I am proud to be muslim!

Suryaa

Member
Jun 23, 2012
285
22
0
බෞද්ධයන් සුරාමේරය ශික්ෂා පදයට ගරු නොකරන බවත්, හොර අරක්කු, කසිප්පු මුස්ලිම් ජනතාව සිටින තැන්වල නොමැති නිසා තමන් ඔවුන්ට ගරුකරන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ගුරුතලාව ප‍්‍රධාන ට් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

’පක්ෂ දේශපාලනය මැතිවරණවලට පමණක් සීමා නොකර, ජයග‍්‍රහණයෙන් පසුවත් ඡුන්දය දුන් නොදුන් සැමට සේවයක් වන අයුරින් සංවර්ධන වැඩකටයුතු ක‍්‍රියාත්මක කළ යුතුයි. දේශපාලන නායකයන් ලෙස සියලූ ජන කොටස්වලට සමානව එකම හැන්දකින් බෙදුවොත් විතරයි, රටක සියලූ ජන කොටස් අතර සමගිය සහෝදරත්වය ඇති වන්නේ. සමහර අවස්ථාවල ජනතාව අතර ජාති ආගම් මතභේද ඇති කරන්නේ පත්වන ආණ්ඩුම තමයි. සමහර දේශපාල්ඥයන් දුරදිග නොබලා මෙවැනි ජාති ආගම්, භේද ඇතිකිරීම අනුමත කරන්න බැහැ. ජනාඪ්ජිපතිතුමා යුද්ධය හා ත‍්‍රස්තවාදය අවසන් කළා මිස දෙමළ ජාතිය විනාශ කිරීමට හෝ පීඩාවට පත්කිරීමට කටයුතු කළේ.

රටක් ඉදිරියට ගෙනයාමට ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධය, ආගමික ජාතික සහජීවනය අවශ්‍යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්තිය කොන්ක‍්‍රීට් පාරවල්, තැපැල් කන්තෝරු, සායන මධ්‍යස්ථාන හදන එක පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගිය හොඳ උපේක්ෂාකාමී, ශික්ෂණකාමී ජනතාවක් හදන එකයි. අල්ලා දෙවියන් වහන්සේත්, බුදුරජාණන් වහන්සේත්, ජේසුස් වහන්සේත් කිවුවේ එකමයි. හැබැයි මම මුස්ලිම් ජනතාවට එක කාරණයක් නිසා ගරු කරනවා. ඒ තමයි බෞද්ධයන් සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි කියන ශ්ක්ෂාපදයට ගරු කරන්නෙ නැහැ. නමුත් මුස්ලිම් ජනතාව ඉන්න තැන්වල හොර අරක්කු, කසිප්පු නැහැ. බාර්වලට යන්නේ නැහැ. එය මුස්ලිම් ජනතාවගේ ආර්ථික ශක්තිය, ජීව්න ශක්තිය ශක්තිමත් කිරීමට උපකාරී වී තිබෙනවා.

අන්‍යාගමික අය අතර තිබෙන ධනාත්මක ලක්ෂණ අපි දකින්න ඕනෑ. ඒ නිසා මම නායකත්වය දෙන බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ ජාතික සමගිය ඇති කරගන්න මම බලාපොරොත්තු වෙනවා’ යැයිද පවසා සිටියේය.
 

rock_sl

Member
Mar 9, 2013
211
31
0
අන්‍යාගමික අය අතර තිබෙන ධනාත්මක ලක්ෂණ අපි දකින්න ඕනෑ.



993534_460173077407933_464452950_n.jpg



share this with ur friends



මුන්ට සත්තු කියල කියන එක සත්තුන්ටත් අපහාසයක් :angry:
 

*genie*

Member
Mar 21, 2013
110
4
0
Api machan sinhala kiyala ardambara wenawa.a wagema thamai anith jathein.un unge jathiya gana ardambarai.ake waradak nahane.api awata garu karanna one.athakota thamai apitath un garu karanne