Machan la man heta Nikon D7100 ekak ganna hithan innemokada kiyanne meka awlak nadda??
![]()
Thanx machan Big help machan.mama ebay ekan Banner kiyana brand eke +8 filter ekak order karanna yanne hodai ne brand eka
52mm Macro Close-Up +8 Lens Filter For Nikon D3000 D5100 D3100 with 18-55mm Lens
http://www.ebay.com/itm/52mm-Macro-Close-Up-8-Lens-Filter-For-Nikon-D3000-D5100-D3100-with-18-55mm-Lens-/390549555568?pt=Camera_Filters&hash=item5aee914970
Thama charging 

Machan la man heta Nikon D7100 ekak ganna hithan innemokada kiyanne meka awlak nadda??
![]()
Mage AF point eka center Lock wela thiyenne change karanna bane 
patta item ekak nemeka balapan,... okkoma USD 21 mama gaththa,...
http://www.ebay.com/itm/110568732635?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
MADE IN JAPAN !!!
MINI TRIPOD FREE !!!
+
MINI TRIPOD FREE !!!
(camera not inlcuded)
![]()
ඔබට ඕනෙ මොන වගේ කැමරාවක්ද?
ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක්.
![]()
ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබෙනව. තමුන්ට ඕනෙ මොන වගේ කැමරාවකද? මොන මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල? ප්‍රශ්න ගොඩායි. තීරණේ කරගන්න බෑ, මම ගන්න ඕනෙ DSLR එකක්ද, Compact Digital Camera එකක්ද, Pocket Camera එකක්ද, නැත්තම් Film Camera එකක්ද කියල. ඉතින් මොකද කරන්නෙ? ගොඩාක් Trade names තියෙනවා, ගොඩාක් Models තියෙනවා, එක එක මිල ගණං වලට තිබෙනවා. කොහොමද තෝරගන්නෙ???
හොඳම ක්‍රමය තමයි අවසානයෙන් පටන් ගන්න එක. මොකද්ද ඔයාට කරන්න ඕනෙ?
ම්ම්ම්ම්…… ඡායාරූප ගන්නනෙ.![]()
ඒ උනාට මොන වගේ ඡායාරූපද??? ඔයා ඒවායින් මොකද කරන්නෙ??? ඊලඟට තියෙන ප්‍රශ්නෙ, ඔයා කෙතරම් දුරට ඡායාරූපකරණය ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම, ඔයා කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවාද?
මේකෙ දැනට ටිකක් කියවගෙන ගිහිල්ලනෙ ඔබ ඉන්නෙ. ඒත් එක්කම මෙම අඩවියට ආවෙ ටිකක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙන නිසානෙ. ඒ කියන්නෙ එකක් හරි. ඔබට යම් තරමක් හරි ඉගෙන ගන්න උවමනාව තිබෙනවා.ඊළඟට, ඔබට උවමනා වෙන්නෙ, හැම වෙලේම සාක්කුවෙ දාගෙන ඉඳල ගෙදර පොඩි උන්ගෙ ඡායාරූප ගන්නද? ඕනෙම ආලෝක තත්වයක් යටතේ ඡායාරූප ගන්නද? ඕනෙම දුරක ඉඳල ඡායාරූප ගන්නද? ඔබට ඡායාරූපකරණය කරන්න ඉන්නෙ හිතිච්ච හිතිච්ච වෙලාවටද, විනෝදාංශයක් වශයෙන්ද, රැකියාව වශයෙන්ද?
කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?
දැන් තියෙන කැමරා හැම එකකම වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Point and Shoot Mode එකක් තිබෙනවා. හුඟක් ඒවා සැණෙළිය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනවා පවතින ආලෝක තත්වය ප්‍රමාණවත් මදි නම්. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති එහෙම එකක් තියෙද්දි මොකටද මේ Semi Automatic හා Manual Modes??? මේ User Guide එකේ කියල තිබෙන ඒව මේව???උත්තරය තමයි, කැමරාවට හැකි උනත් අවස්ථාවට ගැළපෙන විදිහට යම් යම් වෙනස්කම් කරගන්න (Exposure එක, Aperture එක වගේ දේවල්) ඒව හැම වෙලේම සාර්ථක නෑ, සහ අපිට අවශ්‍ය සැකසුම හැම වෙලේම ලබාගන්න බෑ. ඉතින් අපිට ඕනෙ කරන විදිහෙ ඡායාරූපයක් ලබාගන්න ටිකක් මේ සැකසුම වෙනස් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනෙ.ඔබ කැමරාවක් ගන්නකොට හිතන්න ඕනෙ තව දෙයක්ල් තමයි කැමරාවෙ තිබෙන එක එක සැකසුම්, එක එක බොත්තම්, dials වලින් කෙරෙන දේවල් ඔබ භාවිතා කරනවද, කරන්න හිතන් ඉන්නවද කියල. මම නම් හැම වෙලේම උත්සාහ කරනව කැමරාවෙ තිබෙන සියළුම සැකසුම් ගැන දැනගෙන ඉන්න. නමුත් ඉතින් ඒව භාවිතා වෙන්නෙ නම් නෑනෙ හැම වෙලේම. ඕනෙ උනාම තමයි ඒක ගැන හරියටම ඉගෙන ගන්නෙ. කැමරාවක තියෙනව නම් අපිටම ඕනෙ සැකසුම් විතරක් තිබෙන කැමරාවක් හදවගන්න අන්න ඒක තමයි ගැළපෙනම වැඩේ, ඒත් එහෙම බෑනෙ. අපිට පුළුවන් තිබෙන ඒවායින් අපිට ගැළපෙන මට්ටමේ එකක් ගන්නනෙ. ඉතින් ඔබ හිතන්න ඕනෙ, ඔබට ඕනෙ සැකසුම් මොනවාදම් මොන මට්ටමකටද කියල. සාමාන්‍යයෙන් බැලුවම DSLR එකක තිබෙන බොත්තම්, dials, menus තිබෙනවා Compact Digital එකකට වඩා. එහෙම තිබෙන්නෙ වැඩිපුර දේවල් කරන්න පුළුවන් වෙන්නනෙ. හැබැයි ඉතින් ඉගෙනගන්න ගියාම ඒවායෙ ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්න.
DSLR ද Compact ද?
වෙළඳපළේහි තිබෙන කැමරා විවිධාකාරයෙන් කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. සරළම සහ වැදගත්ම කාණ්ඩ කිරීමක් තමයි කාච පද්ධතිය මාරු කළ හැකි (Interchangeable Lens) හා නොහැකි (Fixed Lens) කියන එක. Fixed Lens Camera බොහොමයක්, කුඩා, බර අඩු, සාක්කුවේ රුවා ගත හැකි ඒව. ඉතින් ඒකක් ඉතා පහසුවෙන් ඔබ යන යන තැන රැගෙන යා හැකි එකක්. සහ ඔබ කැමැත්තෙන්ම කොහේ ගියත් රැගෙන යන එකක්.
Compact Digital Camera වල තව කොටසක් තිබෙනවා DSLR වලට ටිකක් ලඟ. ඒවට කියන්නෙ Prosumers (PROffesional functions in ConSUMER level) කියල. හැඩහුරුකමත් DSLR වගේම තමයි. DSLR වල තිබෙන සැකසුම්, පහසුකම් බොහොමයක් මේවායෙත් තිබෙනවා. වෙනස තමයි මේවායෙ Lens එක මාරු කරන්න බැරි එක. මේවා නම් ටිකක් ලොකු බර කැමරා. සාක්කුවෙ දාගෙන නම් යන්න අමාරුයි. නමුත් DSLR වලට වඩා භාවිතය නම් පහසුයි.![]()
![]()
සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්, ඕනෙ කරන ඡායාරූපය ගන්න ඔබ ඉන්නෙ හුඟක් දුරින් කියල, නැතිනම් හුඟක් ලඟින් කියල. අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නෙ lens kit එක මාරු කරගන්න තිබ්බනම් කියල. Zoom Lens එකකට, Telephoto Lens එකකට නැතිනම් Wide Angle Lens එකකට. අන්න ඒ වෙලාවට තමයි SLR ඔනෙ වෙන්නෙ.
ඒවායේ කාච පද්ධතීන් ගලවල වෙනත් කාච පද්ධතියක් සවි කරන්න පුළුවන්නෙ. තවත් SLR වල තිබෙන වැදගත් දෙයක් තමයි ඔබට View Finder එකෙන් පෙනෙන්නෙ ඇත්තටම කාචයට පෙනෙන දේම වීම. (Single Lens Reflect කියන්නෙ ඒකනෙ.) බොහොමයක් Point and Shoot කැමරා වල View Finder එකෙන් පෙනෙන්නෙ වෙනමම කාචයකින් ගන්න රූපයක්නෙ. (LCD Screen එක පමණක් තිබෙන කැමරා වලට මේක අදාල නෑ. ඒ කියන්නෙ දැන් කැමරා වලින් 99%කටම. ) DSLR වල තිබෙන තවත් අවාසියක් තමයි, අන්තිමට ඔබට ලොකු බරක් එකතු වීම. කැමරාව, බැටරි, කාච දෙක තුනක්…… ඉතින් DSLR එකක් එහෙ මෙහෙ අරන් යනව කියන එක නම් පහසු දෙයක් නෙමෙයි.Compact Digital එකක තිබෙන පහසුව බැලුවම නම් ඒක තියෙන්නෙ DSLR එකකට වඩා ඉතාම ඉදිරියෙන්. නමුත් කැමරාවෙ හැකියාව අතින් බැලුවම DSLR එකක් අල්ලන්නවත් බෑ තාම Compact Digital එකකට.![]()
Digital ද, Film ද?
![]()
“තාම ෆිල්ම් කැමරා හදනවද????………………….. “
අපෝයි ඔව්. ඒක නම් තව වසර ගණනාවකට නවතින එකක් නෑ. බොහොමයක් ලොකු ලොකු ඡායාරූප ශිල්පීන් ඉදිරියෙදිත් කළුවර කාමර වලට වෙලා ඡායාරූප නිරාවරණය කරාවි. සමහරෙක් කියාවි ඔවුන් ජීවිතයට ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරල නෑ කියල.මොකද එහෙම වෙන්න හේතුව? ෆිල්ම් කැමරාවකින් කරන්න පුළුවන් විදිහෙ දේවල් හැම එකක්ම කරන්න පුළුවන් ඩිජිටල් කැමරාවක් තාම හැදිල නෑ මම හිතන විදිහට. ෆිල්ම් කැමරාවකින් ගන්න ඡායරූපයක තිබෙන තත්වය (Quality) දැන් තිබෙන කිසිම ඩිජිටල් කැමරාවකින් ගන්න බෑ.ඉතින් මම ඔබට කියන්නෙ නෑ ෆිල්ම් කැමරාවක් ගන්න කියල. නමුත් එහි තිබෙන හොඳ ගැනයි කියන්න ඕනෙ කළේ.![]()
මොකද්ද Brand එක?
ඔන්න, හැමෝටම තිබෙන ලොකුම ප්රශ්නය………………………
හැබැයි මේකට කිසිම කෙනෙක්ගෙන් හරි උත්තරයක් කියල එකක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ඔවුන් අනිවාර්යයෙන්ම කියන්නෙ තමුන් භාවිතා කරන කැමරාවෙ වර්ගය. (ඒකෙ අවුලක් නැත්තම්). අවුලක් තිබ්බත් සමහරු ඒක ගැන හිතන්නෙ නෑ. සමාව දෙනවා. තමුන් වැරදි තේරීමක් කළේ කියල සමහරෙක් පිළිගන්නෙ නෑ. සමහරෙක් මගෙන් අහල තිබෙනව මොකද්ද හොඳ brand එක කියල. මම ඉතින් කියල තිබෙනව කැමරා වල තිබෙන එක එක හැකියාවන් අනුව බැලුවම මෙන්න මේ පැත්තෙන් මේක හොඳයි වශයෙන්. නමුත් කිසිම වෙලාවක කියන්න බෑ අපිට, සමස්ථයක් වශයෙන් බැලුවම කොයිකද හොඳ කියල.දැන් වෙළඳපළේ තිබෙන brands බැලුවම, Japanese – Canon, Nikon, Olympus, Pentax, Minolta සහ German – Contax, Leica කියන සමාගම් හොඳම ෆිල්ම්/ඩිජිටල් කැමරා හදනවා කියල කියන්න පුළුවන්. Sony කැමරාත් ඉතා හොඳයි කියන්න පුළුවන්. Samsung ඩිජිටල් කැමරාත් දැන් වේගයෙන් Compact Digital Camera වෙළඳපළ ආක්‍රමණය කරමින් සිටිනවා.
පික්සල් කීයද?
දැන් ඩිජිටල් කැමරාවක් ගත්තම මෙගා පික්සල් 10, 15 ඡායාරූප ගන්න පුළුවන් ඒව තියෙන්නෙ. ඉස්සර නම් ඩිජිටල් කැමරාවක හැකියාව බලන්නෙ පික්සල් කීයද කියල. දැන් නම් වෙන වෙන දේවලුත් බලන්න වෙනවනෙ. ඇත්තටම බැලුවොත් ඡායාරූපයක පික්සල් ගණන සළකන්න වෙන්නෙ ඔබ ගන්නා ඡායාරූපය කොපමණ විශාලත්වයකට මුද්‍රණය කරන්න ඕනෙද කියන එක මතයි.
ඔබ ගන්නා ඡායාරූප මුද්‍රණය කරන්නෙ පෝස්ට් කාඩ්, නැතිනම් A5 ප්‍රමාණයේ නම් 6 MP හොඳටම ප්‍රමාණවත්. A4 එකකට උනත් ඒක ප්‍රමාණවත් කියල කියන්න පුළුවන්.
යම් ප්‍රමාණයක පික්සල් ගණනක් අවශ්‍ය උනත්, ඡායාරූපයක තත්වය රඳාපවතින්නෙ, කැමරාවේ කාච මත හා Image Sensor + Processor එකේ හැකියාව මතයි. ඉතින් ලොකු ලොකු මෙගා පික්සල් ගණං වලට යද්දි මේක ගැනත් හිතන්න.ගොඩාක් ඉහළ මෙගා පික්සල් ගණනක් තිබෙනව කියන්නෙ ඒකෙ Image Sensor එක තව තවත් සංකීර්ණ වෙනවා හා ඒත් එක්කම මිලත් ඉහළ යනවා. හැබැයි දැන් නම් විශාල මෙගා පික්සල් ගණං වල කැමරාත් අඩු මිලට තිබෙනවා. මේවායේ තත්වය ගැන නම් අපිට ස්ථිරව කියන්න බෑ. මට නම් හිතෙන විදිහට 8 – 10 MP කැමරාවක් බොහොමයක් වැඩ වලට ඉහටත් උඩින් ප්‍රමාණවත්. (Professional Photography වල සමහරක් පැති වලට ඇරුනම.) DSLR එකක් නම් හොඳ ලෙන්ස් කිට් එකක් එක්ක මේ ප්‍රමාණයේ මෙගාපික්සල් ප්‍රමාණයකින් හොඳින් වැඩ කටයුතු කරගන්න පුළුවන්.
(ඉහළම quality එක ඕනෙ නම්, ගන්න 35mm ෆිල්ම් කැමරා එකක්.)![]()
අවසන් නිගමනය
ඩිජිටල්ද ? ෆිල්ම් ද?
දැන් ඉතින් බොහොමයක් දෙනා ෆිල්ම් කැමරා ගන්නෙ නෑ, ඒ නිසා කෙලින්ම ඩිජිටල්.
ඡායාරූප ගන්නෙ මොකටද?
රැකියාව වශයෙන් – DSLR එකකට යන්න. ෆිල්ම් කැමරාවත් ඉතාම හොඳයි. (නමුත් දැන් ෆිල්ම් කැමරා උනත් වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිතා කරනව අඩුයි.)
විනෝදාංශයට, ලොකු ආසාවක් තියෙනව ඡායාරූපකරණය පැත්තෙන් දෙයක් ඉගෙන ගන්න – Prosumer එකකට යන්න. වැඩි දෙයක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්` ගන්න.
එහෙ මෙහෙ යන ගමන්, නිකං ඉන්න ගමන්, විනෝදාංශයට – Compact Digital එකක් ගන්න. (Ultra Compact Digital)
SLR ද Compact ද?
උඩ එකත් එක්කම හිතන්න.
කොච්චර ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවාද?
මොකුත්ම නෑ, ඔනෙ වෙලාවක ෆොටෝ එකක් ගන්නයි ඕනෙ – Ultra Compact Digital එකක් ගන්න.
ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ඒත් ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ. – Ultra Compact Digital එකක් ගන්න, ටිකක් ඉස්සරහට යන්න ආස නම් Prosumer එකකුත් නරක නෑ.
ඉගෙනගන්න ඕනෙ, නමුත් සල්ලි හොයන්න නෙමෙයි – Prosumer එකක් ගන්න. සංකීරණ දේවල් ටිකක් කරන්න ඕනෙ නම් Entry Level DSLR එකක්.
මොනව හරි කරල සල්ලි හොයන්න ඕනෙ, ඡායාරූපකරණය රැකියාවක් කරගන්න ඕනෙ – DSLR එකකට යන්න.
Mega Pixel කීයද?
ප්‍රින්ට් කරන්න ඉන්න විශාලත්වය කොහොමද?
A5-A4 = 6 – 8MP හොඳටම ඇති.
A3 = 10MP වගේ.
ලොකු පෝස්ටර් ගහන්න = 14MP හෝ ඉහළ
අන්තිමට, Brand එක මොකද්ද?
මේකට නම් උත්තරයක් දෙන්න ගිහිල්ල වලි දාගන්න බෑ. මම නම් කැනොන්. පෞද්ගලිකව Canon, Nikon, Sony Compact Digital වලට මම කැමතියි, Pentax, Olympus, Canon, Nikon DSLR වලට කැමතියි. මේක කිව්වෙ ඔබට තෝරාගන්න නෙමෙයි. මේ තමයි මගේ කැමැත්ත.
ඔබේ කැමැත්ත ගැන හිතල බලන්න. හැම එකකම හොඳ නරක, හැකියාවන් ගැන හොයල බලන්න.
මේ ලිපියේ තිබෙන්නේ මගේ අදහස, ඔබගේ අදහස හා ඔබ මේ ප්‍රශ්න විවරණය කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන්. ඒක ඔබගේ තීරණය, ඔබගේ දර්ශනය.
Source
Photographylk


meke dan pages 60 ta kittu wenna thiyana nisa balana kattiyata lessons hoyaganna amarui..eka nisa e kattiyata podi help ekak widihata meka danna hithuwa
Lesson no.1 Viewfinder ක්‍රියාවලිය අනුව
Lesson no.2 How to hold your camera correctly
Lesson no.3 UNDERSTANDING EXPOSURE
Lesson no.4 Auto Focus
Lesson no.5 metering modes
20GB Free Storage for nikon users
Lesson no.6 Rule Of Third
Lesson no.7 DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු
Lesson no.9 DSLR මිලට ගැනීම සඳහා මාර්ගෝපදේශනයක් – මූලික දේ
Lesson no.10 Basic Camera Modes
Basic Camera Modes
කැමරාවේ ඇති විවිධ modes
ඡායාරූප ගැනීමේදී කැමරාව, ඡායාරූපයට ගන්නා දෙයට ගැළපෙන ආකාරයට සකසා ගත යුතුයි. නැත්නම් හොඳ ඡායාරූපයක් ලැබෙන්නේ නෑ.
කැමරාවේ ස්වංක්‍රීය හා ස්වංක්‍රීය නොවන modes කිහිපයක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියල.
බලන්නකෝ, කැමරාවෙ මෙන්න මේ වගේ භ්‍රමණය කළ හැකි ආකාරයේ knob එකක් තිබෙනව, එහි තිබෙනව යම් යම් modes ටිකක්, ඒව අපි එකිනෙක හඳුනා ගනිමු.
මේ ටික ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබනව.
- Basic Zone
- Creative Zone
මුලින් බලමු Basic Zone එක ගැන.
මෙහි කරන්නේකැමරාව තුළ මුලින් සකසා ඇති විධාන (Pre-defined settings) වලට අනුව ඡායාරූපය ලබා ගැනීම. අපි ඒ අදාල mode එකක් තෝරාගෙන ඡායාරූපයක් ගත්තොත්, ඒ තෝරාගත් mode එකට අදාළ settings වලට අනුව ඡායාරූපය ලබා දෙනව.
මේ සියල්ල හැඳින්වෙන්නේ automatic modes විදිහට.
Fully Automatic
පළමු එක තමයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ආකාරය. මේක තමයි පහසුම mode එක, ඔබට කිසිම දෙයක් හොයන්න කරන්නනෑ, ගැනීමට අවශ්‍ය දෙයට නාභිගත කරල ඡායාරූපය ගැනීම විතරයි කරන්න තියෙන්නෙ. අවශ්‍ය සියලුම settings කැමරාව මගින්ම තීරණය කරල ඡායාරූපය ගන්නව.
සාමාන්‍ය ඡායාරූපයක් ගැනීමේදී මේක තමයි පහසුම. නමුත් මේක නිර්මාණාත්මක ඡායාරූපයක් ගැනීමට කොහෙත්ම සුදුසු නෑ.
සැ. යු. : කැමරාව, පරිසරයේ තියෙන තත්ව බලල උපකල්පනය කරනව මේ දැන් ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ ඡායාරූපයක් කියල, හැබැයි කැමරාව වැරදි වෙන්න පුළුවන්.
Portrait mode
පුද්ගලයෙකුගේ සමීප ඡායාරූපයක් ගැනීමේදී තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. සම්පූර්ණ පසුබිමම බොඳ කරල දාල, පුද්ගලයාගේ රූපය විතරක් නාභිගත වෙන විදිහට තමයි මෙහිදී ඡායාරූපය ගැනෙන්නෙ.
පුද්ගලයාගෙන් ඡායාරූපය පිරෙන ආකාරයට ඡායාරූපය ගත යුතුයි, එය, කැමරාව පුද්ගලයා දෙසට ලන් කිරීම හෝ විශාලනය (zooming) කිරීම මගින් කළ හැකියි.
බොහෝ විට මෙහිදී ගැනෙන්නේ පුද්ගලයාගේ මුහුණ පමණක් හෝ මුහුණ හා උරහිස් ප්‍රදේශය පමණයි.
ආලෝක තත්ව මදි නම් සැණෙලිය භාවිතා කරන්න පුළුවන්.
Macro mode
නම macro උනාට මේකෙන් කරන්නෙ ඉතා කුඩා දේවල් ඡායරූපයට නැගීම. කුඩා කෘමියෙක්, ලස්සන මලක්, හෝ වෙනත් කුඩා දෙයක් ඡායාරූපයට නැගීමේදී ඔබ භාවිතා කළ යුත්තේ මෙම mode එක. මෙහිදී සැලකිය යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනව. මම ඒ ගැන පසුවට කියන්නම්.
මෙහිදී ඡායාරූපයට නැගෙන දෙය කැමරා කාචයට 2 – 10 cm ඈතින් තමයි තිබිය යුත්තේ. හුඟාක්ම ලඟින් තිබෙන නිසා කැමරාව හැසිරවීමඉතාම පරෙස්සමෙන් කළයුතුයි, මොකද කැමරාවේ ඉතා කුඩා සෙලවීමකින් නාභිගත වීම නැතිවෙනව.මෙම mode එකේදි tripod එකක් භාවිතා කිරීම ඉතාම වැදගත්.
Landscape mode
මේක හඳුන්වල දෙන්න පුළුවන් macro mode එකේ විරුද්ධ එක කියල. ඡායාරූපයේ ගැඹුර හුඟක් වැඩි කරල, ඉතා ඈත තිබෙන දේවලුත් නාභිගත වෙන විදිහට ලොකු ප්‍රදේශයක ඡායාරූපයක් ගැනීම තමයි මෙහිදී සිදු කරන්නේ. පරිසරයේ ලස්සන ඡායාරූප ගතකරනවනම් මේක තමයි ඔබ භාවිතයට ගත යුතු Landscape mode එක.
සැ. යු. : තිබෙන ආලෝක තත්වය අනුව කැමරාව, අඩු shutter speed එකකට යන්න ඉඩ තියෙනව, එම නිසා කැමරාව නොසෙල්වී තබා ගැනීම සඳහා tripod එකක් භාවිත කරන්න පුළුවන්නම් හොඳයි.
Sports mode (Action mode)
චලනය වෙන වස්තුවක් ඡායාරූපගත කරනකොට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ. ක්‍රීඩකයෙක්, ගමන් කරන වාහනයක්, දුවන සතෙක් වගේ ඡායාරූපයක් ගැනීමේදී මෙම mode එක හුඟක් ප්‍රයෝජනවත්. මෙහිදී කරන්නෙ, චලනය වන වස්තුව නිශ්චල කර (freeze) ඡායාරූපය ලබා ගැනීම.මේකට ටිකක් හැකියාව ඕනෙ, මොකද චලනය වන වස්තුවකට නාභිගත කර ගැනීම ටිකක් අපහසු කාර්යයක් නිසා.
නමුත් සමහර කැමරා වල මීට විසඳුමක් තිබෙනව, AI SERVO. ඒකෙන් කරන්නෙ, චලනය වන වස්තුවට එක්වරක් නාභිගත කරගත් වහාම එම ස්ථානයට නාභිය සිරකර ගැනීම (Focus Lock). එවිට වස්තුව කොහේ ගියත් හැම වෙලේම කැමරාව වස්තුවට නාභිගත වෙලා තමයි තියෙන්නෙ.එක දිගට ඡායාරූපාවලියක් (continuous shooting) ගැනීමේදි මේක ඉතාම ප්‍රයෝජනවත්.
Night mode
නමෙන්ම තේරෙනවනෙ මොකද්ද කියල? අඳුරු අවස්ථා වලදී (අඩු ආලෝක තත්ව යටතේ) ඡායාරූප ගැනීමට තමයි මෙම mode එක භාවිතා කරන්නෙ.පෙරබිම (foreground) ආලෝකමත්කිරීමට සැණෙලිය (shutter) ක්‍රියාත්මක වන අතරම, පසුබිමෙන් (background) වැඩි ආලෝක ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඉතා අඩු shutter speed එකක් භාවිත වෙනව.දිගු වේලාවක් ශටරය විවෘත වෙලා තියෙන නිසා, tripod භාවිතය අත්‍යවශ්‍යයි.
නමුත් ඔබට ඕනෙ නම් නිර්මාණාත්මක, විනෝදාත්මක ඡායාරූපයක් ගන්න, පසුබිම බොඳ කරල එහෙම, අතේ තියාගෙන ඡායාරූපය ගත්තට කිසිම වැරැද්දක් නෑ.
ආලෝකයෙන් පිරි, රාත්‍රී සාදයක්ට නම් කියාපු mode එක. ලස්සන ඡායාරූප ටිකක් ගන්න පුළුවන්.
Video mode
සමහර කැමරා වලින් පුළුවන් ඡායාරූප ගැනීමට අමතරව, විඩියෝ දර්ශනත් සටහන් කරගන්න, මෙම mode එක තෝරාගත්තම ඔබට video recording කරන්න පුළුවන්.
Photographylk



