නව වාහන අංක ක‍්‍රමයක්, අවශ්‍ය නම් අයිතිකර&#354

aruna47

Well-known member
  • නව වාහන අංක ක‍්‍රමයක්, අවශ්‍ය නම් අයිතිකර&#354

    Three-English-letter-number-plates-for-new-vehicles-sri-lanka.jpg


    ලබන ජූලි මාසයේදී නව වාහන අංක ක‍්‍රමයක් හඳුන්වාදී තමන් කැමැති නමක කොටසක්ද අංක තහඩුවට එක් කර ගැනීමේ අවස්ථාවක් සලසා දීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැරසෙයි.

    වාර්තා වන අන්දමට තමන් කැමැති නමක් හා අංකයක් ද සහිත අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් අය කෙරෙනු ඇත.

    මෙම නම් කොටස එක් කරන්නේ ඉංග‍්‍රීසි අක්ෂර තුනකින් හා ඉලක්කම් හතරකින් සමන්විත වන නව ලියාපදිංචි අංකයට අමතරව බවද මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

    මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු පැවසුවේ මේ වනවිට ත‍්‍රිරෝද රථ AAE අංක තහඩු ඔස්සේ ද, යතුරු පැදි AAB අංක තහඩු ඔස්සේ ද, මෝටර් රථ AAC අංක තහඩු ඔස්සේ ද නිකුත් කෙරෙන අතර රුපියල් 50,000 ක මුදලකට තමන් කැමති අංක තහඩුවක් ලබා ගැනීමේ අවස්ථාව පවතින බවය. තවද එම අංකය ඉදිරියට යන පිළිවෙළට රුපියල් දස දහස බැගින් එම රුපියල් පනස්දහසට එක්වන බවද හෙතෙම පැවසීය.

    ජූලි මසදී හඳුන්වා දෙන නව අංක තහඩු පෙළ යටතේ වාහන ලක්ෂ 64 ක් පමණ ලියාපදිංචි කිරීමට හැකි වෙතැයි කියැවේ.


    :rofl::rofl:

    Source: Lanka C NEWS
     
    Last edited:

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    pissuda bunz 1 million deela number plate ekak ganna. kisima samanya minihekata oka ganna behene.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් ඔය අංක තහඩු ක්‍රමය වෙනස් කරන්නේ සාර්ථක කීවෙනි පාරටද ?

    දැන් ආණ්ඩුවට ඕනේ බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන්න, එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ ඒ හම්බ කරන සල්ලිවලට වෙන දේ තමා ප්‍රශ්නේ. අශ්චර්යමත් ගමනක් යන අපිට ඔයිට වඩ හොද හොද සෙල්ලං තව ඉස්සරහට දකින්න ලැබේවි. එත් කොයි සෙල්ලම කරලත් හම්බ කරගන්න සල්ලි ටික වගේ සිය දහස් ගුණයක් මඟුල් නටන්නනේ මේ උදවිය භාවිතා කරන්නේ, තාත්තයි පුතාලයි නැයෝ ටිකයි යාළුමිත්‍රයෝ ටිකයි හෙන්චයියලා ටිකයි හැමදාම ආතල් ගනී, ඔහොම ආතල් අරගෙන කවද හරි ගෙදර යයි,
     

    aruna47

    Well-known member
  • pissuda bunz 1 million deela number plate ekak ganna. kisima samanya minihekata oka ganna behene.

    අපේ ලංකාවට දැන් ලක්ෂ 10 කියන්නේ ලක්ෂයක් වගේ වෙලා. හැම හුකන්නා ගාවම permit වාහන. ඩුබායි වල නම්බර් ප්ලේට් එකක් වික්ක ඩොලර් මිලියන 10 කට.. ලංකාවත් දැන් ඒ වගේ වෙලා :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • දැන් ඔය අංක තහඩු ක්‍රමය වෙනස් කරන්නේ සාර්ථක කීවෙනි පාරටද ?

    දැන් ආණ්ඩුවට ඕනේ බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන්න, එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ ඒ හම්බ කරන සල්ලිවලට වෙන දේ තමා ප්‍රශ්නේ. අශ්චර්යමත් ගමනක් යන අපිට ඔයිට වඩ හොද හොද සෙල්ලං තව ඉස්සරහට දකින්න ලැබේවි. එත් කොයි සෙල්ලම කරලත් හම්බ කරගන්න සල්ලි ටික වගේ සිය දහස් ගුණයක් මඟුල් නටන්නනේ මේ උදවිය භාවිතා කරන්නේ, තාත්තයි පුතාලයි නැයෝ ටිකයි යාළුමිත්‍රයෝ ටිකයි හෙන්චයියලා ටිකයි හැමදාම ආතල් ගනී, ඔහොම ආතල් අරගෙන කවද හරි ගෙදර යයි,

    ඇයි මීට කලින් අශ්චර්යට යනවා දැකලා නැද්ද. නිකන් වැඩක් බලන් නම්බර් ප්ලේට් එකක් අරන් වහනයක් එළවන් ඉදපන් මනුස්සයෝ :rofl::rofl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපිට එච්චරයි අඩුවෙලා තිබුනේ...
    ආඩම්බරයි හසන්ත, මේ රට දැන් හරි පාරේ යනවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Akuru 3kata laksha 10k? Man hithanne na salli godak thiyana business kaarayekwath okak ganiy kiyala. :lol: