කවුරුන්ද ඔබ මගේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවුරුන්ද ඔබ මගේ...

    හිතුවාද හීනයක...බොඳ වෙලා යයි කියා...
    නුඹේ ඇස් ලේසියට...මට අමතක වෙයි කියා...
    දුන්නු දා තුරුලු කර...හාදු නළලේ තියා..
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා ...

    කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා...
    කවියක් ලියන්නට...නිමිත්තක් දුන් නිසා...
    නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා ..

    නිදි කුමාරිය නුඹේ..පණටත් වැඩි කියා....
    නුඹ කියද්දී මට...දැවෙන සුසුමක් හෙලා...
    දරාගෙන මං උන්නෙ... ඇය නින්දෙ උන් නිසා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා ..

    ඇය අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
    මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
    අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහෙද උන්නේ කියා...:(:(:(

    05.09.2013

     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඔහු අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
    මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
    අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහෙද උන්නේ කියා...
    lassanai akki
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔහු අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
    මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
    අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහෙද උන්නේ කියා...
    lassanai akki

    :(


    ගොඩක් ස්තුතියි මල්ලි.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ammoo D eken patan ganna username tiyena ayage kavi kiyawannath bayai :eek:

    හිතේ කහටක් නැතුව නිර්මාණය ගැන අදහසක් කොටලා ගියා නම් තමා හොඳ... :D:D:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇය අවදි වී ඇවිත්...නුඹ අරගෙන ගියා...
    මං ඇවිත් නුඹලාට...සුබ පතලා ගියා...
    අදටත් ඉන්නකොට...ඉඳ හිටක ඇස් පියා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහෙද උන්නේ කියා..

    ගොඩක් ලස්සන‍යි......:cool::cool::cool: