි."දුටිමි චෙරි ගසේදී " නමින් එලි දැක්වුණු මෙය ලෝ ප්‍රසිද්ධ ඇමෙරිකානු ලේඛිකාවක වූ "විලෝ ඩේවිස් රෝබෙර්ට්ස්" විසින් රචිත The View From the Cherry Tree නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.ඇය තෙවරක් එඩ්ගාර් ඇලන්පොර් සම්මානයත් මාර්ක් ට්වේන් සම්මානයත් දිනා ගැනීමට සමත් වුවාය.2004 වසරේදී මෙලොවින් සමු ගන්නා විට ඇය විසින් රචනා කරන ලද කෘතීන් ගණන සියයකට අධික වෙයි.

මේ ඇගේ නිර්මාණයක් ජනගත වන ප්‍රථම වතාවයි.එබැවින් මෙය එම විසල් ලේඛිකාව අප පාඨකයාට හඳුන්වා දීමේ උත්සාහයක් ලෙස හඳුන්වා දෙමි.

රොබ් මෙලොරි නම් දරුවකු තම අසල්වැසි කාන්තාවක මිය යනු දකියි.එය මිනි මැරුමක් විය යුතු යයි ඔහු තීරණය කරයි.ඔහු එය පව්ලේ අන් අයට ඇගවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වෙයි.අනේකවිධ අපුරු සිද්ධීන් ගණනාවකින් යුතු මෙම යොවුන් නව කතාව තවත් එක් හුදු රහස් පරීක්ෂක කතාවක් පමණක් නොවන බව ද මෙහිදී කිව යුතුය.

පෙර සඳහන් කළ පරිදි මෙය මාගේ ප්‍රථම උත්සාහය වන අතර තවත් නිර්මාණ යුගලයක් සරසවි ප්‍රකාශනයන් ලෙසම ඉදිරි මාස දෙක තුළ එලි දැක්වීමට නියමිතය.

මේ පිළිබඳ සාකච්ඡාව මැයි මස 3 වනදා(මීළඟ සිකුරාදා) පෙරවරු 11.15 ට ස්වර්ණවාහිනියේ සජීවීව විකාශය වෙයි.

මේ සියල්ල තුළ මා එළකිරිය නිසා ලද පන්නරය කැපී පෙනෙයි.kosandpol මා නොදුටු මිතුරා මෙහිදී සිහිපත් කරනුයේ හද පිරි ලෙන්ගතුකමකිනි.එසේම නන් අයුරින් මා දිරිමත් කළ එළකිරියේ උඹලා සියලු දෙනාටම ස්තුතියි.

ජයවේවා!!!!!:yes::yes::yes:
 

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
හැම දෙනාටම කියවන්න යමක් කොටලා යන්න.පොත කියවා අඩුපාඩු පෙන්වා දිය හැකි මචන්ලා සිටි නම් ඉතා අගය කරමි.