නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........
මා පුංචි කාලයේදී මවගෙන් හෝ පියාණන්ගෙන් මගේ රට ගැන රචානාවක් සදහා කරුණු ඉල්ලීමි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි... මට පිළිතුරැ ලැබිණි...
කාලය ගතවිය ශිෂ්‍යවත්ව විභාගයට රචනා සහිත පොතක් ගෙනවිත් කියවූවා මතකය... ශ්‍රී ලංකාව සංවර්ධය වෙමින් පවතින රටකි. එහි තිබිණි.
උසස් අධ්‍යාපනය හදාරණ කාලයේ නංගිලා මල්ලිලා කියවන පොත් පත් ලියන රචනා දැක ඇත්තෙමි... මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි. මා දිටිමි.
තවත් කාලය ගතවී ඇත.. මාගේ සොයුරියගේ පුතු විසින් අද දින මගේ රට ගැන පොතක් ශබ්ද නගා කියවීය... ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි... ඔහු කෑ ගසා කියනු ඇසේ....
ආසන්න වශයෙන් පරම්පරා තුනකි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතිනි රටකි.
කාරණය වන්නෙ මෙය නොවේ..
තවත් පරම්පරා කීයකටනම් මේ වාක්‍යය ලියන්නට සිදුවේද යන්නයි...
පරම්පරා කීයක් ගියත් කමක් නැත... පුන්චි හෝ ආලෝකයක් අනාගතයේ පෙනේනටද නැත..
දේශපාලන, සමාජීය පමණක් නොව අප හැමෙකාම මේ රට එකම තැන නැවතීමට දශමයක හෝ වගකිවයුතු වැරදිකරුවන් නොවේද....?
ගී විචාර නූලක මෙවන් අදහසක් සමහරවිට නොගැලපෙනවා විය හැක...
රම්බරීගේ නම්බරේ ඉල්ලනවාට වඩා... සුදු ගවුමෙ ගෑවුන මඩ හෝදනවාට වඩා... පළමු හාදුවෙන් තොල් පෙති විතරක් සිබිනවාට වඩා...
ලක් දෙරණේ උපතින්ම ඇගට කාවදින සිංහ ශක්තියත්...
වැටෙන වෙටෙන වාරයක් පාසා නැගිටින්නට හැකි පන්නරයත්...
ප්රශ්ණවලටම ප්‍රශ්ණයක් ඇතිකිරීමේ හැකියාවක් ඇති...
ශ්‍රී ලාංකික අප අතින් දැන් මෙවන් ගී බිහි නොවන්නෙ මන්දැයි මට වැටහෙන්නේ නැත...
අනේ සුනිල් ශාන්තයිනේ හැකිනම් නැවත ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් වැනි වීරවරයන් කැටුව අපිට අපේ රට ගැන කියාදෙන්නට නැවත උපදිනු මැන...
මක් නිසාදයත් මටනම් සංවර්ධනය වෙමින් පවතින වාක්‍යය ලියලා/කියවලා/අහලාම දැන් ඇති වී ඇති නිසාවෙනි.
අපේ උන්ගෙන් වැඩ ගන්නට වැඩ පෙන්වන්නට සිංහයන්ගේ ශක්තියෙන් ඉදිරියටම යන්නට දැනටත් අපි හොදටෝම ප්‍රමාදය..

[FONT="]පළමුවෙන්ම මෙවැනි ගී විචාර සංවාදයක් ආරම්භ කරන ලද[/FONT][FONT="] *[/FONT][FONT="]ධනුෂ්ක*[/FONT][FONT="] සොයුරාට හදපිරි ප්‍රණාමය පුදකරමි... ඉන් අනතුරුව එහි දෙවැනි අදියර[/FONT][FONT="] හදවිල කළඹන ගී ජල රේඛා[/FONT][FONT="] ආරම්භ කරන ලද [/FONT][FONT="]දත්කිඹුලා[/FONT][FONT="] සොයුරාණන්ටත් ස්තූතිවන්ත වෙමි....[/FONT]
[FONT="]මෙහි[/FONT][FONT="]විචාරයන් මුල් හුයට වඩා වෙනස් ආරකින් සිදු කිරීමටයි මා අදහස් කරනු[/FONT][FONT="]ලබන්නේ... හුදෙක් ගී වල ඇති සුන්දරත්වය පමණක් නොව...[/FONT][FONT="] පිළිගත් පද රචකයන් විසින් සිය ගී පදරචනයේ දී කරනු ලබන විවිධ වූ වැරදි[/FONT][FONT="], [/FONT][FONT="]අඩුපාඩු පෙන්වා දීමත් (මා දන්නා තරමින්) මෙහිදී මා විසින් සිදු කිරීමට [/FONT][FONT="]අපේක්ෂා කරමි... මෙහිදී මුලින් විචාර කරනු ලැබූ ක්රමයටත්[/FONT][FONT="], [/FONT][FONT="]ඊට එහා ගිය[/FONT][FONT="] දඩබ්බරවූ ක්රමයකටත් විචාර කිරීමට මට ඔබ සැමගෙන් අවසර උවමනාය....[/FONT]
[FONT="]පද[/FONT][FONT="]රචකයන්[/FONT][FONT="], [/FONT][FONT="]ගායකයින්[/FONT][FONT="], [/FONT][FONT="]සංගීතඥයින්[/FONT][FONT="], [/FONT][FONT="]ගීතයන් පිළිබදව මා විසින් පසුගිය හුයෙහි[/FONT][FONT="] විචාරය [/FONT][FONT="]90[/FONT][FONT="]කට ආසන්න ප්‍රමාණයෙකින් වැණුවෙමි[/FONT][FONT="], [/FONT][FONT="]ගුණ ගැයුවෙමි. එසේ නම් එහි [/FONT][FONT="]ප්‍රතිලෝමයද සිදු කල යුතුයැයි මා අපේක්ෂා කරමි... එබැවින් ගීත කලාවේ වැරදි[/FONT][FONT="], [/FONT][FONT="]අඩුපාඩු පෙන්වා දීමත්[/FONT][FONT="], [/FONT][FONT="]ගී පද රචනයේදී පද රචකයින් විසින්ට සිදුවූ වැරදීම් පෙන්වා[/FONT][FONT="]දීමත්[/FONT][FONT="], [/FONT][FONT="]කලින් හුය මෙන් සාම්ප්‍රදායික විචාර හා අපේ හදවතට දැනෙන දේ ලිවීමටත්[/FONT][FONT="] මා අපේක්ෂා කරමි... ඒ සදහා පැහැදිලවම මෙම හුයෙහි හිමිකරු[/FONT][FONT="] දත් කිඹුලාගේ[/FONT][FONT="] අවසරය කලින් හුයෙහි [/FONT][FONT="]*[/FONT][FONT="]ධනුෂ්ක* [/FONT][FONT="]ගෙන් ඉල්ලූ පරිදි නිහතමානීව ඉල්ලමි...[/FONT]
[FONT="]ආරම්භයක්[/FONT][FONT="]ලෙසට විවිධ සිත් ඇත්තෝ ගීත දකින අයුරු පිළිබද පුංචි උදාහරණයක් දී [/FONT][FONT="]යන්නම්..... මෙම කතාව බන්ධුල නානායක්කාරවසම් නම් මාගේ ප්‍රියතම හා හිතවත් [/FONT][FONT="]ගීපද රචකයා කිහිප විටක ප්‍රකාශකරන ලද්දක්....
[/FONT] [FONT="]බන්ධුල[/FONT] [FONT="]නානායක්කාරවසම් මහතා කොළඹ වැඩසටහනකට ගියාලු... ඉතින් ඒ ගියවෙලේ ටිකක්[/FONT][FONT="] මුහුකුරා ගිය පුද්ගලයෙක් ඇවිත් ඔහු හා පිළිසදරක යෙදුනාළු... මෙන්න [/FONT][FONT="]මෙහෙම....[/FONT]
[FONT="]මම ඔබතුමාගේ ගීත වලට හරිම කැමතියි[/FONT] [FONT="], [/FONT][FONT="]මම වැඩියෙන්ම කැමති අර උපාසිකාවක් නිසා හාමුදුරුවො සිවුරු අරින ගීතයට..
[/FONT] [FONT="]මොනව[/FONT] [FONT="], [/FONT][FONT="]මම එහෙම ගීතයක් ලියල නෑනේ... බන්ධුල නානායක්කාරවසම් වික්ෂිප්ත වෙලා කීවලු...
[/FONT] [FONT="]ඇයි නැත්තෙ[/FONT] [FONT="]මහත්තයෝ[/FONT][FONT="], [/FONT][FONT="]අදත් මහත්තයගෙ නම කියලම රේඩියෝවේ ගියේ[/FONT][FONT="], [/FONT][FONT="]අර කාන්තාවකට සිත ගිහින් [/FONT][FONT="]සිවුරු අරින්නෙ... ඒ වගේ මාතෘකාවක් ගැන මම ඇහුවාමයි... හරි ලස්සනයි[/FONT][FONT="] මහත්තයෝ....
[/FONT] [FONT="]මම හිතන්නෙ ඔබ තුමාට වැරදිලා... මම එහෙම ගීතයක් ලියල නෑ...[/FONT]
[FONT="]ඇයි නැත්තෙ[/FONT] [FONT="]බෝසත් සිත... ඒ කියන්නෙ බෝසතාණන් වහන්සේගෙ වගේ හිත.. ඒ කියන්නෙ මහණ වු[/FONT][FONT="]කෙනෙක්... ඊළගට කියනව උවැසිය... ඒ කියන්නෙ උපාසිකාවනේ.... එතකොට අර පූජාසනේ[/FONT][FONT="] මල් පරවෙනවලු... උපාසිකාව හාමුදුරුවොන්ට බැතිබර වෙලා ඉන්නවාලු.... ඉතින්[/FONT][FONT="] ඒක ලිව්වෙ ඔබ තුමා නේද...[/FONT][FONT="]?[/FONT]
[FONT="]මෙතනින් එහාට කතාකර වැඩක් නැත[/FONT] [FONT="], [/FONT][FONT="]ඇත්තය ඒ ගීය ලීවේ බන්ධුල නානායක්කාරවසම්ය..... මෙන්න ගීතය...[/FONT]
[FONT="]සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්[/FONT]
[FONT="]මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්[/FONT]
[FONT="]නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල්දම්[/FONT]
[FONT="]දුටුව නිසා අදරයෙ දෙව් රුව ඔබගෙන් මං[/FONT]
[FONT="]බොසත් ඔබ සිත ලග උවැසිය වි දැහැනට වී[/FONT]
[FONT="]සිටියා මිස නොදනිමි කොයි සිටියාදැයි මලවී[/FONT]
[FONT="]පුදසුන් මත මිය යද්දි සහසක් මල් පරවී[/FONT]
[FONT="]නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැති බරවී[/FONT]
[FONT="]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]
[FONT="]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]
[FONT="]මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී[/FONT]
[FONT="]එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී[/FONT]
[FONT="]දැන්[/FONT] [FONT="]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT="]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT="]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT="] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT="] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT="]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT="], [/FONT][FONT="]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT="] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT="], [/FONT][FONT="]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT="] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
[FONT="]ආරම්භයේදීම දඩබ්බරවීම එතරම් හොද නැත... ඒ නිසා මේසේ පවසමින් සමුගන්නම්... බලන්න මේ පද පේලි දෙක දිහා...[/FONT] [FONT="]
[/FONT]
[FONT="]මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකී[/FONT]
[FONT="]ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකී[/FONT]
[FONT="]මගෙන් ඔයා මිදිල ගියානම් ඒක ඔයාට මිහිරිනම් මට ඒ ඇති. ඒකම මට සතුටක්....[/FONT]
[FONT="]හැබැයි ඔයා එක්ක දුක බෙදාගන්න බැරි එක දුකක්....[/FONT]
[FONT="]මේක[/FONT] [FONT="]මොන අපබ්‍රන්සයක්ද... ඔයා හොදින්නම් මට සතුටුයි[/FONT][FONT="], [/FONT][FONT="]ඔයා නැති එකට දුකයි...[/FONT][FONT="] සතුටුයි කියපු කාන්තාව ඊලග පේලියෙ දුකයිලු... සතුටුනම් දුකක් කොහෙන්ද ආවේ...[/FONT][FONT="] දුකනම් සතුටුයි කීවෙ මොන එහෙකටද..[/FONT][FONT="]? [/FONT][FONT="]ගී විචාරයෙහි මූලික රීතීන් වලට අනුව[/FONT][FONT="]මේ ගීතය විප්රලම්භ ශංගාරී ගීතයකි.. එනම් වෙන්වීමේ වේදනාව ඔස්සේ ඇතිවන[/FONT][FONT="] හැගීම්... එහෙත් විප්රලම්භය ඕනෑවට වඩා දෙන්න ගොස් විකාර රූපි හා අරුත්සුන්[/FONT][FONT="]වී ඇත.... නමුත් මෙය ඉතා ගැබුරින් බැලුවහොත් මිස සාම්ප්‍රදායික ගීපද[/FONT][FONT="]විචාරකයෙකුට හෝ රසිකයෙකුට මෙම අඩුපාඩු හසුකරගත නොහැකි මානයේ තිබෙන්නක් බව [/FONT][FONT="]මගේ මතයයි....[/FONT][FONT="]
[/FONT]
[FONT="]([/FONT][FONT="]මගේ[/FONT][FONT="]විචාරය හා එකග වන හා නොවන මත තිබෙන්න පුළුවන්... මේ විචාරකයෙකු ලෙසට මා [/FONT][FONT="]මෙම ගීතය දකිණු අයුරු පමණයි.. සිත් රිදීම් ඇතිකරගන්න එපා...)
[/FONT] [FONT="]ඔන්න ආරම්භයේදීම ඉල්ලීමක් කරනවා.. අදහස් දීල යන්න අපිව දිරිමත් වන්න.... තවත් ගීයකින් හමුවෙමු...[/FONT]






aga kili pola yanawa eka ahuwama meaning ekath ekka[FONT="]බස් කොන්දොස්තරවරයෙකුගේ ගීතය...[/FONT]
[FONT="]සිරිල් සමරකෝන් මහතා කියන්නෙ 1970 දශකයේ ලංගම බසයක සේවය කල කොන්දොස්තර වරයෙක්.. බසය ගමන් කිරීමට වේලාව එනකල් නවත්වල තියෙනවනේ.. ඉතින් මොහු කරන්නේ බසයේ වාඩිවෙලා අවට පරිසරයේ සිදුවන දේවල් බලාගෙන ඉන්න එක..
[/FONT]
[FONT="]මොහුට හැමදෑම හුරු දෙයක් තියෙනවා.. ඒ තමා පොඩි ලමයෙක් රෝද පුටුවකින් මැදිවියේ කෙනෙක් තල්ලුකරගෙන ඇවිත් සෙරෙප්පු මහන තැනක නවත්වනවා... තාත්තව හිදුවා ඔහු පාසල් යනවා .. පාසල් ගිහින් ඇවිත් එතනම ඉන්න ඒ පොඩි ළමය ආයෙ හවසට තාත්තව රෝදපුටුවෙ තියාගෙන තල්ලුකරගෙන යනවලු.. මේ අත් දැකීම ඔහුට ගොඩාක් වැදිල තියෙනවා... අවසානයේදී ඔහු සිය අදහස කොළයකට ගත්ත මෙන්න මේ විදියට..
[/FONT]
[FONT="]මගේ පුතේ, උඹට අමාරුතමයි, උඹ හයියෙන් හුස්ම ගන්න හඩ පවා මට ඇහෙනව පුතේ.... ඒත් අපි මේ දුක විදින්න ඕන... මගේ මේ කකුල් පණ නැති නිසා උඹලට රජ සැප දෙන්න බෑ.. ඒත් මගේ හිත හයියයි.. උඹ ඉන්නවනේ මගේ අත්වාරුව වෙලා... අපිට පුළුවනි කීයක්හරි හොයාගෙන ගෙදර උන්ට කන්න දෙන්න... ඒ නිසා මගේ රත්තන් පුතේ මේ තාත්තට සමාවෙලා හිතේ ධෛර්යය වැඩි කරගෙන ඉක්මනින් තල්ලු කරපන් මගෙ පුතේ... ඉක්මනින් තල්ලු කරපන්... අපේ මුළු ලෝකයම රැදිල තියෙන්නෙ ඔයාගෙ ඔය පුංචි අත් දෙකෙත් පුංචි හිතෙත් මගේ පුතේ... උඹට පින්...
[/FONT]
[FONT="]කැරකෙන රෝදේ පුංචි කරත්තේ[/FONT]
[FONT="]ඉඳගෙන මම ඉන්නේ[/FONT]
[FONT="]පදික වේදිකා පසුකර යන්නට[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ....[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ[/FONT]
[FONT="]කැඩුණු පාවහන් කුඩ නිමවාලා[/FONT]
[FONT="]දවසේ වියදම සරි කරවාලා[/FONT]
[FONT="]අඳුර නැගෙන්නට කලියෙන් ගෙදරට[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ..[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ...[/FONT]
[FONT="]කිරිකැටි දෑතේ සවිබල දියවේ[/FONT]
[FONT="]පමාවුණොත් අප මහ මග තනිවේ[/FONT]
[FONT="]අම්මා මග ඇති නෙත් හරවාගෙන[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ....[/FONT]
[FONT="]තල්ලු කරන් පුතුනේ...[/FONT]
[FONT="]ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි[/FONT]
සංගීතය - [FONT="]කලණ පෙරේරා[/FONT]

oluwath awul wenawa 3 paarak ahauwa denata[FONT="]
නිමල් ගුණසේකර යනු සිංහල සංගීතයේ තවත් එක් සුභාවිත සළකුණකි.. වයිලීනයේ තත් මධුර ස්වරයන් හා මුසු කරමින් දැක්වූ දක්ෂතාවය නිසාවෙන් සංගීත නිර්මාණ ශිල්පීන්ට නැතිවම බැරි වාදකයෙක් බවට ඔහු පත්විය.. එපමණක් නොව ඔහුට අගේ නැති ඔහුගේ කටහඩින්ද ඉතා අඩුවෙන් හෝ හෙළ සංගීතයට යම් සේවාවක් සිදුවිය.. මේ ඔහුගේ ගීයක වරුණ ගෙනහැර දැක්වීමයි...[/FONT]
[FONT="]![]()
[/FONT]
[FONT="]සමාජ සම්මතයන් කෙලෙස මුල් බැස තිබුණද සිය ආදරයේ උත්තරීතර භාවය හා සිය පෙම්වතිය කෙරෙහි ඇතිවන්නාවූ ලොවුතුරා වූ ප්‍රේමයේ තත් මැනවින් විදහාපෑමක් මෙම ගීතය මගින් සිදු කරනු ලබයි.. අප ජීවත් වන සමාජය විසින් ජාති, භේද, කුල, ආගම් පමණක් නොව විවිධාකාරවූ සමාජ සම්මතයන් පැලපදියම් කොට ඇත.. එහෙත් ඒ සීමා මායිම් වලින් ආදරය සෙනෙහස කොටු කොට තබනු හැකිද.. ? ගීතයක් සිහියට නැගෙයි..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වැට කොටු බැද මලක සුවද වට කරගත නොහේ[/FONT]
[FONT="]ආදරයේ නැවුම් සුවද අනන්තයට ඇදේ...[/FONT]
[FONT="]සැබෑවකි.. උතුම් වූත් පූජනීයවූත් ප්‍රේමවන්තයින්ට සමාජ සම්ප්‍රදායන් පයට පෑගෙන දූවිල්ලක්මය.. තවත් ගීතයක් සිහියට ගලා එයි..[/FONT]
[FONT="]ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි[/FONT]
[FONT="]පාරිශුද්ධයි සුරම්යයි...[/FONT]
[FONT="]පියමනිමු අපේ ඉහත දක්වන ලද ගුණාංග කැටිකරගත් ගීතයට.. සොදුරිය ඔබගේ ඇගට, ඔබගේ මිලමුදලට නොවේ මා පෙම්බැන්දේ.. ඔය අහිංසක සිතටයි.. වැරදි සිදුවනවා අපි හැමෝම මනුෂ්‍යයන් නිසාවෙන්.. ඉතින් දුක් නොවන්න ඔය හිතේ පිරිසිදුකම මිසක වෙනකක් හොයන්නෙ නෑ මම....[/FONT]
[FONT="]“[/FONT][FONT="]ආවාට තිබුණත් නිසසල සඳ මත[/FONT]
[FONT="]එය හරි පි‍්‍රයංකරයි[/FONT]
[FONT="]මා කාට නැතිවත් ඔබට පිදූ පෙම[/FONT]
[FONT="]සඳ මෙන් අහිංසකයි[/FONT]
[FONT="]එතරම් අහිංසකයි[/FONT]
[FONT="]මෙහිදී සමස්ථ ගීතයේම උපරිම බරක් ගනිමින් පදරචකයා විසින් ඉතා මනරම් යෙදුමක් භාවිතා කරඇත.. සමස්ථ ගීයත් ඉන් ඔබ්බටත් කිවයුතු සමස්ථ කතාවම ඔහු එක් රූපකයක් මගින් ගෙනහැර දැක්වීම අරුමයි.. ඒ වෙනකක් නොව ආවාට වලින් පිරී ඇති සදයි.. සද යනු පුරාතනයේ සිටම කාන්තාවන් වර්ණනා කිරීම සදහා යොදාගත් උපමාවකි.. එම මාවතේ ගමන් කරමින්ම මේ ආදරවන්තයත් සිය ආදරවන්තිය සදට සමාන කරනු ලැබේ.. ඒත් මේ සද සාමාන්‍ය සදක් නොවේ... ආවාටවලින් පිරි සදකි.. කෙතරම් අපූරු යෙදුමක්ද.. සරලවම ඔහු අපට ඇයගේ පෙම්වතිය ගැන ගෙනහැර දක්වයි.. ඔහුට පෙම්වතියක් සිටී නමුත් සාමාන්‍ය පෙම්වන්තියක් නොව ජීවිතයේ කොහේහෝ තැනකදී මංමුලාවී ජීවිතය වරද්දා ගත් නිකැළැල් සිතක් ඇති කැළැල් ගතක් ඇති පෙම්වන්තියකි..[/FONT]
[FONT="]එහෙත් ආදරවන්තයාට මෙය ප්‍රශ්ණයක් නොවේ.. ඇගේ හිත පිරිසිදුය.. නිකැළැල්ය.. ඉතින් ඒ හිතට නිකලැල් ලෙසින් ප්‍රේම කරන. එහෙත් ඈ වෙනුවෙන් නිකිලිටි අහිංසක සෙනෙහසක් පුද දීමට ඔහු සූදානම්[/FONT][FONT="]ය. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණ ද ඔහු නොසැලෙයි.[/FONT]
[FONT="]සුන්දරය උපරිමය.. ආරම්ඵයේදීම හයේ පහරක් රචකයා විසින් ගසා ඇත.
[/FONT]
දැන් ඔබ හිතනවා ඇති සස්ලිට් පට්ට ගීතයකට පට්ට විචාරයක් දෙන්න සූදානම් වෙනවාය.. සස්ලිට් මරු ගීතයක් අපට මතක් කරුනු ලැබේ කියා.. එය සම්පූරුණ වැරදිය මේ මා මේ ගීපද රචකයා සමග මරා ගැනීමකි... ඒ අවස්ථාව සලසාදුන් ධනුෂ්ක සහ කිඹුලාට පින්සිදුවේවා...!!!! යමු අපි ඉතිරි පද පේලි වලට.....
යකෝ මෙලෙස අමු අමුවේ කතාවක් කියන්නටනම් සුන්දර ආරම්භයක් දුන්නේ අහවල් එහෙකටද..? මීට හොදයි කතාවක් කීවානම්.. හරම උනා මම මෙහමයි.. දන්නෙ නැද්ද දැන් මෙහෙමයි.. මේව ගීතද...? මේවා ඕපා දූපය... අඩුමගානේ කෙල්ලෙක් කීවානම් ඉවසාගත හැක... ඉහත මා විචාරයකල සුන්දර පද දිහා නැවත ඔබේ අවධානය යොමු කරන්න.. දැන් නැවතත් අපියමු ඉතිරි පද දිහාවට...
[FONT="]“[/FONT][FONT="]මංගල පෝරුව මතට එදා ඔබ[/FONT]
[FONT="]දෙපා නැඟු ඒ සුබ මොහොතේ[/FONT]
[FONT="]සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක[/FONT]
[FONT="]අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ[/FONT][FONT="]”[/FONT]
[FONT="] “[/FONT][FONT="]සදාකාලයෙන් සදාකාලයට[/FONT]
[FONT="]අපට උරුම නැත දුක් කඳුළු[/FONT]
[FONT="]මැලවුණු මල් පෙති යළි පුබුදන්නට[/FONT]
[FONT="]අපේ ලොවට හෙට හිරු පායා එනවා[/FONT][FONT="]”[/FONT]
[FONT="]මාර කෙළියකි සස්ලිට් කියන එකාට වැරදී ඇත... මෙන්න පද පේලි ටික ඔක්කෝම දමා ඇත.. ඌ ගී ගැන පාරම්බෑවාට ඌටද වැරදී ඇත... හූ.. කියා ඔබ හිතනවා ඇත.. හූ එකක් නොව හූ සියයක් කිව යුතු ගීයකි මෙය.. ඔන්න මුල් භාගයේ මෙතරම් සුන්දරව පැමිණ මා හට වලියට බර වන්නට අවසර පතමි... ඒ මේ ගීතයේ ස්වභාවයයි.. මුල් ටික සුන්දරයි.. අවසන් ටික අමු රචනාවකි...[/FONT]
[FONT="]මේ ආකාරයෙන් සුන්දරලෙස ගලා පැමිණි ගීතය දැන් අමු අමුවේ හපා කා විනාස කිරීමට මා අවසර පතමි... මා මේ ගීතයෙහි රචකයා ගැන වචනයකුද ඉගියක් නොතබමි... ආදරණිය රචකයාණනි දන්නේ නැතිනම් පාඩුවේ හිටු... අඩුමගානේ රචනා මහා සාහිත්‍ය ඕනෑ නැත.. ටිකක් ඔබම හිතන්න එතරම් ලස්සන රූපක උපමා යොදා තැනූ ගීතය අමු අමු වේ මෙලෙස රචනාවකට පෙරළුයේ ඔබේ මොළය කොහේ හරි හැපුනාද....? ලැජ්ජාවකි උපදින්නේ... කිවයුත්ත සියුම් ලෙස කියා දැමූ ඔබ දැන් රචනාවක් සහ අමු කතාවක් කිසි ලැජ්ජාවකින් තොරව කියනු ලැබේ ... හොදයි අපි කතාව තේරුම් ගන්නම්... කියනදේත් තේරුම් ගන්නම්... ඔබේ හදේ මා ඉහතින් කියූ පරිදි පිවිතුරු බවත් තේරුම් ගන්නම්... ඒත් අමු අමුවේම දීපු විදියනම් කැත නොවේ තුච්ඡයි.. මෙහෙම දෙන්න නම්.. මුල් පද පේලිය අතරම් සුන්දර කලේ මන්ද....? පේනා විදියට මේ ගීතය ඔබේ නොවේ... කිහිපදෙනෙකුගේ විය යුතුමය.... වර්ණනා ටීකා වැඩක් නැත... ආරම්භයෙන් ගුත්තිල අභිබවා ඇත.... අවසානය ශෙහාන් මිහිරංගට දෙවෙනි නොවේ.... දැන් මේ ගීතය විවිරණය කලයුත්තක් නැත... එසේ විචාරය කලයුත්තේ ආරම්භයේ පැවති ගීයයි... ඔබේ පවතින්නේ මුල් පද ටික පමණි... ඉන් අනතුරුව ඔබ ගීතයක් ගායනා කරන්නේ නැත... අල්ලපු ගෙදර වැටෙන් එහා සිටින ගැහැණියකට කියන ලෙස කරණු කීමක් පමණක් කරණු ලබයි.....[/FONT]
[FONT="]රසිකයිණි මේ කියණ කරුණු ගැන මා හට නැවතත් විචාරයක් කිරීම අවැසි නොවේ. එය මා මුලින් කී කරුණම වේ... ගෑණි වෙන එකෙක් එක්ක නිදාගෙන ඇත.. ඉන්පසු මොහු හා කසාද බැදීමේදී මංගල පොරුවේදී සිහිනැති වී වැටී ඇත.... වරදේ බැදුණු උන්ට එසේ වන බවට සමාජ සම්මතයකි...[/FONT]
[FONT="]කාරණය එය නොවේ ආරම්භයේ රූපක උපමා උපමේය ආදියෙන් පිරිපුන්ව නොකියා කියූ මේ ගීතය ඒ අයුරින්ම ගලා ගියේ නම් කොතරම් සුන්දර විය හැකිද....? නමුත් අමු අමුවේ කවුරු හෝ මේ ගීතය කා දමා ඇත... මේ විචාරය කරුනු ලබන මාද මෙය ඔබට මුලින් නොපෙන්වා මුල් පද පේලි ටික ඔබට ගෙන හැර දැක්වීය... ඒ පද පේලිටික සමගම නැවතත් මා ඔබට මුළු ගීතයම පෙන්වමි... ඔබම හිතන්න මුල් පද ටික ගුත්තිල පරදවන තරම් සුපිරිය.. ඉන්පසු පදපේලි ටික හුදෙක් කතාවක් පමණි.. කතාව සාදාරණය.. උපරිමය.. ඒත් ගීත කලාව කෑමකි, විනාස කිරීමකි.. චුයින්ගම් කිරීමකි.... බුලත්විට වගේ හපා දැමීමකි...[/FONT]
[FONT="]එක්කෝ මුල් පද හතර වගේ සමස්ත ගීයම සුන්දර පරිදි ලිවිය යුතුය.. බැරිනම් නොලිය යුතුය.... රචකයාණෙනි ඔබ කර ඇත්තේ කොහෙන් දෝ ඇසූ හෝ ඔබේ හිතට ආ මුල් පද හතර පසුව තවත් පද ටිකකින් එහෙන් මෙහෙන් අමුණා ගොඩ දැමීමකි... මෙය ලැජ්ජාවකි.. මොක වෙතත් සපයා ඇති සංගීතය ඒ හැමෙකක්ම සගවා ඔබව බේරා ඇත.. පින් දෙන්න සංගීත නිර්මාණකරුට.. ඔබ කොහෙන් බේරුනත් එළකිරියෙන් බේරිය නොහැක.. මෙය ප්‍රසිද්ධ හා විවෘත ආරාධනාවකි... හැකිනම් මා කියූ කරුණු බොරු බව පෙන්වමු... ඉල්ලීමක් නොවේ මෙය ප්‍රසිද්ධ ඔට්ටුවකි මා කියූ දේ බොරුබව ඔප්පු කලහොත් එදිනම් මා එළකිරියෙන් සමුගනිමි...[/FONT]
[FONT="](මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)[/FONT]


[FONT="]ප්‍රේමතාපයෙන් පසුවන් තරුණයා තනිකම වෙත කෙරෙන යාදින්න................[/FONT]
[FONT="]සියල්ල ඉදිරී ගරා වැටුණු දා..................
[/FONT][FONT="]
සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT][FONT="]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT][FONT="]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT][FONT="]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!!
[/FONT][FONT="]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT][FONT="]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT][FONT="]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT][FONT="]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????
[/FONT][FONT="]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT][FONT="]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT][FONT="]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT][FONT="]හතර මායිමෙන් එහා නොයා.................!!!!![FONT="]ප්‍රේමයෙන් පරාජිත වී, බොහෝ කල් විද වූ තරුණයෙක් ගේ ජීවිතයට තවත් ළදක් පැමිණීම, ඔහු තුල ඇති කරන සංකීර්න සිතුවිල්ල පාදක කොට ගෙන ලියවුනකි මේ ගිතය. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා මයික්‍රො ඩොට් එල්ඊඩි එලියටත් බයය” යන නූතන පිරුලෙහි අරුත මනාව පසක් කරවන සොදුරු වූ මේ පදවැල, එකී අත්දැකීම ලබා ඇති අප ගේ මුවෙහි ඇති කරන්නේ සයද සිනාවකි.[/FONT]
[/FONT]
[FONT="]සියල්ල ඉදිරි ගරා වැටුනු දා [/FONT]
[FONT="]ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම[/FONT]
[FONT="]දැන හදුනා ගත් තනිකම නුඹටත්[/FONT]
[FONT="]මා හැර යන්නට සිදුවෙයි නැවතත්.............!!![/FONT]
[FONT="]ප්‍රේමයෙන් පරාජිත වූවන් ගේ විදවන මානසිකත්වය පළමු පදය තුලින් ම රචකයා අප තුළ දැඩි සන්තාපයක් මවමින් ගෙන ඒ.[/FONT][FONT="]සියල්ල ඉදිරි ඇත, ආයේ තණකොල ගසක් වත් මේ දැඩි ප්‍රේම සංතාප සුලි සුළග ඉදිරියේ නැගි නොසිටියි. සියල්ල ම ඉදිරි, ගරා වැටී, මිය ගොස් තිබුනු මොහොතක ඔහු ගේ හදවතේ ඉතිරිවන්නේ මෙවන් ප්‍රේම චන්ඩ මාරුතයකින් නොසැළෙන ඔහු සතු වූ මිනිසත් බව පමනි. එම මිනිසත් බව ද ඉතිරිව ඇති බව ඔහුට පසක් කර දෙන්නේ ඔහු විදින තනිකමය. අප බහුතරයක් දෙනා ගේ පොදු අත්දැකීම වූ මේ මොහොතේ දී පවා අපව දමා නොයන “තනිකම”, ඉතින් නැවතත් මේ තරුණයා ව දමා යා යුත් වන්නේ ඔහු ගේ දිවියට තවත් ළදකගේ ආලය ලැබෙන නිසාය. දැන් ඉතින් තනිකම, නුඹ යා යුතු වූ මොහොත එළැඹ තිබේ.................!!! ඒ පළමු වරට නොව, “නැවත” වරක්ය!! හාදයා මේ “ටකරම” කන්නේ පලමු වතාවට නොවන බව ද මේ යෙදුම අප වෙත දනවයි. නමුත් පහන් දැල්ලට ඇදෙන, එයින් දැවි නසින පළගැටියන් සේමැ, අපි දු මේ “පරිප්පුව” නැවත නැවත අනුභව කරනවා නොවේද? ඒ අපේ “උපන් ගෙයි සිරිත” නිසාවත් ද?[/FONT]
[FONT="]ප්‍රේමතාපයෙන් පර මල් යහනට[/FONT]
[FONT="]තවත් ළදක් එයි හෙට දවසේ[/FONT]
[FONT="]එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම[/FONT]
[FONT="]මා නුඹ එළවන්නෙද කෙළෙසේ.............????[/FONT]
[FONT="]දැන් හරිම අලකලංචියකි!!!!! ප්‍රේමයෙන් දැවී, මැළවී හිදිනා මේ පුගුලා ගේ සිතට තවත් ළදක් “වැහීමට” යයි!!! නමුත් මේ තනිකම ට මේ මනුස්සයා කොතරම් ඇබ්බැහි වි ඇත්ත යත්, දැන් මේකා පසුතැවෙන්නේ “අනේ මේ තනිකම එළවන්නේ කොහොමදෝ?” කියාය.[/FONT]
[FONT="]මෙය නම් අප සියළු ම දෙනා පාහේ විදින අත්දැකීමක් බව මම පෞද්ගලිකව සිතමි. කොතරම් ප්‍රේමයෙන් ජයගන්නා ගිත තිබුණද, අප විප්රලම්භ ශෘංගාරය දනවන ගීත වලට මෙතරම් ලොල් වන්නේ, මේ “තනිකමේ” රහ හොදින් ම අප දන්නා නිසා යයි සිතමි. ඇත්තෙන් ම ප්‍රේමයෙන් නොවිදින පුදුම වූ වින්දනයක්, ඒ “සපත්තුව හැපූ” යුගයේ විදි බව ඔබට අත්දැකීම ඇත්නම් මතක යයි සිතමි. අහෝ, ඒ මිහිරියාව ප්‍රේමයෙන් කොහොම විදින්න ද?[/FONT]
[FONT="]ඇය අද ආව ද, පසු දින යාවි ද[/FONT]
[FONT="]අදහනු බෑ ඇය ළදක් නිසා[/FONT]
[FONT="]හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම[/FONT]
[FONT="]හතර මායිමෙන් එහා නොයා.................!!!!![/FONT]
[FONT="]අපේ සියලු ම කොල්ලන්ට දිය යුතු මහගු ම පණිවුඩය මේ පද තුළ ගැබ් වඇතැයි සිතමි. අපේ දිවියට ප්‍රේමයෙන් එන කාන්තාවන්, සුළග සේ මැ බවද, හමා කෙළවර වන්නේ කවදාද යන්න දන්නේ දෙවියන් ම පමණක් බව ද, මේ පදවැල අපට කියයි. ඒ “අදහනු බෑ ඇය ළදක් නිසා” ය!!!!!!!! (මේ පදය තදින් සිතෙහි ධාරණය කරගන්නා ලෙස මම සියළුම එළකිරියන් වෙත දැන්විමට රිසියෙමි- ඇය අද ආව ද, පසු දින යාවි ද-අදහනු බෑ ඇය ළදක් නිසා...!!!) එනිසා ය ඔහු කියන්නේ මෙතෙක් සිටි තනිකමට තම ගෙයි මිදුලේ ම, තම දැක්මෙන් දුරස් නොව රැදී සිටින ලෙස. මක්නිසා ද කොයි මොහොතේ තනිකම ට නැවතත් හඩ ගැසීමට වේවි දැයි, ඔහු වත්, ඔහු ගේ හිස සිටින උකුණන් වත් නොදන්නා නිසාය.[/FONT]
[FONT="]සත්‍ය ලෙසටම මේ පෙන්වන්නේ කොතරම් ප්‍රේමයේ මිහිර වින්ද ද, වියෝවෙහි ඇති රසය සදහා අප හද තුල ඇති බැදීමේ, ආශාවේ රුව ගුණ නොවේද?[/FONT]




මේ මොන අරුමයක් ද???????
සවස 6.30 පමණ මගේ දුරකථනය නාද විය. අනෙක් පසින් ඇසුනේ නුපුරුදු කට හඩකි. එළකිරියේ මගේ අන්වර්ථය පසෙකින් තබා මේ හාදයා මගේ නමින් මා ඇමතීය.
"සහෝදරයා, අර විචාරය කරපු ගීතය දෙවනි ගීතය, පළමුවෙනි ගීතයත් විචාරය කරනව නම් හොදයි නේද?"
මේ මොන අපභ්රංසයක් දැයි මම ගල් වුනෙමි.
"කවුද ඔය?" මම ඇසිමි.
"මම .........-මතකද මංදා ජූනියර් බැච් එකේ ඩී.පුන්නා"
"ආ..ආ...මතකයි..මතකයි.....දැන් උඹ කියන්නේ කොහොමද මල්ලී මගේ විචාරයක් කොහේ කියලද?"
"අර එළකිරියේ දත් කිඹුළා කියල නම දාල තියෙන්නේ, ඒ අයිය නේ"
"උඹ කොහොමද එහෙම කියන්නේ මල්ලී?"
"උඹ හිතන්නේ ෆැකල්ටියේ ඉන්නකොට උඹ ලියපු ඒවයේ කෑලි අපිට මතක නෑ කියලද අයියේ?"
"උඹත් එළකිරියේ ඉන්නවද?"
"නෑ බං අයියේ, නමුත් මම ඕක කියවනවා. උඹල ගේ අර සුන්දර ගීයන ඇරඹුම කියන එකේ ඉදන් මම ඕක කියෙව්වා"
ඔන්න කෙළිය.....!!!!!
මේ මගේ කනිෂ්ට සොයුරා කියන මේ පළමු ගීය කුමක්ද? ඒ මෙයයි!!!!!
පෙම බිද වැටී ඔහු පිලේ පහන නිවා තම දිවිය අදුරේ තබා තනිකමට එන්නට කියන ගීතයයි.
දෙවන වර පෙමක අරුනළු වැටෙන ඔහු තනිකමට ළග ම ඉන්නට කියනා ගීතයයි, එනම් පළමු දැක්වූ ගීතයේ ද්විතීය භාගයයි මේ ගීතය..............
මෙම හුය කෙතරම් ජනප්‍රිය වී ඇත්දැයි මට වැටහෙන්නේ දැන්ය.............!!!!!!!!!






[FONT="]උත්ප්රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]
[FONT="]කේතුමතියේ ගීතය......................[/FONT]
[FONT="]දන්සල් දොරෙහි නැත යදියෝ[/FONT]
[FONT="]සල්පිල් වලය පුරවැසියෝ[/FONT]
[FONT="]පන්සිල් රකිති මැරවරයෝ[/FONT]
[FONT="]මේ කේතුමතී නුවරයි..........[/FONT]
[FONT="]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]
[FONT="]නොමැත ඇසක කදුළක් - නොවැටුනොත් රොඩු කැබැල්ලක්......[/FONT]
[FONT="]දකිනු නොහැක ලේ බිදුවක් - නොමළොත් මකුනෙක්, මදුරුවෙක්.....[/FONT]
[FONT="]මළ බැදුණු ගිනි දණ්ඩේ - දැල් බදිත් මකුළු සේනා....[/FONT]
[FONT="]වෙඩි හඩ අසනු රිසි දනෝ - පුපුරවති අහෝ රතිඥ්ඥා........[/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]දසරජ දම් හි නිති පැවති - නරපති, ඇමති වඩන රුති......//[/FONT]
[FONT="]සත වෙත පතල මෙත සදති...........[/FONT]
[FONT="]මේ කේතුමතී නුවරයි..........[/FONT]
[FONT="]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]
[FONT="]රැකෙයි අකුරට නීතිය - දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති වී ඇත..............[/FONT]
[FONT="]නැත අක්‍රමිකතා, වැඩේ සුහදතා - සුන්දරතා, සුවතා................[/FONT]
[FONT="]අහෝ සැපයි!! සැපයි!!! මෙපුර විසුම නම්................................!!!!!!!!!!!!!![/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]කියමින් නිබද ගී මියුරු - දකිමින් අවට රූ සොදුරු...................//[/FONT]
[FONT="]සතුටින් රගති මේ නුවරු................[/FONT]
[FONT="]මේ කේතුමතී නුවරයි..........[/FONT]
[FONT="]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]
[FONT="]නැත මුදලේ වටිනාකම් - බුහුමන් කරත් ශිල්ප ශ්රාස්ත්රයට ම ................[/FONT]
[FONT="]නැත පවුල් වාද, පිල් භේද, කුළ වාද, දෑ වාද.................[/FONT]
[FONT="]නැත බදු බර, පවුල් බර, ජීවන බර..........................!!!![/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]
[FONT="]උපදින්න මතු වාසනා.........[/FONT]
[FONT="]දන්සල් දොරෙහි නැත යදියෝ[/FONT]
[FONT="]සල්පිල් වලය පුරවැසියෝ[/FONT]
[FONT="]පන්සිල් රකිති මැරවරයෝ[/FONT]
[FONT="]මේ කේතුමතී නුවරයි..........[/FONT]
[FONT="]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]
[FONT="]“දේශපාලනයෙන් සහ මනුෂ්‍යත්වයෙන් වෙන්කරනු ලබන කලා කෘතියකට පැවැත්මක් නැත” යි පැවසූයේ අපේ යුගයේ මහා නාට්‍යකරුවා වූ බ්රටෝල් බ්‍රෙක්ෂ්ට් ය. එය සත්‍ය ලෙසට ම සර්ව භෞමික වු ප්‍රකාශයකි. මේ ගීතය වූ කලී සර්ව භෞමික වූ ගායනයකි. එය ලොව සකල විධ වූ පාලක-ඝාතක ජඩ දේශපාලන-දේශපාලක ක්‍රමවේදයනට ගසන සයද වූ ද, අයෝමය වූ ද අතුල් පහරකි. නමුත් මෙම ගීතයේ සුවිශේෂිත්වය වන්නේ රචකයාණන් වූ මහැදුරු සුනිල් ආරියරත්නයන් මෙහි දී භාවිතා කරනු ලබන සම්ප්‍රදායානුකූල වූ පැරණි සාහිත මාවතේ එන වස්තු බීජයි. එසේම හෙළ සාහිත්‍යයේ දක්නට ලැබෙන “උත්ප්රාසය” නම් වූ අතිශය මනරම් වූ ආඛ්‍යයන රීතියයි.[/FONT]
[FONT="]කුමක් ද මේ පැරණි වස්තු බීජය? [/FONT]
[FONT="]පැරණි වූ හෙළ ගද්‍ය, පද්‍ය ග්‍රන්ථවල ඇති ධන ධාන්‍යයෙන් අතිශය ආධ්‍ය වූ, අනුපමේය නගරයකි, කේතුමතී රජදහන. මෙය සියළු ම දනා සතුටින් වෙසෙන, ප්‍රශ්න, දුක්,වේදනා ඈ මෙකී නොකී කිසිදු වූ ජනතාව පෙලන ප්‍රශ්න වලින් තොර, දැහැමෙන්, සෙමෙන් රාජ්‍ය පාලනය කරන පාලකයන් ගෙන් සෙවුනා වූ පෞර රාජ්‍යයකි. කිසිදු වූ ප්‍රශ්නයක් මේ රාජ්‍යය තුළ නොමැත. මෙය පැරණි ඉන්දීය සම්භාව්‍ය සාහිතය තුළ කියවෙන “රාම රාජ්‍යය” සහ ප්ලේටෝ සිය සුප්‍රසිද්ධ UTOPIA ග්‍රන්ථයෙන් කී පරමාදර්ශීය රාජ්‍යයට අනුරූපී වේ.[/FONT]
[FONT="]කුමක් ද මේ “උත්ප්රාසය”?[/FONT]
[FONT="]උත්ප්රාසය යනු සාහිතය උපක්රමයකි. එය ව්‍යංගය-එනම් “නොකියා කියන” තත්ත්වය ද පරදවන රීතියකි. ව්‍යංගයේ යෙදෙන්නේ යම් කරුණක් ගැන සගවා වෙනත් ආරම්මණයක් මත එම කරුණ පටලවා, පටවා කීමය.[/FONT]
[FONT="]උදාහරණ ලෙස පණ්ඩිත් අමරදේව ගුරුදේවයණන් ගයන, මහගම සේකරයන් පැබදූ “සද හොරෙන් හොරෙන් බලා” ගීතයේ දෙවන අන්තරා කොටසෙහි අවසන් පදය ලෙස ගැයෙන[/FONT]
[FONT="]නිවාලන්න මා...............[/FONT]
[FONT="]ඔබේ සිසිලසින්.......[/FONT]
[FONT="]යන පදයෙහි ව්‍යංගය වන්නේ රති සම්භෝගයෙහි යෙදීමට සිය පෙම්වතියට කෙරෙන ආරාධනාවකි.[/FONT]
[FONT="]නමුත් උත්ප්රාසය යනු කියනු ලබන වචනාර්ථය ද්වනිත කරනු ලබන අර්ථයෙහි පූර්ණ පරස්පරය නියමිත් වූ අර්ථය ලෙස ගතයුතු වීමයි. [/FONT]
[FONT="]නිදසුනක් ලෙස රංචාගොඩ ළමයා නමින් ප්‍රකට වූ දකුනේ ගැමි කිවිදිය සිය විවාහය ගැන කියන පහත කව බලන්න.[/FONT]
[FONT="]මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා[/FONT]
[FONT="]රුහුනු රටට මා දීලා ඉලව්වේ[/FONT]
[FONT="]කහට පොතු කකා කට හම යන්නා සේ[/FONT]
[FONT="]හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ........[/FONT]
[FONT="]විවාහයක-එනම් මගුලක- නොව ඉලව්වක -එනම් අවමගුලක- පැමිණි මේ ගැහැණිය කියන්නේ කහට පොතු කකා කට හම යන්නා සේමැ, එනම් එතරම් පරිපීඩිත වන ආකාරයෙන්, මගේ වාහේ-සිය සැමියා-රැක ගන්නා ලෙසට ය. එනම් ඇය කියන්නේ “මේ මිනිහා නම් රැක ගන්නට ම ඕනෑ එකෙකි” යන්නය. ඒ, ඒ තරම්ම ඇයට මේ “වාහේ” හොදින් විවාහයේ රස බලන්නට ඉඩ දී ඇති නිසාය.[/FONT]
[FONT="]මේ විචාරයට බදුන් වන ගීතය ද මේ කියන උත්ප්රාසය හරහා අප රටේ සිටි, සිටින, මතුවට සිටිනු ලබන ප්රජාපීඩක,ඝාතක,චෞර,අනනුකම්පීය පාලකයන් හට ගසන්නේ දැවැන්ත, වර්ණනා විෂයක්‍රාන්තික ප්රහාරයකි. ගීතය මුළ සිට රස විදින්න.[/FONT]
[FONT="]දන්සල් වල යදින්නට දුගියන් නැත! සියලු ම පුර වැසියන් සල්පිල් වල “ෂොපිං” කරති!! මැරවරයෝ පන්සිල් රකිත්!! රොඩ්ඩක් වැටුන හොත් මිස ඇස්වල කදුළු නැත!!! මකුණෙක් මදුරුවෙක් නොමළ හොත් මිස ලේ බිදුවක දු දක්නට ද නැත!! තුවක්කු නිහඩය, ඒවායේ මළ බැදී, මකුළු දැල් ද බැදි ඇත!!! නුවරුන් වෙඩි හඩක් අසනු රිසි වු විට රතිඤ්ඤා දල්වති!!!!!![/FONT]
[FONT="]සුනිල් ආරියරත්නයන් මේ උත්ප්රාසය උපරිමයට ගෙන එන්නේ “මේ මනරම් සමයේ මේ පුරවරයේ මැරුණත් නැවත ඉපදීම පවා වාසනාවකි” යන්න කියමිනි. වන්නාමය!! උපදින්නට ම නියමය!!!!!!!![/FONT]
[FONT="]මේ කියන සියලු ම දේ “සසිරි බර-මෙ සිරිලක” හා සසදන්න. පාලකයේ සහ ඇමතියෝ දස රාජ ධර්මයෙන් රට පාලනය කරති. ජනතාව වෙත දැඩි මෛත්රියකින් කටයුතු ම කරති. [/FONT][FONT="]රැකෙයි අකුරට නීතිය,දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති වී ඇත,නැත අක්‍රමිකතා, වැඩේ සුහදතා - සුන්දරතා, සුවතා. නැත, මුදලේ වටිනාකමක් නැත, බුහුමන් කරන්නේ උගත් ශිල්ප ශ්රාස්ත්රයට මය.නැත පවුල් වාද, පිල් භේද, කුළ වාද, දෑ වාද. එපමණක් නොව, නැත බදු බර, පවුල් බර, ජීවන බර.ලොල්ය, ලොලේ ලොල්යැ....!!!!!!![/FONT]
[FONT="]සුනිලුන් අවසන් මාරක ප්‍රහාරය ද උත්ප්රාසයෙන් ම දී නිම කරන්නේ “අහෝ සැපයි, සැපයි මෙපුර විසුම නම්......!!!!!!!!!!!!!!” කියාය.[/FONT]
[FONT="]ඇත්තෙන් ම සකියනි, මාර සැපයි නේද මෙපුර විසුම දැන්.............................!!!!!!!!!!!!!!!!!!![/FONT]
[FONT="]ඇත්තෙන් ම දේශපාලන සන්දර්භයක් ඇතුලත් මේ ගීතය, බ්රෙෂ්ක්ට් කිව්වා සේ ම, දේශපාලනයෙන් සහ මනුෂ්‍යත්වයෙන් වෙන් කරනු නොලද්දක් නිසා ම, සර්ව භෞමිකය. සර්ව කාලීනය. එය සදාකාලිකව මේ රට ද, පාලිත ජනයා ද පෙළන පාලක-ඝාතක ජඩ දේශපාලකයන්ව උපහාසයෙන් හෙළා දකින, ජන මනස ඒ පාහර දේශපාලනයට විදරුද්ධ ව රාශී භූත කරන ද නිර්මාණයක් වේ.[/FONT]

.[/FONT]
[/FONT][FONT="]ටයිටැනික් ප්‍රේම වසන්තයේ යසෝ ගීතය....................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........[/FONT]
[FONT="]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT]
[FONT="]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT]
[FONT="]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT]
[FONT="]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT]
[FONT="]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT]
[FONT="]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT]
[FONT="]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT]
[FONT="]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT]
[FONT="]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT]
[FONT="]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT]
[FONT="]පෙම්වතුන් පෙම් සුව විදිති. ස්වප්නයක ගැලී සිටිති. නමුත් ප්‍රේම කරන කාලයේ දී දකින මේ සිහිනය යාථාර්ථ ජීවිතයේ දී සිදී බිදී යයි. ප්‍රේම කරන සමයේ දුටු සිහින විවාහයෙන් පසුව යථා ලෝකයේ දී බිද වැටේ. පෙම් සුව විදින සමයේ දකින මේ සිහිනය සහ විදින සුවය මා පෞද්ගලිකව නම් කිරීමට රිසි වන්නේ ටයිටැනික් ප්‍රේම වසන්තය නමිනි. නැව බිදී යන විට තමා ගැලී සිටින සිහිනයෙන් මිදෙන පෙම්වත් හු, වූයේ කුමක් දැයි අවබෝධ කොට ගත නොහී විපිළිසරව අන්දමන්ද ව උඩ බිම බලත්.[/FONT]
[FONT="]ගීතයේ මාතෘකාව වන්නේ ද ම කියන මේ ටයිටැනික් ප්‍රේම වසන්තයයි. මා මේ ගීය ටයිටැනික් ප්‍රේම වසන්තයේ යශෝ ගීතය ලෙස හදුන්වන්නේ එබැවිනි.[/FONT]
[FONT="]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT]
[FONT="]මගෙ සිහිනෙන් මා මුදන්න-ලං නොවන්න[/FONT]
[FONT="]පැවසූ ලෙසට ම, පෙම්වතිය ප්‍රේම සිහිනයක් දකී. ඇය එක් වන ම පවසන්නේ “මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න-මගෙ සිහිනෙන් මා මුද්න්න ලං නොවන්න“ කියාය. ඇය මෙසේ පවසන්නේ ඇය ගේ මව් දෙමාපිය ගුරුවර ඈ වැඩිහිටි පරපුර වන්නට ද පුළුවන. නැතිනම් යථාර්ථය සහ යථාස්වභාවය පිළිබද ව නිතරම දොඩන අප වැනි යථාර්ථවාදීන්ට වන්නට ද පුළුවන. වන්නාව! කෙළෙස වූවද, ඇය දනවන්නේ මේ සිහිනය දකින්නට ඇය ට ඇති ගිජු බව නොවේ ද?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගේ මිතුරෙකු වරක් මේ ගීය ගැන දොඩමළු වූයේ (ඔව් අපි දොඩමළු වූයෙමු! මක්නිසාද අප ඒ මොහොතේ සිටියේ බමන මතින් වන බැවිනි) මා ගෙන් මෙසේ පිළිවිස්සේ ය. “මචං කිඹුලෝ, ඔය දකින හීනෙට හේතුව කවදාවත් ඒව තමන්ට ලබන්න බැරි සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණා නිසා වෙන්න බැරි ද?“ මා ඔහු සමග අර්ධ ලෙස එකග වෙමි. මේ පවත්නා සේරි වාණිජ සමාජ ක්‍රමය තුල බොහෝ විට අපට සිදුවන්නේ සිහින දැකීම පමණක් ම වන බැවිනි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සදැස් විදා මොණරු නටති - මේඝ වලා පාවේ[/FONT]
[FONT="]වළා වැලෙන් ගෙලේ වැටෙයි - මලිගිය මල් මාලේ[/FONT]
[FONT="]සහ ගුම් බිගු පේලි සැදී - නගත මධුර නාදේ[/FONT]
[FONT="]මල් ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ[/FONT]
[FONT="]මේ ඇය දකින්නේ සිය ප්‍රේමය නිසා ස්වභාවධර්මයා අලෝලනය වන ආකාරයයි. මොණරුන් නටන්නේ ද, වලාවන් පාවී මල් මාලා ගොතන්නේ ද, බිගුන් මියුරු නදින් ගුම් නද නගන්නේ ද, මේ ප්‍රේමය නිසාය. ප්‍රේමයේ අන්තය රාගය යයි කියනු ලැබේ. ඇය ගේ රාග නිශ්රිත ප්‍රේමයකට ඇති ආශාව ද මේ අව්අස්සේ දැක්වෙන්නේ මල් ගොමු තුළ නිල් පළුපත් වලින් ඇයට සිය ප්‍රේමවන්තයා සමග යහන්ගත වන්නට තැනූ යහන් ද මේ අස්සේම ඇය දකින නිසාය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මදු පානේ[/FONT]
[FONT="]සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ[/FONT]
[FONT="]ලඹ දුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ[/FONT]
[FONT="]ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හද පානේ[/FONT]
[FONT="]ප්‍රේමයේ අවසන රාගය ඇරඹෙන් බවට මේ කියන පදවැල බලන්න. ඇය ගේ ලවන්-දෙතෙල්- මධු ඔඩමකි. එහි දෙතෙල තබා රස බලන්නේ ඇය ගේ ප්‍රේමවන්තයා හැර වෙන කවරෙක් ද? ඔහු ගේ රාගයෙන් රත් වූ සුරත් නෙත් යුග ඇයට ඇගේ ලොව එළිය කරන පහනෙකි. ඇය ගේ සිහිනය මා කලින් කියූ ටයිටැනික් ප්රේමවසන්තය නොවෙ ද? ඇය පතන්නේ සපු දුණුකේ මල් මලිගිය වැල් එල්වෙන මල් පිපිණු යායක, පිණි වෙනුවට මුතු පබළු වැටෙන හදපානේ ඇවිද යාමටය. ප්‍රේමාන්ද්ව වූ පෙම්වතියක් පතන්නේ මෙසේ සිහිල් සදපානක ඇවිදින ලෙස ඇයට දැනෙන, රාගාවිත ආලිංගනයක් බවට වෙන කුමන නිදසුන් ද?[/FONT]
[FONT="]සමාජ ආර්ථික වටා පිටාව නිසා ලබා ගත නොහැකි දෙයක් පිළිබද ව දකින සිහිනයක් වුව ද, ප්‍රේමයෙන් ඔද වැඩී දකින සිහිනයක් වුවද, මේ ප්‍රේමාවිත සුරවමියන් ගේ සිහිනය ම නොවේ ද?[/FONT]
[FONT="]පිස්සු පූසා සොයුරා මේ ගීතය විචාරයෙහි ලෑමට මට ඇරයුම් කොටැ දැනට වසරක් පමණ වන්නට ඇතැයි සිතමි. කාර්යය බහුලත්වය නිසා ද, රසිකයා එතරම් මැ ප්‍රඥාව වෙත ඔසවා නොතැබෙන නිසාද යන කරුණු නිසා එය දිනෙන් දින අතපසු වී අවසන විළි ලා මෙසේ බිහිවිය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නැවත මේ හුය වෙත ලියන්නට මා නිතොරවම පොළඹවන අයිවිස්ටයිල් සොයුරා, හයිඩ්&සීක් සොයුරා, ලසී සොයුරා, සයූ11111 සොයුරිය සහ රේඩියෝවේ මගේ අනිත් අර්ධය බදු වූ සස්ලිට් සොයුරා ඇතුළු සුධීන් ද මෙහි දී සෙනෙහෙන් සිහි කරනෙමි.[/FONT]








විශිෂ්ටයි.......නන්දා මාලනිගේ සින්දු වලට මමත් ගොඩක් ආසයි........[FONT="]ටයිටැනික් ප්‍රේම වසන්තයේ යසෝ ගීතය....................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........[/FONT]









ජීවිතයෙන් සහ දේශපාලනයෙන් වෙන් කරන ලද කලාව කුහක කමක් කියලයි බ්රෙටා්ල් බ්රෙක්ෂ්ක්ට් කිව්වේ......විශිෂ්ටයි.......නන්දා මාලනිගේ සින්දු වලට මමත් ගොඩක් ආසයි........
Edit-
දන්නේ නැති හින්දයි අහන්නේ......80 දශකයේදි නන්දා මලනී විසින් විප්ලවාදී අදහස් සහිත ගීත රාශියක් ගායනා කරනු ලැබුවා......
ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද......
ඇයත් එම විප්ලවයට (පෞද්ගලිකව මම නම් එය විප්ලවයක් විදියට සඳහන් කරන්නටවත් කැමති නෑ.....) වක්‍රාකාරයෙන් හෝ සහය දක්වපු කෙනෙක්ද........
හුඟ දවසකින් ගීත විචාරයක් දැක්කේ. එල එල. පුලුවන් වෙලාවට තව විචාට මේකේ දාන්න. ජයවේවා![FONT="]ටයිටැනික් ප්‍රේම වසන්තයේ යසෝ ගීතය....................[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න..........[/FONT]
[FONT="]මගෙ සිහිනය ටම දකින්න - ඉඩහරින්න[/FONT]
ලියන්න වෙනව සදරූ.......හුඟ දවසකින් ගීත විචාරයක් දැක්කේ. එල එල. පුලුවන් වෙලාවට තව විචාට මේකේ දාන්න. ජයවේවා!
ගොඩක් ස්තූතියි කිඹුල් අයියේ.......ජීවිතයෙන් සහ දේශපාලනයෙන් වෙන් කරන ලද කලාව කුහක කමක් කියලයි බ්රෙටා්ල් බ්රෙක්ෂ්ක්ට් කිව්වේ......
ඒ කාලයේ තිබූ අවශ්‍යතාවය යම් දේශපාලන වෙනසක් ඇති කිරීම (ඒකට පාවිච්චි කරපු මාර්ග හරි ද වැරදදි කියන එක දෙවැනි කතාවක්!) ඒ සදහා නන්දක්කා තමන් ගෙන් වෙන්න තියන යුග මෙහෙවර කලා මම හිතන විදියට. අන්තිමේ දී ඇයට පවන අතරමග නතර කරලා ඉන්දියාවේ යන්න වුණා ජීවිතේ බේර ගන්න.
මොනව වුණත් ඒ කාලෙ ඇය ගයපු දේශපාලන නැඹුරුවක් තියන ගීත අදටත් වලංගුයි. ඒ, ඒ ගීත සාදාකාලිකව ම , ඝාතක, දූෂක,අමන,ජඩ දේශපාලකයන්ට විරුද්ධව ගැයුණු ඒව නිසා..............