ලක්මාල්.................

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ක්මාල් ගමක තරුණයෙක්.එයා රස්සාව කලේ නගරයේ තැනක නිසා එයා නගරයෙන්ම පුංචි ගෙයක් කුලියට අරන් ඒකෙ පදිංචි වුනා.ඉතින් රස්සාව නිසා ලක්මාල් ටිකක් විතර පෝසත් වුනා.එයා ගෙදරට අලුතෙන් බඩුමුට්ටු ගත්තා,ගෙදර වැඩට ගෑණු ළමෙක්වත් ගත්තා.ඊටත් ටික දවසකට පස්සෙ ගමේ හිටපු ලක්මාල්ගෙ අම්මා ලක්මාල්ව බලන්න එයාගෙ ගෙදරට ආවා.ලක්මාල්ගෙ අම්මා දැක්කා ගෙදර වැඩට හිටපු ලස්සන තරුණ ගෑණු ළමයව.අම්මා තමන්ගෙ පුත්තරයගෙ තරම දන්න නිසා ටිකක් හිත අවුල් වුනාලු! ඒත් අම්මා ලක්මාල්ටවත් අර ගෑණු ළමයටවත් ඒක ඇගෙව්වෙ නෑ.
    කොහොම වුනත් ඒ ගෑණු ළමයගෙ වැඩ පිලිවෙලට නම් ලක්මාල්ගෙ අම්ම කැමති වුනා.මොකද එයා පිලිවෙලට පිරිසිදුව වැඩ කරනවා.
    දවල් කෑමත් ඒ ගෑණු ළමයා හුගා..ක් රසට උයල තිබුණා.ලක්මාලුත් ඉතින් තමන්ගෙ මෙහෙකාරියගෙ හැකියාව ගැන අම්ම එක්ක වර්ණනා කලා.
    දවල් කෑමෙන් පස්සෙ ලක්මාල්ගෙ අම්ම ගමේ ගියා.
    කෑම මේසෙ අස්කරපු වැඩකාර ගෑණු ළමය ලක්මාල්ට කිව්වලු කෑම මේසෙට තියල තිබුන එක රිදී හැන්දක් අඩුයි, ඒක අරගන්න ඇත්තෙ අම්මා වෙන්නැති කියල. ලක්මාල්ටත් හරිම දුකයි සහ ලැජ්ජයි එයාගෙ අම්මා කරපු වැඩේට. දවස් 3කට පස්සෙ ලක්මාල් අම්මට ලියුමක් ලිව්වා.

    අම්මා වෙත,



    මාව බලන්න පැමිණීම ගැන සතුටුයි.ඒත් අම්මා ගියාට පසුව මං දැක්කේ ගෙදර තිබුන එක රිදී හැන්දක් අඩු බව.අම්මා ඒක ගත්තා කියල මං කියන්නෙ නෑ..එත් නොගත්තා කියා කියන්නෙත් නෑ.රිදී හැන්ද නැති වුනේ අම්මාගෙ නික්ම යාමත් සමග බව නම් පැහැදිලියි !


    මීට,

    ලක්මාල්.

    ලක්මාල්ගේ ලියුම කියවපු අම්මා ඒකට උත්තර ලිව්වා.....


    ලක්මාල් වෙත,


    ගෙදර වැඩකාරි ඔයත් එක්ක නිදා ගන්නවා කියලා මං කියන්නෙ නෑ.එත් ඔයා එක්ක නිදා නොගන්නවා කියලා මං කියන්නෙ නෑ. දවස් 3 කින් වැඩකාරි තමන්ගේ ඇදේ නිදාගෙන නැති බවනම් පැහැදිලි. රිදී හැන්ද එයාගේ කාමරේ ඇදේ.


    මීට,


    අම්මා


    හොදයි නම් බම්පියක් දාගෙනම යමු නේ !

    ;)

    එහෙනම් අපි කැපුන , ජය වේවා !



    10.gif
    sorry if re post

    source Facebook