මම අද කියන්න යන්නේ යන්නේ යමහා FZ ගැන
මම අවරුදු 1.5ක් මේ කෙල්ලව පැද්ද මෙයා ගැන කියන්න හොඳ ගොඩක් වගේම නරක ගොඩකුත් තියෙනවා.
ඉස්සලම නරක ටික බලමු
පිටිපස්සේ ටයර් එක :
අන්ත කුජීතයි නිකන් ජෙලි පුඩිමක් වගේ අහක තියෙන ඇනත් අරගෙන ලබ්බ අස්සේ දාගන්නවා. මම ඔයාලට කියන්නේ බයික් එක ගත්තු ගමන් ඩිලර් කෙනෙක් ගෙන් නම් ඌටම කියල ඔරිගීනල් ටයර් එක මාරු කරලා (ෆැක්ටරි සයිස් 120) 140 සයිස් කෙන්ඩා හරි දන්ලොප් එකක් හරි දාගන්න (මම දැම්මේ දන්ලොප් ගාන අඩුයි) psi 40ක් ඕනි හුලන් ජාතියක් ගහගන්න ජිවිතේට හිල් වෙන්නේ නැහැ ලේසියෙන්. අතින් කියක් හරි දීල හරි කමක් නැහැ වැඩේ කරගන්න. ඔය ෆැක්ටරි එන ටයර් හුටම ලටරමක් ඒ උනාට ගන්න ගියාම 16ක්. හිල් උනොත් කවදාවත් රු150හේ කුරුම්බා කෑලි ගහන්න එපා 450ක් දීල ඇතුලෙන් පුරවන්න. 34psi ගහන්නේ නැතුව දුවන්න එපා හුලන් අඩුවෙන් ජිවිතේට. ගන්නකොටම මාරු කරගත්ත නම් ඇගට හොඳයි. මේ ෆැක්ටරි ටයර් එක එකදිගට දුර ගමන් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. නයිට්රජන් ගැහුවත් රත්වෙනවා ත් වැඩියි. කම්මැලි නැත්නම් මගේ අත්දැකීම කියවල බලල පාඩමක් ඉගෙනගන්න. එතකොට තේරෙයි මේ කතාවේ තේරුම.
මගේ අජුත අත්දැකීම: මම මේකෙන් ට්‍රිප් ගොඩක් ගියා නුවර එළියේ අරහේ මෙහෙ. මේකෙන් ගිය අන්තිම ට්‍රිප් එක ගියේ මාතර මහා දවල් පට්ට අව්වේ. ටයර් එකේ කට්ටා අඟල් බාගයක් වගේ ඉතුරැ වෙලා තිබ්බ (60% වගේ ඉතුරුයි) එත් හිල් 4ක් තිබ්බා ඒවාට කුරුම්බා කෑලි ගහලා තිබ්බේ. දවස ගානේ හුලන් බහින නිසා මාතර යන්න දවස් දෙකකට කලින් ඒ හිල් කුරුම්බා කෑලි ගහලා අලුතෙන් පිරෙව්වා (රුපියල් 150*4 = 600ක් එවරයි) ටයර් එක ඇතුලෙන් රත් කරලා පරණ විදිහට පිරෙව්වේ නැහැ එක හිලකට 450ක් නිසා මට හිල් 4ට 2000ක් වගේ යනවා නේ. ගමන පිටත් උනා ටයර් එකේ හුලන් අඩු වගේ දැනුන කළුතර හරියේදී. හුලන් ගැහුවා ටිකක් අඩු වෙලා බලද්දී පුරවපුවගෙන් හුලන් ලීක්. තාවකාලිකව ටියුබ් එකක් දැම්ම මග්ගොනදී 900ක් එවරයි. ගාල්ලට එනකම් අවා අයෙත් ගාල්ලේදී හුලන් ගියා බලද්දී ටියුබ් එක කෙටිල (මැදිල) හිල් වෙලා අයෙත් නවත්තල හදාගත්ත (150යි), හොදම සෙල්ලම උනේ වැලිගම හරියේදී මේ මල හත් ඉලව්වේ අයෙත් හුලන් අඩුවෙලා. බැහැල බැලුව අම්මට සිරි 60% ඉතුරු වෙලා තිබ්බ ටයර් එකේ අම්බානකට රත්වෙලා රීම් එකේ පාරත් හිටලා කට්ට නැහැ ටයර් එක ටිකක් රත් වෙලා ටයර් එක නියපොත්තෙන් ඇල්ලුවම මස්කට් කෑලි වගේ ගැලවෙනවා. ටයර් කඩේ කට තල්ලු කරගෙන ගෙහිල්ල දන්ලොප් එකක් දැම්ම (දුරපලාත් වල මේ සයිස් හොයාගන්ට නැහැ මගේ වෙලාවට තිබ්බ 10500ක් කෙලිය එකට). උදේ 9ට ගිය එකා මාතර යනකොට රෑ 7යි. මේ ටයර් එක දුර ගමන් වලට සුදුසු නැහැ. උබලත් මන් කාපු කට්ට කන්න කැමති නම් කාලම බලහල්ලකෝ. රගේ තේරෙයි.
රීම් එකේ දුබලතා
යමහා ටවුන් එකේ සර්විස් කරන්න ගියාම ඇතුලේ වැඩිපුරම හදනවා දැක්කේ රීම් ඇද උන ඒවා. ඒවා කොම්පැනියේ හදන්නේ නැහැ අලුතින් දානවා පංචිකාවත්තේ නම් ඇද හදනවා එතකොට පේන්ට් එක අලුතින් ගහන්න 2000ක් යනවා රීම් එකට. ශක්තිය අඩුයි කවදාවත් ඒ ගොන්කම කරන්න එපා. ඇද උනාම ටයර් එකේ හුලන් 8/6 ක් අයින් කරලා තාප්පෙක වද්දල පොර්ක් බට දෙකත් එක්ක ඉන්සුවරන්ස් එකේන් දා ගන්න. රීම් එක 16ක් වගේ වෙනවා දැන් නම් තවත් වැඩි ඇති. බයික් එකේ තියෙන ප්‍රධානතම දුර්වලකමක් තමයි ඔය රිම හයිය නැති කම. පොඩි වලක වැටුනත් ඇද යනවා ටයර් එකේ හුලන් අඩුව පැද්දොත් විනාශයි. ඉතින් සතියකට සැරයක් හුලන් බැලීම සෙට් එක රැකගන්න හේතු වාසනා වෙනවා
ෆොර්ක් එකේ දුබලතා :
සීලර් එකේ කේස් එක :
ඔයාගේ ගමන් ගන්න මාර්ගය ටිකක් කැඩුණු වලවල් සහිත රළු මාර්ගයක් නම් ෆොර්ක් එකේ ඔයිල් සීලර් එක අනිවාර්යෙන් මාස දෙකක් යනකොට යනවා. පස්සේ ඉතින් තෙල් ලීක් අලුත් යමහා ඔරිගීනල් සීලර් එකක් 950ක් වෙනවා දාන කොට එකක් ලික් උනත් දෙකම දාන්න ඕනි ඉතින් සීලර් දෙකට 2000ක් විතරයි තෙල් බෝතල් දෙකට 600යි හදන්න 1700ක් යනවා සීලර් වලට සම්පුර්ණ වියදම 4000ක් වගේ යනවා. අනික් ඉන්දියන් ෆොර්ක් අරින ඇලන් කි වලින් මේක අරින්න බැහැ පොඩි තැනකින් හදනවා නම් ඒ කඩේ කෙනාගෙන් අහන්න මිට කලින් FZ ෆොර්ක් ගලවලා හදල තියෙනවද කියල නැත්නම් ගලවල අයෙත් බාගෙට අටවාගෙන වෙන තැනකට යන්න වෙයි. කොම්පැනියෙන් හැදුවොත් බිල 8000ක් එනවා
ෆොර්ක් බටේ සිද්දිය :
ෆොර්ක් බටේ ශක්තියෙන් හරිම අඩුයි කොහේ හරි හැපුනොත් අනිවා බටේ ඇදවෙලා නම් කෙලින් කරපන්. මේ බටේ කොලිටිය අඩු නිසාම ෆොර්ක් සීලර් සහ බටේ අතරේ අනිවාර්යෙන් වියලිව පිරිසිදුව තියාගන්න වෙනවා. මේ බටේ ගොඩක් ලේසියෙන් සිරිලා හමයනවා. ගොඩක් මේ සිද්දිය නොදන්නා අයගේ නිතරම ෆොර්ක් සීලර් යනවා හේතුව බටේ කැපිලා, මන් දැකල තියෙනවා කිමි 3000ක් දුවපු බයික් එකකට බට අලුතෙන් දානවා. කොම්පැනියේ බට දෙකට 12ක්. එළියේ නම් 2500ට වගේ ගන්න තියෙනවා. කොම්පැනියේ හැදුවොත් බිල 16ක් වගේ වෙනවා. අනිවාර්යෙන් කිමි25000ක් යනකොට බට ගෙවිලා.
ස්විච සහ හැන්දල් එක
යතුර දාන ස්විච් එක නිතරම තෙල් ටිකක් දාල තියාගන්න වේලෙන්න දෙන්න එපා, ගල් ගැහුණම මාර ලෙඩක්. නඩත්තුවක් නැත්නම් කෙලියක් වෙන්නේ.
හැන්දල් බටේ ඇතුලේ වතුර පිරෙන්න තියන්න එපා හැන්දල් ග්රිප් එන්ඩ්ස් ගොඩක් අයගේ කැඩිලා ග්රිප් එන්ඩ්ස් එකක් 900ක් වෙන නිසා කස්ටිය දාන්නේ නැහැ අඩුම තරමින් සිලිකොන් ටිකක් හරි පුරවලා සිල් කරන්න. හැන්දල් බටේ නම් ඉක්මනට මලකඩ කනවා. හැන්දල් බටේ 2500ක් වෙනවා බිම පෙරලා ගත්තොත් අනිවාර්යෙන් අලුතින් දාන්න වෙනවා හයිය අඩුයි.
ක්ලච් කේබල් අක්සිලටර් කේබල් නිතරම යනවා තෙල් කරලා තියාගත්තේ නැත්නම්. සිට් එකයට අනිවාර්යෙන් කේබල් දෙකම වැඩිපුර තියාගන්ට. මගේ නම් ක්ලච් කේබල් හැම කිමි 4000 ම සැරයක් කැඩෙන්න කලින් මාරු කරනවා. කොම්පැනියේ එක කේබල් එකක් 1900ක් සවි කරන්න ගාස්තුව වෙනම. එළියෙන් ගන්න 180යි එක කේබල් එකක්.
පහල ගියර් ශිෆ්ටර් ලිවරය -
මේකේ මේ දකුණු කොනේ යට තියෙන කෑල්ල ගැන කියන්න මේක කඩලා යනවා කිමි 20000 ක් වගේ වෙනකොට. ඇත්තම කිව්වොත් මේ ලිවරේ ගෙවෙනවා. තාක්ෂණික දෝෂයක්. නෝමල් ලිවරේ තිබ්බ නම් ඉවරයි. කමක් නෑ උන්නේ හැදුවේ. 3400ක් යනවා ලිවරේට
ගියර් ශිෆිටින් රෝඩ් ස්ප්‍රින්ග්: එන්ගිම ඇතුලේ පලු කලාම තියෙන්නේ
මේක උබලට කිව්වේ නැත්නම් මට හෙන වදිනවා බන්. කිමි 5000ක් පැදපු ගමන් හෙමිහිට රෙදි කඩක් තියල එන්ගිම දැමේජ් නැතුව පලු කැරල. මෙන්න මේ ස්ප්‍රින්ග් එක අලුතින් දාගන්න ජපන් ගලවපු එකක් ම අලුතින් දාන්න, එකක් 900ක් විතර යයි. මේකෙන් තමයි ගියර් එක ශිෆ්ට් කරාම ෂර්ෆ්ට් එක උඩට අයෙත් උස්සලා ගන්නේ. මේක කොයි වෙලේ කැඩෙයි ද කියන්න බැහැ එච්චර අව්ල්. අමුද්‍රව්‍ය ගුණාත්මක නැහැ. අනිවාර්යෙන් මේක කරගත්තේ නැත්නම් දුර ගමනකදී කැඩුනොත් 1ස්ට් එකේම ගෙදර එන්න වෙයි ගියර් ශිෆ්ට් කරන්නේ නැතුව. මේක මාරු කරන්න එන්ගිම ක්ලච් ප්ලේට් එක පැත්තේ ඉඳල පලු කරගෙන එහා පැත්තටම එනකන් ගලවාගෙන යන්න ඕනි. තෙල් මාරු කරන වෙලාවක කරන්න, උබල පලු කලොත් වොරන්ටි නැහැ, කව්ද යකෝ වොරන්ටි දෙන්නේ මගදී කැඩුනොත් ? තීරණය උබලගේ අතේ. මට මේ සිද්දිය නිසා එපා උනා.
කාර්බ් එකේ වෙනස:.
fz එකේ 2011 මොඩල්(කික් නැති) එකෙයි 2012 මොඩල් (කික් ඇති) එකෙයි වෙනසක් තියෙනවා මේ දෙකේ තියෙන්නේ කාර්බ් ජාති දෙකක් නිඩල් සයිස් දෙකක් ප්ෆොර්මන්ස් වෙනසක් තියෙනවා. දෙකම ඔරිගීනල් ජපන් කාර්බ් කිසි ලෙඩක් නැහැ වෙන.
FZ 2011 කික් නැති මොඩලය - ෆුවල් 25 සිට 35 දක්වා පදින ආකාරය අනුව, උපරිම 139kmph (අත්හදා බලා ඇත)
FZ 2012 කික් එක සහිත මොඩලය - ෆුවල් 45 -55 දක්වා පදින ආකාරය අනුව උපරිම 125kmph (අත්හදා බලා ඇත)
මේකට හේතුව උනේ පල්සර් එකත් එක්ක තිබ්බ පෙට්‍රල් වැඩකිරීමේ තරගය මේක නිසා එකට සෑහෙන තරගයක් ආව.
පෙට්‍රල් ටැංකිය සහ තීන්ත
ටැංකියේ පිටත පල්ස්ටික් කවරය නිතර ගලවන්න යන්න එපා! ඉක්මනට පුපුරනවා.. විශේෂයෙන් ඇන වටෙන් තද වැඩි උනාම අනිවා පුපුරනවා
තීන්ත අව්වේ තිබීම හා රසායනික ද්‍රව්‍ය බාවිතයෙන් සේදීම නිසා පාට ෆෙඩ් වෙයි
බැටරිය:
දියර බැටරියක් තියෙන්නේ අනිවාර්යෙන් මසකට සැරයක් වතුර දාන්න ඕනි නැත්නම් කුරුම්බැට්ටි වෙනවා අනිවා අවරුදු 3ක් හොදින් නඩත්තු කලොත් දුවන්න පුළුවනි
ක්ලච් හබ් එකේ දොශේ
බයික් එක ටික කාලයක් යනකොට එන්ගිමෙන් ඩක් ඩක් වගේ සද්දයක් එනවා. ගියර දාන කොටත් පොඩි ගැස්සිලක් වගේ. මේකට හේතුව ක්ලච් හබ් එකේ රබර් බුෂ් සෙට් එක යාම. මේවා ගේ මොඩලයේ බුෂ් ගන්නට නැත එවිට 8500ක් ගෙවා ක්ලච් හබ් එකම අලුතින් ගත යුතුයි. නැත්නම් වෙනත් හබ් බුෂ් සෙට් එකක් ගෙන පට්ටලෙකින් හබ් එක පලු කරලා අමුණා දැමිය යුතු වෙයි. මේ ශබ්ධය සමග විකිණිය නොහැක. කෙටි විසදුමක් ලෙස ගෙවුණු ටියුබ් කැබැලි ඔතා තාවකාලික රෙපෙයාර් කර බයික් එක විකිණිය හැක.
අන්තිම කචල් සෙට් වෙන තැන එන්ගිම
යමහා නම තිබ්බට එන්ගිම ගොඩක් සවුත්තුයි කිමි 30 000 යනකොට එන්ගිම යනවා එතකොට අලුතෙන් බෝර් කරලා පිස්ටන් දාන්න ඕනි. පෙර නිමිති වෙන්නේ දුර ගමනක් යනකොට එන්ගින් තෙල් මිලි 300ක් වගේ අඩුවෙන්න ගන්න කොට. එතකොට කාලේ හරි. මේකට හේතුව වෙන්නේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවයේ ගැටළු. පළමු බොර් කිරීමේදී (0.25) ජපන් පිස්ටන් සහ කොලිටි ජපන් රින්ග්ස් දැම්මොත් 65 000ක් විතර දුවන්න පුළුවනි නැත්නම් ආයෙත් 25 000ක් යනකොට ගෙවිලා. මේක තමයි මගේ බයික් එක හරියටම 28 000ක් දුවපු ගමන් තම්බියෙක් ට අන්දලා දුන්නේ. ඉස්සලම හොයාගන්න පුළුවන් ගොඩක් මාරාන්තික ලෙස එන්ගින් තෙල් අඩු වෙන්න යනකොට 100%ක් අක්සිලට් කරනකොට සුදු දුම එන එක.. FZ එකේ තෙල් කර වෙන ගද එන්නේ නැහැ හේතුව යටින් සයිලන්සරේ තියෙන නිසා. පුරුදු කාරයෙක් ට හොයාගන්ට අමාරු නැහැ.
මේ එන්ගින් සිද්දියේ ලෙඩේ මට අහු උනේ කිමි 24 000ක් වෙලා සර්විස් කරන කොට තෙල් මිලි 150ක් වගේ අඩු වෙලා තිබ්බ පස්සේ පස්සේ මිලි300ක් වගේ වෙනකම් අඩු වෙන්න ගත්ත ගමන් මන් විකුණලා දැම්ම. හරියටම මන් ලග තිබ්බේ කිමි 27900 ගානක් වගේ වෙනකම් විතරයි. සයිලන්සරේ යට තියෙන නිසා තෙල් එලියට ගැහුවට බටෙන් එලියට එන්නේ නැහැ. සයිලන්සර් පෙට්ටියේ හිලෙන් බිමට වැටෙනවා එකතුවෙලා. මේක FZ වල මන් දකින ප්‍රධාන දෝෂ වලින් එකක්. මේ ලෙඩේ පිස්ටන් රින්ග්ස් විතරක් දාල ගොඩ එන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දොශේ මග හරවගන්න නම් පෙට්‍රල් ටිකක් ඇරලා තමයි පදින්න ඕනි. බොහොම ටිකක් පෙට්‍රල් වහල පැද්දේ. එන්ගිම කලින් යන්නත් හේතුව වෙන්න උනේ ඕක තමයි. ෆැක්ටරි ගානට පද්දොත් ගත්තු දවසේ ඉඳල කිමි 30 000ක් අනිවා දුවනවා. එත් වොරන්ටි වලට එන්ගින් කවර් වෙන්නේ නැහැ. එකත් ගැටළුවක්. අනික මගේ දෙවෙනි සර්විස් එකට යන දින උදේ 8ට මහත්මයෙක් කිමි 5000ක් ගිය බයික් එකක එන්ගිම ගෙහිල්ල යයි එහි සිටි අයෙකුට කුණුහරප සංග්‍රහයක් කරනා බව දුටිමි. ඒ අනුව එන්ගිම නඩත්තුව පමණට දිවිය හැකි උපරිමය 30 000ත් 40 000ත් අතර බව උපරිමයෙන් නිගමනය කල හැක.
කම්පැනි සර්විස් එක
යමහා ටවුන් හි සර්විස් එක අන්තිමයි, අසික්කිතයි තෙල් ටික මාරු කරලා 2900ක් ගත්ත වේසි** පුත්තු . බයික් එක හොදලවත් තිබ්බේ නැහැ. වල සක්කිලි ෆ්‍රී සර්විස් එකෙත් තෙල් වලට
1200ක් ගෙවන්න ඕනි. ඔයිට ලාබයි 750ක් දීල තෙල් ගෙදර මාරු කරගන්නවා
මගේ තේරීම
දුර ගමන් වලට සුදුසු නැත
කොටස් ඉක්මනින් ගෙවෙයි
අමතර කොටස් ජපන් කොටස් වල මිල ගණන් ම වේ - මිල ඉතා අධිකයි
රෙපෙයාර් ආවිට ලිසින් ගෙවාගත නොහැක
අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් තොර වෙය
කොම්පැනි සේවාව අජූතයි
වොරන්ටි තිබ්බට වැඩක් නැත ඉල්ලන්නේ මොනවටද එන්ගිමේ කෑලි කවර් නැත්නම් ?
ජපන් එක අනුකරණ කරාම හරියට ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නැහැ කියන එක මතක් කරන්න ඕනි.
කෙටි ගමන් වලට සුදුසුයි
කොටු පැනීමට සුදුසුයි
පල්සර් හා තරගයට සුදුසුයි
ලස්සනයි
බැලන්ස් උපරිමයි
පාරේ යද්දී කෙල්ලෝ බලනවා
බ්රේක් හොඳයි
ඉදිරි පස ටයරය හොදයි (40 000කිමි පුළුවනි)
විද්‍යුත් පද්දතිය දෝෂ නැත
පට්ට ලුක් එක
HID සවි කරන ඇත්තෝ සදහා විසේශ නිවේදනයක්
FZ එකට HID ගහන්න එපා බං මල කරදරයක් උනා මන් දාල හොද වෙලාවට වොරන්ටි මාස 6ක් තියෙන එකක් ගත්තේ. Ballast එකේ රිලේ එක ඇතුලට වතුර යනවා මල වදේ ඊට පස්සේ කෑලි හොයන්ට නැහැ. HID ගහනව නම් හොදට ballast එකයි රිලේ එකයි සීල් කරන්න ඕනි. චයිනිස් කෑලි වල හොඳ කනෙක්ෂන් නැහැ එක වැස්සකට අහු උන ගමන් පින් දිරනවා. එකට එන fuse පෙට්ටිය නම් අනිවා වැස්සට තෙමුනම කනෙක්ෂන් නැහැ වෙන පෙට්ටියක් කඩෙන් ඇදගෙන වයරින් කරන්න වෙනවා. මගේ එකේ මාස 6 එවර වෙන කොට රිලේ 4ක් වතුර ගෙහිල්ල. වැස්සේ පැද්දේ බයෙන් බයෙන්. මගදී රෑකදී කැඩුනොත් පොලෝසියේ මාමලා අල්ලනවා.
HID 35w එක බැටරියට දැනෙන්නේ වත් නැහැ 55w ගන්න එපා සැර වැඩියි අනික හෙඩ් ලයිට් එක උණුවෙන්න ඉඩ තියෙනවා බැටරියට දරාගන්න බැහැ. කිට් එක ගහනවා නම් ඔරිගීනල් වයරින් සොකට් කපන්න එපා එහෙමම zip ට්පේ එකක් දාලා තියල අලුත් කිට් එක ගහන්න, මතක ඇතුව ගන්නා කඩෙන ගන්නකොටම වැඩිපුර රිලේ 6ක් වත් ගන්න. හයි කරන්න කලින් ඔක්කොම water proof කරන්න. අනික හෙඩ් ලයිට් එකේ හිල කපන්ට එපා රබර් එක කපන්න උනොත් අනිවාර්යෙන් සිලිකන් දාලා අලවන්න.