උණ්ඩය.....

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා දිහාවට තමන්ගේ තුවක්කුව හරවලා තුන්සැරයක් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි ටික වැදුනේ මෙයාගේ බඩට.

    ඉතින් සිද්දිය දැකපු කට්ටිය ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. මෙයාව පරීක්ෂා කරපු දොස්තර අන්තිමේදී තීරණය කළා දරුවන්ට කිසි අනතුරක් නැහැ කියලා. ඒත් උණ්ඩ ටික ඉවත් කරන එක අවදානම් නිසා බඩේම තියෙන්න අරින්න තීරණය කළා.

    මේ සිද්දියෙන් අවුරුදු 17කට විතර පස්සේ එක දුවෙක් අඩ අඩා අම්මා ලඟට දුවගෙන ආවා.

    “මොකක්ද දුවේ ප්‍රශ්නේ? ඇයි ඔයා අඩන්නේ ?” ගෑනු කෙනා ඇහුවා.

    “මම චූ කරන්න ගියාම මෙන්න මේ උණ්ඩය එලියට අවා” දුව කිව්වා.

    “ආආ එක ගැන දුක් වෙන්න එපා දුවේ” කියලා මීට අවුරුදු 17 කට විතර කලින් උන සිද්දිය පැහැදිලි කළා.

    තව සතියකට විතර පස්සේ අනික් දුවත් ගොඩක් දුකින් ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා ලඟට දුව ගෙන ආවා.
    “අම්මේ මම අද චූ කරන්න ගියාම මේ උණ්ඩය එලියට ආවා”

    ඒ දුවවත් සනසලා ආයිත් අවුරුදු 17 කට කලින් වෙච්ච සිද්දිය පැහැදිලි කළා.
    ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. සති දෙකකට විතර පස්සේ පුතා ගොඩක් බයෙන් බයෙන් ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා ලඟට දුවගෙන ආවා.

    “බය වෙන්න එපා පුතා, මම දන්නවා වෙච්ච දේ. ඔයා චූ කරන්න ගියාම උණ්ඩයක් ආවා නේද ?” අම්මා හිනා වෙවී ඇහුවා.

    “නැහැ. මම මම ගෙදර පිටිපස්සට වෙලා අ# ගගහා, ඉන්නකොට එකපාරටම අපේ බල්ලට වෙඩි වැදිලා මලා”
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මල හුට්ටප්පරයයි..... :baffled::baffled::baffled::baffled::baffled:

    ඒක නෙමෙයි, ඔක්කොම කතා එකපාර දැම්මම අපි රෙප් දෙන්නේ කොහොමද යකෝ........
    :confused::confused::confused::confused::confused:
    :P:P:baffled::baffled::baffled:
    එහෙමද බන්.... හයියෝ එහෙනම් මම සති දෙක තුනකට එකක් වගේ දාන්නම්.... :D:D:D
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    rofl8yi.gif