ඇයට ඒ සිත් නැති නිසා
උදා කල හිරු නැගෙන අහසේ
මැවෙන විසිතුරු රටා දුටු කල
ගෙන ගිය මා මගේ අතීතයට
ආදරයේ නටබුන් මැදින්....
ඔබේ උරහිස හොවා මා හිස
රස වින්ද හැටි සැදෑ හිරු රැස්
වලාකුලු මැවු නෙක රටා ගැන
දෙදෙන එක්වි ගෙතුව පදවැල්...
විදින්නට ඒ සොදුරු සිතුවම්
මට ඉගැන්වු ඔබ නොමැති කල
තනිව විදින්නෙමි ඒ සොදුරු බව
ඇයට ඒ සිත් නැති නිසා....

උදා කල හිරු නැගෙන අහසේ
මැවෙන විසිතුරු රටා දුටු කල
ගෙන ගිය මා මගේ අතීතයට
ආදරයේ නටබුන් මැදින්....
ඔබේ උරහිස හොවා මා හිස
රස වින්ද හැටි සැදෑ හිරු රැස්
වලාකුලු මැවු නෙක රටා ගැන
දෙදෙන එක්වි ගෙතුව පදවැල්...
විදින්නට ඒ සොදුරු සිතුවම්
මට ඉගැන්වු ඔබ නොමැති කල
තනිව විදින්නෙමි ඒ සොදුරු බව
ඇයට ඒ සිත් නැති නිසා....


