ඔන්න අද මම පොඩි ගවේෂණයක් කරන්න හදන්නේ. dong yi කතාව පටන් ගන්නකොට කියාවානේ මේක කොරියානු ඉතිහාසයේ සිදුවූ සත්‍ය කතාවක් කියලා. එනිසා කොරියානු ඉතිහාසයේ මේ අපේ දොන් යි ගැන ලියවිලා තියන තොරතුරු ටිකක් හොයන්නයි හදන්නේ.
![]()
මේ ගැන හොයද්දි මට එක තැනක දැක්කා දොන්ග්යි මාලිගාවට එන්නේ ජලය ගෙන එන, ඉන්හියෝන් බිසවට සේවයකරන සේවිකාවක් ලෙස කියල. දොන් යි, ඉන්හියෝන් බිසවගේ මාලිගයේ දවසක් බිසවට නිරෝගී සුව පතා යාච්ඤා කරන හඬ සුක්ජෝන් රජතුමාට ඇහිලා එතුමා දොන් යි ගැන පැහැදුන කියල තමා තියෙන්නේ. එත් අපි බලපු කතාවේ තිබ්බේ මීට වෙනස් කතාවක්. අපි tv එකේ බලන කතාවේ ඇත්ත කතාවේ සිදු නොඋන ගොඩක් දේවල් රචකයා අලුතෙන් දල තියනවා කතාවේ පැවැත්ම සදහා. එක ඉතින් ඕනේම පුරාවෘත්තයක් කතාවකට නගනකොට වෙන දෙයක් කියල අපි දන්නවනේ. ලංකාවෙත් අභා චිත්‍රපටියේ වගේම සිධාර්ථ ගෞතම චිත්රපටියේත් අපි එක දැකල තියනවනේ.
![]()
කොහොම උනත් සුක්ජෝන් රජතුමාගේ 19 වැනි රාජ්‍ය පාලන වර්ෂයේ ඒ කියන්නේ 1693 දොන් යි රජතුමාගේ අන්තඃපුරයට එකතු උනා කියල තමා ඉතිහාසයේ නම් තියෙන්නේ. ඊට පස්සේ දොන් යිට මොනවා වෙන්න ඇතිද. අන්තඃපුරයට එකතු උනාම වෙනදේ අපේ යාලුවෝ දන්නවනේ ඉතින්. එහෙම නෙමේ මම කිවේ දොන්ග්යි මාලිගාවේ කොහොම ඉන්න ඇතිද. ඉතිහාසයේ ඒගැන කියවෙන දේවල් මම ඊලග කොටසින් කියන්නම්කො.
![]()
BUMP





