මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

    අවුරුදු 30 පස්සේ මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

    ජල වලස්සු එහෙමත් නැතිනම් water bear කියන්නේ මේලෝකේ වාසය කරන අරුම පුදුම සත්ව කොට්ටාශයක්. මුන්ගේ නියම නම Tardigrade. moss piglets කියලත් කියනවා. මේගොල්ලෝ මුලින්ම හොයාගත්තේ 1773 ජර්මානු පර්යේෂකයෙක් Johann August Ephraim Goeze .

    මේ සත්තු හරිම පුංචියි (මිලිමීටර් 1 විතර ඇති දිග). පොඩි උනාට සෛල 40,000 තරම් විශාල ප්‍රමාණයකින් ශරීරය හැදිලා තියෙනවා. මුන්ට කකුල් 6 තියෙනවා. සදාහරිත වනාන්තරවල ඉදන් ඇන්ටර්ටිකව දක්වා ලෝකේ හැමතැනම වගේ මේ සත්තු දකින ලැබෙනවා (ගස් ගල්වල පවා). බිත්තර වලින් තමයි බෝවෙන්නේ

    wbear1.jpg


    මේ ගැන ඊයෙ පෙරේද ලෝක මාද්‍ය වල කතා උනේ ජපන් පර්යේෂකයන් ( National Institute of Polar Research in Tokyo) ගේ සොයාගැනීමක් නිසා. 1983 ඇන්ටටිකාවෙන් එකතු කරපු සාම්පලයක් අවුරුදු 30 අදිශිතකරන තත්ව යටතේ (-20C) තියල තිබ්බ. ඒ සාම්පලය පර්යේෂණයකට යලි එලියට ගත්තහම මේ සත්තු යලිත් පන ඇවිල්ල.

    එකෙක් දින 20 පස්සේ මැරිලා. අනිත් දින 23 පස්සේ බිත්තර දමල. බිත්තර 19 කින් 14 සාර්ථකව පැටව බිහි කරලා.



    පුදුමයි නේද? මේ විදියට ගිහිල්ල මිනිස්සුන්ටත් යලි පන ගන්නන පුළුවන් වේවිද මන්ද? එතකොට ජීවියෙක්ගේ මරණය කියන්නේ මොකද්ද?

    මේගොල්ලෝ තමයි ජීවින්ගෙන් ඉතාම දරුණු තත්වයන් යටතේ නොනැසී ඉන්න පුළුවන් කියල කියන්නේ. පර්යේෂකයන් මේ සත්තුන්ගේ DNA අද්යයනය කරනවා මේ තත්වයන් වලදී කොහොමද නොනැසී ඉන්නේ කියල.

    Osos_de_Agua_puede_sobrevivir_sin_comida_ni_agua_durante_m_s_de_una_d_cada3wodo1_400.gif


    අඩු උෂ්ණත්ව - -200 වෙනකම් දින කිහිපයක් ඉන්න පුළුවන්ලු

    පීඩනය - වායුගෝල පීඩන 1200 වුනත් ඔරොත්තු දෙනවලු.

    විකිරණ - සාමාන්‍ය ජීවියෙකුට වඩා 1000 ගුණයක් ඔරොත්තු දෙනවලු

    අබ්යවකාශයේ උනත් නොනැසී ඉන්න පුළුවන්ලු






    https://en.wikipedia.org/wiki/Tardigrade
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    තෑන්ක්ස්.මිනිස්සු නම් නොමැරී ඉන්න ඕන නෑ මම හිතන විදිහට.එහෙම උනොත් ලෝකේ ඉක්මනටම විනාස වෙනවා..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තෑන්ක්ස්.මිනිස්සු නම් නොමැරී ඉන්න ඕන නෑ මම හිතන විදිහට.එහෙම උනොත් ලෝකේ ඉක්මනටම විනාස වෙනවා..

    Siraa kathawa ban eka tamai maath kalpana kale ban:P:yes:.Samaharakwita anagathayedi ehema immortal wenna system ekak hoyaganiy biologically:cool:.Eth ithin minissu me inna tika kaaletath karana environmental damage ekai pollusion ekai,Wars,crimes.ect dihaa balapauwayin passe kohomath minissunta inna puluwan surrounding ekak hadena ekak naa:yes::baffled::P:frown::no:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    එල මචෝ.
    රෙප්+
    ඒත් මිනිස්සු නම් මැරෙන්නම ඕනේ neyohk කියනවා වගේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ජීවය යම්කිසි ලෝකෙක ඇතිවුනොත් එක කුමන තත්ත්ව යටතේවත් නැති කරන්න අමාරුයි. මේවගේ ජීවින්ගෙන් එක ඔප්පු වෙනවා. පොලව ඉතිහාසය තුල දරුණු යුග ගනනාවක් පහු කර. උල්කාෂ්ම කඩාවැටීම්, මුළු ලෝකයේම අයිස් වලින් වැහුණු යුග, දරුණු ගිනිකදු ක්‍රියාකාරිත්වය වගේ දේවල්. පොලව මතුපිට කුමක් වුනත් පොලව යට කිසි ප්‍රස්නයක් නැතිව මෙගොල්ලොන්ට ජීවත් වෙන්න පුළුවන්.

    අගහරුගේ ඉස්සර ජීවින් හිටියනම්, අනිවාර්යයෙන්ම වගේ පොලවයට උන් ජීවත් වෙන්න ඕනේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    තෑන්ක්ස්.මිනිස්සු නම් නොමැරී ඉන්න ඕන නෑ මම හිතන විදිහට.එහෙම උනොත් ලෝකේ ඉක්මනටම විනාස වෙනවා..


    Siraa kathawa ban eka tamai maath kalpana kale ban:P:yes:.Samaharakwita anagathayedi ehema immortal wenna system ekak hoyaganiy biologically:cool:.Eth ithin minissu me inna tika kaaletath karana environmental damage ekai pollusion ekai,Wars,crimes.ect dihaa balapauwayin passe kohomath minissunta inna puluwan surrounding ekak hadena ekak naa:yes::baffled::P:frown::no:

    එල මචෝ.
    රෙප්+
    ඒත් මිනිස්සු නම් මැරෙන්නම ඕනේ neyohk කියනවා වගේ

    ඒ කතව නම් ඇත්ත. මිනිස්සු අමරණීය උනොත් මොනවා කරිවිද මන්ද? ලෝකය ඉතුරු වෙන එකක් නැහැ.