Petrol Ithurukaramu (Automatic Transmission)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Cut-your-speed-cut-your-p-007.jpg


    පෙට්රල් ඉතුරුකරගමු (Automatic Transmission)​

    ඉතින් කොහොමද කස්ටිය? සැහෙන කාලෙකින් ඔන්න වැඩකට ඇති දෙයක් කියන්න කියලයි සොමේගේ සූදානම, අපි කාටත් ඉතින් මේ ලංකාවේ ආශ්චර්යමත් මූල්‍ය කළමනාකරණය නිසා අමන්දානන්දයට පත්වෙන්ඩනේ සිද්දවෙලා තියෙන්නේ, ඉතින් ඔය කාරණය නිසා අපි භාවිතා කරන වාහනයේ ඉන්දන දහනය රුපියලකින් දෙකකින් හරි වැඩි කරගන්ඩ පුලුවන්නම් එක ලොකු දෙයක්නේ, අද මම කියලදෙන්ඩ හදන්නේ අපිට එච්චරම ගානක් නැති උනාට ගොඩක් දුරට ඉන්දන දහනය අඩු කරගන්න පුළුවන් ක්‍රම කීපයක්,



    01. සාමාන්යෙන් ගොඩක් දෙනෙක් කරන්නේ ඔටෝ ගියර්නේ කියල ඔහේ ඇක්ස්ලේටර් එක පාගාගෙන ඉන්න එක, එත් අපි වාහනේ හඳට හොඳින් අහුම්කන්දීගන ඩ්‍රයිව් කරනවානම් මන් මේ කියන දේ කරන්න පුළුවන්, ගොඩක් දුරට නිෂ්පාධකයා විසින් ඔටෝ ගියර් වාහනයක ගියර් මාරු වීම හදල එවන්නේ තනි ගියර් එකේ උපරිම වේගයක් ලබාගන්න පුළුවන් වෙන්න, නමුත් එතැනදී එන්ගිම ටිකක් වැඩිපුර රේස් වෙනවා, නමුත් අපිට එන්ජිමේ හඩත් සමග ධාවනයේ යෙදෙනකොට, ගමන් කරන ගියරයේ සිට ඊළඟ ගියරයට යා යුතු අවස්තාව ගැන අවභෝදයක් ගන්න පුළුවන්, අන්න ඒ තැනදී ඇක්ස්ලෙටරය පොඩ්ඩක් ඇත අරියනම් ඊ ළඟ ගියරයට නිකන්ම මාරු වෙනවා. එවිට අර එන්ජිම රේස් වෙන එක නැතුව ගියර් එක මාරු වෙනවා, මේක කරන්න ලේසියි ආර් පී එම් මීටර් එකක් තියනවනම්, සාමන්යෙන් 2000 පනපුවම වගේ මේ විදියට කරානම් හරියටම හරි.(මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි, මොකද මන් භාවිත කරන්නේ පෙට්‍රල් වාහන 2009 වසරේ සිට ඔටෝ, ඉන්දන දහනය කිලෝමීටරයක් දෙකකින් වැඩි කරගන්න පුළුවන්)

    02. තවත් දෙයක් තමයි අපේ රටේ මාර්ගවල ඉඩ කඩ බොහොම වැඩි නිසා පාරට බැහැපු වෙලේ ඉඳන් පුදුම සහනයක්නේ හිතට දැනෙන්නේ, ඒ තරමටම පාර නිදහස් :උන්හිටි තැන නැතුව හිනාවෙන මූණ: හරි මේකයි කියන්න හැදුවේ ගොඩක් දුරට අපිට ට්‍රැෆික් වලට සෙට් වෙන්ඩ වෙනවනේ ඉතින් ඒ වගේ වෙලාවට ගියර් එක ඩී එකේම තියාගෙන බ්රේක් පාගාගෙන ඉන්නේ නැතුව නිවුට්‍රල් එකට එහෙමත් නැත්නම් එන් එකට දාගන්ඩ මතක තියාගන්න, මොකද අපි ඩී එකේ තියාගෙන බ්රේක් කරන ඉන්නවා කියන්නේ හරියට හරකෙක් ගැහෙ බැඳලා උව දක්කන්ද තඩි බානවා වගේ වැඩක්. එක නිසා වාහනය එන්ජිම පනගන්වා නතර කරන ඉන්න හැම වෙලාවකම ගියර් එක නියුට්‍රල් කරගන්න, ඕනෑම ස්වයංක්‍රීය ගියර් පද්දතියක් ඇති වාහනයක ඩී එකේ සිට එන් එකට ගියර් ලිවර් එක දාන්ඩ බට්න් එක ප්‍රෙස් කරන්ඩ ඕනේ නෑ, නිකන්ම තල්ලු කලාම වැටෙනවා.

    03. තව දෙයක් තමයි ගමන ආරම්භයේදීම ඇක්ස්ලෙටරය උද හිටගෙන පිකප් කරන්ඩ එපා, සෑහෙන්ඩ පෙට්‍රල් පිච්චෙනවා එතකොට සාමාන්‍ය ප්‍රමාණයට ඇක්ස්ලෙටරය පාගල පිකප් කරගන්න, මොකද එකපාර 50ට 60ට පිකප් කරගත්ත කියල ලංකාවේ පාරවල් වල ඉන්න රියදුරන් සහ පාරවල්වල තත්වය නිසා වැඩක් වෙන්නේ නෑනේ.


    උපුටා ගැනීම සොමේගේ පොට් එකෙන් http://somegepoteka.blogspot.com/


    මේවා දන්නා අය ගොඩක් ඇති, එත් නොදන්නා එක්කෙනෙක් හරි දැනගනියි කියන අදහසින් තමයි මේක ලීවේ, එක නිසා එහෙම කෙනෙකුට බලාගන්න හරි බම්ප් එකක් දාල යන්න කියෙව්වට ගොඩක් ස්තුතියි.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ඉතින් අපි නම් තවම පාවිච්චි කරන්නේ හද්ද පරණ manual gear වාහනේම තම‍යි......:baffled::baffled::P
    Auto gear වාහන පාවිච්චි කරන අ‍යට මේක ගොඩක් වදගත් වෙ‍යි......:yes::yes::yes:

    Rep+

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ ඉතින් අපි නම් තවම පාවිච්චි කරන්නේ හද්ද පරණ manual gear වාහනේම තම‍යි......:baffled::baffled::P
    Auto gear වාහන පාවිච්චි කරන අ‍යට මේක ගොඩක් වදගත් වෙ‍යි......:yes::yes::yes:

    Rep+


    ah apeth ithin auto unaata 1996 car ekak thama thiyenne, salenda epa padiyen padiya udata emu
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Oka hari machan parana ewata CVT gear box ekatanam oka hari yanne na
    But eka laga pickup karanne nathuwa shape eke paganawanam petrol lassanata weda karanawa, :)