photography with amilaboy

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Machan la man heta Nikon D7100 ekak ganna hithan inne :yes: mokada kiyanne meka awlak nadda?? :dull:
    D7100-front.jpg
     
    Thanx machan Big help machan.:D mama ebay ekan Banner kiyana brand eke +8 filter ekak order karanna yanne hodai ne brand eka :D:D:D
    52mm Macro Close-Up +8 Lens Filter For Nikon D3000 D5100 D3100 with 18-55mm Lens

    http://www.ebay.com/itm/52mm-Macro-Close-Up-8-Lens-Filter-For-Nikon-D3000-D5100-D3100-with-18-55mm-Lens-/390549555568?pt=Camera_Filters&hash=item5aee914970

    meka balapan,... okkoma USD 21 mama gaththa,...

    http://www.ebay.com/itm/110568732635?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
    Akira-soczewki-4male.jpg
    MADE IN JAPAN !!!

    MINI TRIPOD FREE !!!

    Akira-soczewki-3male.jpg

    Akira-soczewki-2male.jpg
    Akira-soczewki-1male.jpg

    +

    MINI TRIPOD FREE !!!

    (camera not inlcuded)
    v-006%2Blumix.jpg
    v-006.jpg
     
    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    bump .''.''.'''.'''''.'''''''.''''''.'''.'''.''''''''''''''''''''''''''''''.'''''''.''''.''''.''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''.'''''''''
     
    ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද?

    ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක්.
    digital%20camera%20logo.jpg

    ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබෙනව. තමුන්ට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල? ප්‍රශ්න ගොඩායි. තීරණේ කරගන්න බෑ, මම ගන්න ඕනෙ DSLR එකක්ද, Compact Digital Camera එකක්ද, Pocket Camera එකක්ද, නැත්තම් Film Camera එකක්ද කියල. ඉතින් මොකද කරන්නෙ? ගොඩාක් Trade names තියෙනවා, ගොඩාක් Models තියෙනවා, එක එක මිල ගණං වලට තිබෙනවා. කොහොමද තෝරගන්නෙ???
    හොඳම ක්‍රමය තමයි අවසානයෙන් පටන් ගන්න එක. මොකද්ද ඔයාට කරන්න ඕනෙ?
    ම්ම්ම්ම්…… ඡායාරූප ගන්නනෙ.
    icon_smile.gif

    ඒ උනාට මොන වගේ ඡායාරූපද??? ඔයා ඒවායින් මොකද කරන්නෙ??? ඊලඟට තියෙන ප්‍රශ්නෙ, ඔයා කෙතරම් දුරට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම, ඔයා කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවාද?
    මේකෙ දැනට ටිකක් කියවගෙන ගිහිල්ලනෙ ඔබ ඉන්නෙ. ඒත් එක්කම මෙම අඩවියට ආවෙ ටිකක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙන නිසානෙ. ඒ කියන්නෙ එකක් හරි. ඔබට යම් තරමක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙනවා.ඊළඟට, ඔබට උවමනා වෙන්නෙ, හැම වෙලේම සාක්කුවෙ දාගෙන ඉඳල ගෙදර පොඩි උන්ගෙ ඡායාරූප ගන්නද? ඕනෙම ආලෝක තත්වයක් යටතේ ඡායාරූප ගන්නද? ඕනෙම දුරක ඉඳල ඡායාරූප ගන්නද? ඔබට ඡායාරූපකරණය කරන්න ඉන්නෙ හිතිච්ච හිතිච්ච වෙලාවටද, විනෝදාංශයක් වශයෙන්ද, රැකියාව වශයෙන්ද?
    කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?
    දැන් තියෙන කැමරා හැම එකකම වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Point and Shoot Mode එකක් තිබෙනවා. හුඟක් ඒවා සැණෙළිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා පවතින ආලෝක තත්වය ප්‍රමාණවත් මදි නම්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙද්දි මොකටද මේ Semi Automatic හා Manual Modes??? මේ User Guide එකේ කියල තිබෙන ඒව මේව???උත්තරය තමයි, කැමරාවට හැකි උනත් අවස්ථාවට ගැළපෙන විදිහට යම් යම් වෙනස්කම් කරගන්න (Exposure එක, Aperture එක වගේ දේවල්) ඒව හැම වෙලේම සාර්ථක නෑ, සහ අපිට අවශ්‍ය සැකසුම හැම වෙලේම ලබාගන්න බෑ. ඉතින් අපිට ඕනෙ කරන විදිහෙ ඡායාරූපයක් ලබාගන්න ටිකක් මේ සැකසුම වෙනස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනෙ.ඔබ කැමරාවක් ගන්නකොට හිතන්න ඕනෙ තව දෙයක්ල් තමයි කැමරාවෙ තිබෙන එක එක සැකසුම්, එක එක බොත්තම්, dials වලින් කෙරෙන දේවල් ඔබ භාවිතා කරනවද, කරන්න හිතන් ඉන්නවද කියල. මම නම් හැම වෙලේම උත්සාහ කරනව කැමරාවෙ තිබෙන සියළුම සැකසුම් ගැන දැනගෙන ඉන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙන්නෙ නම් නෑනෙ හැම වෙලේම. ඕනෙ උනාම තමයි ඒක ගැන හරියටම ඉගෙන ගන්නෙ. කැමරාවක තියෙනව නම් අපිටම ඕනෙ සැකසුම් විතරක් තිබෙන කැමරාවක් හදවගන්න අන්න ඒක තමයි ගැළපෙනම වැඩේ, ඒත් එහෙම බෑනෙ. අපිට පුළුවන් තිබෙන ඒවායින් අපිට ගැළපෙන මට්ටමේ එකක් ගන්නනෙ. ඉතින් ඔබ හිතන්න ඕනෙ, ඔබට ඕනෙ සැකසුම් මොනවාදම් මොන මට්ටමකටද කියල. සාමාන්‍යයෙන් බැලුවම DSLR එකක තිබෙන බොත්තම්, dials, menus තිබෙනවා Compact Digital එකකට වඩා. එහෙම තිබෙන්නෙ වැඩිපුර දේවල් කරන්න පුළුවන් වෙන්නනෙ. හැබැයි ඉතින් ඉගෙනගන්න ගියාම ඒවායෙ ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න.
    DSLR ද Compact ද?
    වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි (Interchangeable Lens) හා නොහැකි (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ රුවා ගත හැකි ඒව. ඉතින් ඒකක් ඉතා පහසුවෙන් ඔබ යන යන තැන රැගෙන යා හැකි එකක්. සහ ඔබ කැමැත්තෙන්ම කොහේ ගියත් රැගෙන යන එකක්.
    jpeg-4a.jpg
    Compact Digital Camera වල තව කොටසක් තිබෙනවා DSLR වලට ටිකක් ලඟ. ඒවට කියන්නෙ Prosumers (PROffesional functions in ConSUMER level) කියල. හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි.
    00579_canon-sx10-is.jpg

    සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්, ඕනෙ කරන ඡායාරූපය ගන්න ඔබ ඉන්නෙ හුඟක් දුරින් කියල, නැතිනම් හුඟක් ලඟින් කියල. අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නෙ lens kit එක මාරු කරගන්න තිබ්බනම් කියල. Zoom Lens එකකට, Telephoto Lens එකකට නැතිනම් Wide Angle Lens එකකට. අන්න ඒ වෙලාවට තමයි SLR ඔනෙ වෙන්නෙ.
    00397_sony-alpha-dslr.jpg
    ඒවායේ කාච පද්ධතීන් ගලවල වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් SLR වල තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියන්නෙ ඒකනෙ.) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ. (LCD Screen එක පමණක් තිබෙන කැමරා වලට මේක අදාල නෑ. ඒ කියන්නෙ දැන් කැමරා වලින් 99%කටම. ) DSLR වල තිබෙන තවත් අවාසියක් තමයි, අන්තිමට ඔබට ලොකු බරක් එකතු වීම. කැමරාව, බැටරි, කාච දෙක තුනක්…… ඉතින් DSLR එකක් එහෙ මෙහෙ අරන් යනව කියන එක නම් පහසු දෙයක් නෙමෙයි.Compact Digital එකක තිබෙන පහසුව බැලුවම නම් ඒක තියෙන්නෙ DSLR එකකට වඩා ඉතාම ඉදිරියෙන්. නමුත් කැමරාවෙ හැකියාව අතින් බැලුවම DSLR එකක් අල්ලන්නවත් බෑ තාම Compact Digital එකකට.

    Digital ද, Film ද?
    18382d1220886986-pentax-film-camera-portraits-img_0545-jpg

    “තාම ෆිල්ම් කැමරා හදනවද????………………….. “
    trans.gif
    අපෝයි ඔව්. ඒක නම් තව වසර ගණනාවකට නවතින එකක් නෑ. බොහොමයක් ලොකු ලොකු ඡායාරූප ශිල්පීන් ඉදිරියෙදිත් කළුවර කාමර වලට වෙලා ඡායාරූප නිරාවරණය කරාවි. සමහරෙක් කියාවි ඔවුන් ජීවිතයට ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරල නෑ කියල.මොකද එහෙම වෙන්න හේතුව? ෆිල්ම් කැමරාවකින් කරන්න පුළුවන් විදිහෙ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් ඩිජිටල් කැමරාවක් තාම හැදිල නෑ මම හිතන විදිහට. ෆිල්ම් කැමරාවකින් ගන්න ඡායරූපයක තිබෙන තත්වය (Quality) දැන් තිබෙන කිසිම ඩිජිටල් කැමරාවකින් ගන්න බෑ.ඉතින් මම ඔබට කියන්නෙ නෑ ෆිල්ම් කැමරාවක් ගන්න කියල. නමුත් එහි තිබෙන හොඳ ගැනයි කියන්න ඕනෙ කළේ.
    මොකද්ද Brand එක?
    ඔන්න, හැමෝටම තිබෙන ලොකුම ප්‍රශ්නය………………………
    හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නෙ තමුන් භාවිතා කරන කැමරාවෙ වර්ගය. (ඒකෙ අවුලක් නැත්තම්). අවුලක් තිබ්බත් සමහරු ඒක ගැන හිතන්නෙ නෑ. සමාව දෙනවා. තමුන් වැරදි තේරීමක් කළේ කියල සමහරෙක් පිළිගන්නෙ නෑ. සමහරෙක් මගෙන් අහල තිබෙනව මොකද්ද හොඳ brand එක කියල. මම ඉතින් කියල තිබෙනව කැමරා වල තිබෙන එක එක හැකියාවන් අනුව බැලුවම මෙන්න මේ පැත්තෙන් මේක හොඳයි වශයෙන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම, Japanese – Canon, Nikon, Olympus, Pentax, Minolta සහ German – Contax, Leica කියන සමාගම් හොඳම ෆිල්ම්/ඩිජිටල් කැමරා හදනවා කියල කියන්න පුළුවන්. Sony කැමරාත් ඉතා හොඳයි කියන්න පුළුවන්. Samsung ඩිජිටල් කැමරාත් දැන් වේගයෙන් Compact Digital Camera වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා.
    පික්සල් කීයද?
    දැන් ඩිජිටල් කැමරාවක් ගත්තම මෙගා පික්සල් 10, 15 ඡායාරූප ගන්න පුළුවන් ඒව තියෙන්නෙ. ඉස්සර නම් ඩිජිටල් කැමරාවක හැකියාව බලන්නෙ පික්සල් කීයද කියල. දැන් නම් වෙන වෙන දේවලුත් බලන්න වෙනවනෙ. ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි.
    ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්.
    යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.ගොඩාක් ඉහළ මෙගා පික්සල් ගණනක් තිබෙනව කියන්නෙ ඒකෙ Image Sensor එක තව තවත් සංකීර්ණ වෙනවා හා ඒත් එක්කම මිලත් ඉහළ යනවා. හැබැයි දැන් නම් විශාල මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා. මේවායේ තත්වය ගැන නම් අපිට ස්ථිරව කියන්න බෑ. මට නම් හිතෙන විදිහට 8 – 10 MP කැමරාවක් බොහොමයක් වැඩ වලට ඉහටත් උඩින් ප්‍රමාණවත්. (Professional Photography වල සමහරක් පැති වලට ඇරුනම.) DSLR එකක් නම් හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගාපික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්.
    (ඉහළම quality එක ඕනෙ නම්, ගන්න 35mm ෆිල්ම් කැමරා එකක්.
    icon_smile.gif
    )
    අවසන් නිගමනය

    ඩිජිටල්ද ? ෆිල්ම් ද?
    දැන් ඉතින් බොහොමයක් දෙනා ෆිල්ම් කැමරා ගන්නෙ නෑ, ඒ නිසා කෙලින්ම ඩිජිටල්.
    ඡායාරූප ගන්නෙ මොකටද?
    රැකියාව වශයෙන් – DSLR එකකට යන්න. ෆිල්ම් කැමරාවත් ඉතාම හොඳයි. (නමුත් දැන් ෆිල්ම් කැමරා උනත් වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරනව අඩුයි.)
    විනෝදාංශයට, ලොකු ආසාවක් තියෙනව ඡායාරූපකරණය පැත්තෙන් දෙයක් ඉගෙන ගන්න – Prosumer එකකට යන්න. වැඩි දෙයක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්` ගන්න.
    එහෙ මෙහෙ යන ගමන්, නිකං ඉන්න ගමන්, විනෝදාංශයට – Compact Digital එකක් ගන්න. (Ultra Compact Digital)
    SLR ද Compact ද?
    උඩ එකත් එක්කම හිතන්න.
    කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?
    මොකුත්ම නෑ, ඔනෙ වෙලාවක ෆොටෝ එකක් ගන්නයි ඕනෙ – Ultra Compact Digital එකක් ගන්න.
    ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ඒත් ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. – Ultra Compact Digital එකක් ගන්න, ටිකක් ඉස්සරහට යන්න ආස නම් Prosumer එකකුත් නරක නෑ.
    ඉගෙනගන්න ඕනෙ, නමුත් සල්ලි හොයන්න නෙමෙයි – Prosumer එකක් ගන්න. සංකීරණ දේවල් ටිකක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්.
    මොනව හරි කරල සල්ලි හොයන්න ඕනෙ, ඡායාරූපකරණය රැකියාවක් කරගන්න ඕනෙ – DSLR එකකට යන්න.
    Mega Pixel කීයද?
    ප්‍රින්ට් කරන්න ඉන්න විශාලත්වය කොහොමද?
    A5-A4 = 6 – 8MP හොඳටම ඇති.
    A3 = 10MP වගේ.
    ලොකු පෝස්ටර් ගහන්න = 14MP හෝ ඉහළ
    අන්තිමට, Brand එක මොකද්ද?
    මේකට නම් උත්තරයක් දෙන්න ගිහිල්ල වලි දාගන්න බෑ. මම නම් කැනොන්. පෞද්ගලිකව Canon, Nikon, Sony Compact Digital වලට මම කැමතියි, Pentax, Olympus, Canon, Nikon DSLR වලට කැමතියි. මේක කිව්වෙ ඔබට තෝරාගන්න නෙමෙයි. මේ තමයි මගේ කැමැත්ත.
    ඔබේ කැමැත්ත ගැන හිතල බලන්න. හැම එකකම හොඳ නරක, හැකියාවන් ගැන හොයල බලන්න.
    මේ ලිපියේ තිබෙන්නේ මගේ අදහස, ඔබගේ අදහස හා ඔබ මේ ප්‍රශ්න විවරණය කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන්. ඒක ඔබගේ තීරණය, ඔබගේ දර්ශනය.

    Source
    Photographylk
     
    Last edited:

    Thanks machan onna fees dunna ;):cool:
     
    DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ

    හැඳින්වීම
    DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්. reflex viewfinder එක කියන එක නම් SLR වලම පමණක් තිබෙන දෙයක්. මෙම කැමරා වර්ග දෙක සහ ඒවායේ වෙනස්කම් අපි වෙනමම කතා කරමු.
    DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා ඡායාරූප ශිල්පියාට ඉතාම හොඳ සුනම්‍යතාවයක් ලැබෙනවා. නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා. බොහොමයක් Auto Focus Lens හා පරණ Manual focus film SLR lens උනත් හුඟක් DSLR සමඟ භාවිත කරන්නට පුළුවන්. නමුත් පෙන්වන කෝණයන් වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.
    තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි, දැන් reflex viewfinder එකක් රහිත නමුත් කාච මාරු කළ හැකි ඩිජිටල් කැමරා වර්ගත් තිබෙනවා. මේවායේදී පිටුපසින් ඇති LCD තිරය තමයි ඡායාරූපය ගැනීමේදී භාවිතා වන්නේ. සමහරක් කැමරා වල Electronic viewfinder එකක් තිබෙනවා. එය කාචයට පෙනෙන දේම පෙන්වීමට හැකි ලෙස සකසල තිබෙනව. මේ කැමරා DSLR වලට වඩා කුඩා ලෙස නිපදවා තිබෙන අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හා වේගය නම් DSLR තරමට නම් නෑ. මේවා, Single Lens Display හා Interchangeable Lens Camera යන නම් වලින් හැඳින්වෙනවා.

    DSLR ගැන ඔබ දැනගතයුතු දේවල් 10ක්

    1. භාවිත කරන අවස්ථාවේදී වඩාත්ම කාර්යක්ෂම වෙන්නෙ DSLR තමයි. අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම හා, ඡායාරූපයේ වදින දේ 100%ක්ම නොපෙන්වීම. (නමුත් දැන් බොහොමයක් කැමරා වල 100%ක්ම හෝ 95%ක් වගේ ප්‍රමාණය්ක්වත් Live view එක මගින් පෙන්වනවා.)
    2. DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි. හැබැයි ඒකෙන් exposure එක එහෙම නම් නිවැරදිව හිතාගන්නට අපහසුයි.
    3. DSLR එකක optical zoom එක වෙනස් වෙන්නෙ ඒකත් එක්ක භාවිතා කරන කාචය අනුවයි. කැමරාව ගැන විස්තර කරනකොට optical zoom ගැන කියන්න බෑ. zoom කරන්න බැරි කාචයන් හඳුන්වන්නේ prime lenses කියලයි.
    4. DSLR එකක Focal Length Multiplier කියන එක, ඒකෙ සෙන්සරයේ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන දෙයක්. ලෙන්ස් එකෙ දර්ශන කෝණය ගණනය කෙරෙන්නෙ, ඒ කාචය සවි කරල තිබෙන කැමරාවේ Focal Length Multiplier එක භාවිත කරලයි.
    5. SLR කැමරාවට කාචය සවිකරන සම්බන්ධකයට කියන්නෙ mount එක කියල. එකම ආකාරයේ mount එකක් තිබෙන කැමරා කා කාච පමණයි එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්.
    6. SLR කැමරා වලදී සූම් කිරීම, නාභිගත කිරීම අපිටම කළ හැකියි.. සමහරක් අවස්ථා වලදී කැමරාව මගින් කරන නාභිගත කිරීම වඩා වේගවත් හා සාර්ථක වන අතර, සමහරක් අවස්ථා වලදී අපිම නාභිගත කිරීම වඩා නිවැරදි වෙනවා.
    7. සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්. manually නභිගත කිරීම, white balance අවශ්‍ය පරිදි සැකසීම, ඉහළ ISO අගයන් තිබීම, පිටතින් සැණෙළියක් සවිකළ හැකි hot shoe එකක් පැවතීම, RAW වර්ගයේ ඉමේජයන් ආකාරයට ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.
    8. කැමරාවට සවි කර ඇති කාචයේ හැකියාව අනුව ලබා ගත හැකි aperture අගයන් සීමා වෙනවා, ගැළපෙන shutter වේගයන් කැමරාවෙන් වෙනස් කළ හැකියි හා ඒ අගයන්ද කැමරාව අනුව වෙනස් වෙනවා.
    9. DSLR කැමරා වලට විඩීයෝ පටිගත කිරීමේ හැකියාවත් දැන් ලබල දීල තිබෙනව. හැකියාවන් දියුණු වූවත් කිහිපයකට පමණයි, පටිගත කරන අතරතුර එක දිගට නාභිගත කිරීම කරන්න පුළුවන්.
    10. DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි. (live view භාවිතා කරන්නේ නැති නම්). ප්‍රධානම හේතුව වෙන්නෙ LCD තිරය විශාල විදුලියක් භාවිත කිරීම හා එය ක්‍රියාත්මකව පවතිනතාක් සෙන්සරය හා ඇතුළත පරිපථ ක්‍රියාකාරිත්වයේ පැවතීමයි.
    DSLR භාවිතයේ වාසි
    තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.
    ක්‍රියාකාරිත්වය අතින් DSLR කැමරා වල තිබෙන වාසියක් තමයි වේගය. Fixed lens camera වලට වඩා මේවායේ නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපගත කිරීමේ වේගය වැඩියි. වෙනත් දේවල් පවා වේගවත්. ඡායාරූපයක් ගෙන ඊලඟ ඡායාරූපය ගැනීමට සුදානම් වීමට ගත වන කාලය, කැමරාව ඔන් වීමට ගත වන කාලය වගේ දේවලුත්.
    චලනය වන වස්තූන් ඡායාරූපගත කිරීමේදී, නාභිගත කිරීමේ වේගය හා ඡායාරූපය ගැනීමේ වේගය ඉතාම වැදගත් සාධකයන් බවට පත් වෙනවා. Fixed lens කැමරාවකට සාපේක්ෂව DSLR කැමරාවකට, වේගවත් නාභිගත කිරීමේ හැකියාවක් තිබෙනවා. DSLR කැමරා වල ඉහළ විභේදනයකින් යුතු ඡායාරූපයක් ගැනීමේදී පවා ඉතා ඉක්මනින් ඡායාරූපය ගැනීමටත්, ඊලඟ ඡායාරූපය ගැනීමට කැමරාව සකසා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. (නමුත් මතක පතේ වේගය මත මෙය වෙනස් වෙනවා.) හැබැයි දැන් නම් CMOS තාක්ෂණය භාවිත කරන ඉතා වේගවත් fixed lens කැමරා පවා තිබෙනවා. Action Photography හා Fashion Photography වලදී Burst mode නැතිනම් continuous mode භාවිත කර යුතු වෙනවා. මොකද කිව්වොත් අවශ්‍යම අවස්ථාව ඡායාරූපගත කරගැනීමට. එය කොයි මොහොතේ එයිද කියා දන්නේ නැති නිසා. DSLR කැමරා වේගවත්ව ඡායාරූපය ගන්නවා පමණක්ම නොවෙයි, එය එක ශොට් එකකදී එක දිගටම ඡායරූප රැසක් කෙටි කාල පරාසයන් තුළදී ඡායාරූපගත කරනවා. මේ හරහා අවශ්‍ය කරන මොහොතම ඡායාරූපයට නැඟීමේ හැකියාව වැඩි වෙනවා.

    DSLR භාවිතයේ අවාසි

    DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා. ප්‍රධානම අවාසි දෙකක් තමයි, මිල හා සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල. මිල අඩුම DSLR කැමරාවටත් ලෙන්ස් එකක් එකතු කළාම, ඒකත් සියළුම fixed lens කැමරා වල මිලට වඩා ඉහළ වෙනවා.
    සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීම. දැන් දැන් එන DSLR වල තාක්ෂණයක් තිබෙනවා මෙම දුහුවිල්ල සෙන්සරය සෙලවීම මගින් ඉවත් කිරීමට. නමුත් ඒකෙන් ප්‍රශ්නය අඩු උනාට ඒක විසඳුමක් නෙමෙයි.
    තවත් තිබෙන පොඩි පොඩි අවාසි ටිකක් තමයි, live view වලදි කළ හැකි දේ අඩු වීම, ශටරයේ ශබ්දය, වැඩි බරකින් යුක්ත වීම. ඡායාරූපය කොහොම නිරාවරණය වෙයිද යන්න, කිසිම කෙනෙක්ට හරියටම කියන්න බෑ, ඒක අත්දැකීම් එක්කම එකතු වෙන හැකියාවක්. ශටරයේ ශබ්දය සමහරක් අවස්ථා වල කරදරයක් වෙන්න ඉඩ තිබෙනව. උදා: පංසලක් වැනි නිශ්ශබ්ද පරිසරයකදී. අවසානව, කැමරාවේ විශාලත්වය කියන එක අමතක කරන්න පුළුවන් සාධකයක් නෙමෙයි. සාමාන්‍ය රීතියක් තමයි, “කැමරාව ලොකු වෙන්න ලොකු වෙන්න, ඔබ ගන්නා ඡායාරූප ප්‍රමාණයත් අඩු වෙනවා” කියන එක.

    Lens Mounts

    Lens Mount එකක කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි, කැමරාවට ලෙන්සය සවි කිරීම. අනිත් එක, කැමරාව හා ලෙන්සය අතර පණිවුඩ හුවමාරු කර ගැනීම. හුඟක් ලෙන්ස්, ගැළපෙන ලෙන්ස් මවුන්ට් එකක් තිබෙන ඕනෑම කැමරාවකට සවි කරන්න පුළුවන්. නමුත් අර තොරතුරු හුවමාරු කරගැනීම කරන්න පුළුවන් වෙන්න අදාල හැකියාවන් සහිත කාචයක් හා DSLR body එකක් විය යුතුයි. මොකද දැන් තිබෙන අලුත්ම කාච වල විවිධ නවතම තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒත් එක්කම ලෙන්ස් මවුන්ට් වලත්. ඉතින් අලුත්ම කැමරාවකට පරණ කාවයකුත්, පරණ කැමරාවකට අලුත්ම කාචයකුත් සවි කරනකොට, අර අලුත් තාක්ෂණයන් භාවිත කළ නොහැකි වෙන්නට ඉඩ තිබෙනවා.
    DSLR කැමරා වල තිබෙන ප්‍රධානතම වෙනසක් තමයි මේ lens mount එක. මොකද ඒක අනුව ඒ ඒ කැමරාව සමඟ භාවිතා කළ හැකි කාචයනුත් වෙනස් වල නිසා. ඒ අදාල කැමරා නිෂ්පාදන සමාගම නිපදවන කාච සවි කරන්න පුළුවන් වෙන්න තමයි ඔවුන් ලෙන්ස් මවුන්ට් එකත් හදන්නෙ. නමුත් වෙනත් කාච නිෂ්පාදන සමාගම් තිබෙනවා, විවිධ ලෙන්ස් මවුන්ට් වලට හරියන්න කාච නිපදවන. ඒවායේ තාක්ෂණික මට්ටම් හා තත්වයත් එකිනෙකින් වෙනස් වෙනවා. කුඩා කැමරා සෙන්සර සඳහා නිපදවන කාචත් කුඩයි, සැහැල්ලුයි, මිලෙනුත් අවු වෙන්නට පුළුවන්. ඒත් එක්කම, විශාල කැමරා වෙන්සර වලට ගැළපෙන්න හදන කාච විශාල හා බරින්ද, මිලින්ද වැඩියි.

    කාච වර්ග

    Zoom කිරීමේ හැකියාව නැති කාච හඳුන්වන්නේ Prime Lens වශයෙන්. Zoom කරන්න පුළුවන් ඒව Zoom Lens කියල හඳුන්වනවා. සූම් ලෙන්ස් භාවිතා කිරීමේ වාසි තිබෙනවා. ඡායාරූපයක් රාමුගත කිරීමේදී, ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ප්‍රයිම් ලෙන්ස් වලත් ගොඩක් වාසි තිබෙනවා. උදා: බර අඩු කම, විශාලත්වයෙන් අඩු වීම, වඩා විශාල ඇපචර අගයක් තිබීම වගේ දේවල්. ඒත් එක්කම ඡායාරූප වල තත්වයත් ගොඩක් ඉහළයි.
    කාචයක, ඉහළම ඇපචර අගය, එම කාචයේ නාභිය දුර සමඟ වෙනස් වෙනවා. ඇපචරය විශාලයි කියන්නෙ අවශ්‍ය වන්නේ අඩු ආලෝකයක් කියන එක සහ ඡායාරූපයේ ගැඹුර (Depth of Field) ඉතා අඩුයි කියන එකයි. කාචයක කුඩා හා විශාල ඇපචර අගයන් දෙකක් ලබා දෙනවා. ඒ නාභිය දුර අඩුම විට ලැබෙන විශාලම ඇපචර අගය හා නාභිය දුර වැඩිම විට ලැබෙන කුඩාම ඇපචර අගයනුයි. ලෙන්ස් එකකදී එක් ඇපචර අගයක් පමණක් සඳහන් නම් ඒකෙන් කියවෙන්නේ කාචයේ සියළුම නාභිය දුර සඳහා ඇත්තේ එක විශාලම ඇපචර අගයක් බවයි.
    දැනට තිබෙන අලුත් කාච බොහොමයක්ම ස්වයංක්‍රීයව නාභිගතකිරීම් කළ හැකි කාචයි. ඒත් එක්කම ඒ බොහොමයක, manual focusing පහසුකමත් තිබෙනවා.
    සාමාන්‍ය කාචයකට නොහැකි තරම් ලභ වස්තූන්ට නාභිගත කළ හැකි කාච, macro lens යන නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාචය අසලම වස්තූන්ට පවා නාභිගත කළ හැකි කාච තිබෙනවා.
    කැමරා වගේම කාච වලටත් අනන්‍ය වූ විවිධ තත්වයන් තිබෙනවා. ඒක කාචයේ specification එක මත පමණක්ම රැදෙමින් තේරුම් ගත හැක්කක් නොවෙයි. විවිධ නිෂ්පාදකයින්, විවිධාකාරයේ පහසුකම් සහිත කාචයන් නිපදවනවා. කාචයක තිබෙන තත්වය මත, එය භාවිතයෙන් ලැබෙන ඡායාරූපයේ තත්වයන්ද වෙනස් වෙනවා. sharpness, resolution, contrast සහ aberrations වගේ දේවල් උදාහරණයන්ට ගන්න පුළුවන්. කාචයේ තත්වය එම කාචය භාවිත කිරීමේදී ඡායාරූපයක් නාභිගත කිරීමට ගත වන කාලයටත් ගොඩක් බලපානවා. Canon කාච, නිශ්ශබ්ද හා වේගවත් නාභිගත කිරීමේ හැකියාවකින් යුක්ත වෙනවා. ඔවුන් එය USM නමින් හඳුන්වනවා ඒත් එක්කම Pentax මැය හඳුන්වන්නේ SDM නමින්. Nikon මේකට කියන්නෙ AF-S කියල. Sony කියන්නෙ SSM කියලයි.

    නාභිය දුර

    කාච තෝරා ගැනීමේදී ඒ කැමරාවට අදාලව, දර්ශන කෝණය අනුව තෝරාගත යුතු වෙනවා. සාමාන්‍යයෙන් ගතහොත්, 35mm වලට අනුපාතික නාභිය දුරත් එක්කයි ඒක ප්‍රකාශ කෙරෙන්නේ.

    • 50mm ලෙන්ස් එකක් සාමාන්‍ය කාචයක් විදිහට හැඳින්වෙනවා. ඒකට හේතුව වන්නේ ඒක සාමාන්‍ය මිනිස් ඇසකට සමාන මට්ටමින් වගේ ක්‍රියාත්මක වන නිසයි.
    • 35 – 70mm කාච, සම්මත කාච වෙනව. මේව භාවිතා කරන්නෙ එදිනෙදා හා සාමාන්‍ය ඡායාරූපකරණයටයි.
    • 70mm වලට වඩා විශාල කාච telephoto lenses වෙනවා. මෙතැන් සිට මීට විශාල ඒවාට zoom කිරීමේ හැකියාව තිබෙනවා.
    • 250mm ප්‍රමාණයට වඩා විශාල කාච ultra-telephoto කාචයන් වෙනවා.
    • 35mm වලට වඩා කුඩා කාච wide-angle lenses වෙනවා. මේවාට ඉතා විශාල පරාසයක් ඡායාරූපයට නතු කරගන්න පුළුවන්.
    • 24mm වලට වඩා කුඩා ඒවා ultra-wide angle lenses ලෙස හඳුන්වනවා මේවායේ යම් රූපයේ ඇද වීමක් පෙන්වනවා හුඟක්ම නාභිය දුර අඩු ඒව fish eye lenses කියල හඳුන්වනවා.
    • පුද්ගල ඡායරූප ගන්න සුදුසුම වෙන්නෙ 105mm වගේ කාචයක්. ඒවායින් ලස්සන පෙනුමක් ලබා දෙනවා.
    ඔබට අවශ්‍ය කාචය තේරීමේදී.

    • ප්‍රයෝජනවත් නාභිය දුර ප්‍රමාණයන් තේරීමක් කර ඒවා කැමරාවේ focal-length-multiplier එකෙන් ගුණ කරන්න.
    • විශාලම එක කුඩාම නාභිය දුරෙන් බෙදා අවශ්‍ය කරන optical zoom අගය සොයාගන්න.
    • Optical Zoom අගය 15Xට වඩා වැඩි නම් කාච එකකට වඩා අවශ්‍ය වේවි.
    • Optical Zoom අගය 6X වලට වඩා වැඩි නම් එක කාචයක් ප්‍රමාණවත් වුවත් ඡායරූපයේ තත්වයට යම් නරක බලපෑමක් කළ හැකියි.
    • කෙටි පරාසයක් පමණක් අවශ්‍ය නම් එක් zoom lens එකක් හෝ prime lens කිහිපයක් භාවිතා කළ හැකියි.
    • ඔබට අවශ්‍ය පරාසය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කාචය/කාච කුමන ඒවාදැයි හරි හැටි තෝරාගන්න. ඊට අමතරව ඔබගේ තේරීම කිරීම සඳහා, ඔබට අවශ්‍ය විශාලතම aperture අගය, කුඩාම නාභිය දුර කුමක්ද යන ඒවා ගැනත් සිතන්න අමතක කරන්න එපා.

    Photographylk
     
    Last edited:
    Basic Camera Modes

    කැමරාවේ ඇති විවිධ modes

    ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ.
    කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.
    බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modes ටිකක්, ඒව අපි එකිනෙක හඳුනා ගනිමු.

    මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.

    • Basic Zone
    • Creative Zone

    මුලින් බලමු Basic Zone එක ගැන.
    මෙහි කරන්නේකැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
    මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.

    Fully Automatic

    පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්නනෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
    සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
    සැ. යු. : කැමරාව, පරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියල, හැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.

    Portrait mode
    පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
    පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
    බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
    ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.

    Macro mode
    නම macro උනාට මේකෙන් කරන්නෙ ඉතා කුඩා දේවල් ඡායරූපයට නැගීම. කුඩා කෘමියෙක්, ලස්සන මලක්, හෝ වෙනත් කුඩා දෙයක් ඡායාරූපයට නැගීමේදී ඔබ භාවිතා කළ යුත්තේ මෙම mode එක. මෙහිදී සැලකිය යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනව. මම ඒ ගැන පසුවට කියන්නම්.
    මෙහිදී ඡායාරූපයට නැගෙන දෙය කැමරා කාචයට 2 – 10 cm ඈතින් තමයි තිබිය යුත්තේ. හුඟාක්ම ලඟින් තිබෙන නිසා කැමරාව හැසිරවීමඉතාම පරෙස්සමෙන් කළයුතුයි, මොකද කැමරාවේ ඉතා කුඩා සෙලවීමකින් නාභිගත වීම නැතිවෙනව.මෙම mode එකේදි tripod එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.

    Landscape mode
    මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.

    සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.

    Sports mode (Action mode)

    චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම.මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
    නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ.එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.

    Night mode

    නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ.පෙරබිම (foreground) ආලෝකමත්කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව.දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
    නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
    ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.

    Video mode
    සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.

    Photographylk
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    Thanx machan...Onna ubata 4k ariya man.....:yes::yes:
     
    • Like
    Reactions: D I A B L O