අයියෝ fridge එක!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දවසක් දොස්තර ලගට මිනිහෙක් එනවා කොන්දෙ අමාරුවක් කියාගෙන. දොස්තර දැන් ලෙඩා‍ගෙන් විස්තර අහනව.
    ‍"ඩොක්ටර් මං රෑට තමයි වැඩ, උදේ එළිය වැටෙන්න කිට්ටුව තමයි ගෙදර‍ට එන්නෙ. මං නැති අතරෙ මගෙ නෝන වෙන සම්බන්ධයක් පවත්වනවා කියල මට සැකයක් තිබුණ, ඒත් මට හොයාගන්න බැරි උනා."
    "අද උදේ මම නෝන හොයං කාමරේට එද්දිම බැල්කනිය පැත්තෙ දොර ඇරිලා! මම දුවල ගිහින් බලද්දි මිනිහෙක් කමිසයත් ඇදගන්න ගමන් ලහියේ පාරට දුවනවා. මම ඉතිං කේන්තියටත් එක්ක ගෙදර fridge එක උස්සල තට්ටු දෙකකින් පහලට වීසි කරා අරෑට ලෙල්ලහුටං වෙන්න. ඒ වෙලාවෙ තමයි කොන්දෙ අමාරුව ආවෙ" (සීතකරන රාජයෙක් නොවැ:baffled:) ‍ඩොකත් සීන් කෝන් එක බලල බේතක් දීල යවනවා.

    ටික වෙලාවකින් මනුස්සයෙක් එනව සෑහෙන්න තුවාල කරන්. "ඔයා වාහනේක හැපුනද?...මේ ලේ ගලන්නෙ මොනව වෙලාද?" :confused:
    "ඩොක්ට ඔයා විශ්වාස කරන එකක් නෑ වුන දේ නම්! මගෙ අද පළවෙනි interview එක. එලාම් එක කැඩිලා අනේ මට පරක්කු උනා. බාගෙට අදින ගමන් පාරට ගියෙ බස් එක අල්ලන්න. අනේ ඩොක්ට ඒ අස්සෙන් තඩි
    fridge එකක් මගෙ ඇගට ආවා." :angry: කතාවෙ අගමුල තේරුම්ගත්ත දොස්තර වැඩි කතා නැතුව ඒ පොරටත් බේත් දාල කාරිය පිටත් කරනවා.

    ඊලග ලෙඩා ටිකක් සුදුමැලි වෙලා. දොස්තර ඉතිං සුපුරුදු පරිදි අහනවා:
    "මොකෝ ලෙඩේ?"
    "ඇග සීතලයි ‍‍ඩොක්ට, ‍සෑහෙන්න ඔලුව කැක්කුමකුත් තියෙනවා."
    "ම් හ්ම්ම්.. කවද ඉදන්ද?"
    "අද පාන්දර ඉදන් තමයි ‍ඩොක්ට. මං
    fridge එකක් ඇතුලට වෙලා වෙව්ල වෙව්ල හිටිය. මං හිතන්නෙ ඒ ගෙදර අයිතිකාරය මං එක්කම fridge එක වීසි කලා!!!"


    ==========================================================================================================================

    (මේකෙ මුල් උපුටාගැනීම මූණුපොතේ ඉංග්‍රීසි කතාවකින්)
    චූටි පෝස්ට් 2ක් 3ක් කලින් දැම්මට මේක තමයි මගේ පළවෙනි ඔපීශල් මෙව්ව එක ඈ
    :rolleyes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hhhva.png