මේතමයි Talia Castellano නංගී.
අපිට ලැබී තියෙන ජීවිතය කොච්චර වටිනවද? අපි ඒ ගැන සැලකිලිමත්ද? අවාසනාවනම් සමහරු තමන්ට ලැබී තිබෙන ජීවිතය විවිධ හේතූන් මත විනාශ කරගැනීමයි. ඒ කොහොමවෙතත් තමනට කෙටිකාලයක් තුල මරණය කරා යාමට සිදුවන බව දැන දැනත් තමනගේ සිහිනය ජීවත් කරවීමට උත්සහ ගන්නේ කවුද? තමන් වගේම දුක් විදින, මරණය අභියස සිටින අයව දිරිමත්වන ආකාරයෙන් ජීවිතය පුදුම උද්යෝගයකින් ගෙවනා කෙනෙක් මිහිපිට සිටීද? ඇය නමින් ටාලියා කැස්ටලානෝ Talia Castellano. ඇය අවුරුදු 7දී තමා කම්පනය කරවන ආකාරයේ ඉරනමකට මුහුන දුන්නාය. එනම් විරල පිළිකාවන් දෙකක් ඇයට වැලදී තිබෙන බව දැන ගැනීමයි. පිළීකා ද්විත්වයක් ඇගේ සිරුර වෙලා ගැනීම ගැන ඇය කනස්සල්ලට පත්වූයේද? නැත. තම කොන්ඩය අහිමිවීමේදී ඇය සිදුකලේ තම මුහුන ලස්සනට නිරූපනයවන පරිදි රූපලාවන්‍ය භාවිතයයි. ඇය යූ ටියුබ් චැනලය තුල විවිධ ආකාරයේ වීඩියෝපට ඉදිරිපත් කලාය. ආකර්ශනීය පෙනුමත් සිත් ඇදගන්නා කථා විලාශයත් ඇගේ වයස 11 වනවිට ඇයව ජනප්‍රියත්වයට කරවූයේය. තම ජීවිතය පිළිබදව ඇයතුල තිබූ ධනාත්මක ආකල්පය ඇයමෙන් දුක්විදින අන් අයගේද ජීවිත වලට ආලෝකයක් ගෙන දීමට ඉවහල්වූයේය. ඇය විලාසිතා සැකසුම් ශිල්පිනියක් සමග එකතුවී කවර් ගර්ල් නම් සගරාවේ දැන්වීම් වලට පෙනීසිටි අතර වෙළද දැන්වීම් වලද පෙනීසිටි ඇය 2012 වසරේදී එලන් ඩිජනර්ස් වැඩසටහන ' The Ellen DeGeneres Show' සදහා සහභාගීවූ අතර එහිදී රසිකයන් මවිත කරවන ආකාරයෙන් සක්‍රීය සහාභාගීත්වයක් දැක්වූයේය. ඇය තමනගේ පිළිකාවත් තිබියදී මෙතරම් ධනාත්මකව සිටින්නේ කෙසේ දැයි ඇසූ පැනයට උත්තරදුන්නේ මේ ආකාරයටය. ' මට පුන්චි මාලුවෙක් කිව්වා, දිගටම පීනන්න කියලා'. මේසාවූ උද්යෝගය සහ සුන්දරත්වය ඇය වඩ වඩා ජනප්‍රිය කරවීය. ෆේස්බුක් ජාලය තුල ඇය වෙනුවෙන් 'Angels for Talia' http://https://www.facebook.com/angelsfortalia?ref=br_tf යනුවෙන් පිටුවක්ද නිර්මාණයවූයේ ඇයගේ අපමනවූ ධෛරය සදහා කෙරෙන උපහාරයක් වශයෙනි. ඇයට ආදරය කරන පිරිස දිනෙන් දින තවතවත් වැඩිවූයේය. ඒ සියල්ල කම්පනයට පත්කරමින් මෙම මස 16වන දින, එනම් මීට දින තුනකට ඉහතදී ඇය මේ ලොවෙන් සමුගත්තාය . ඇයගේ පවුලේ අය වෙත දසදෙසින් ශෝක පණිවුඩ ගලා ආ අතර අන්තර්ජාලය තුලද විවිධ ප්රවෘත්ති පලවූයේය. ඇගේ මරණය විවිධ වැකිවලින් නම් කර තිබුනි. "සුරලොවට තවත් දේවදූතිකාවක් එකතුවූවා" "Heaven gained an another angel" , "ලෝකයේ හුරුබුහුටිම සිනහව අහිමිවූවා" " World missed it's cutest smile" යන මෙකී නොකී සුන්දර වදන් භාවිතාවුනි. ඉතින් මේ සුන්දර දියනියගේ මතකයන් ලොවපුරා විසිරී සිටින ඇයට මහත් ආදරය කල ඇයගේ ප්රේක්ශකයන්තුල සදා රැදෙනු නොඅනුමානය.... ජීවිතය සුන් දරයි පිටුවේ අප හැමෝම ඇයට මෝක්සුව ප්‍රාර්තනා කරමු.
(සටහන - චමිදු ඔමේග.)
p.s-මේක ගැන ලියන්න වචන ගලපා ගලපා ඉන්න කොට අහම්බෙන් මට චමිදු ඔමේග කියන කෙනා ලස්සනට ලියලා තියනවා දැක්ක. මට මෙච්චර ලස්සනට ලියන්න බැහැ. සටහනේ ගෙෑරවය ඔහුට හිමිවිය යුතුය...
p.s-මේක ගැන ලියන්න වචන ගලපා ගලපා ඉන්න කොට අහම්බෙන් මට චමිදු ඔමේග කියන කෙනා ලස්සනට ලියලා තියනවා දැක්ක. මට මෙච්චර ලස්සනට ලියන්න බැහැ. සටහනේ ගෙෑරවය ඔහුට හිමිවිය යුතුය...
Last edited:


