ඔන්න පොඩි නිහැඩියාවකින් පස්සේ නැවත හම්බවෙනවා. මේ වෙනකොට CISCO විසින් CCNA වල Syllabus එක ලබන සැප්තැම්බර් වල ඉදලා වෙනස් කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. බය වෙන්න එපා මේ පාඩමත් එක්ක හිටියොත් ඒ ඔක්කෝම දැනන්න ඉගෙනගන්න පුලුවන්. හරි අපි කතා කර කර ඉන්නේ හුගක් දෙනෙක්ට වැදගත් වෙන Subnetting පාඩමේ. කලින් දාපු පාඩම් ටික නැවත කියවන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=14527137&postcount=732
http://www.elakiri.com/forum/showpost.php?p=14568343&postcount=733
අද අපි කතා කරමු මේ IP Address එකක් ඇතුලේ හැංගිලා තියෙන දේවල් මොනවද කියලා. IP Address එකක ව්‍යුහය සහ ඒක හැදෙන හැටි මම පැහැදිලි කලා කලින් පාඩම් වල අපි දැන් බලන්නේ මේ Octet හතරකින් සමන්විත අංක වල හැංගිලා තියෙන දේ මොකක්ද කියලා.
අපිට ප්‍රධාන වශයෙන් IP Address එකක් කඩන්න පුලුවන් Network පැත්තට අයිති තොරතුරැ සහ Host පැත්තට අයිති තොරතුරැ කියලා.
Network පැත්ත කියන්නේ පරිගණක ජාලයක වැඩ කාරයෝ ටික ඒ කියන්නේ Router, Switches, Gateways වගේ අයට තොරතුරැ ගන්න පුලුවන් IP Address එකක අඩංගු කොටස.
ඒ වගේම Host පැත්ත කියන්නේ පරිගණක ජාලයට සම්බන්ද වෙලා ඉන්න PC, Printers, Phones ....... වගේ දේවල්.
IP Address එකක වම් පැත්තේ ඉදලා දකුණට විහිදෙන්නේ Network එක ගැන තොරතුරැ සදහන් අංක.
IP Address එකක දකුණු පැත්තේ ඉදලා වම් පැත්තට විහිදෙන්නේ Network එකේ Host ලා ගැන තොරතුරැ. තේරැණාද මන්දා

බය වෙන්න එපා මම රෑප සටහනක් දාන්නම් එතකොට තේරැම් ගන්න පුලුවන්. බලන්න පහත රෑප සටහන.
වම් පැත්තේ ඉදලා දකුණු පැත්තට Network එකත් දකුණු පැත්තේ ඉදලා වම් පැත්තට Host ලත් විස්තර වෙනවා. හොදයි අපි නිකන් විස්තර වෙනවා කියලා කිව්වට නිශ්චිත ක්‍රමයක් නැතුව ඕක බෙදා ගන්න බෑනේ. ඉහත 2 වෙනි රෑප සටහන බැලුවම ඔයගොල්ලන්ට තේරෙනවා අපිට IP Address එකක තියෙන්නේ කොටස් (Octet) හතරයි. ඉතින් ඔය කොටස් 4 තමයි අපි බෙදාගන්න ඕනේ Network පැත්තටයි Host පැත්තටයි. ඒ වගේම අනිවාර්්‍යයෙන් Network පැත්තටයි Host පැත්තටයි එක Octet එකක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඔය අනුව Octet 4 බෙදා ගන්න පුලුවන් ක්‍රම මොනවද ??
01. අපිට පුලුවන් Network පැත්තට Octet 3 ක්ම වෙන් කරලා ඉතුරැ වෙන Octet එක Host පැත්තට දාන්න. රෑප සටහන බලන්න
02. අපිට පුලුවන් Network පැත්තට Octet 2 ක් වෙන් කරලා අනිත් Octet දෙක Host පැත්තට දාන්න.
03. අනිත් ක්‍රමය තමයි Network පැත්තට Octet 1 ක් වෙන් කරලා ost පැත්තට Octet 3 ක් දාන අවස්ථාව.
රෑප සටහන් එක්කම දක්වලා තියෙන හින්දා පැහැදිලි ඇති. ඔය ක්‍රම 3 නේ අපිට කඩන්න පුලුවන්. ඉතින් ඔය ක්‍රම 3 මූලික කරගෙන තමයි අපි වර්තමානයේ IPv4 Addresses කාණ්ඩ කරලා තියෙන්නේ. මේකට අපි කියනවා Classes කියලා. ඉහත පැහැදිලි කිරීමට අනුව අපිට Classes 3 ක් තියෙනවා.
CLASS A
Class A වල Network පැත්තට එක Octet එකයි Host පැත්තට Octet 3 යි.
CLASS B
Class B වල Network පැත්තට එක Octet දෙකයි Host පැත්තටත් Octet 2 යි.
CLASS C
Class C වල Network පැත්තට එක Octet 3 යි Host පැත්තට Octet 1 යි.
හරි ඔන්න ඔය Classes 3 ට අමතරව තවත් IP Classes ගැන කවුරැ හරි අහලා තියෙනවද ?? එහෙම Classes තියෙනවද ?? ඔව් අපිට වර්තමානයේ මේ A, B, C කියන Classes 3 ට අමතරව තව Classes දෙකක් හදුන්වා දීලා තියෙනවා. ඒ
Class D සහ Class E. මෙයින් Class D addresses අපි පාවිච්චි කරන්නේ Multicast සදහා. මොනවද Multicast කියන්නේ. එක Server එකකින් හෝ Host කෙනෙක්ගෙන් Host ලා එකකට වැඩි ප්‍රමාණයකට විකාශය කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න විදිහට සජීවී ක්‍රිකට් තරගයක Stream එකක් ලෝකය පුරා Network එක හරහා විකාශය කිරීම ගන්න පුලුවන්.
ඒ වගේම තමයි Class E addresses භාවිතා කරන්නේ විද්‍යාත්මක පර්යේෂණ/තාක්ෂණික පර්යේෂණ සදහා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඇති කොහොමද මේ අලුත් Classes දෙක බෙදුවේ කියලා. බයවෙන්න එපා ඊළග පාඩමින් මම පැහැදිලි කරනවා මේ අපි කතා කරපු හැම Class එකකටම අයිති වෙන IP range එක ගැන එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මේවා කොහොමද බෙදෙන්නෙ කියලා. ඒ වගේම තමයි ඔය Class D සහ E ගැන අපි වැඩි ය වද වෙන්න යන්න එපා මොකද ඒක අපේ Syllabus එකට අදාළ නෑ.
ඔය Classes හොදට මතක තියා ගන්න. ඕක තමයි අපි Subnetting පුරාවට කතා කරන්නේ. හැමෝටම හොද අවබෝධයක් තියෙන්න ඕනේ IP Address එකක් දුන්නම ඒකේ Subnet එකත් එක්ක ඒක මොන Class එකේද කියලා කියන්න. අපි ඊට පස්සේ පාඩමින් බලමු මේ Classes අපි Binary වලින් හදාගන්නේ කොහොමද කියලා වගේම ඒවයේ IP Ranges, Special reserve IP addresses මොනවද කියලා.

Last edited:
rep danata ivarai passe dennam

teyana nisa awlak naha kelinma CCNA karanna puluwan keyala.Networking deploma akak
o.ne naha keyala.
ahema kalata awlak nadda?
magadi eranne wai da?