තමන්ට කෘතිම අතක් ලබාදෙන බවට රටේ බලවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දුන් පොරොන්දු සිහිනයක් බවට පෙරලී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවක වන අචලා ප්‍රියදර්ශනී මෙනෙවිය 'ලක්බිම' පුවත්පතට පවසා තිබේ.
මෙම නීති ශිෂ්‍යාව මාතර ඌරුබොක්ක සිය නිවසේ තරප්පු පෙළ මතින් ඇද වැටී අතේ අස්ථි බිඳී යැම නිසා පසුගිය ජනවාරි 17 දා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ බලවත් නොසැලකිල්ල නිසා ඇගේ අත මිය ගියේය. මේ නිසා ඇගේ අත කොළඹ මහ රෝහලේදී ඉවත් කරන්නට සිදුවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රටේ මහත් ආන්දෝලනයක් හටගත් අතර ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහ රෝහලට ගොස් අචලා ප්‍රියදර්ශනී හමුවී කෘතිම අතක් වහාම ලබා දෙන බවට පොරොන්දු වි තිබිණ.
කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන බවත්, එය සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ඇයට පොරොන්න්දුවී තිබිණ.
ප්රචාරක වාසිය තකා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලඥයන් ගණනාවක් එකල කොළඹ රෝහලට ගොස් අචලාට දහසක් පොරොන්දු දුන්හ. දේශපාලඥයන් රෝහලේදී අචලා සමග සිනහ මුසු මුහුණින් සාකච්ඡා කළ ආකාරය දැක්වෙන ඡායාරූපද ජනමාධ්‍යන්හි දිනපතා පලවිය.
එහෙත්, දේශපාලඥයන් දුන් පොරොන්දු කිසිවක් තවමත් සැබෑ නොවූ බව අචලා ප්‍රියදර්ශනී මෙනවිය කියා සිටින්නීය