වැලපෙමුද අපි ඉතින් සදහට......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැලපෙමුද අපි ඉතින් සදහට......

    ලගින් හිදිමින් ඈත ක්සිතිජය...
    දිහා අපි අද බලන් හිටියට......
    සයුරු රළ ලග දෙඅත් පටලා....
    සිනා නගමින් දෙපා තෙමුවට....
    රැලි නගා ගොඩබිමේ හැපෙනා
    මුහුදු වෙරලක සොදුරු සවසට.....
    යලිත් එන්නට වරම් නැති දා...
    වැලපෙමුද අපි ඉතින් සදහට......

    නිතර ඇවිදින වෙරළ තීරේ....
    අතර මගදී නතර වෙන්නද.....
    දෙගුරු අභිමත ඉටුකරන්නට.....
    ඔබේ ප්‍රේමය බිලි දෙවන්නද....
    කතරෙ නිරුදක වැටී මා සිත...
    නමුදු ඔබ හා සිනා වෙන්නද....
    හදේ ඇවිලෙන වේදනා දුක්...
    කෙසේ ඔබහට මා කියන්නද...

    සසර සරණා තුරා ඔබගේ...
    දෑතෙ පැටලී එමි කියා..........
    දකින දකිනා පෙම් පතේ ඔබ..
    ලියූ කවිපද කිය කියා.........
    දෙගුරු අණ පිට නීල දෙනුවන්..
    අතැර එන්නට බැරි නියා..........
    ලොවෙන් සදහට නික්ම යන්නට...
    සොදුරියේ දෙනවද ඔයා.....


     
    Last edited:
    • Like
    Reactions: rcccc

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    riker.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ලොවෙන් සදහට නික්ම යන්නට...
    සොදුරියේ දෙනවද ඔයා.....

    :(:(
    harima lassanaiiii..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool::sorry:
    උපරිමයි.. තව ලියපන් මල්ලි...
    බොහොම ස්තූතියි අයියෙ :)
    එල පුතා,
    අනේ මන්දා , මොකො සීන් :eek:
    :sorry: මොකුත් නෑ බං
    බොහොම ස්තූතියි :)
    ආ එස් පී.. :cool:
    hmm .....
    :sorry:


    :eek::eek:

    :) ස්තූතියි

    :(:sorry:

    :) බොහොම ස්තූතියි මචං

    එළකිරි තමයි :-D
    :love:
    :)
    11.gif
    තෑන්කූ බොක්ක
    ලොවෙන් සදහට නික්ම යන්නට...
    සොදුරියේ දෙනවද ඔයා.....

    :(:(
    harima lassanaiiii..

    :sorry::sorry::(
    ස්තූතියි
    ගොඩක් ලස්සනයි.
    බොහොම ස්තූතියි අක්කෙ...
    11.gif

    වැඩ ගොඩක් තියාගෙනත් මේවා කියවනවට ස්තූතියි :)