කවුරුන්ද ඔබ මගේ...
හිතුවාද හීනයක...බොඳ වෙලා යයි කියා...
නුඹේ ඇස් ලේසියට...මට අමතක වෙයි කියා...
දුන්නු දා තුරුලු කර...හාදු නළලේ තියා..
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ...
කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා...
කවියක් ලියන්නට...නිමිත්තක් දුන් නිසා...
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ..
නිදි කුමාරිය නුඹේ..පණටත් වැඩි කියා....
නුඹ කියද්දී මට...දැවෙන සුසුමක් හෙලා...
දරාගෙන මං උන්නෙ... ඇය නින්දෙ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ..
ඇය අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහෙද උන්නේ කියා...


05.09.2013
හිතුවාද හීනයක...බොඳ වෙලා යයි කියා...
නුඹේ ඇස් ලේසියට...මට අමතක වෙයි කියා...
දුන්නු දා තුරුලු කර...හාදු නළලේ තියා..
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ...
කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා...
කවියක් ලියන්නට...නිමිත්තක් දුන් නිසා...
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ..
නිදි කුමාරිය නුඹේ..පණටත් වැඩි කියා....
නුඹ කියද්දී මට...දැවෙන සුසුමක් හෙලා...
දරාගෙන මං උන්නෙ... ඇය නින්දෙ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා ..
ඇය අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහෙද උන්නේ කියා...



05.09.2013
Last edited:




honda hakiyawak tiyanawa 


