YAMAHA_FZ_ගන්න_කලින්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම අද කියන්න යන්නේ යන්නේ යමහා FZ ගැන

    මම අවරුදු 1.5ක් මේ කෙල්ලව පැද්ද මෙයා ගැන කියන්න හොඳ ගොඩක් වගේම නරක ගොඩකුත් තියෙනවා.

    ඉස්සලම නරක ටික බලමු

    පිටිපස්සේ ටයර් එක :

    fz16-rear-tire.jpg


    අන්ත කුජීතයි නිකන් ජෙලි පුඩිමක් වගේ අහක තියෙන ඇනත් අරගෙන ලබ්බ අස්සේ දාගන්නවා. මම ඔයාලට කියන්නේ බයික් එක ගත්තු ගමන් ඩිලර් කෙනෙක් ගෙන් නම් ඌටම කියල ඔරිගීනල් ටයර් එක මාරු කරලා (ෆැක්ටරි සයිස් 120) 140 සයිස් කෙන්ඩා හරි දන්ලොප් එකක් හරි දාගන්න (මම දැම්මේ දන්ලොප් ගාන අඩුයි) psi 40ක් ඕනි හුලන් ජාතියක් ගහගන්න ජිවිතේට හිල් වෙන්නේ නැහැ ලේසියෙන්. අතින් කියක් හරි දීල හරි කමක් නැහැ වැඩේ කරගන්න. ඔය ෆැක්ටරි එන ටයර් හුටම ලටරමක් ඒ උනාට ගන්න ගියාම 16ක්. හිල් උනොත් කවදාවත් රු150හේ කුරුම්බා කෑලි ගහන්න එපා 450ක් දීල ඇතුලෙන් පුරවන්න. 34psi ගහන්නේ නැතුව දුවන්න එපා හුලන් අඩුවෙන් ජිවිතේට. ගන්නකොටම මාරු කරගත්ත නම් ඇගට හොඳයි. මේ ෆැක්ටරි ටයර් එක එකදිගට දුර ගමන් වලට ඔරොත්තු දෙන්නේ නැහැ. නයිට්‍රජන් ගැහුවත් රත්වෙනවා ත් වැඩියි. කම්මැලි නැත්නම් මගේ අත්දැකීම කියවල බලල පාඩමක් ඉගෙනගන්න. එතකොට තේරෙයි මේ කතාවේ තේරුම.

    43279d1306645470-yamaha-fz-16-fz-s-irc-130-70.jpg


    මගේ අජුත අත්දැකීම: මම මේකෙන් ට්‍රිප් ගොඩක් ගියා නුවර එළියේ අරහේ මෙහෙ. මේකෙන් ගිය අන්තිම ට්‍රිප් එක ගියේ මාතර මහා දවල් පට්ට අව්වේ. ටයර් එකේ කට්ටා අඟල් බාගයක් වගේ ඉතුරැ වෙලා තිබ්බ (60% වගේ ඉතුරුයි) එත් හිල් 4ක් තිබ්බා ඒවාට කුරුම්බා කෑලි ගහලා තිබ්බේ. දවස ගානේ හුලන් බහින නිසා මාතර යන්න දවස් දෙකකට කලින් ඒ හිල් කුරුම්බා කෑලි ගහලා අලුතෙන් පිරෙව්වා (රුපියල් 150*4 = 600ක් එවරයි) ටයර් එක ඇතුලෙන් රත් කරලා පරණ විදිහට පිරෙව්වේ නැහැ එක හිලකට 450ක් නිසා මට හිල් 4ට 2000ක් වගේ යනවා නේ. ගමන පිටත් උනා ටයර් එකේ හුලන් අඩු වගේ දැනුන කළුතර හරියේදී. හුලන් ගැහුවා ටිකක් අඩු වෙලා බලද්දී පුරවපුවගෙන් හුලන් ලීක්. තාවකාලිකව ටියුබ් එකක් දැම්ම මග්ගොනදී 900ක් එවරයි. ගාල්ලට එනකම් අවා අයෙත් ගාල්ලේදී හුලන් ගියා බලද්දී ටියුබ් එක කෙටිල (මැදිල) හිල් වෙලා අයෙත් නවත්තල හදාගත්ත (150යි), හොදම සෙල්ලම උනේ වැලිගම හරියේදී මේ මල හත් ඉලව්වේ අයෙත් හුලන් අඩුවෙලා. බැහැල බැලුව අම්මට සිරි 60% ඉතුරු වෙලා තිබ්බ ටයර් එකේ අම්බානකට රත්වෙලා රීම් එකේ පාරත් හිටලා කට්ට නැහැ ටයර් එක ටිකක් රත් වෙලා ටයර් එක නියපොත්තෙන් ඇල්ලුවම මස්කට් කෑලි වගේ ගැලවෙනවා. ටයර් කඩේ කට තල්ලු කරගෙන ගෙහිල්ල දන්ලොප් එකක් දැම්ම (දුරපලාත් වල මේ සයිස් හොයාගන්ට නැහැ මගේ වෙලාවට තිබ්බ 10500ක් කෙලිය එකට). උදේ 9ට ගිය එකා මාතර යනකොට රෑ 7යි. මේ ටයර් එක දුර ගමන් වලට සුදුසු නැහැ. උබලත් මන් කාපු කට්ට කන්න කැමති නම් කාලම බලහල්ලකෝ. රගේ තේරෙයි.

    රීම් එකේ දුබලතා

    31123d1284786665-myth-truth-yamaha-fz-16-rampant-rear-tyre-problem-qwqwq.jpg


    යමහා ටවුන් එකේ සර්විස් කරන්න ගියාම ඇතුලේ වැඩිපුරම හදනවා දැක්කේ රීම් ඇද උන ඒවා. ඒවා කොම්පැනියේ හදන්නේ නැහැ අලුතින් දානවා පංචිකාවත්තේ නම් ඇද හදනවා එතකොට පේන්ට් එක අලුතින් ගහන්න 2000ක් යනවා රීම් එකට. ශක්තිය අඩුයි කවදාවත් ඒ ගොන්කම කරන්න එපා. ඇද උනාම ටයර් එකේ හුලන් 8/6 ක් අයින් කරලා තාප්පෙක වද්දල පොර්ක් බට දෙකත් එක්ක ඉන්සුවරන්ස් එකේන් දා ගන්න. රීම් එක 16ක් වගේ වෙනවා දැන් නම් තවත් වැඩි ඇති. බයික් එකේ තියෙන ප්‍රධානතම දුර්වලකමක් තමයි ඔය රිම හයිය නැති කම. පොඩි වලක වැටුනත් ඇද යනවා ටයර් එකේ හුලන් අඩුව පැද්දොත් විනාශයි. ඉතින් සතියකට සැරයක් හුලන් බැලීම සෙට් එක රැකගන්න හේතු වාසනා වෙනවා

    ෆොර්ක් එකේ දුබලතා :

    1326352484_299124349_2-yamaha-fz-brand-new-fork-Bangalore.jpg


    සීලර් එකේ කේස් එක :

    Motorcycle_Front_Fork_Oil_Seals_Oil_Seal.jpg


    ඔයාගේ ගමන් ගන්න මාර්ගය ටිකක් කැඩුණු වලවල් සහිත රළු මාර්ගයක් නම් ෆොර්ක් එකේ ඔයිල් සීලර් එක අනිවාර්යෙන් මාස දෙකක් යනකොට යනවා. පස්සේ ඉතින් තෙල් ලීක් අලුත් යමහා ඔරිගීනල් සීලර් එකක් 950ක් වෙනවා දාන කොට එකක් ලික් උනත් දෙකම දාන්න ඕනි ඉතින් සීලර් දෙකට 2000ක් විතරයි තෙල් බෝතල් දෙකට 600යි හදන්න 1700ක් යනවා සීලර් වලට සම්පුර්ණ වියදම 4000ක් වගේ යනවා. අනික් ඉන්දියන් ෆොර්ක් අරින ඇලන් කි වලින් මේක අරින්න බැහැ පොඩි තැනකින් හදනවා නම් ඒ කඩේ කෙනාගෙන් අහන්න මිට කලින් FZ ෆොර්ක් ගලවලා හදල තියෙනවද කියල නැත්නම් ගලවල අයෙත් බාගෙට අටවාගෙන වෙන තැනකට යන්න වෙයි. කොම්පැනියෙන් හැදුවොත් බිල 8000ක් එනවා

    ෆොර්ක් බටේ සිද්දිය :

    85_fz750_fork_01-500x500.JPG


    ෆොර්ක් බටේ ශක්තියෙන් හරිම අඩුයි කොහේ හරි හැපුනොත් අනිවා බටේ ඇදවෙලා නම් කෙලින් කරපන්. මේ බටේ කොලිටිය අඩු නිසාම ෆොර්ක් සීලර් සහ බටේ අතරේ අනිවාර්යෙන් වියලිව පිරිසිදුව තියාගන්න වෙනවා. මේ බටේ ගොඩක් ලේසියෙන් සිරිලා හමයනවා. ගොඩක් මේ සිද්දිය නොදන්නා අයගේ නිතරම ෆොර්ක් සීලර් යනවා හේතුව බටේ කැපිලා, මන් දැකල තියෙනවා කිමි 3000ක් දුවපු බයික් එකකට බට අලුතෙන් දානවා. කොම්පැනියේ බට දෙකට 12ක්. එළියේ නම් 2500ට වගේ ගන්න තියෙනවා. කොම්පැනියේ හැදුවොත් බිල 16ක් වගේ වෙනවා. අනිවාර්යෙන් කිමි25000ක් යනකොට බට ගෙවිලා.

    ස්විච සහ හැන්දල් එක

    1112-sbkp-06-z+yamaha-FZ6R+fork-drop.jpg


    යතුර දාන ස්විච් එක නිතරම තෙල් ටිකක් දාල තියාගන්න වේලෙන්න දෙන්න එපා, ගල් ගැහුණම මාර ලෙඩක්. නඩත්තුවක් නැත්නම් කෙලියක් වෙන්නේ.

    black-motorcycle-handle-bar-end-7-8-22mm.jpg

    හැන්දල් බටේ ඇතුලේ වතුර පිරෙන්න තියන්න එපා හැන්දල් ග්රිප් එන්ඩ්ස් ගොඩක් අයගේ කැඩිලා ග්රිප් එන්ඩ්ස් එකක් 900ක් වෙන නිසා කස්ටිය දාන්නේ නැහැ අඩුම තරමින් සිලිකොන් ටිකක් හරි පුරවලා සිල් කරන්න. හැන්දල් බටේ නම් ඉක්මනට මලකඩ කනවා. හැන්දල් බටේ 2500ක් වෙනවා බිම පෙරලා ගත්තොත් අනිවාර්යෙන් අලුතින් දාන්න වෙනවා හයිය අඩුයි.

    $(KGrHqJ,!pgE7Bcvh2mHBPBbHnGU6Q~~60_35.JPG


    ක්ලච් කේබල් අක්සිලටර් කේබල් නිතරම යනවා තෙල් කරලා තියාගත්තේ නැත්නම්. සිට් එකයට අනිවාර්යෙන් කේබල් දෙකම වැඩිපුර තියාගන්ට. මගේ නම් ක්ලච් කේබල් හැම කිමි 4000 ම සැරයක් කැඩෙන්න කලින් මාරු කරනවා. කොම්පැනියේ එක කේබල් එකක් 1900ක් සවි කරන්න ගාස්තුව වෙනම. එළියෙන් ගන්න 180යි එක කේබල් එකක්.

    පහල ගියර් ශිෆ්ටර් ලිවරය -

    Motorcycle_Adjustable_gear_shifter_foot_peg_set.jpg


    මේකේ මේ දකුණු කොනේ යට තියෙන කෑල්ල ගැන කියන්න මේක කඩලා යනවා කිමි 20000 ක් වගේ වෙනකොට. ඇත්තම කිව්වොත් මේ ලිවරේ ගෙවෙනවා. තාක්ෂණික දෝෂයක්. නෝමල් ලිවරේ තිබ්බ නම් ඉවරයි. කමක් නෑ උන්නේ හැදුවේ. 3400ක් යනවා ලිවරේට

    ගියර් ශිෆිටින් රෝඩ් ස්ප්‍රින්ග්: එන්ගිම ඇතුලේ පලු කලාම තියෙන්නේ

    image.axd


    මේක උබලට කිව්වේ නැත්නම් මට හෙන වදිනවා බන්. කිමි 5000ක් පැදපු ගමන් හෙමිහිට රෙදි කඩක් තියල එන්ගිම දැමේජ් නැතුව පලු කැරල. මෙන්න මේ ස්ප්‍රින්ග් එක අලුතින් දාගන්න ජපන් ගලවපු එකක් ම අලුතින් දාන්න, එකක් 900ක් විතර යයි. මේකෙන් තමයි ගියර් එක ශිෆ්ට් කරාම ෂර්ෆ්ට් එක උඩට අයෙත් උස්සලා ගන්නේ. මේක කොයි වෙලේ කැඩෙයි ද කියන්න බැහැ එච්චර අව්ල්. අමුද්‍රව්‍ය ගුණාත්මක නැහැ. අනිවාර්යෙන් මේක කරගත්තේ නැත්නම් දුර ගමනකදී කැඩුනොත් 1ස්ට් එකේම ගෙදර එන්න වෙයි ගියර් ශිෆ්ට් කරන්නේ නැතුව. මේක මාරු කරන්න එන්ගිම ක්ලච් ප්ලේට් එක පැත්තේ ඉඳල පලු කරගෙන එහා පැත්තටම එනකන් ගලවාගෙන යන්න ඕනි. තෙල් මාරු කරන වෙලාවක කරන්න, උබල පලු කලොත් වොරන්ටි නැහැ, කව්ද යකෝ වොරන්ටි දෙන්නේ මගදී කැඩුනොත් ? තීරණය උබලගේ අතේ. මට මේ සිද්දිය නිසා එපා උනා.

    කාර්බ් එකේ වෙනස:.

    11721d1251294257-yamaha-fz-16-fz-s-untitled.jpg


    fz එකේ 2011 මොඩල්(කික් නැති) එකෙයි 2012 මොඩල් (කික් ඇති) එකෙයි වෙනසක් තියෙනවා මේ දෙකේ තියෙන්නේ කාර්බ් ජාති දෙකක් නිඩල් සයිස් දෙකක් ප්ෆොර්මන්ස් වෙනසක් තියෙනවා. දෙකම ඔරිගීනල් ජපන් කාර්බ් කිසි ලෙඩක් නැහැ වෙන.

    FZ 2011 කික් නැති මොඩලය - ෆුවල් 25 සිට 35 දක්වා පදින ආකාරය අනුව, උපරිම 139kmph (අත්හදා බලා ඇත)

    FZ 2012 කික් එක සහිත මොඩලය - ෆුවල් 45 -55 දක්වා පදින ආකාරය අනුව උපරිම 125kmph (අත්හදා බලා ඇත)

    මේකට හේතුව උනේ පල්සර් එකත් එක්ක තිබ්බ පෙට්‍රල් වැඩකිරීමේ තරගය මේක නිසා එකට සෑහෙන තරගයක් ආව.

    පෙට්‍රල් ටැංකිය සහ තීන්ත

    yamaha-fz16-oil-tank-view.jpg


    ටැංකියේ පිටත පල්ස්ටික් කවරය නිතර ගලවන්න යන්න එපා! ඉක්මනට පුපුරනවා.. විශේෂයෙන් ඇන වටෙන් තද වැඩි උනාම අනිවා පුපුරනවා

    තීන්ත අව්වේ තිබීම හා රසායනික ද්‍රව්‍ය බාවිතයෙන් සේදීම නිසා පාට ෆෙඩ් වෙයි

    බැටරිය:

    60973d1344064834-yamaha-fz-16-fz-s-20120804_141149.jpg


    දියර බැටරියක් තියෙන්නේ අනිවාර්යෙන් මසකට සැරයක් වතුර දාන්න ඕනි නැත්නම් කුරුම්බැට්ටි වෙනවා අනිවා අවරුදු 3ක් හොදින් නඩත්තු කලොත් දුවන්න පුළුවනි

    ක්ලච් හබ් එකේ දොශේ

    iceman331-albums-random-picture77699-clutch-fz.jpg


    බයික් එක ටික කාලයක් යනකොට එන්ගිමෙන් ඩක් ඩක් වගේ සද්දයක් එනවා. ගියර දාන කොටත් පොඩි ගැස්සිලක් වගේ. මේකට හේතුව ක්ලච් හබ් එකේ රබර් බුෂ් සෙට් එක යාම. මේවා ගේ මොඩලයේ බුෂ් ගන්නට නැත එවිට 8500ක් ගෙවා ක්ලච් හබ් එකම අලුතින් ගත යුතුයි. නැත්නම් වෙනත් හබ් බුෂ් සෙට් එකක් ගෙන පට්ටලෙකින් හබ් එක පලු කරලා අමුණා දැමිය යුතු වෙයි. මේ ශබ්ධය සමග විකිණිය නොහැක. කෙටි විසදුමක් ලෙස ගෙවුණු ටියුබ් කැබැලි ඔතා තාවකාලික රෙපෙයාර් කර බයික් එක විකිණිය හැක. :lol:

    අන්තිම කචල් සෙට් වෙන තැන එන්ගිම

    yamaha_fz16_engine.jpg


    යමහා නම තිබ්බට එන්ගිම ගොඩක් සවුත්තුයි කිමි 30 000 යනකොට එන්ගිම යනවා එතකොට අලුතෙන් බෝර් කරලා පිස්ටන් දාන්න ඕනි. පෙර නිමිති වෙන්නේ දුර ගමනක් යනකොට එන්ගින් තෙල් මිලි 300ක් වගේ අඩුවෙන්න ගන්න කොට. එතකොට කාලේ හරි. මේකට හේතුව වෙන්නේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවයේ ගැටළු. පළමු බොර් කිරීමේදී (0.25) ජපන් පිස්ටන් සහ කොලිටි ජපන් රින්ග්ස් දැම්මොත් 65 000ක් විතර දුවන්න පුළුවනි නැත්නම් ආයෙත් 25 000ක් යනකොට ගෙවිලා. මේක තමයි මගේ බයික් එක හරියටම 28 000ක් දුවපු ගමන් තම්බියෙක් ට අන්දලා දුන්නේ. ඉස්සලම හොයාගන්න පුළුවන් ගොඩක් මාරාන්තික ලෙස එන්ගින් තෙල් අඩු වෙන්න යනකොට 100%ක් අක්සිලට් කරනකොට සුදු දුම එන එක.. FZ එකේ තෙල් කර වෙන ගද එන්නේ නැහැ හේතුව යටින් සයිලන්සරේ තියෙන නිසා. පුරුදු කාරයෙක් ට හොයාගන්ට අමාරු නැහැ.

    මේ එන්ගින් සිද්දියේ ලෙඩේ මට අහු උනේ කිමි 24 000ක් වෙලා සර්විස් කරන කොට තෙල් මිලි 150ක් වගේ අඩු වෙලා තිබ්බ පස්සේ පස්සේ මිලි300ක් වගේ වෙනකම් අඩු වෙන්න ගත්ත ගමන් මන් විකුණලා දැම්ම. හරියටම මන් ලග තිබ්බේ කිමි 27900 ගානක් වගේ වෙනකම් විතරයි. සයිලන්සරේ යට තියෙන නිසා තෙල් එලියට ගැහුවට බටෙන් එලියට එන්නේ නැහැ. සයිලන්සර් පෙට්ටියේ හිලෙන් බිමට වැටෙනවා එකතුවෙලා. මේක FZ වල මන් දකින ප්‍රධාන දෝෂ වලින් එකක්. මේ ලෙඩේ පිස්ටන් රින්ග්ස් විතරක් දාල ගොඩ එන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දොශේ මග හරවගන්න නම් පෙට්‍රල් ටිකක් ඇරලා තමයි පදින්න ඕනි. බොහොම ටිකක් පෙට්‍රල් වහල පැද්දේ. එන්ගිම කලින් යන්නත් හේතුව වෙන්න උනේ ඕක තමයි. ෆැක්ටරි ගානට පද්දොත් ගත්තු දවසේ ඉඳල කිමි 30 000ක් අනිවා දුවනවා. එත් වොරන්ටි වලට එන්ගින් කවර් වෙන්නේ නැහැ. එකත් ගැටළුවක්. අනික මගේ දෙවෙනි සර්විස් එකට යන දින උදේ 8ට මහත්මයෙක් කිමි 5000ක් ගිය බයික් එකක එන්ගිම ගෙහිල්ල යයි එහි සිටි අයෙකුට කුණුහරප සංග්‍රහයක් කරනා බව දුටිමි. ඒ අනුව එන්ගිම නඩත්තුව පමණට දිවිය හැකි උපරිමය 30 000ත් 40 000ත් අතර බව උපරිමයෙන් නිගමනය කල හැක.

    කම්පැනි සර්විස් එක

    යමහා ටවුන් හි සර්විස් එක අන්තිමයි, අසික්කිතයි තෙල් ටික මාරු කරලා 2900ක් ගත්ත වේසි** පුත්තු . බයික් එක හොදලවත් තිබ්බේ නැහැ. වල සක්කිලි ෆ්‍රී සර්විස් එකෙත් තෙල් වලට
    1200ක් ගෙවන්න ඕනි. ඔයිට ලාබයි 750ක් දීල තෙල් ගෙදර මාරු කරගන්නවා

    මගේ තේරීම

    දුර ගමන් වලට සුදුසු නැත
    කොටස් ඉක්මනින් ගෙවෙයි
    අමතර කොටස් ජපන් කොටස් වල මිල ගණන් ම වේ - මිල ඉතා අධිකයි
    රෙපෙයාර් ආවිට ලිසින් ගෙවාගත නොහැක
    අමුද්‍රව්‍ය ගුණාත්මක භාවයෙන් තොර වෙය
    කොම්පැනි සේවාව අජූතයි
    වොරන්ටි තිබ්බට වැඩක් නැත ඉල්ලන්නේ මොනවටද එන්ගිමේ කෑලි කවර් නැත්නම් ?
    ජපන් එක අනුකරණ කරාම හරියට ඒ අමුද්‍රව්‍ය යොදාගෙන නැහැ කියන එක මතක් කරන්න ඕනි.

    කෙටි ගමන් වලට සුදුසුයි
    කොටු පැනීමට සුදුසුයි
    පල්සර් හා තරගයට සුදුසුයි
    ලස්සනයි
    බැලන්ස් උපරිමයි
    පාරේ යද්දී කෙල්ලෝ බලනවා
    බ්රේක් හොඳයි
    ඉදිරි පස ටයරය හොදයි (40 000කිමි පුළුවනි)
    විද්‍යුත් පද්දතිය දෝෂ නැත
    පට්ට ලුක් එක

    HID සවි කරන ඇත්තෝ සදහා විසේශ නිවේදනයක්

    prod_slim_bike_10000k.jpg


    FZ එකට HID ගහන්න එපා බං මල කරදරයක් උනා මන් දාල හොද වෙලාවට වොරන්ටි මාස 6ක් තියෙන එකක් ගත්තේ. Ballast එකේ රිලේ එක ඇතුලට වතුර යනවා මල වදේ ඊට පස්සේ කෑලි හොයන්ට නැහැ. HID ගහනව නම් හොදට ballast එකයි රිලේ එකයි සීල් කරන්න ඕනි. චයිනිස් කෑලි වල හොඳ කනෙක්ෂන් නැහැ එක වැස්සකට අහු උන ගමන් පින් දිරනවා. එකට එන fuse පෙට්ටිය නම් අනිවා වැස්සට තෙමුනම කනෙක්ෂන් නැහැ වෙන පෙට්ටියක් කඩෙන් ඇදගෙන වයරින් කරන්න වෙනවා. මගේ එකේ මාස 6 එවර වෙන කොට රිලේ 4ක් වතුර ගෙහිල්ල. වැස්සේ පැද්දේ බයෙන් බයෙන්. මගදී රෑකදී කැඩුනොත් පොලෝසියේ මාමලා අල්ලනවා.

    HID 35w එක බැටරියට දැනෙන්නේ වත් නැහැ 55w ගන්න එපා සැර වැඩියි අනික හෙඩ් ලයිට් එක උණුවෙන්න ඉඩ තියෙනවා බැටරියට දරාගන්න බැහැ. කිට් එක ගහනවා නම් ඔරිගීනල් වයරින් සොකට් කපන්න එපා එහෙමම zip ට්පේ එකක් දාලා තියල අලුත් කිට් එක ගහන්න, මතක ඇතුව ගන්නා කඩෙන ගන්නකොටම වැඩිපුර රිලේ 6ක් වත් ගන්න. හයි කරන්න කලින් ඔක්කොම water proof කරන්න. අනික හෙඩ් ලයිට් එකේ හිල කපන්ට එපා රබර් එක කපන්න උනොත් අනිවාර්යෙන් සිලිකන් දාලා අලවන්න.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මග හැරුණු දේවල් ගොඩක් තියෙනවා - ඒවත් මතක් වෙන හැටියට මෙතනට එකතු කරන්නම්


    FZ 16, FZs සහ FZ FRAZER අතර වෙනස්කම

    ෆෙසර් එක ඩබල් හෙඩ් ලයිට්, තාක්ෂණිකව කිසිම වෙනසක් නැහැ, එකම චැසිය, එකම එන්ගිම :cool:

    16 එකයි s එකයි අතරේ කොම්පැනියේ මිල ගණන් 35 000කින් වගේ වෙනස් නමුත් FZ16 එකක් 35000කින් FRAZER එකක් විදිහට මොඩ් කරන්න පුළුවනි :lol:

    FZ16 එකක් 10 කින් FZs එකක් කරන්න පුලුවනි,:lol:


    2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක

    අපේ අයියල මාර ගණන් නේ දාගෙන ඉන්නේ, FZ එකක් ලේසියෙන් විකුනන්න බැහැ ලාභයක් තියාගෙන කොහෙත්ම විකුනන්න බැහැ

    FZ16 2009 මොඩල් එක (තැඹිලි V නොම්මර ) 150 000 ක් පමණ

    සාමන්යෙන් FZs 2011 (කික් නැති මොඩල් V , W නොම්මර සහ පරණ) එක හොදම තත්වේ නම් 210 ත් 220ත් අතරේ එහිම FZ16 එකක් 190ත් 180ත් අතරේ

    සාමන්යෙන් FZs 2012 (කික් එක සහිත X නොම්මර සිට ඉහල) 2.50 සිට 3.20 ත් අතර එහිම FZ16 එකක් 2.20 ත් 2.40ත් අතරේ

    Frasar හි මිල ගණන් ඉහත මාදිලි අනුව FZs හි මිලට 20 000ත් 30 000ත් පමණ වැඩිවීමක් ඇත

    ** අපේ අයියලා කික් නැති මොඩලය විකුනන්න දමන්නේ 3.10ටයි අහුවෙන්න එපා - මෙලෙස අධික මිල දමන්න හේතුව වන්නේ මිල අධික අමතර කොටස් යෙදීම නිසා සිදුවූ වියදම සහ ලිසින් ගෙවූ මුදලට ආසන්න ප්‍රමාණයක් කවර් කරගැනීමටයි. මෑතකදී සිදුවූ බද්ද නිසා ද කික් මොඩලය සහ කිකී නැති මොඩලය අතර විශාල මිල වෙනසක් ඇතිවිය. FZ හි මීටරය ලෙහෙසියෙන් පලු කළහැකි නිසා සහ ඩිගිටල් මීටරය ලෙහෙසියෙන් 0.000 කල හැකි නිසා අව්රුද්දට වඩා පරණ බයික් වල එහි සඳහන් දුර 5000ට අඩු උවහොත් විශ්වාස නොකරන්න... බයික් එකේ ලෙඩ සහ කුඩා රෙපෙයාර් අනුව මිල ගණන් තවත් අඩුවේ (උදා ටයර් ගෙවී ඇත්නම් 20ක් අඩුවේ ).

    ** මාසයක් පරණ දැන්වීමකට උවද කතා කළහොත් FZ විකිනීමට තිබේ. උත්සහා කර බලන්න. හේතුව වන්නේ එකවර මුදල් දී දෙලක්ෂයක් යටකර ඉන්දියන් බයික් ගන්නා පිරිස ඉතාම අඩුවීමයි. ලොකු බයික් ලිසින් කරලා ගත්ත වගේ නෙවෙයි විකුනන්න අමාරුයි.. :no::no:

    *************************************************

    මගේ FZ එකට මම අවරුද්දයි මාස 6ට රුපියල් 65 000ක් විතර යට කළා. සර්විස්, HID කරන්න(3200යි), හොර්න් 3ක් ගහන්න (1000යි), පස්සේ ටයර් දාන්න ඔක්කොටම(පෙට්‍රල් නැතුව), එන්ගින් රෙපෙයාර් එක නොකර හම්බයෙක් ට විකුණුවේ. අනික මන් ලිසින් කරලා ගත්තේ හොදටම පාඩුයි. අවරුද්දකට පුල් ඉන්සුවරන්ස් 30 000ක් ගෙවන්නත් ඕනි. ඉතින් අවරුද්දකට අමතරව 70 000ක් වත් යටකරන්න නැති කෙනෙක් මේ බයික් එක ගන්න එපා. වියදම් සැරයි. කෑලි ගෙවෙනවත් වැඩියි. ලිසින් පොලියත් එක්ක අලුතින් CT100 එකක් ගන්න තිබ්බ වියදමට. අපරාදේ ලක්ෂ 1.5ක් වගේ පාඩුයි අතින්,

    22239_0_2_3_ax-1%20sports%20traverse_Dharshana%20Perera%20Pix%20and%20Details.jpg


    මේ කට්ට කාලා මන් ගත්තේ හොන්ඩා ජපන් AX1 චැසි 100ක් M නොම්මරේ (සුදු පාට සහ රතු සිට් බුට් බෝනික්කා මොඩල් එකක්) වැඩිය දුවල තිබ්බේ නැහැ ජපානෙන් ආපු එන්ගිම අත තියල තිබ්බේ නැහැ. දැන් මන් ඒක අරගෙන මාස 4ක් වෙනවා රත්තරන් ආකාරයක් ගත්තා වගේ මචං. කිලෝමීටර් 20 000ක් දිව්වා ගොඩක් ම දුර ට්‍රිප් එකදිගට, නුවරඑළිය, බදුල්ල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, සිගිරි, මාතර, හම්බන්තොට, කතරගම, මන්නාරම, යාපනේ ලංකාව වටේම ගියා එන්ගින් තෙල් මාරු කරා විතරයි මචං සිරාවට රුපියල් 3500යි එකත් තෙල් මාරු කරන්න ගියේ). ඉන්දියන් එක අව්රුද්දක් දුවන්න 65 000 කට වඩා වියදමක් ගියා මචං, පාරේ FZ තල්ලු කරපු වාර අනන්තයි පැච් ගිහිල්ලා, අද වෙනකම් මෙච්චර දුර ගෙහිල්ල දෙවියන්ගේ පිහිටෙන් එක පැච් එකක් ගියේ නැහැ මචං, උබලට තේරෙනවා නේ ජපන් එකෙයි ඉන්දියන් එකෙයි වෙනස.

    තීරණය කරපල්ලා මොකක්ද හොඳ කියල. මම නම් කියන්නේ උබල ජපන් එකක් ගත්තොත් කවදාවත් ඉන්දියන් එකක් දිහා හැරිලා බලන එකක්වත් නැහැ කියල. :lol:

    yamaha-fz6-fazer-04-1.jpg


    මේ තියෙන්නේ ජපන් FZ 6 බයික් එක.. ඇත්තම කියනවා නම් මේකේ හොර කොපියක් තමයි ඉතින් ඉන්දියන් ගහන්නේ. බලපන් කොලිටිය ලගින් වත් තියන්න පුලුවන්ද ?

    තීරණේ උබලගේ අතේ. :rofl::rofl:






    යමහා කොම්පැනියේ (AMW ) මොකෙක් හරි මේක බලනවා නම් අභියෝගයක්.

    නිකන් බොරුවට ආදී කාලේ මාකටින් ට්‍රික්ස් දාන්න එපා, ගියාම ස්ටොක් නැහැ, මොන පචද ගල්කිස්සේ ඕනි තරම් ස්ටොක් තියෙනවා. මිනිස්සු නිකන් රවට්ටන්න එපා. බොරු මාර්කට් එකක් පෙන්නන්නේ මෙයාල. මාසෙට බයික් 20කට වඩා දැන් යන්නේ නැහැ. ඩිමාන්ඩ් එක තියෙනවා කියල පෙන්නන්න ස්ටොක් නැහැ කියනවා. සති දෙකෙන් නැවු එනවද ස්ටොක් එක අරගෙන, නැවු එන්නේ මාස 2කට සැරයක්, අනික අමුණන්නේ හොල්මන්ද? ඔයාලා ගෙහිල්ල සල්ලි ගෙවල දවස් 2ක් යන්නත් කලින් ඇවිල්ල බයික් එක ගන්න කියල කියන ජාතියක් මුන්. මන් හිතන්නේ ගෙන්නන්නේ හෙලිකොප්පරෙන් වෙන්න ඇති.

    මනුස්සයෙක් බයික් එකක් ගන්නේ නැති බැරි කමට තමුන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න. මනුස්සයෙක් කොම්පැනියට සර්විස් එකට අරගෙන එන්නේ විශ්වාසේ නිසා වොරන්ටිය තියාගන්න. උබල කරන්නේ මොනවාද?

    ගන්නකොට උපේක්ෂා ස්වර්ණමාලි වගේ වොරන්ටිය පෙන්නලා බුදියන්නත් දෙන්නම් කියල ක්ලේම් කරන්න ගියාම උපේක්ෂා ත් නැහැ, පු* ත් නැහැ එකේ මයිලුත් නැහැ. ෆ්‍රී සර්විස් එකේ ඉඳල තෙල් වලට 1200ක් ගන්නවා. අනික් කොම්පැනි කාරයෝ නිකන් කරලා දෙන්නේ, අනික තෙල් වලට යන්නේ 500ක් වගේ, කාට කියන්නද ඉතින් උබලගෙන් කලේ නැත්නම් වොරන්ට් නැහැ නේ.

    එන්ගින් ප්සිටන්, ශාර්ෆ්ට්, රෝඩ්, gear සෙට්, ක්ලච් හබ්, විද්‍යුත් පද්දතියේ CDI, වගේ කිසි දෙයක් කවර් වෙන්නේ නැහැ අඩුම තරමින් මාස 6ක් යනකම් බැටරිය වත් කවර් වෙන්නේ නැහැ. එහෙනම් මොන ලබ්බද ඔයි කවර් වෙන්නේ ? මිනිස්සුන්ව රවට්ටන්න එපා. සක්කිලි වැඩ.

    සර්විස් කියල ගත්තම එක රේසර් එකකට ග්‍රීස් නැත්නම් කෙල ටිකක් වත් ගහල හයි කරනවද ? එක ටයර් එකක් වත් ගලවනවා ද? උබල කරන්නේ මොනවාද පෙට්‍රල් ටැංකියේ කවරේ ගලවල හුලන් ගහල, පිල්ටරේ ගලවල හුලන් ගහල, යට ඇනේ බුරුල් කරලා තෙල් යවල ආයේත් පුරවල දානවා, ඕක අපි ඔයිට වැඩිය හොඳට යාළු වෙලා ඉන්න කෙල්ලට කරනවා. අඩුම තරමින්, ඔයිල් පිල්ටරේ කෙල ටිකක් ගාල සුද්ද කරලා, බැටරියට වතුර ටිකක් වත් දාල බයික් එක හෝදලා වත් දීපන්.

    යාලුවනේ කවදාවත් කොම්පැනියේ බයික් එක තියල යන්න එපා. කරනකම් එතනට වෙලා ඉන්න. මොකක් හරි කලේ නැත්නම් කියල කරගන්න 3000ක් ගෙවන්නේ කැසිල්ලට නෙවෙයි නේ. හෝදලා නැත්නම් කවදාවත් ආයේ අරගන්න එපා, කියල අයෙත් හෝදගන්න.


    විකුණන බාන්ඩේ මොනා උනත් පාරිබෝගික සේවාව තියෙන්න ඕනි. බොරු රගපෑම් කලාට කවද හරි හෙළුවෙන් නටන්න වෙන එක මතක තියාගන්න. පරිබෝගිකයෝ රවට්ටන්න එපා, ගොන්නු එනවා එත් හැමෝම ගොන්නු නෙවෙයි කියල මතක තියාගන්න. පුළුවන් නම් තමුන්ගේ අඩුපාඩු හදාගෙන හොඳ විශ්වාසයක් ඇතිවෙන ආකාරයට වොරන්ටි දෙන්න.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif



    නියම විස්තරය මචෝ ,,,
    ගොඩක් අයට වැදගත් වෙයි.දැන් FZ නම් බල්ලට ගිහින් බන්.
    හැමතැනම විකුනන්න තියෙන්නේ ඕක.
    පුලුවන්නම් අකුරු පොඩ්ඩක් පොඩි කරපන් කියවන්න අමාරුයි.

    ,,,,+11,,,,
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අඩේ මමත් fz එකක් ගන්න හිටියේ දැන්නම් හිතෙනවා ඕනෙම නෑ කියල. තැන්ක්ස් මචන් දැනුවත් කලාට.. :yes::yes:

    මට දැනගන්න ඕන මචන් fz එකේ ෆ්රන්ට් වීල්, බැක් වීල් කරන්න පුලුවන්ද කියල ? :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ මමත් fz එකක් ගන්න හිටියේ දැන්නම් හිතෙනවා ඕනෙම නෑ කියල. තැන්ක්ස් මචන් දැනුවත් කලාට.. :yes::yes:

    මට දැනගන්න ඕන මචන් fz එකේ ෆ්රන්ට් වීල්, බැක් වීල් කරන්න පුලුවන්ද කියල ? :)
    අපොයි පුළුවනි බන් ,,,
    මේක පොඩ්ඩක් බලපන්කො ....



     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Padina ekaage athe thiyenne lassanata maintain karagena padinna! :D
    Oya uba daala tiyena tika kiyewwama terenawa uba padala tiyena hati.. Lole lol..

    Hodata maintain karala paddama ohoma wenne na ;)
    FZ awrudu dekakatath wadiya padala wikunapu aya mama dannawa..
    Oya uda tiyena ewain oil seal scene eka nam aththak tiyenawa.. habai hamatissema seal kadenne na...

    Pissek wage bike padala lassanata metana awith bike ekata baninna epa ban :D


    -rep denna amathaka wenna epa.. Me itin Lankava ne ;)
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    Padina ekaage athe thiyenne lassanata maintain karagena padinna! :D
    Oya uba daala tiyena tika kiyewwama terenawa uba padala tiyena hati.. Lole lol..

    Hodata maintain karala paddama ohoma wenne na ;)
    FZ awrudu dekakatath wadiya padala wikunapu aya mama dannawa..
    Oya uda tiyena ewain oil seal scene eka nam aththak tiyenawa.. habai hamatissema seal kadenne na...

    Pissek wage bike padala lassanata metana awith bike ekata baninna epa ban :D


    -rep denna amathaka wenna epa.. Me itin Lankava ne ;)

    ow ban dan mamath 1 1/2 yrs thisse pasidinawa...sathiyata 2parak chilaw yanwa colombo idan...eth oya kiyana kisima awlak awith na ban deiyange pihiten....hodata wada...;););)
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අඩේ මමත් fz එකක් ගන්න හිටියේ දැන්නම් හිතෙනවා ඕනෙම නෑ කියල. තැන්ක්ස්
     

    Chixxx

    Junior member
  • May 28, 2013
    27
    0
    6
    mageth fz ekakata thamai asawa thibbe....eth meka dakkama gando nogando kiyala sithuni mata....