Premawathi Manamperi Story in 10 min

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කථා කරලා වැඩක් නැහැ. :(

    අනිත් අයටත් දැනගන්න bump එකක්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ සිදුවීම ස්ත්‍රී දුෂණය මිනි මැරීම කිසි සෙත් අනුමත කිරීමට නොහැක.නමුත් මෙහි වරද කරුවන්ට එකල ක්‍රියාත්මක වූ මරණ දඩුවම නොදුන්නේ මන්ද??(පැහැදිලි සාක්කි තිබියදී) හේතුව අහිංසකයි යනුවෙන් කියන ඈ සැබවින්ම රාජ්‍ය ද්‍රෝහී යෙකි. මෙරට පාලන බලය පැහැර ගැනීමට රට අස්ථාවර කිරීමට බටහිර අධිරාජ්‍ය වදී/වමාෂික අධිරාජ්‍ය රට වල ඩොලර් කුට්ටි මත යැපුන ත්‍රස්තවාදී සංවිධානයක(like LTTE) කතරගම ප්‍රදේශයේ නායිකාවකි.නමුත් මේ සිදුවීමෙන් පසු කිසිම ස්ත්‍රියක් මේ වගේ සංවිධාන වලට ආධාර අනුබල නොදුන්හ.තම දෙමාපියන් ගැහැණු දරුවන් මේවගේ සංවිධාන වලට එක වීමට ඉඩ නොදුන්නෝය.පසුව කැරලි වලට එක් වුයේ මේ ඉරණම් වලට සුදානම් අය වෙති.(රාජ්‍ය ද්‍රෝහීන් ප්‍රසිද්දියේ නිරුවත් කොට මරා දැමීම රජ කලේ දඩුවමකි).

    "බටහිර අධිරාජ්‍යවාදී" , "ඩොලර් කුට්ටි මත යැපුන" , "රාජ්‍ය ද්‍රෝහීන්" ..... යනාදී සුපුරුදු වචන සමගින්

    ඌ දෙමල/මුස්ලිම්/සිංහල... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද
    ඌ JVP/UNP/සන්ධානේ... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද .... කියමින්

    මිනීමැරුම් සාදාරනය කරන මේ වගේ සමාජයක් ජීවත්වීමට ලැබීම අහෝ සැපතකි !

     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    අලුත් අවුරුද්ද උදාවී ගතවී තිබුණේ දින දෙක තුනකි. ඉඳහිට නැගෙන කොවුල් ගීතය වනපෙතේ නිහඬතාව බිඳ දමන්නට විය. හෙන්ද්‍රික් අප්පුහාමිගේ වැඩිමල් දියණිය වූ ප්‍රේමවතී මෙන්ම අන් සියලු දෙනාම එදා නිවෙසෙහි සිටියෝය. ප්‍රේමවතී කණ්ණාඩිය ඉදිරිපසට වී තම දිගු කෙහෙවැටිය පීරමින් හැඩවැඩ බැලුවාය. තවත් මොහොතකින් අවි දරාගත් පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රේමවතීගේ නිවෙසට කඩා වැදුණේ කාගේත් දෙනෙත් භීතියෙන් මෙන්ම කුතුහලයෙන් ද පුරවා දමමිනි.

    “කෝ ප්‍රේමවතී”

    ඔවුන්ගේ හෙඬහි කිසිදු ගරුසරුවක් නැත. ඒත් එක්කම ගෙතුළට කඩා වැදී දිගු කොණ්ඩයෙන් අල්ලා එළියට ඇදගෙන ගිය ප්‍රේමවතීගේ පිට කොන්ද හරහා ඇදී ගියේ රයිපල් බෙඳන් දුන් පහර කිහිපයකි. පහර දී ජීප් රථයට දමා ගත් ප්‍රේමවතී රැගෙන ඔවුහු ඉගිලී ගියහ.

    “අනේ මගේ කෙල්ල ගෙනියන්න එපා”

    අම්මා ලීලාවතී විලාප දෙමින් රථය පසුපස දිවගියේ දරුපෙමින් වියරු වැටුණු වැලහින්නක පරිද්දෙනි. එහෙත් දුහුවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් ඇදීගිය ජීප්රථය ඇගේ දෙනෙත් මානයෙන් අතුරුදන් වූයේ තම කුළුඳුල් දියණියගේ සැඟවුණු ඉරණම් මාවත දිගේය.

    හඬා වැළපෙමින් දියණිය සොයාගොස් ගොම්මන් කළුවර වැටෙද්දී ඇය ආපසු හැරී ආවේ හිස්අතිනි. තම දියණිය පණපිටින් දකින අවසන් මොහොත එය වෙතැයි ඇය සිහිනෙකින් පවා නොසිතුවාය.

    රාත්‍රිය ගෙවී යද්දී වියරු දිවි රැළකට හසුවූ මුවැත්තියක් ලෙස අඩපණව වැතිර සිටි ප්‍රේමවතීට ගෙදර සිහිවුණාය. අහිංසක මවත් පියාත් සහෝදර සහෝදරියන් ද ඇයට මොහොතක් පාසා මතකයට නැගුණාය.මවගේ ඇස් මානයෙන් බැහැරව රාත්‍රියක් පිටස්තර තැනක ගතකොට නොතිබූ ප්‍රේමවතී තැතිගැන්මෙන් එළැඹෙන රැයට මුහුණ දුන්නේ කළ හැකි කිසිවක් නොවූ තැනය. රාත්‍රියේ මුල්ම හෝරාව එළඹෙත්ම පොලිස් පරීක්ෂක උඩවත්ත ඇයගේ කාමරයට පැමිණියේ මහා හපන්කමක් කළ වීරයකු පරිදිය.

    “උඹ මගෙන් පළිගත්තෙ මෙහෙම ද”

    ඇගේ වෙව්ලන තොල්පෙති අතරින් පිටවන්නට ඇත.

    “ආඩම්බරකාර පරට්ටි... උඹ මාව ගණන්ගත්තෙ නැහැ නේද? උඹට මෙහෙම කරල මදි. මම කිව්ව නේද හොඳීන් හරි නරකින් හරි මං කරන්න හිතු දේ කරනවා කියලා.”

    උඩවත්තගේ වහසි බස් දෙඩීම ඇයට ඇසුණේ හීනෙන් වාගේය. සියල්ල අවසන්ව ඔහු පිටවී යන්නට ගියේය.

    තම සිරුර රූකඩයක් මෙන් වැතිර තිබියදී එය තමන්ට අවනතව නොතිබුණ බව ඇයට දැනේ. ඉන්පසු කාමරයේ දොර වරින් වර විවෘත වූයේ නන්නාඳුනන තිරිසන් අමන රැළකගේ පා පහරින්ය. එදා රාත්‍රිය ම ඇයට විඳීන්නට සිදුවූයේ සිත්පිත් නැති වියරු කාමසංග්‍රහයන්ය.

    “දැන් ඉතිං ජීවත් වෙලා පලක් නැහැ. මාව මාරා දාපල්ලා. ආයේ ජීවත් වුණත් මට ගෙදර යන්න බැහැ.”

    ඇගේ ස්ත්‍රීත්වය ඉකිබිඳ වැළපුණේ උහුලන්නට බැරි දුකකින්ය.

    ඉක්බිති පසුදින ඇයට උරුම වූයේ කුමක් ද? සැබැවින්ම එය බිහිසුණුය, අමානුෂිකය,

    ඊළඟට පැමිණියේ හමුදා නිලධාරීන්ගේ වාරයයි. ලුතිතන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය ගිනි අවියක් අතදරා තම සෙබළුන් අමතා අණ දෙමින් සිටියේය.

    “ඕකිව අරගෙන වරෙල්ලා.”

    පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහු ප්‍රේමවතී දෙස බැලුවේ කේන්තියෙනි.

    “ගලවපන් ඔය ඇඳුම්”

    ඒ මාරයාගේ අණයි. ලැජ්ජා බිය ඇතිව හැදුණු වැඩුණු පිටිසර කෙල්ලක් එවන් මොහොතක දී සිහිවිකල් නොවුණානම් පුදුමයකි. ඕ ඉකිබිඳීමින් බිම බලා සිටියාය. ඉහළට එසවුණු රයිපල් බඳ ඇගේ සිරුර මතට පතිතවන්නට බලා සිටියේය. එයින් තැති ගත් අසරණිය තම ඇඳුම් එකිනෙක උනා දැම්මේය. සෙමෙන් සෙමෙන් අවසන්වරට ගතේ රැඳී තනපටය හා යටගවුම ද බිම පතිත වූයේය. ඉන්පසු ඇයට අණ ලැබුණේ දෑත ඔසවා මහ මඟ ඇවිද යන ලෙසය. ඇය ඉදිරියට ඇවිද ගියේ තොල් මතුරමිනි.

    “මීට වැඩිය හොඳයි එක පාරම මාව මරල දාපල්ලා”

    ඇගේ පසුපසින් ලුතිතන් විජේසූරිය හා සෙබළු පිරිස යද්දී ඇය ඉදිරියෙන් පා පැකිලෙමින් ඇවිද ගියාය. ඒ බොහෝ අවස්ථාවලදී ඇගේ සිරුර පිටුපසට වැදුණේ අවිආයුධ විලින් මරු පහරවල්ය. තවත් නිමේෂයකින් කතරගම නගරයම දෙදරුම්කමින් ලුතිතන් විජේසූරියගේ ඇතති ගිනිඅවිය ක්‍රියාත්මක වෙද්දී වෙඩි පහර දෙකක් වැදී බිම ඇදවැටුණු ප්‍රේමවතී මොහොතකින් තම සිරුර වාරුකොට නැගී සිටියාය. ආයෙමත් ඇදවැටුණ ද ප්‍රේමවතී මිය ගියේ නැත. ආයෙමත් රුදුරු වෙඩි පහර දෙකක් ඇගේ සිරුර විනිවිද යද්දී ඇය බිම ඇදවැටී අමාරුවෙන් මෙසේ කීවාය.

    “මට වතුර ටිකක් දෙන්න.”

    ඇය අයැද සිටියාය. නගරය මැද තිබූ ගුණසිරි හෝටලයේ කොලුගැටයෙක් වතුර ටිකක් රැගෙන දිව ආවේය.

    “දෙන්න එපා වතුර. දීපු එවුන්ටත් වෙඩි තියනවා.”

    ඒ වියරු හමුදා ලුතිතන්වරයාගේ හඬය. ඇලඩින් මාමා හමුදාවට පින්සෙන්ඩුවී වතුර ටිකක් දීමට අවසර ගත්තේය. ප්‍රේමවතී ගුලිපිටින් ලේ වමනය කළාය. ආයෙමත් වතුර ඉල්ලාගෙන බිව්වාය. එහෙත් තවමත් ප්‍රේමවතී මිය ගොස් නැත.

    “අර කෙල්ලව වළලලා දාපන්” හමුදාව ඇලඩින් සිල්වාට අණ කළේය. ඇලඩින් නගරයේ හමුදා කඳවුර සමඟ හැඳුනුම්කම් තිබීම ඊට හේතු වූයේය.

    ගලාගිය ලෙයින් රත්පැහැ ගැන්වී තිබූ සිරුරින් යුතු ප්‍රේමවතී මරණ මංචකයෙහි වැතිර සිටියාය. ඇලඩින් සිල්වා, කාදර් සයිමන් සහ පෙරුමාල් යන අයගේ උදව් ඇතිව ප්‍රේමවතී වළදැමීමට වළක් කැපුවේය. ඇය දෙපසින් ඔසවාගෙන ආවද වළ ගැට්ටේ තැබුවේ ඒ වන විටත් ඇයට පණ තිබූ නිසාය.

    “කෙල්ල මැරිල නෑ තව පණ තියෙනවා.”

    ඇලඩින් ආවේගයෙන් කෑගැසුවේය.

    “ඔය කරාබු දෙක ගලවා ගනිල්ලා.”

    හමුදාවේ අණින් පෙරුමාල් නමැති තරුණයා ඇගේ කරාබු දෙක ගලවා අතට ගත්තේය.

    ඒ වන විටත් ඇලඩින් කඳුළු ගලන දෑසින් යුතුව ප්‍රේමවතී අසලම සිටියේය. ගොතගසමින් වචන එකතු කළ ප්‍රේමවතී ඇලඩින් දෙස බලා කිසිවක් තැතනුවේය.

    “මාමේ මගේ කරාබු දෙක ඉල්ලගෙන ගිහින් අපේ අම්මට දෙන්න මං දුන්නා කියලා නංගිට දෙන්න කියලා.”

    ඒ අසලට දිවගෙන ආ සෙබළෙක් නැවතත් ඇයට වෙඩි තබා ආපසු ගියේය. ඇය එයිනිදු මිය ගියේ නැත.

    “මාමේ මාව පණ පිටින්ම වළදාන්න. වෙඩි තියන්න එපා කියන්න.”

    ප්‍රේමවතී කෙඳීරුවාය. ඒ මරණීය වෙඩි පහර වල වේදනාව ඇයට තවත් ඉවසා දරාගත නොහැකි නිසා වන්නට ඇත.

    රත්නායක නම් සෙබළකු දිව විත් එල්ලය බලා ඇගේ හිසට වෙඩි දෙකක් තැබුවේ ඉන්පසුවය. දින දෙකක් පුරා දිවා රැයේ විඳී අමානුෂික වධ වේදනාවන්ගෙන් මිදී ප්‍රේමවතී මනම්පේරි නම් 22 හැවිරිදි කතරගම රූමතිය සදහටම දෑස් පියාගත්තේ මුළු රටටම ලොමු ඩැහැගැන්වන තිරස්චීන ඝාතනයක මතකය යුගයෙන් යුගයට ඉතිරිකර තබමිනි.

    අමානුෂිකව ඝාතනය කළ කතරගම රූප සුන්දරිය හෙවත් ප්‍රේමවතී මනම්පේරි 1971 අප්‍රේල් 16 වැනි දින මුළු රටම කම්පා වන අයුරින් ඝාතනය කරනු ලැබුවේ 22 හැවිරිදි වියේදීය. ඇය අමානුෂික ලෙස මරා දමා වළක් කපා වළට දැමීමට බාර කළේ ඇලඩින් සිල්වා නම් දන්නා හඳුනන අයකුටය. සිද්ධිය ඇසින් දුටු ප්‍රබලම සාක්ෂිය ඇලඩින්ගෙන් ප්‍රකාශ විණි.

    “එදා ගෙදර ආපු එයාගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණා. කතාබහ කළේත් නැහැ. එදා හවසට කෑමක් බීමක් ගත්තේ නැහැ. ලොකු හිත්වේදනාවකින් හිටිය බව තේරුණා.”

    ඇලඩින්ගේ බිරිය පසු කලෙක ප්‍රකාශකොට තිබුණේය. නිර්භීත හිතදැඩි මිනිසකු වූවද ප්‍රේමවතීට කළ අපරාධය සියැසින් දැක ඔහු සුසුම් හෙළුවේය. ඉවසිය නොහැකිව රහසේ කඳුළු සැළුවේය.

    ඇයගේ ඝාතනය වෙනුවෙන් නඩු ඇසූ අධිකරණය චූදිතයන්ට දඬුවම් නියම කළේය. ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සිරගෙදරදීම චර්ම රෝගයක් උත්සන්න වීමෙන් මිය පරලොව ගියේය. රත්නායක සිරදඬුවම් ගෙවා පැමිණිය ද 1989 වසරේ දී ජනතා ව්‍යාපාරයක සාමාජිකයන් විසින් ඔහුව ඝාතනය කරන ලදී. ඇය පැහැරගෙන යාමට මුල්වූ පොලිස් පරීක්ෂකවරයා නිරුපද්‍රිතව වෙනත් ප්‍රදේශයකට ගොස් සේවය හමාරකොට 80 වසරක් ජීවත් වී මියගියේය. මනම්පේරි ඝාතනයේ කැපී පෙනෙන සාක්ෂිකරුවකු වූ ඇලඩින් සිල්වා ද මෑත භාගයේ දී මිය ගියේය.

    ප්‍රේමවතී මනම්පේරි අද සිටියානම් වසර 65ක් වූ අදරණීය මිත්තනියකි. එහෙත්... දෛවය ඊට හරස් විය. ඇල්ෆ්‍රඩ් විජේසූරිය නම් වූ හමුදා ලුතිනන්වරයා ගේ වේෂයෙන් බියකරු මරණය ඇය වෙත ආවේය. දෛවයේ අකාරුණික සැලසුම මත මෙලොව ස්ත්‍රියකට කිසිදා උරුම නොවිය යුතු අමානුෂික වධවේදනාවන්ට නතුව නින්දිත වූ මරණයකට හිමිකම් කියන්නට ඇයට සිදුවිය. එදා ඇය අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ භූමියේදීම වෙඩිපහර කා මළවුන් අතරට ගියේ ජීවිතයේ පුදුමාකාර වූ දේ සිදුවන බව පසක් කරමිනි.

    kiyanna wachana ne ban :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෆක් ද වෝ හීරෝස්...

    මොකක්?එකක් දෙන්නෙක් කරපු වැරදි වලට මුළු හමුදාවම පලිද යකෝ?උබලට ලංකාවේ බෝම්බ පිපිරුණා හැටි දැන් අමතකයි නේද.හමුදාව නැත්නම් තොගේ පවුලේ එකෙක් උනත් බෝම්බෙකට අහුව්ලා කුඩු වෙලා යන්න තිබ්බා.:angry::angry::angry::angry::angry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "බටහිර අධිරාජ්‍යවාදී" , "ඩොලර් කුට්ටි මත යැපුන" , "රාජ්‍ය ද්‍රෝහීන්" ..... යනාදී සුපුරුදු වචන සමගින්

    ඌ දෙමල/මුස්ලිම්/සිංහල... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද
    ඌ JVP/UNP/සන්ධානේ... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද .... කියමින්

    මිනීමැරුම් සාදාරනය කරන මේ වගේ සමාජයක් ජීවත්වීමට ලැබීම අහෝ සැපතකි !




    උබනම් ඉතින් බොර දියේ මාළු බාන්න හදන එකෙක් නේ.උබ ගැන කථා කරලා වැඩක් නැහැ එක අතකට.උබේ තාත්ත NGO එකක වෙන්න ඇති වැඩ කරන්නේ.:P:P:P
     

    exgen

    Member
    Apr 27, 2013
    13
    2
    0
    "බටහිර අධිරාජ්‍යවාදී" , "ඩොලර් කුට්ටි මත යැපුන" , "රාජ්‍ය ද්‍රෝහීන්" ..... යනාදී සුපුරුදු වචන සමගින්

    ඌ දෙමල/මුස්ලිම්/සිංහල... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද
    ඌ JVP/UNP/සන්ධානේ... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද .... කියමින්

    මිනීමැරුම් සාදාරනය කරන මේ වගේ සමාජයක් ජීවත්වීමට ලැබීම අහෝ සැපතකි !



    pattay........sirawata shareerayak deela thibbata hithanna buddiyak nathi mati samajayak dan thiyenne..........matanam nikan pissu wage......:confused:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේ සිදුවීම ස්ත්‍රී දුෂණය මිනි මැරීම කිසි සෙත් අනුමත කිරීමට නොහැක.නමුත් මෙහි වරද කරුවන්ට එකල ක්‍රියාත්මක වූ මරණ දඩුවම නොදුන්නේ මන්ද??(පැහැදිලි සාක්කි තිබියදී) හේතුව අහිංසකයි යනුවෙන් කියන ඈ සැබවින්ම රාජ්‍ය ද්‍රෝහී යෙකි. මෙරට පාලන බලය පැහැර ගැනීමට රට අස්ථාවර කිරීමට බටහිර අධිරාජ්‍ය වදී/වමාෂික අධිරාජ්‍ය රට වල ඩොලර් කුට්ටි මත යැපුන ත්‍රස්තවාදී සංවිධානයක(like LTTE) කතරගම ප්‍රදේශයේ නායිකාවකි.නමුත් මේ සිදුවීමෙන් පසු කිසිම ස්ත්‍රියක් මේ වගේ සංවිධාන වලට ආධාර අනුබල නොදුන්හ.තම දෙමාපියන් ගැහැණු දරුවන් මේවගේ සංවිධාන වලට එක වීමට ඉඩ නොදුන්නෝය.පසුව කැරලි වලට එක් වුයේ මේ ඉරණම් වලට සුදානම් අය වෙති.(රාජ්‍ය ද්‍රෝහීන් ප්‍රසිද්දියේ නිරුවත් කොට මරා දැමීම රජ කලේ දඩුවමකි).

    "බටහිර අධිරාජ්‍යවාදී" , "ඩොලර් කුට්ටි මත යැපුන" , "රාජ්‍ය ද්‍රෝහීන්" ..... යනාදී සුපුරුදු වචන සමගින්

    ඌ දෙමල/මුස්ලිම්/සිංහල... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද
    ඌ JVP/UNP/සන්ධානේ... අපිට මොකෝ උන් මැරුණම ඕකුන් මරණ එකමයි හොද .... කියමින්

    මිනීමැරුම් සාදාරනය කරන මේ වගේ සමාජයක් ජීවත්වීමට ලැබීම අහෝ සැපතකි !

    මිනි මැරුම් සාධාරණී කරණය කරනවා නෙමේ එත් තිත්ත උනත් ඇත්ත එයයි, පුළුවන් නම් ඒවා බොරුයි කියලා ඔප්පු කරන්න. අපිට අතීතය වෙනස් කරන්න බෑ. නමුත් අතීතයේ උන වැරදි වලින් පාඩම් උගත යුතුය.එසේ ඉගෙන ගත්ත නැති නිසා තමා 88/89 කලේ මිට වඩා දරුණු දේවල් උනේ. වරක් සිංගප්පුරු අගමැති කියල තිබ්බ ලංකාවේ JVP ඇතුළු වමේ ව්‍යාපාර ලංකාවේ ඇතිනොවූ නානම් සිංගපුරුවට මේ වගේ දියුණුවක් ලබා ගන්න බැරි වෙනවා කියල.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇන්ටන් ජෝන්ස් කියන සින්දුවෙන්
    තවත් බොක්කටම වදිනවා උගේ වොයිස් එකත් ගති බන් :cool: