ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
වටිනා ලිපියක්..
අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් පින්..
බුදු සරණයි..!!
+
 
Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ.

    මිත්‍රයා මේක අදාල වන්නේ මේ සිද්ධියට පමණක් නොවෙයි. වරද තිබෙන්නේ වටහාගත් අයුරෙයි. මෙහි ප්‍රධාන කරුණ උපාදානයයි. දැඩිව අල්ලා ගැනීම, තෘෂ්ණාවයි.. බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ තම සන්තෝශය පිණිස සත්ත්වයන් ඇති කිරීමද එසේත් නොමැති නම් ධර්මයේ හැසිරෙමින් නිවන් මග කරා යාමද ?

    සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.

    ඔබ නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්නේ නම් කළණමිතුරන් ආශ්‍රය කරන්නේ නම්... ධාර්මික ඔබට මරණාසන්න මොහොතේ ඔබට වැටහෙනවා මේ කුමක්ද යන්න. උදාහරණ ලෙස අවසාන කාලයේ අන්ධව එක්තැන්ව සිටියද භාවනා වැඩීම නිසා සිහි මදක්වත් විකල් නොවී. මතකය මදක්වත් අඩු නොවී අපවත්වූ හිමිනමවල් පසුගිය යුගයේ සිටියා. ධර්මයේ නොහැසිරී සද්ධර්මය ශ්‍රවණය නොකර සිටියානම් ඔබට මරණාසන්න මොහොතේ මෙම කරුණු අවබෝධවන්නේ නැහැ. ලෞකික ජීවිතයට ඇලී සිටි ඔබට ධර්මය පිළිඹඳ හැඟීමක් නොමැති නිසා මෙය සත්‍ය ලෙස සිතා මිය යනවා.

    මා කියවා තිබෙනවා පොත්වල.. පැරණි යුධ බිම්වල තවමත් සැරිසරණ සොල්දාදුවන් ගැන විස්තර. මාර්ග අනතුරුවලදී මියගොස් සිය දරුවා සොයමින් දණගාමින් සිටි අය ගැන.

    Nop.. nop... :no: completely disagree with this train of thoughts and expressions.

    This as I feel is a balant misguided formation of the Buddhist philosophy. I refuse to accept such baseless and misleading made up "fairy tales" on the greatest philosophy to exist on earth.

    As far as I know about Buddhism, the big man him self had said the only way to pay homage to him is to care for the sick... right??:confused:

    But it never did specify that it has to be a "Human - sick" as well .. am I right?

    And for all these hocus-pocus of " තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා." ------ Fucking bullshit !

    Even if that's true, i would just love to spend the rest of my eternal damnation with my Pets... even in real life, they are way fricking better than misguided and mislead hypocritical nut jobs like you chaps who defames and mis-interpret or make up ill of the greatest philosophy for the liberal mind : Buddhism !
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙමෙ සටහෙනි තියෙන කරුනුවලට මමනම් එකඟවෙන්න නෑ,මොකද ඔය කාරනය විවේචනාත්මකයි....එක අතිකින් බලනකොට ඇත්තක් පෙනෙන්න තිබුනත් නොපෙනෙන කුහක අමුනුශ්ස බවක් තමයි පෙනෙන්නෙ...:no::no:
    ටිකක් හිතල බලන්න අපි අවට ඉන්න සතුන්ට අපි ආදරෙ කලෙ නැතිනම් කව්ද එ සත්තුන්ට කන්න බොන්න දෙන්නෙ..බල්ලො පූසො මිනිස්සුත් එක්ක මිනිස් වාසයේම හැදෙන සතුන්...මමනම් හිතන්නෙ නෑ මේ සත්තු මැරිල එ සතුන්ගෙ හාම්පුතාල මිය යනවෙලාවට ඇවිල්ල එ අයවත් ඔව්න්ගෙ ලොකෙට ගනී කියලා..
    ඒ නැතත් හොද හාම්පුතෙකු එහෙම නරකාදියට යාවිද සතුන් බලාගත්තට :angry:...එහෙනම් ඔය ගොපල්ලො,හරක්,බැටලුවො බලා ගන්න උදවිය නරකාදියෙම ඉන්න ඔනෑ :rofl:...මම දන්න විදියටනම් ගොපලු මිනිස්සුත් දිව්‍යලෝකවල ඉපදුනාලු
    මොකද හොදට සතුන්ට ආදරෙන් කන්න බොන්න දීලා හදපු මිනිහෙක්ව ආයෙත් සතුන්ගෙ ලෝකෙටම යාවිද ?? කෙසේත් නැත....යයි එ පුද්ගලය තිරිසන් වැඩ කරල තියෙනවනම් විතරක්...

    "ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය"

    මෙතන අප මහා භාග්‍යවතුන් වහන්සේ දෙශනා කරල තියෙන බව නම් ඇත්තයි, එහෙත් එ හාමුදුරුවරුන්ට පමනක් වෙන්න පුලුවන් මොකද සතුන්ට කෑම බීම දාල ඒ සතුන් එක්ක ඉන්න ගියොත් ඔවුන්ට ආශවල් ඇතිවෙන්න පුලුවන්.එ නැතත් දර්මය, භාවනා අමතක කරල දාල උන්ට කන්න බොන්න දි දී ඉදල උතුම් දර්මය අවබොධ කරගන්න වෙන්නෙ නෑ නෙ....
    ඒක මෙ සටහනේම පෙන්නල දීලත් තියෙනවා නෙ
    >

    "සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි."

    ඒ කොහොමත්, ස්වාමීන් වහන්සේලාට කෙසේ වෙතත් ගිහියන් සතුන්ට ආදරේ කල යුතුමය...උන්ට කෑම බීම ලබාදීම මගින් කිසිම කරදරයක් වත් මැරෙන මොහොතෙ තමන්ට උන් මැවිලා පෙනේවි කියන පුහු මත වල නොසිටිය යුතුමයි....කල හොදයි තමන්ට මතු හොද දිවියක් ලබාගන්න පිහිටවෙන්නෙ...නැතුව තමන් ලග සිට මැරිච්ච සතුන් නොවේ....

    තමන් ඇති දැඩි කරන සතුන්ට හොදින් ආදරය කරන්න,හොදින් ආහාර පාන ලබාදෙන්න හොදින් ඔඋන්ව බලාගන්න....එයින් කිසිම හානියක් නොමැත....මෙවන් සටහන් වැරදි අකාරයට තේරුම් ගන්න අය ගෙදර බල්ලට පූසට කෙනෙහෙලි කම් කරනු ඇත...ගෙදරින් එලවා දැමීමට උත්සුක වනු ඇත....එවන් අහින්සක සතුන් දඩාවතේ ගිහින් වාහන වලට හසුවී නැතිනම් වෙනත් පීඩාවන් සිදුවී මිය ගියහොත් එ අකුසලය මෙ සටහන් තබනා අය බාරගතයුතුය,,එ පව ඔඋන්ටම ලැබෙනු ඇත....

    "පන ඇති සියලු සතුනට කාරුනික වන්න....
    එ සියලු සතුන් පරයා ඔබට ආදරය කරනු ඇත...."

    ඔයාලට මතක ඇතිනෙ මේක අපි ඉගෙන ගත්තෙ තුන්වන වසරෙ බුදධාගමට
    ......
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Nop.. nop... :no: completely disagree with this train of thoughts and expressions.

    This as I feel is a balant misguided formation of the Buddhist philosophy. I refuse to accept such baseless and misleading made up "fairy tales" on the greatest philosophy to exist on earth.

    As far as I know about Buddhism, the big man him self had said the only way to pay homage to him is to care for the sick... right??:confused:

    But it never did specify that it has to be a "Human - sick" as well .. am I right?

    And for all these hocus-pocus of " තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා." ------ Fucking bullshit !

    Even if that's true, i would just love to spend the rest of my eternal damnation with my Pets... even in real life, they are way fricking better than misguided and mislead hypocritical nut jobs like you chaps who defames and mis-interpret or make up ill of the greatest philosophy for the liberal mind : Buddhism !

    so true........... :yes::yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බොහොම පිං. මම මේක මීට කලින් පත්තරේ කියෙව්වා මතකයි. ඔක්කෝටම දැනගන්න දාපු එක හොදයි.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙතන පොර talk දාන (අපි කියමුකෝ වටහා ගැනීමේ වෙනසක් ) අයගෙන් අහන්නේ මේ පොතේ කොටස් දෙකම කියවල තියනවද ??....කරුණාකරලා මුලින් කියවල එන්න ....බුදු දහමෙන් අපි ඇත්තටම ගන්න ඕනි මොකක්ද කියල එතකොට තේරෙයි ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මෙතන පොර talk දාන (අපි කියමුකෝ වටහා ගැනීමේ වෙනසක් ) අයගෙන් අහන්නේ මේ පොතේ කොටස් දෙකම කියවල තියනවද ??....කරුණාකරලා මුලින් කියවල එන්න ....බුදු දහමෙන් අපි ඇත්තටම ගන්න ඕනි මොකක්ද කියල එතකොට තේරෙයි ..

    දැන් එතකොට උඹ කියන්නේ මොකක්ද ? මේ කියල තියන එක ඇත්තද බොරුද ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙතන සුරතල් සතුන් ගැන විතරක් සලකලා මේ කාරණාව ගැන බලන්න ගියොත් තමයි මේ කියල තියන දේ වැරදියි වගේ පේන්නෙ.

    බෞද්ධයින් ඕනේ තරම් අහල ඇති තමන්ගේ දේපල වලට තණ්හාවෙන් මැරුණ මිනිස්සු,
    තමන්ගේ දරුවන්ට තණ්හාවෙන් මැරුණ මිනිස්සු ප්‍රේතයින් වෙලා ඉපදුන බව කියන කතා ප්‍රවෘති.
    ඒ විදිහට තණ්හාවෙන් ඉන්න මිනිස්සු අන්තිමට උපාදානය කරගන්නේ තමන් තණ්හාවෙන් අල්ලාගෙන හිටපු ඒ ඒ දේවල්.

    මේ කරුණු වලට අනුව අපි තණ්හාවෙන් එකතුකරන දේපල, තණ්හාවෙන් බැඳිලා ඉන්න දරුවන් "සතර අපාය" කියල හැඳින්වීමේ වරදක් තියනවද?

    මොකද සතර අපාගාමී වීමට හේතු උනේ ඉහත කියපු තණ්හාවෙන් බැඳුණු දේපල, දරුවන්. ඒ නිසා නේද සසර කෙටිකරගන්න මහණදම් පුරන්න ඒ සියලු දේවල් අතහැරලා දාල යන්නේ.

    ඒ අනුව බැලුවොත් මේ ලිපියේ කියල තියන විදිහට අපි සුරතල් සතුන් කියල බැඳෙන්නේ සතර අපායට කියන කාරණාව හරි නේද?

    නමුත් එහෙමයි කියලා සුරතල් සතුන් ඇතිදැඩි කිරීම වැරදියි කියල කෙනෙක්ට කියන්න බැහැ.
    අපි නැති කරගතයුත්තේ සුරතල් සත්වයා කෙරෙහි තියන බැඳීමයි.

    අනිත් කරුණ තමයි මතුපිටින් පමණක් බලන අයට මේ ලිපියෙන් හැඟවෙනවා සත්තුන්ට කෑම දීම වැරදි දෙයක් විදිහට
    අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි.
    සතුන්ට දාන දීම වැරදි දෙයක් නෙමෙයි. මොකද බුදුරදුන් දෙසු පරිදි පෞද්ගලික දාන 14 අතරට තිරිසන් සතුන් කෙරෙහි දෙන දානයත් ඇතුලත් වෙනවා.
    http://www.lakehouse.lk/budusarana/2009/09/26/PrintPage.asp?REF=vision04

    තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි.

    සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම

    කියන පොයින්ට් ටිකයි මෙතැනදී වැදගත්.

    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් එතකොට උඹ කියන්නේ මොකක්ද ? මේ කියල තියන එක ඇත්තද බොරුද ?

    මට බැන බැන හරි කමක් නෑ මචන් ඉස්සෙල්ලම මේ පොත් දෙකම දෙතුන් වරක් හරි මුල ඉදන් අගට කියවපන්කෝ ඉස්සෙල්ලම ...ඊට පස්සේ අපි කතාකරමුකෝ ..
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මෙතන සුරතල් සතුන් ගැන විතරක් සලකලා මේ කාරණාව ගැන බලන්න ගියොත් තමයි මේ කියල තියන දේ වැරදියි වගේ පේන්නෙ.

    බෞද්ධයින් ඕනේ තරම් අහල ඇති තමන්ගේ දේපල වලට තණ්හාවෙන් මැරුණ මිනිස්සු,
    තමන්ගේ දරුවන්ට තණ්හාවෙන් මැරුණ මිනිස්සු ප්‍රේතයින් වෙලා ඉපදුන බව කියන කතා ප්‍රවෘති.
    ඒ විදිහට තණ්හාවෙන් ඉන්න මිනිස්සු අන්තිමට උපාදානය කරගන්නේ තමන් තණ්හාවෙන් අල්ලාගෙන හිටපු ඒ ඒ දේවල්.

    මේ කරුණු වලට අනුව අපි තණ්හාවෙන් එකතුකරන දේපල, තණ්හාවෙන් බැඳිලා ඉන්න දරුවන් "සතර අපාය" කියල හැඳින්වීමේ වරදක් තියනවද?

    මොකද සතර අපාගාමී වීමට හේතු උනේ ඉහත කියපු තණ්හාවෙන් බැඳුණු දේපල, දරුවන්. ඒ නිසා නේද සසර කෙටිකරගන්න මහණදම් පුරන්න ඒ සියලු දේවල් අතහැරලා දාල යන්නේ.

    ඒ අනුව බැලුවොත් මේ ලිපියේ කියල තියන විදිහට අපි සුරතල් සතුන් කියල බැඳෙන්නේ සතර අපායට කියන කාරණාව හරි නේද?

    නමුත් එහෙමයි කියලා සුරතල් සතුන් ඇතිදැඩි කිරීම වැරදියි කියල කෙනෙක්ට කියන්න බැහැ.
    අපි නැති කරගතයුත්තේ සුරතල් සත්වයා කෙරෙහි තියන බැඳීමයි.

    අනිත් කරුණ තමයි මතුපිටින් පමණක් බලන අයට මේ ලිපියෙන් හැඟවෙනවා සත්තුන්ට කෑම දීම වැරදි දෙයක් විදිහට
    සතුන්ට දාන දීම වැරදි දෙයක් නෙමෙයි. මොකද බුදුරදුන් දෙසු පරිදි පෞද්ගලික දාන 14 අතරට තිරිසන් සතුන් කෙරෙහි දෙන දානයත් ඇතුලත් වෙනවා.
    http://www.lakehouse.lk/budusarana/2009/09/26/PrintPage.asp?REF=vision04

    කියන පොයින්ට් ටිකයි මෙතැනදී වැදගත්.

    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මට බැන බැන හරි කමක් නෑ මචන් ඉස්සෙල්ලම මේ පොත් දෙකම දෙතුන් වරක් හරි මුල ඉදන් අගට කියවපන්කෝ ඉස්සෙල්ලම ...ඊට පස්සේ අපි කතාකරමුකෝ ..

    උඹට බනින්නේ මොකටද ? :rofl: උඹ දැන් මේ කතාව පිලිගන්නව කියලද කියන්නේ ?
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ධර්මයේ හරවත් ගැඹුරු කොටස් තේරුම් ගැනීමට අපහසුවූ කල බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේයයි කියා මගහැර බෞද්ධයා මුලා කරන සමයක මෙවන් දෑ බෞද්ධයාගේ යහපත පිණිසම වන්නේය.
    තෙරුවන් සරණයි.

    :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,490
    16,284
    113
    11.gif
     
    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Good post..Deshakaya nan vahanse June 4 vanida Digana devana pathis bhavana madyasthanayata banakata vadina..Kamathi ayta sahabagi venna puluvan..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙතන පොර talk දාන (අපි කියමුකෝ වටහා ගැනීමේ වෙනසක් ) අයගෙන් අහන්නේ මේ පොතේ කොටස් දෙකම කියවල තියනවද ??....කරුණාකරලා මුලින් කියවල එන්න ....බුදු දහමෙන් අපි ඇත්තටම ගන්න ඕනි මොකක්ද කියල එතකොට තේරෙයි ..

    පොර ටොක් දැමිල්ලක් නෙවේ,කරන්න ඔනෙ තැන විවෙචනය කලයුතුයි,එ මාර්ගයෙන් හො නොදන්න දෙයක් දැනගත යුතුයි....මම ඉන්නෙ එතන...
    කව්රුන් හො වේවා පොදු මහජනතාව පවතාගෙන ආ අදහස් වෙනස්කරල,නොමග යවනවනම් මෙවන් අයට මේ සමාජයේ ඉඩ නොදියයුතුය...එකට පොත් ගනන් කියවන්න ඔනෙ නෑ,එක චේදයකින් හො ඔහුගෙ අදහස හදුනාගත හැකියි...අනික මෙ සටහන කියවන අය එ අදහස ගන්නව මිසක් මුලු පොත් සෙට් එකම කියවන්න යන්නෙ නෑ නෙ,,,එකයි මම කිව්වෙ මේක සාමාන්‍ය පෘතග්ජන අය තේරුම්ගන්නෙ වෙනස් විදියකට වෙන්න පුලුවන් කියලායි....තේරුම් ගතයුතුයි මේ සමාජයෙ හැමොම පඬ්වරු නෙවේ,හැම දේම ගැඹුරටම හිතන්න සාමාන්‍ය ජනයා යන්නෙ නෑ....කනට ඇහෙන දකින හැමදේම නිකම්ම (විමසීමක් නැතුවා) විශ්වාස කරන්න එපාය කියලයි බුදුන් වහන්සේගෙත් අවවාදය.අද කාලෙ දර්මය උවද විකුනන් කන සමාජයක පත්තරවලට ලියන ටෙලිවිශන් වල කියන හැමදේම විශ්වාස කරන්න තරම් මිනිසුන් අඤ්ඤාන වෙලා..එකනෙ සල්ලි දීලා නිවන් ලබාගන්න පන්ති යන්නෙ...මෙ සටහන් ලියන අය එසේය කියල මම කියන්නෙ නෑ කෙසෙත්...එ එතුමන්ගෙ \උන්වහන්සේගෙ, අදහස වෙන්න පුලුවන්...නමුත් විවාදාත්මකයි ගැටලු තියෙනවා...එකයි මගෙ අදහස...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    "සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ.

    මිත්‍රයා මේක අදාල වන්නේ මේ සිද්ධියට පමණක් නොවෙයි. වරද තිබෙන්නේ වටහාගත් අයුරෙයි. මෙහි ප්‍රධාන කරුණ උපාදානයයි. දැඩිව අල්ලා ගැනීම, තෘෂ්ණාවයි.. බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ තම සන්තෝශය පිණිස සත්ත්වයන් ඇති කිරීමද එසේත් නොමැති නම් ධර්මයේ හැසිරෙමින් නිවන් මග කරා යාමද ? "

    සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම කියන්නෙ මොකක්ද? මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? මොන විදියෙ බැදීමක්ද ?
    ......අපි හැමෝම සත්තුන්ට ආදරෙන්,උන්ට කන්න බොන්න දෙන්නෙ කිසිම අහිතක් නැතිව.එහෙම හිට්යාය කියල අපි
    කිසිම කෙනෙක් කවදාවත් ඊලග බවය අපිත් එක්ක ඉන්න සතුන් එක්කම සත්ව බවයක ඉපදීමට බලාපොත්තු වෙන්නෙ නෑ නේ ? නැවතත් මම උගත් විදියටනම් සත්තුන්ට කන්න බොන්න දීල උන් හුරතල් කලා කියල අපි කිසිසෙත් උන් අතර ඉපදිලා දුක් විදින්නෙ නෑ....අනික සතුන්ට කරුණාවෙන් ආදරෙන් සලකනු ලැබූ කිසිවෙක් තිරිසන් ආත්ම ලබන්නෙත් නෑ...එහෙම එකක් බුදුන් වහන්සේ දේශනා කරලත් නෑ :no::no:

    "සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.
    "

    ස්‌වාමියා ප්‍රෙතයෙක් වන්නෙ වෙනත් අකුසලයන් කිරීම නිසා වියහැකි උවත් කිසිසේත් සතුන්ට ආදරය කල නිසා නොවයි, හොදින් මතක තබා ගත යුතු කාරනය නම්, පෙරුම් පුරමින් තිරිසන් ලොකයෙ අප මහා බොසතානන් වහන්සේද සිට ඇත...අප දන්න පරිදි ආත්ම පන්සිය පනහෙන්වැඩි හරියක සත්ව ආත්ම ලබා සිටි උන් වහන්සේ අනන්ත ආත්ම ප්‍රමානයක තිරිසන් ආත්ම වල ඉපද පෙරුම් පුරමින් සිටියා විය හැකිය...මතු බුදුවන බෝසත් වරු,පසේ බුදු වරු,ද අප අතර සතුන් විදියට හෝ ඉපද පෙරුම් පුරමින් නොසිටිනවා යැයි කෙසෙ කාට නම් කිව හැකිද ? එසේ නම් සතුන් පලවා දමා අකාරුනික අන්දමින් සැලකමින් නොදන හො මහා අකුසල කර්මවලට සහබාගී වීමක් නොවේද? අකුසලය කෙසේ වෙතත් මතු බුදුවන හො රහත් භාවය ලබන උතුමෙකුගෙන් ලද හැකි කුලස කර්මයක් මග හැරීමක්ම නොවේද ?

    "ඔබ නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්නේ නම් කළණමිතුරන් ආශ්‍රය කරන්නේ නම්... ධාර්මික ඔබට මරණාසන්න මොහොතේ ඔබට වැටහෙනවා මේ කුමක්ද යන්න. උදාහරණ ලෙස අවසාන කාලයේ අන්ධව එක්තැන්ව සිටියද භාවනා වැඩීම නිසා සිහි මදක්වත් විකල් නොවී. මතකය මදක්වත් අඩු නොවී අපවත්වූ හිමිනමවල් පසුගිය යුගයේ සිටියා. ධර්මයේ නොහැසිරී සද්ධර්මය ශ්‍රවණය නොකර සිටියානම් ඔබට මරණාසන්න මොහොතේ මෙම කරුණු අවබෝධවන්නේ නැහැ. ලෞකික ජීවිතයට ඇලී සිටි ඔබට ධර්මය පිළිඹඳ හැඟීමක් නොමැති නිසා මෙය සත්‍ය ලෙස සිතා මිය යනවා.

    මා කියවා තිබෙනවා පොත්වල.. පැරණි යුධ බිම්වල තවමත් සැරිසරණ සොල්දාදුවන් ගැන විස්තර. මාර්ග අනතුරුවලදී මියගොස් සිය දරුවා සොයමින් දණගාමින් සිටි අය ගැන."

    ඔබ කියන කාරනය සත්‍යක්,,,මාද එය විශ්වාස කරම්....තමාගෙ සිත මුල් කරගෙන සියලු කුසල අකුසලයන් සිදු උවත්, මෙයින් කොතනකවත් සතුන් ඇති කිරීමෙන් හො ඔඋනට පෝශනය කිරීමෙන් අකුසලයක් වත් අවසාන මොහොතේ ඔඋන් සිහි වීමෙන් නරකාදියට යන බවක් හෝ සිදුවන බවක් ඔබ සඳහන් කර නොමත...ඔබට එය ඔප්පු කිරීමටද නොහැක.ප්‍රශ්නයට පිලිතුර මෙය නොවේ....