හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"


    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT][FONT=&quot][/FONT]

    වින්දනය හුදෙක්ම පුද්ගලානුබද්දය ...එය පූර්ව වශයෙන් නිර්මාණය කරගත් සම්මත රාමුවක් තුලට අනුගත වන්නේද නොවන්නේද යන්න සලකා වින්දනය කිරිම හෝ විවේචනය කිරිම මුහුකුරාගිය මනෝභාවයක් නොවේ... ඔබගේ ඉහත අදහස දැක මම අමන්දානන්දයට පත්වුඋවෙමි. මෙලෙස විවෘත මනසකින් බැලීමට හැකිවීමම විචාර කලාවට මහත් රුකුලකි:cool::yes:
     

    Nohim Ys

    Well-known member

  • අපිව අපේ ගමට එක්කං යන සිංදුව....මගේ පපුවට වැඩියෙන්ම දැනුන සිංදුව

    කන්දේ ......ලන්දේ......ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ//

    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

    කන්දේ ලන්දේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
    පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
    මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

    කන්දේ ලන්දේ...


    ගායනය - රෝහන බැද්දගේ මහතා


    277568914_c447aa4386.jpg

    Sigiriya_Village02.jpg

    :D:D:D:D:D
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කරදර පොදි බැඳ ගැල පිට පටවා.......
    කරුමයෙ කලු ගොනු පෙරටුවෙ බැඳගෙන......
    මේ ජීවන මග අප යනවා......
    ඒ ගමනේ දුක් දාහේ නිවාලන....
    සීපද මුවගින් පිට වෙනවා......

    සීපද මුවගින් පිට වෙනවා......



    g28a4zT.jpg





    සේයාරුව දුටු සැනින් හෙල කලා කෙත තුල මං පෙත් එලි පෙහෙලි කල යුග පුරුෂයා කවුදැයි ඔබ කවුරුත් හොඳින් හඳුනනවා ඇත. නවසිය විසි නවයෙ අප්‍රේල් මස සත්වෙනිදා "මහගමගේ සේකර" නම් වූ මහා දාර්ශණිකයා මෙලොව එලිය දුටුවේය.

    ගුරුවරයෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගත්කතුවරයෙකු, කවියෙක්, ගීත රචකයෙක් මෙන්ම තවත් මෙකී නොකී ක්ෂේත්‍ර ගනනාවක තම දස්කම් ප්‍රදර්ෂණය කලද ඔහු අප හදවත් පැහැර ගත්තේ ගැමි සුන්දරත්වයට අව්‍යාජව ආදරය කල සරල ගතිපැවතුම් ඇති මිනිසා ලෙසිනි.

    සේකරයන් විසින් කල නිර්මාන පිලිබඳ විවරනයක් ගෙන ඒමටවත් ඔහුගේ ගුණ අනුස්මරණයක් කිරීමට ගත් උත්සහයක් නොවන බව කරුණාවෙන් සලකන්න.... මන්ද එවැන්නක් කිරීමට තරම් මා හට කිසිදු සුදුසුකමක් නොවීමත් මෙවැනි හුයකින් එවැන්නක් කිරීම අබ පියල්ලක දියෙන් පිපාසය නිවා ගැනීම හා සමාන වීමය...

    සේකරයන් මෙලොව හැරදා යන් තුරුම අප මෙලොව ඉපිද නොසිටියත් අදටත් අප අතර ඔහු සජීවී චරිතයක් වී පවතින්නේ ඔහු විසින් අපට දායද කල ඔහුගේ උසස් වූ නිර්මාණ තුලිනි. තවත් යුග ගනනාවක් ඉදිරි පරම්පරා ගනනාවක් තුල ඔහු සදා අනුස්මරනීය වනු නියතය.
    මහගම සේකරයන් විසින් රචිත සුවහසක් ගීත අතරින් තවත් එක් සුවිශේෂී ගීතයක් ඔබ වෙත ඉදිරිපත් කරම්.

    පහත කවි පන්තිය කියවන විට එක්වරම ඔබේ හිතට නැගෙන ගීතය කුමක්ද?



    Where the mind is without fear and the head is held high
    Where knowledge is free
    Where the world has not been broken up
    into fragments by narrow domestic walls
    Where words come out from the depth of truth
    Where tireless striving stretches its arms towards perfection
    Where the clear stream of reason
    has not lost its way into the dreary desert sand of dead habit
    Where the mind is led forward by thee into ever-widening thought and action
    Into that heaven of freedom, my Father, let my country awake.

    මේ මහා කවි රඛීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගීතාංජලී කාව්‍ය සංග්‍රහයේ අඩංගු වන Mind without Fear නම් වූ පද්‍යය පෙලයි.


    මුල් කෘතියට හානියක් නොවන පරිද්දෙන් සාහිත්‍ය කෘතියක් පරිවර්තනයක් කිරීම පහසු කටයුත්තක් නොවේ.... මේ සඳහා භාෂා දෙකෙහිම සාහිත්‍ය පිලිබඳ පරිනත දැනුමක් අවැසිය. පද්‍ය රචනාවක් පරිවර්තනය මීටත් වඩා බැරෑරුම් කාර්‍යයකි.
    නමුත් ගීතය රසවිඳින විට ඔබට සේකරයන්ගේ විපුල සාහිත්‍ය දැනුමත් භාෂාව හැසිරවීමේ ව්‍යක්ත බවත් මොනවට පැහැදිලිවනු ඇත.

    මෙන්න ගීතය.....


    ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබැලි වලට නොබෙදී
    ඥානය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
    සිටිනට හැකි කොහිදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ ...............



    සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
    ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
    නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ..............



    පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
    සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
    ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.........



    පද රචනය : මහගම සේකර
    ගායනය : පන්ඩිත් අමරදේව
    සුනිල් එදිරිසිංහ







    ප.ලි.
    තම මරණය පිලිබඳ යථාර්තය සියැසින් දැක ගීතයකින් ඉතා සුමියුරු ලෙස රසිකයන්ට කියාදුන් ඒ අසම සම ගීතය " මා මළ පසු සොහොන් කොතේ ....." ගීතය පිලිබඳ හරවත් විවරනයක් එලකිරි විද්වත් මඬුල්ලෙන් බලාපොරොත්තුවෙමි......
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාදුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව


    මේ ලොව යම් කිසිවෙකු
    මාහට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි....


    අඩ සඳ බැසගෙන යන සඳ
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාදුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව


    මේ ලොව යම් කිසිවෙකු
    මාහට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඬින් මට කියාවි....


    අඩ සඳ බැසගෙන යන සඳ
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි......
    11.gif

    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තරඟකාරී ජීවන රටාව තුල තරුණ ජීවිතවල ඇතිවන මානසික ආතතිය නම් වර්තමානයේ ඉතා සුලභ දසුනකි.
    මුදල් මත පදනම් වූ ආර්ථිකය තුල මුදල් පසුපස හඹායන අප මුදලට තාරුන්‍යය පාවාදෙනවා නොවන්නේද?
    ජීවත්විය යුතු නිසාම රැකියාවක් කරනවා විනා තමන්ගේ රැකියාව ගැන කොපමන දෙනෙක් ඇත්තෙන්ම තෘප්තිමත්ද?

    මරණයට කැපවූ ගවයන් මෙන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරන පවුල් බරින් මිරිකී රැකියාව වෙත දුවන
    මිනිසුන් කොපමන නම් උදෑසන බස්නැවතුමේ සිටිත්ද?


    මගේ සක්‍රීය දායකත්වයද සහිතව ඉතා මෑතකදී නිමවූ ව්‍යාපෘතියකි මේ.....

    gVzsvu4.jpg


    ඇත්තම කිව්වොත් නිදි මරාගෙන හිටපු දවස් එමටයි.... නිසි කලට නිමකිරීම, ප්‍රමිතිය, ආරක්ෂාව වගේ හැමදෙයක්ම සමබරව තබාගෙන ලොකු වගකීමක් ඇතිව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට පමනට වඩා වෙහෙසුන බව නම් සත්‍යයකි. විටෙක වැටුපක් වෙනුවෙන් මෙතරම් ජීවිතය කැපකල යුතුදැයි සිතුන අවස්ථාද එමටවිය....

    විටෙක සියල්ල අතහැර දමා හිස හැරුනු අතක යෑමට තරම් මානසික ආතතියකින් සිටි අවස්ථාද විය....
    නිදිවරා රෑ පුරා ක්‍රියාත්මක කොන්ක්‍රීට් කිරීම් වලදී වැඩියෙන්ම මනස අවුල්ව දොම්නසින් සිටින්නේ පවුලේ අය වීමද තවත් බරපතල ගැටලුවක් විය.


    මේ හැම දෙයක්ම සමග සාර්ථකව නිමවූ ව්‍යාපෘතිය දෙස අද නැවත හැරී බලනවිට ඇතිවන්නේ නම් පුංචි සන්තෝෂයකි.
    එමෙන්ම මෙතෙක් කල කැපකිරීම් හා උත්සහයන් මල්ඵල දරා ඇති බව දුටු විට සිත යට මෝදුවන්නේ සිහින් ආත්මාභිමානයකි.....


    ඇත්තෙන්ම රැකියාව ගැන ඇත්තේ සියුම් තෘප්තියකි....


    නමුත් කවුරුත් නොදකින අඳුරු පැත්තක්ද ඇත.


    " කෙනෙකුගේ හම යනවා.... තවත් කෙනෙකුගේ නම යනවා.... "
    මේ හැමදෙයක්ම සාර්ථක වන්නේ සොච්චම් වැටුපක් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා මේ හැම දෙයක්ම සිය දෑතින්ම නිම කල සේවකයන් නිසා නොවේද...?

    KbUW63s.jpg


    ඉතාම සුලු වැටුපකට ජීවිතය පරදුවට තබමින් චන්ඩ හිරු රැස් සමග සටන් වදිමින් නිදි වරාගෙන දහඩිය වැගුරු මේ දැවැන්තයන් අද දිනයේ මා මෙන් සතුටු වන්නේද?

    c89lv9p.jpg


    සෙල්සියස් 40 ඉක්මවූ සැඩ හිරු කිරන මැද ගිනියම් වූ යකඩ කම්බි සමග වැඩ කරන මේ මිනිසුන් මිහිපිට අපායක දුක්විඳිනවා නොවේද..?


    මේ සැම ඔබ හා බෙදා ගත්තේ හදිස්සියේ සවන වැකුනු ගීතයක් නිසාවෙනි.....
    මේ ගීතයෙන් කියවෙන්නෙත් මෙවැනිම කිසිවකු ඇසනොගැටුනු විරුවන් පිරිසක් පිලිබඳවය..... තවත් අටුවා ටීක නැතිව ගීතය රස විඳිමු.....

    දුකම විඳින්නට
    දුක උහුලන්නට
    දුකින් උපන් දරුවෝ
    දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ
    මිහිතලයේ දෙවියෝ....


    උනුදිය කහටින් දෙතොල තෙමා
    රලු කලු ගල් වැලි සිරස දරා
    සෙවනක් නැතිවද රටත සෙවන දී
    පලන්චියේ වඩිනා
    මිහිතලයේ දෙවියෝ......


    උනු වැලි ගින්නේ පැලුනු දෙපා
    මලින් ගඳින් පුදදී බැතිපා
    පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙල
    අපි රකිනා දෙවියෝ
    හිමි පාමුල වැඩියෝ....

    ගායනය - සුනිල් එදිරිසිංහ




    යූ ටියුබ් යොමුවක් සොය ගන්නට බැරිවිය..
    :yes::yes::yes:
    11.gif
    11.gif

    මේක කියවද්දි මට මතක් උනේ
    අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැදෙන්නෙ ගීතයත්
    :D:D
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    :yes::yes::yes:
    11.gif
    11.gif

    මේක කියවද්දි මට මතක් උනේ
    අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැදෙන්නෙ ගීතයත්:D:D

    ගීත විචාරයක් නොවන නිසා මේ හුයට ගැලපෙන්නේ නෑ කියල හිතුනා..... වෙනත් ගීත විචාරයකින් හමුවෙමු.
     

    Annnt

    Member
    May 31, 2013
    1
    0
    0
    දිනය 2013 මාර්තු මාසෙ පලවෙනි සෙනසුරාද. වැහි බීරානියකින් පාලාතම අඳුරු වෙලා. ඒකත් පරිසරයට එක් කරන්නෙ අමුතුම චමත්කාරයක්. මධ්‍යම කඳුකරේ දකුණු කෙලවරේ, හා ගල කියන කඳු මුදුනෙ, පුංචි විවේකයක් ගන්න හිතාගෙන ගල් තලාවක වාඩි වුන මම ලොකු කල්පනාවකට වැටුනෙ නොදැනිම වගේ. පැත්තකින් සමනල වැව, සබරගමුව විශ්වවිද්‍යාලයල, බෙලිහුල් ඔය අපූරුවට තියනව. අනිත් පසින් හරිත වර්ණ කඳුවැටි වලාකුළු අතරෙ හැංගෙන්න හදනව. වෙනත් ලෝකයකට ආව වගේ. හරිත නිම්නයක අතරමන් වෙලා. වෙනද මීටර 100 ක් ඇවිද ගන්න බැරි අපිට කිලෝමීටර ගානක් එක හුස්මට ඇවිදගන්න පුලුවන් දිරියක් හිතට එනව. ස්වභාවධර්මයෙ තියන ලස්සනත් එක්ක මහන්සිය කියල දෙයක් දැනෙන්නෙ නැති ගානයි. අපි ජීවත් වෙන්නෙ කොච්චර ලස්සන ලෝකෙකද? පරිසරය මිනිස්සුන්ගෙ සිතුවිලි හරිම පුදුම විදියට වෙනස් කරනව.
    ටික ටික අඳුර ගලාගෙන ඇවිත් ඒ සුන්දර ලෝකෙ අඳුරු අහස්තලේ නැතිවෙලා යන්නයි හදන්නෙ. ඉර එලියත් එක්ක සුන්දර වෙච්ච පරිසරයට ලොබ බැඳන් හිටී නිසා අඳුරු වෙනකොට හිතට දුකක් දැනෙනව. ඒක තේරුම්ගන්න පුලුවන් නම් ඒ දුක දැනෙන්නෙ නෑ. රාත්‍රියටත් මේ හරිත නිම්නෙ තවත් විදියකට ලස්සන වෙයි. රෑ අහසෙ තරු එක්ක එකතු වෙලා තව තව ලස්සන රටා මැවෙයි.

    අපේ ජීවිතත් ටිකක් මේ වගේ. මටත් නොදැනිම මගේ හිත අතීතයට ගියා.
    කාලයක සිට මමඇයට පෙම් බඳින්නට උනා. ඒ කෙතරම් කාලයක සිටදැයි කීමට මම දන්නෙ නෑ. ඇයද ඒ වග නොදනී. මන්ද මගේ ‍ප්‍රේමය මට පමණක් සීමා වූවක් නිසා. නමුත් කාලය ගත වුනා ඇය කවදාවත් මගේ නොවන බව මට වැටහුන. අදට හරියටම අව්රුද්දකට දවස් දෙකයි අඩු, එදත් අද වගේම සෙනසුරාද දවසක්. කවද හරි අහන්න ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් හිටී එ රහස අහන්න ලැබුන.

    ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
    ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි

    ආපහු උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ ගෙන ඒවි. ඒ දර්ශනය අයෙමත් මේ පරිසරය වර්ණවත් කරාවි. හැමදෙනාම විඳින ඒ දසුනට අපේ සිතුවිලි වෙනස් කරන්න පුලුවන් වෙයිද? ඒ ස්වභාවධර්මයේ හැමෝටම පොදු ධර්මතාව කොහොම වෙනස් කරන්නද? ඒකත් නිතර දකින ඔය නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කරන්න බෑ වගේමයි.

    ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
    ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි

    මගේ මේ හිත කියන දේ ඔබ දන්නවනම් ඈත තියන කඳු මුදුනක සිට බලානඉඳල මගේ මේ හිත කියවන්න පුලුවන් නම් ඇයත් තේරුම් ගනීවි....

    කඳු පාමුල සිට... දැහැනට සම වැද
    මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
    ආල වඩන සද... කිඳුරු ළියේ




    කදුපාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද...
    කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ


    මිටියාවත් කදු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
    ඔබ කී රහසින් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියේ...

    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියේ