අරුම පුදුම සත්තු -04(යෝධ පැසිපික් බුවල්ලා)

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අරුම පුදුම සත්තු -04(යෝධ පැසිපික් බුවල්ලා)


    යෝධ පැසිපික් බුවල්ලා (Giant pacific octopus ) ලොව ජිවත් වන බුවල්ලන් අතරින් විශාලතම සත්ව වර්ගයයි. කිලෝග්‍රෑම් 70 ක් පමන විශාලව වැඩුණු බුවල්ලන් පවා වාර්තාවෙලා තියෙනවා.විශාල පාද දිග හරිය විට සම්පුර්ණ දිග මීටර් 5- 6 පමණ වෙනවා.
    මගේ කෑම වට්ටෝරුවට කකුළුවන්,පොකිරිස්සන්,සහ මාලුන් අයිත වෙනවා. ඉතා විශාල මලුන් පවා දඩයම් කරන බුවල්ලන් කැමරාවට හසුව තිබෙනවා.
    මේ ඒවගේ මෝරෙක් දඩයම් කරන යෝධ බුවල්ලෙක්
    OctopusShark.jpg


    North-Pacific-giant-octopus-catching-shark.jpg




    හැබැයි මම අද කියන්න හදන්නේ මේගොල්ලෝ ගැන හුඟක් දෙනෙක් නොදන්නා විස්තරයක්. එක තමයි මේගොල්ලෝ ස්භාවධර්මයේ මාතෘත්වය අතින් ඉතාම ඉහලින් සැලකෙන සත්ව කොට්ටාශයක් වීම. එක සිද්ද වෙන්නේ මෙහමයි.ගැහැණු බුවල්ලා බිත්තර දැමීමට ලං වුනාම එයට සුදුසු ගල් බෙනයක් හොයා ගෙන ,ඉන් පසු දහස් ගණනක් බිත්තර ඇය දමනවා. ඉන් පසු ඇය මිය යන තෙක්ම නොකා නොබී සිය බිත්තර ආරක්ෂා කරනවා. බිත්තර පිපිරී කුඩා පැටවූ බිහිවී අවසානයේ නිරාහාරව සිටි ගැහැණු බුවල්ලා මිය යනවා.



    බිත්තර රකින කාලයේ මෙම ගැහැණු බුවල්ලා එලියට යන්නේ බිත්තර කෑමට පැමිණෙන සතුරන් පන්නා දමන්න පමණයි. ඊට අමතරව බිත්තර අතරට නිරන්තරයෙන් ජලය විදිමින් දිලිර රෝග ආදියෙන් බිත්තර අරක්ෂා කරගන්නවා.

    764371.jpeg


    Female-North-Pacific-giant-octopus-guarding-eggs.jpg



    අවසානයේ මේ මව මිය යනවා.
    89084ih077617_wide-03fc8e9997841a541f9e8f6abb0d6309e3689883-s6-c10.jpg


    නොදන්නා දෙයක් දන්ගත්තනම් එක තමයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 5 න් හමුවෙමු.
     
    Last edited:

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj

    ඇය මිය යන තෙක්ම නොකා නොබී සිය බිත්තර ආරක්ෂා කරනවා. බිත්තර පිපිරී කුඩා පැටවූ බිහිවී අවසානයේ නිරාහාරව සිටි ගැහැණු බුවල්ලා මිය යනවා.


    :shocked::eek: